IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පාසලේ විභාගේ : එළියේ ඡන්ද ප්‍රචාරේ

අපොස සාමන්‍ය පෙළ විභාග පැවැත්වෙන පාසලක් ආසන්නයේ ‘ස්පීකර්‘ දෙකක් කැබ් රථයක බැඳ මහා ශබ්දය ඇතිව ප්‍රචාරක කටයුත්තක් කර පසුව එම ස්ථානයට ඩිජිටල් තිර සහිතව වාහනයක් පැමිණ යුද ජයග්‍රහණය පිළිබඳ වීඩියෝවක් පෙන්වීම නිසා විභාගය ලියන දරුවන්ට හිරිහැර වන බව දුටු ගැමියෝ එය පිරිස පලවා හළහ.

නාවුල අබන හංදියේ කුබියන්ගහ ඇළ පාසල ආසන්නයේ  අද (10) පස්වරු 12.10 මෙය සිදුවිය. මෙම කැබ් රථය නාවුල ප්‍රාදේශිය සභාවට අයත් බවත් නිල ඇඳුමින් සැරසුණ පොලිස් නිලධරයන් හතර දෙනෙකු හා නාවුල ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී වරයකුද එහි සිටි බව  ජනතාව කියති.

201412104587 201412104589 201412104590



අදහස් (0)

පාසලේ විභාගේ : එළියේ ඡන්ද ප්‍රචාරේ

ශාන්ත එදිරිසුරිය Wednesday, 10 December 2014 10:50 AM

හෙන හත වදිනවා මෝඩයෝ කරන වැඩ වලට (නදී)

:       0       0

අජන්ත Wednesday, 10 December 2014 10:51 AM

ඔවුන්ට අනාගත පරපුර උගතුන් වෙනවා බලා ඉන්න අමාරුයි. ගල් මුල් වලින් ගහන්න එපා 08 වෙනිදා කතිරෙන් ගහල එලවන්න (නදී)

:       0       0

ගජබා Wednesday, 10 December 2014 10:55 AM

වැස්සකටවත් පාසලකට ගිය කෙනෙක් නම් මෙහෙම හැසිරෙයි කියලා අපි හිතන්නේ නැහැ (නි)

:       0       0

චමිදු Wednesday, 10 December 2014 01:31 PM

කමක් නෑ යුද්දෙ දිනුවනේ. (නදී)

:       0       0

අශේන් Thursday, 11 December 2014 06:14 AM

මේක ළමයි විභාගය ලියනවා කියලා නොදැන කරපු දෙයක් වෙන්න බැරිද?(හේ)

:       0       0

නන්දිමිත්‍ර Wednesday, 10 December 2014 10:58 AM

අමාත්‍යංශ වාහනයක් නේද ? ලාංජනේ තියෙන්නේ. (ර)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Wednesday, 10 December 2014 11:02 AM

ගමේම මිනිස්සු ඇවිත් මෙහෙම අය ගහලා පන්නන්න ඕනේ .දැන්මම පටන්ගෙන චන්ඩි බලය යොදල දින්නන්න .ගියපාර චන්දයේදී නම් ඔය පලතෙන් ඔය අයට ලොකු සංග්‍රයයක් ලැබුන , මදිවෙලා වගේ අයෙත් ඉල්ලනවා. (ස)

:       0       0

චින්තන Wednesday, 10 December 2014 11:42 PM

මේක රජයේ වාහනයක් නේද? රජයේ වාහන ඡන්ද වැඩට ගන්න පුළුවන්ද? නීතිවිරෝධී වැඩ ඔක්කොම. (නි)

:       0       0

ශාන්ත Wednesday, 10 December 2014 11:15 AM

මහජනතාවට තමයි මේ වෙනුවෙන් පෙනී හිටින්න වෙන්නේ. (ර)

:       0       0

ශිරන්ති Wednesday, 10 December 2014 11:16 AM

වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැතුව ඇති. (ර)

:       0       0

මලික් Wednesday, 10 December 2014 11:20 AM

"එම ස්ථානයට ඩිජිටල් තිර සහිතව වාහනයක් පැමිණ යුද ජයග්‍රහණය පිළිබඳ වීඩියෝවක් පෙන්වීම නිසා විභාගය ලියන දරුවන්ට හිරිහැර වන බව දුටු ගැමියෝ එය පිරිස පලවා හළහ." අපිට හිත ගන්න පුළුවන් (දී)

:       0       0

පෙරේරා Wednesday, 10 December 2014 01:59 PM

මේ වගේ වැඩ වැලැක්විය යුතුයි.(හේ)

:       0       0

කිත්සිරි එදිරිසිංහ Wednesday, 10 December 2014 02:03 PM

මේවා ජනතාව තේරුම් ගන්න ඕනේ (නදී)

:       0       0

ඉෂාන් Wednesday, 10 December 2014 11:32 AM

අධ්‍යාපනයක වටිනාකම දන්නේ නැති කට්ටියක්. (ර)

:       0       0

නිමල් ලලිත Thursday, 11 December 2014 12:25 AM

දේශපාලන බලලෝබයේ ප්‍රතිඵල. නීතිය හරියටම රකින නායකයෙක් යුධ හැමදාව තුළින් හෝ මේ රටට බිහිවේවා! (නි)

:       0       0

සුජිත් Wednesday, 10 December 2014 11:44 AM

ඡායාරූපවල පෙනෙන විදියට වහනය නවත්වලානේ තියෙන්නේ. එකේ කිසිම කෙනෙක් නැහැනේ පෙනෙන්න.? (ර)

:       0       0

ගිහාන් Wednesday, 10 December 2014 11:46 AM

මොලේ නැති මිනිස්සු ඔය එක එක පුටුවලට ගියාම ඔහොම වෙනවා. (ස)

:       0       0

රංජන් Wednesday, 10 December 2014 02:19 PM

චීං විතරක්. මොළයක් කියා දෙයක් නැහැනේ (නදී)

:       0       0

දිමුතු Thursday, 11 December 2014 12:57 AM

අපේ පැත්තේ උත්සවයකට ඇමති කෙනෙක් ඇවිල්ලා ගිරිය කඩාගෙන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් කෑගැහුවෙ පාසලේ අහිංසක දරුවන් ශාලා 06 ක වාර විභාගය ලියද්දි. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 10 December 2014 12:02 PM

පව් අසරණ ළමයි. (ර)

:       0       0

නිහාල් Thursday, 11 December 2014 01:17 AM

ඇඟපත තිබුණට සමහරුන්ට මොළයක් නැහැනේ! (නි)

:       0       0

අරුණ Wednesday, 10 December 2014 02:39 PM

කාලකන්නි රටත් කනවා දරුවන්ගේ අනාගතෙත් කනවා.(නදී)

:       0       0

සුරංග Wednesday, 10 December 2014 12:27 PM

මේ ප්‍රචාරය කරන අයවත් මේ අයව එවපු කෙනාවත් පාසල් නොගිහිපු බව පැහැදිලි වෙනවා. (ර)

:       0       0

කැනඩා දිසා Thursday, 11 December 2014 02:40 AM

ලබන ජනවාරි 8 වෙනිදා මේවාට උත්තර ලැබේවි. (නි)

:       0       0

සහන් Wednesday, 10 December 2014 12:58 PM

රණවිරුවෝ දවසේ පඩියට වැඩ කරන කුලීකාරයෝ වගේ කරලා. කොළඹ කුලිවැඩ කරන්නේ ඒ අය කැමැත්තෙන් නොවෙයි. ඒ අයට ගෞරවාන්විතව ජීවත් වෙන්න දෙන්න ඕනා (නදී)

:       0       0

ලංකාපුත්‍ර Thursday, 11 December 2014 03:32 AM

ඇත්තටම මේ වැඩනම් වැරදියි.මේ ගැන සොයා බලා පියවරක් ගන්න.(හේ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 10 December 2014 01:06 PM

පරාජයේ සලකුණු දකින කොට කරන්නේ මොනවාද කියල දන්නේ නැතුව ගියා මචන්.. සොරි අනේ. (නදී)

:       0       0

ඒ. නිමල් Wednesday, 10 December 2014 01:14 PM

දේශපලුවෝ කැමති නැහ බුද්දිමත් සමාජයක් බිහිවෙනවට. (නදී)

:       0       0

පතිරණ Wednesday, 10 December 2014 10:30 AM

ඉස්කෝලෙක ගිහින් විබාගයක් පාස් කරපු මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ නැහැ. (ර)

:       0       0

රොහාන් Wednesday, 10 December 2014 10:40 AM

බලන්න මොනතරම් අසෝබන වැඩක්ද මේ අපේ දරුවන්ගේ විභාගයට බාධා නොකර රජයේ බැරිනම් ඕනේ දේපලක් යොදාගෙන දේශපාලනේ කෙරුවට අපිට කමක් නැහැ, මේවට පිළිතුරු 8 වැනිදා ලැබෙයි (බ)

:       0       0

කැලුම් Wednesday, 10 December 2014 10:47 AM

මෙහෙම අයනේ දේශපාලනය කරන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 60 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 2 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 402 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 174 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 342 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 770 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site