IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


පාසල් ලිපි ද්‍රව්‍ය සහන දෙන පරාසය වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස රුපියල් 6,000 බැගින් වන දීමනාව මේ වන විටත් එම පවුල්වල බැංකු ගිණුම් හරහා ලබා දීමට පියවර ගනු ලැබ ඇත.

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් නොවන මාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරනු ලැබ ඇත. 

එම කාණ්ඩයන්ට අයත් පවුල්වල ළමුන් තෝරා ගැනීම සඳහා යාවත් කාලීන දත්ත පද්ධතියක් දැනට නොමැති වීම සහ යෝජිත ලිපිද්‍රව්‍ය 2025 නව පාසල් වාරය ආරම්භයේදීම ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි මුළු පාසල් 10,096 අතුරින් ළමුන් සංඛ්‍යාව 300 ට අඩු පාසල් 6,576 ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000 ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව ලබා දීමටත්, එකී දීමනාව වඩුවර් පත්‍රයක් මඟින් ලබා දීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (4)

පාසල් ලිපි ද්‍රව්‍ය සහන දෙන පරාසය වැඩි කරයි

dileepa1986 Tuesday, 07 January 2025 03:42 PM

මට හිතෙන්නෙ ඉතාම සීමිත පිරිසකට විතරයි වගේ හම්බ වෙන්න‍ෙ නැත්තෙ. රජයේ සේවකයො හමුදාවල කට්ටියගේ ලමුන්ට නෑ. නමුත් ඔවුනුත් ඉතාමත් දුෂ්කර ලෙස තමයි ලමයින්ට උගන්වන්නෙ. ඒක නිසා හොදම ක්‍රමය මිල අඩුකිරීම

:       0       23

Dgmr Tuesday, 07 January 2025 07:48 PM

ඒක ඇත්ත හැමෝටම ගන්න පුළුවන් විදිහට මිල අඩු කරන්න ඕන.

:       0       6

N.D.Perera. Wednesday, 08 January 2025 09:29 AM

මේ දෙන සියලු දීමනාවල් කපා දාමා බඩු මිල අඩු කරන්න

:       0       2

priyankara Friday, 10 January 2025 11:16 AM

"අපිට තෝපිලගේ සල්ලි ඔනෑ නෑ, මිල අඩුකරපිය, ගහලා තියෙන බදු අඩු කරපිය, ආවේ ඕවා කියලා නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්
2025 පෙබරවාරි මස 03 1536 0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්


පුනරුද යුගයේ සාමූහික ඇරැඹුමට එක්වන්න
2025 පෙබරවාරි මස 03 511 0

පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනාධිපත


පරාටේ සැර බාල කරන්න කමිටුවක්
2025 පෙබරවාරි මස 03 491 0

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක්


ආහාර ද්‍රව්‍ය ටොන් 1,623ක් ගබඩාවල නරක් වෙලා
2025 පෙබරවාරි මස 03 488 0

ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ


බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට නිදහස්
2025 පෙබරවාරි මස 03 256 0

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285 ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවි


බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි
2025 පෙබරවාරි මස 03 2136 0

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 78 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 740 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 731 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site