IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පාසල් සිසුවා සැක නොකළ බව මවත් පියාත් කියති

කොටදෙණියාවේ බඩල්ගම අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් බදාදා (23) සවස අත්අඩංගුවට ගත් සැකකරු ගෙන එතියි ලැබුණ තොරතරුකට අනුව ගම්වාසීහූ විශාල පිරිසක් බ්‍රහස්පතින්දා (24) සවස සේයා දැරියගේ නිවස අසලට රැස්වූහ.

කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානයට ආහ.

තෙවැනි සැකකරුට නිසි දඩුවම් ලබා දෙන ලෙස පොලිසියට බල කළ ගම්වාසීහූ සැකකරු එම ස්ථානයට රැගෙන එනතුරු සේයාගේ නිවස අසලින් නොයන බව කීහ.

සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය සිදු කරන බවත් සැකකරුවනට ගැලවී යාමට ඉඩ නොදෙන බවත් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර මහතා ගම්වාසීන්ට පැහැදිලි කළේය.

එළිවෙනතුරු නිවස අසල රැදී සිටියත් සැකකරු සේයාගේ නිවස අසලට නොගෙන එන බව කී ස්ථානාධිපතිවරයා නිවස අසලින් පිටව යන ලෙස ගම්වාසීන්ගෙන් ඉල්ලීය.

පැය තුනකට අධික කාලයක් නිවස අසල රැදී සිටි ගම්වාසීහු අද (24) සවස 5.30 පමණ ගම්වාසීහු නිවස අසලින් ඉවත් වුහ. එත් කීප දෙනෙක් පමණක් නිවස අසල රැදී සිටියහ.

ගම්වාසීන් නිවස අසළට රැස්වූ අවස්ථාවේ සේයාගේ මව සහ පියා නිවස තුළ සිටියහ.

ලංකාදීපයට අදහස් දැක්වු සේයාගේ පියා මෙසේ කීය,

‘දුවගේ ඝාතනයට නියම සැකකරු අල්ලා ගත් බව අපට දැන ගන්නට ලැබුණා. තවමත් විමර්ශන කටයුතු අවසන් නැහැ. ඉවසීමෙන් සහ සන්සුන්ව පොලිස් විමර්ශන වලට සහාය දෙන මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කලින් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනිත් පුද්ගලයා සැක බව මම කිසිම වෙලාවක කිව්වේ නෑ. ඒ පාසල් ශිෂ්‍යාට මමත් උගන්වා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගත්තේ පොලිස් විමර්ශන මතයි.අපේ කීමට නෙමෙයි. ඔවුන්ටත් සාධාරණයක් වෙයි කියා මම හිතනවා. පොලිසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මේ විමර්ශන වලදී සෑහෙන්න මහන්සි වුණා. ඒ බව අපි හොදින්ම දන්නවා. අපිත් හැකි අයුරින් සහයෝගය දුන්නා‘

සේයාගේ මව මෙසේ පැවැසුවාය -

‘නියම සැකකරු අත්අඩංගුවට ගත් බව දැන ගන්න ලැබුණා. මේ සිද්ධියට මුලින්ම අපේ පවුල ගැනත් සැකකලා. අපි හිතුවා කවදා හරි ඇත්ත එළි වෙයි කියලා. දුව නැතිවුනේ උපන් දිනය ළංවෙලා. මාසයකට පෙර සිටි දුව උපන්දිනය ගැන කියමින් සිටියේ. දුව හරි ආසයි විවිධ ඇදුම් ඇඳ  ලස්සන බලන්න. අපි දුව ගැන සොයා නොබැලුවා නොවේ. දුව අපිත් එක්ක නිදාගෙන වෙන දවස් වලටත් නින්දෙන්ම ආච්චි අම්මා ගාවට යනවා. සිද්ධිය වුණ දවසෙත් අපි හිතුවේ එහෙමයි. මේ වගේ මනුස්සයෙක් මේ පැත්තේ ඉන්නවා කියලා දැන ගන්නවා නම් අපි මීටත් වඩා පරිස්සම්   වෙනවා. දුව මරපු පුද්ගලයාට නිසි දඩුවම් ලබා දේවි යැයි අපි විශ්වාස කරනවා‘



අදහස් (0)

පාසල් සිසුවා සැක නොකළ බව මවත් පියාත් කියති

පෙරේරා Thursday, 24 September 2015 05:11 PM

තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් මේ නඩුව දැක බලා ගනිත්වා! (නි)

:       0       0

සම්පති සිරි Friday, 25 September 2015 06:20 AM

පාසල් දරුවා මරා අවසන්. දැන් ඉතින් හැමෝම එකතු වෙලා අවසන් කටයුතුත් සිදු කරනු (අ)

:       0       0

චන්දිම Thursday, 24 September 2015 05:11 PM

මීට වඩා තව දේවල් හොයාගන්න පුළුවන් වෙයි ඉස්සරහට (නි)

:       0       0

ගාල්ලගේ Thursday, 24 September 2015 05:41 PM

මේවා දකින අපිත් මානසිකව වැටෙනවා. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 25 September 2015 07:11 AM

සේයා දියණියගේ සංවේදී අවසානය ගැන අපි හරවත් සංවාදයක යෙදුනේ නැහැ කියලයි මම හිතන්නේ.දරුණු මානසික රෝගීන් නිදැල්ලේ හැසිරෙන අයුරු අපි ගොළුවන් බිබිරන් සේ බල සිටිමු. අප ජිවත්වන ප්‍රදේශයේ හැසිරෙන පාදඩයින්, මත්ලෝලීන්,හොරුන්, සමාජ විරෝධී කටයුවල යෙදෙන්නන් ගැන පොලිසිය සහ වගකිවයුතු ආයතන වෙත දැන්වීමට දැනුවත් වෙමු. පාලකයින්ද මොවුන් ගැන අවධියෙන් සිටිය යුතුය. (අ)

:       0       0

නිමල් Thursday, 24 September 2015 09:29 PM

හැම ගමකම ඔය වගේ මිනිස්සු ඉන්නවා (නි)

:       0       0

කමනි Thursday, 24 September 2015 11:34 PM

දැරිය මියගොස් අවසන්. පාසැල් සිසුවාත් නොමරා මරා අවසන්. මේ විනාශවලට කුණු රසය ඇවිස්සීමට කුඩා දරුවන්ගේ මළ සිරුරුවල රූප පවා අළෙවි කරන සමහරුත් ඒවා මෙසේ අවභාවිතයට එරෙහිව කිසිම නීතිමය පියවරක් නොගන්නා දේශපාලඥයිනුත් වගකිව යුතුයි. එය සිදුවනතෙක් මෙවැනි දේ අනාගතයටත් සිදුවනු ඇති බව කටුක යථාර්ථයයි. (නි)

:       0       0

සත්‍යයා Friday, 25 September 2015 01:01 AM

අපි සැමදාමත් කර ඇත්තේ එක් එක් සිද්ධි තනි තනි වශයෙන් විග්‍රහ කරමින් දන්නා හෝ නොදන්නා අපරාධකාරයින්ට ශාප කිරීමයි. බලයට එන්න ආශාවෙන් ඉන්න විරුද්ධ පක්ෂවල දේශපාලුවොත් බලයේ ඉන්න එකාට වගකීම පවරා හිමින් මාරු වෙන එකයි කරන්නේ. මේ පවුකාර තත්වය දිගින් දිගටම පැවතීමේ හේතුවට සමස්ත සමාජයම වගකිවයුතු වුණත් ඒ යුග මෙහෙවර නොකර බලයට ආපසු ජඩ සමාජ ක්‍රමය දිගටම ආරක්ෂා කරන මිනිසුන් සිටින තාක් මේ ලක් දෙරණ මත අහස පොළව නොඉවසන තව අපරාධ විශාල ප්‍රමාණයක් ඉදිරියටත් ඇතිවීම නොවැළැක්විය හැකියි. (නි)

:       0       0

අනුර Friday, 25 September 2015 01:33 AM

මේ ප්‍රශ්නයේදී වැරැද්ද සම්පුර්ණයෙන්ම දරුවාගේ දෙමවුපියන්ගේ බවයි මම කියන්නේ. මීටවැඩිය දෙමවුපියන් තමන්ගේ දරුවන් ගැන සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

ලලිත් Friday, 25 September 2015 02:05 AM

අම්මාට තාත්තට සැක නැතිවුණාට පොලිසියට සැකයක් ඇතිනේ. දැක්කද පරිගණකයේ බලලා තියෙන දේවල්? මේවා කොයි අම්මා තාත්තාටත් හොඳ පාඩම්. (නි)

:       0       0

චන්න Friday, 25 September 2015 02:44 AM

නමුත් ඒ පාසල් සිසුවා මෙයින් ලොකු අපහසුතාවයකට පත්වෙන්න ඇති (නි)

:       0       0

ප්‍රසන්න Friday, 25 September 2015 02:49 AM

එක නිල් චිත්‍රපටියක්වත් බලපු නැති කෙනෙක් හරි, නිල් ඡායාරූප බලලා නැති කෙනෙක් හරි ඉන්නවා නම් අර පාසල් සිසුවාට පළමු ගල ගහන්න (නි)

:       0       0

නවීන් Friday, 25 September 2015 02:56 AM

ලලිත්, නිකන් මෝඩ කතා කියන්න එපා. පරිගණකවල අසභ්‍ය පින්තූර ගැන සළකා බැලුවොත් ලංකාවේ ඉන්න 95% ම ස්ත්‍රී දුෂකයෝ. (නි)

:       0       0

අල්ඛාන් Thursday, 24 September 2015 01:03 PM

දැන් මොනවා කිවුවත් දරුවන් ගැන මීටවඩා සැළකිළිමත් වියයුතුයි. අප අවට සිටින සියල්ලන්ම සාන්තුවරයන් නොවන බවට මෙය ඉතා හොඳ උදාහරණයක් (නි)

:       0       0

කිත්සිරි Thursday, 24 September 2015 01:44 PM

නමුත් තමන්ගේ දරුවා ඉන්නවාද කියාවත් ඔවුන්ට නින්දට යන්න පෙර බලන්න තිබුණා නේද? (නි)

:       0       0

උපාලි Thursday, 24 September 2015 01:53 PM

මෙවැනි උද්වේගකර අවස්ථාවක පැනනඟින මහජන නැඟීටීම් කවන්ධයක රූපය ගනියි. එවැන්නක් ඥානාන්විතව මෙහෙයවෙන්නේ නැත. බොහෝවිට ඒවා ඉදිරියෙහි සිටින්නෝ එවැනි ආවේගශීලී පිරිසක් හරහා තමන්ගේ පටු උවමනාවන් ඉටුකරගන්නට මාන බලන අවස්ථාවාදීහු පිරිසකි. අවාසනාවකට මෙන්, කොටදෙණියාවේදී නැවතත් සිදුවූයේද එයමය. තව ටික දිනකින් මේ සිදුවීමේ උණුසුමද පහවගිය පසු, යළිත් එවැන්නක් සිදුවනතුරු පෙර කී ආවේගකාරී මහජනතාව නින්දට යනු ඇත. (නි)

:       0       0

සුමිත් Friday, 25 September 2015 04:06 AM

දෙමාපියන්ට මේවා හොද පාඩම්, දරුවෝ දෙනෙත් වගේ බලා ගන්න ඕන , දැන් සමාජය ඉස්සර වගේ නොවේ (ම)

:       0       0

සකල Friday, 25 September 2015 04:21 AM

ප්‍රසන්න, ඔබේ අදහසට මම සියයට සියයක් එකඟයි. නිල් චිත්‍රපටියක් හරි නිල් ඡායාරූප හරි බලලා නැති කෙනෙක් ඉන්නවා නම්, අර පාසල් සිසුවාට පළමු ගල ගහන්න. (අ)

:       0       0

රනරාජා Friday, 25 September 2015 04:24 AM

අපේ රටෙි අතිවී තිබෙන ඛේදවාචකය තමයි මේ. බලන්න මේ අම්මත් ගුරැවරියක් සවස දරැවන් ගැන බලන්නවත් දරැවන්ගේ අධ්‍යාපනය ගැන සොයා බලන්නවත් මේ අම්මට ඉස්පාසුවක් නෑ ටෙලි නාට්‍ය බැලිල්ල හින්ද (අ)

:       0       0

සුජිත් කුමාර Friday, 25 September 2015 04:38 AM

තමන්ගෙ නිවස අනාරක්ෂිතයි කියල කවුරුවත් හිතන්නෙ නෑනෙ (අ)

:       0       0

ජයවර්ධන Friday, 25 September 2015 04:42 AM

මෙයාට මරණ දඬුවම දෙන්න ඕන එපා කියන ගෑනුන්ට මුවදෙන්න ඕන හදාගන්න යන වියද ම රජයෙන් දීලහරි එතකොට මේ අයගේ දරුවන් හොඳටබලාගනී අතකොටා මුට ගහල මරන්නේ ඔය දැන් එපාකියන (අ) එඋන්මියි

:       0       0

රූපවතී Thursday, 24 September 2015 03:32 PM

පාලිසොයුරාගේ කියමනේහි ගැබිවු හරය මේ ඛේදවාචකය තරමම බියජනකයි..මට කිසිවක් ලියා ගන්න බැරි තරමටම මේ සිදුවිමේදි මා මානසිකව අැද වැටිමකට පත්වුවා. (බ)

:       0       0

නිලක්ෂි Friday, 25 September 2015 04:53 AM

අද කාලේ ගැහැණු පිරිමි බේදයක් නැතිව පරිගණක වල අසභ්‍ය පින්තුර තියනවා (ම)

:       0       0

චාන්දි Friday, 25 September 2015 05:05 AM

සධාචාරයක් නැති අය රට පාලනට යවල අහක්වෙලා දැන ඉතින් මොකටද කෑගහන්නේ, මිනිස්සු එල්ලල අපරාද අඩුකරන්න යෝජනා වෙන්න තරම් මේ බෞද්ධ රට මෙම වුණේ අපේම වරදින්. කුඩු කාරයින් ස්ත්‍රී දූශිකයින් වංචා කාරයින් මනාප ඉහලින්ම අරගෙන රට පාලනයට යවන මිනිස්සුන්ගේ ඉරණම මේක තමයි .(අ)

:       0       0

රේ ද සිල්වා Friday, 25 September 2015 05:40 AM

පොලසියේ ඉන්න අටය පෙන්නුවොත් ඔය කියන චිත්‍රපටයක් ෆිල්ම් එක්කක් , එපා කියයි. නමුත් අහිංසකයකු ළඟ තිබුණොත් , (අ)

:       0       0

සඳුන් Thursday, 24 September 2015 04:52 PM

මිනිස්සු හරි ආසයි අමුතු දේවල් වලට. ඕනෑම සිද්ධියකට කුතුහලයක් එකතු කරන්න. මේ වගේ දෙයක් ඉක්මනට විසඳලත් අන්තිමට පොලිසියට කළු පැල්ලමකුත් වැදුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 853 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 762 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 160 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1034 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site