(අංජුල මහික වීරරත්න)
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක ආරම්භ කෙරිණි.
“අපේ ඉස්කෝලේ Clean කරමු - රට හදන පරපුරක - වෙමුද අපි මුල් පුරුක” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන අදාළ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු පාසල් ප්‍රජාවගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දැනුම ලබා දීම සිදු කරයි.
ඒ අනුව පාසල්වල කැඩී ගිය ඩෙස් පුටු, උපකරණ, විදුලිය පද්ධති සහ ජල නළ පද්ධතිවල අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සමඟ පාසල පිරිසිදු කෙරෙන අතර පළමු අදියර යටතේ පාසල් 100ක යුද හමුදාවේ දායකත්වයෙන්ද, පාසල් 50ක නාවික හමුදාවේ දායකත්වයෙන් සහ පාසල් 50ක ගුවන් හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම මාර්තු මාසය අවසන් වන විට පාසල් දහසම ආවරණය කිරීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම ආදි සිසුන් ද සහභාගි කරවා ගැනීම විශේෂත්වයක් වන අතර අඛණ්ඩව පාසල පිරිසිදුව තබා ගනිමින් නඩත්තු කටයුතු ඉදිරියට කර ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සිදු කෙරේ.
වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදී වැඩසටහන ආරම්භ කෙරුණි.
මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ
සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලි
කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පාසල් 1000ක් ක්ලීන් වෙයි
යෝගා Friday, 21 February 2025 09:07 PM
බස්, ත්‍රී රෝද, වෙරළ ක්ලීන් කරා, පාර්ලිමේන්තු කැන්ටිම දිනපතා ක්ලීන් කරනවා. මරුනේ මාලිමාව. 159 දෙනා කට, දිව එහෙමත් ක්ලීන් කරගන්න. කටේ දිවේ නොගෑවී බොරු කියන්න ලේසි වෙයි
ඇලික් ගාල්ලගේ Saturday, 22 February 2025 10:45 AM
පාසල් ක්ලීන් වෙන්න නම් විදුහල්පතිවරු, ස්ථාන මාරු කළ යුතු අය වහා මාරු කළ යුතුයි.
sene Saturday, 22 February 2025 03:17 PM
හා හා අලුත් වාරයට පාසල් පවිත්‍ර කොට පාටගා අවසන්. මේකත් තවත් විහිළුවක්. කරන්නේ බොරුව කීවොත් පචයක්...!