IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘පාසල් සිසුවාටයි එක්දරු පියාටයි පොලිසියෙදි ගහලා‘

කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාසල් සිසුවා සහ එක්දරු පියා අද (30) බන්ධනාගාරයෙන් මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම් එන් රාල් හක් මහතාට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරුවන් දින තුනක් පොලිසියේ රඳවාගෙන පහර දුන් බවට නීතීඥවරුක් මහේස්ත්‍රාත්ට දැන්වීමෙන් පසු ඔවුන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීට යොමු කරන්නැයි මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා සඳුදා (28) නියෝග කළේය.

අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණ මහේස්ත්‍රාත්ට යැවීමට නියමිතය.



අදහස් (0)

‘පාසල් සිසුවාටයි එක්දරු පියාටයි පොලිසියෙදි ගහලා‘

අමිත් Wednesday, 30 September 2015 12:53 PM

පොලිසියෙන් ගහන එක නතර කරන්න ඕනි.(හේ)

:       0       0

නාමල් Wednesday, 30 September 2015 01:29 PM

පවු අසරණ ළමයා.මේ පොලිසියේ අයටත් ඔය වගේ දරුවෝ ඉන්නවා ඇතිනේ.එහෙමවත් හිතුනේ නැද්ද?(හේ)

:       0       0

ගෞරියෙල් Wednesday, 30 September 2015 02:28 PM

පාසල් යන දරුවෙකුට ගහන්න පුළුවන්ද? මේ දරුවාට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)

:       0       0

පිටිගල Wednesday, 30 September 2015 04:43 PM

ඔය ගමේම මිනිස්සු නේද මේ දරුවා ගැන සැකයි කියලා පොලිසියට කිව්වේ? දැන් පොලිසියට දොස් කියලා වැඩක් නැහැ. එයාලා අරගෙන ගිහින් ශිල්ප දක්වලා කටඋත්තර ගන්න ඇති. පොලිසිය කවදත් එහෙමනේ .... (නි)

:       0       0

රන්ජිත් Wednesday, 30 September 2015 04:44 PM

ගහන එක වදදීමක් බව නොදන්නවාද? මෙරට තාම වදදීම් පවතිනවා. තුන්වන ලෝකයේ පොලිස් වදදීම් තිබුනට දියුණු රටවල එය සපුරා තහනම්. නොගහා කටඋත්තර ගන්න හැටි ඉගෙනගන්න අපේ අය රට යවලා පුහුණුවක් ලබා දියයුතුයි. පොලිස් වදදීම් නිසා අපට පිටරවල අය හිනාවෙනවා. සැකකරුවෙකුට ගහන එක ලොකු චණ්ඩිකමක් නොවෙයි. මෙයාලා තනිවම ගම්වලට යන්න බයවෙන එක පුදුමයක්ද? පාසල් සිසුවාට සිදුවූ අකටයුත්තට පොලිසිය වන්දි ගෙවිය යුතුයි. මෙලෙස කීප දෙනෙකුට වන්දි ගෙවන්න වුණාම ගැහිලි වලට පෙර දෙවරක් හිතාවි. (නි)

:       0       0

නිහාල් Wednesday, 30 September 2015 05:07 PM

පාසල් සිසුවාට හා පියාට සාධාරණය ඉටුවේවා!

:       0       0

සත්‍යයා Wednesday, 30 September 2015 10:46 PM

ලංකාවේ තවම තියෙන්නේ පරණ තාලේ පොලිසියක්. වැඩිකල් යන්න කලින් යහපාලනය ඔය වැඩ නවත්වන්න. නීතිය ආරක්ෂා කරන්න මිස නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බලයක් නැතුවාසේම අයිතියකුත් නැහැ කියලයි මම කියන්නේ. (නි)

:       0       0

සමන් Thursday, 01 October 2015 12:31 AM

ලංකාවේ අලුතින් අපරාධකාරයින් බිහිවෙන්න මේ වගේ දේවල් හේතුවෙනවා කියලා මට හිතෙනවා.අහිංසකයින් අපරාධකාරයින් හැටියට හංවඩු ගහන එක වැරදියි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 October 2015 01:23 AM

වෙනත් රටවල පොලිස් නිලධාරීනුත් මිනිසුන්ට ගහන අවස්ථා විදේශ ප්‍රවෘත්ති වලින් දකින්න ලැබෙනවා. අපේ පොලිස් ගැහිල්ල නම් කමකට නැහැ. ඔහේ තඩිබානවා. මේවාට නීති පොතේ කියලා තියෙනවනේ අවම බලය පාවිච්චි කිරීම කියලා. මොකද කරන්නේ? අපි වරදටයි නිවැරැද්දටයි ගුටිකකා ඉමු. (නි)

:       0       0

සහන් Thursday, 01 October 2015 01:30 AM

පොලිසිය කරන්නේ ඒ ගොල්ලන්ගේ රාජකාරිය (නි)

:       0       0

ලයනල් Thursday, 01 October 2015 02:40 AM

තුන්වැනි ලෝකයේ මේවා ප්‍රසිද්ධ වෙනවා. ඇමරිකාව වගේ රටවල යටගහනවා. ඒකයි වෙනස.... (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 01 October 2015 02:52 AM

සැකකරුවන්ව උපක්‍රමශීලීව ප්‍රශ්න කරන නවීන ක්‍රම ලෝකේ තියෙනවා. ඔවුන්ව මානසිකව උගුලකට අහු කරලා ඔවුන්වත් නොදැනීම තොරතුරු ගන්න පුළුවන්. හැබැයි එකට උගත් බුද්ධිමත් නිලධාරීන් ඉන්න ඕනේ. එක තමයි ප්‍රශ්නේ. (අ)

:       0       0

ධම්ම Wednesday, 30 September 2015 09:59 AM

ගහන්නේ නැතිව අහගන්න ක්‍රමයක් අපේ පොලීසිය දන්නේ නැහැ.(ම)

:       0       0

මනෝජ් Wednesday, 30 September 2015 10:42 AM

අනේ මන්දා රටට ගිය කලක්.(හේ)

:       0       0

ඉමේෂ් Thursday, 01 October 2015 04:05 AM

පොලිසියෙන් ගුටි කාපු අය වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. පව් ඉතින් අර ළමය. (බ)

:       0       0

බණ්ඩා Wednesday, 30 September 2015 11:10 AM

මෙගොල්ලට උඩ එල්ලලා ගැහුවම පෙර කරපු වෙනත් වැරදි දැන ගන්න පුළුවන්. (ස)

:       0       0

ටෙනිසන් Thursday, 01 October 2015 04:42 AM

එහෙම ගැහුවා නම් අන්න ඒක වැරදියි (නි)

:       0       0

සුමනපාල Wednesday, 30 September 2015 11:25 AM

කිසිම පුද්ගලයෙකුට ශාරීරික හිංසා කිරීම වළක්වන නීති සම්පාදනය කළ යුතුයි.(ම)

:       0       0

රුවන් Wednesday, 30 September 2015 11:52 AM

අන්තිමට කොන්ඩයත් අමතක කරලා පොලීසිය වැරදි කරු වෙයි වගේ...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 473 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 390 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 503 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1019 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 434 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14564 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 153 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site