IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘පිස්සන් දැඟළුවත් දොස්තර කලබල නෑ‘

‘තව වසර දෙක තුනකින් රටේ ජනතාවගේ ඇහැට පෙනෙයි කණු උඩ ඉදිවෙන මාර්ග, දුම්රිය මාර්ග ඉදි වෙන හැටි. පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂය බදුල්ලෙන් ආණ්ඩුව පෙරලන වැඩපිළිවෙළක් ඇති කළා. ඉතිං ඒ ගැන මට කියන්න තියෙන්නේ පිස්සෝ දැඟළුවට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියන එකයි.‘ යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා අනුරාධපුර නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ උත්සවයකදී පැවසීය.

‘ඒකාබද්ධ විපක්ෂය කියනවා එයාලා එෆ්සීඅයිඩී හා සීඅයිඩී එකට අරගෙන යන්නේ පළිගන්න කියලා. මං තමුන්නාන්සේලාගෙන් අහනවා මේ නිකං ඉන්න මිනිස්සු සීඅයිඩී අරන් යනවද කියලා. මේ අය රෙද්දක් ඇඳගෙනද කියන්නේ එයාලා එෆ්සීඅයිඩී අරගෙන යනවා කියලා. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනේ පසුගිය කාලයේ එයාලා කරපු වැඩ ගැන. මෙයාලා දැන් කථාකරන්නේ හරියට සිල් ගන්න උපාසකයෝ වගේ. මම කියන්නේ එෆ්සීඅයිඩී එක අද වගේම ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එකයි. එතකොට තමයි මේ හොරකම් කරන අය වංචා කරන අය බය වෙන්නේ.එතකොට තමයි රටේ දූෂණය, වංචාව නැතිවෙලා රටේ නියම සංවර්ධනයක් ඇති කරන්න හැකි වෙන්නේ‘ යැයි ද ඇමැතිවරයා කීය.



අදහස් (0)

‘පිස්සන් දැඟළුවත් දොස්තර කලබල නෑ‘

සෑම් Monday, 04 July 2016 10:44 AM

ඔය කියන දේවල් දැකගන්න තව වසර දෙක තුනක් ජීවත් වෙන්නේ කොහොමද කියලත් කිව්වානම් හොඳයි මේ බඩු මිලත් එක්ක. (ර)

:       0       0

මනුල Monday, 04 July 2016 10:42 AM

මෙයාල හිතාගෙන ඉන්නේ ජනතාව ගොන්නු කියලද (හේ)

:       0       0

කුසුම් Monday, 04 July 2016 10:50 AM

එයට කන්නාඩියක් බලාගෙන කියන්න ......(හේ)

:       0       0

කුමාර් Monday, 04 July 2016 11:03 AM

කෑ ගහන්නේ නැතුව මහත්තයෝ වැඩක් කරලා පෙන්වන්න.(හේ)

:       0       0

නිමල් ලලිත Tuesday, 05 July 2016 01:49 AM

කයිවාරු ගැහිල්ල නවත්තලා හිටපු මහා බැංකු අධිපතිගේ කෙරුවාව ගැනත් සොයලා බැලුවොත් නරකද. මේ රටේ හැම දේශපාලුවෙකුම සිතාගෙන ඉන්නේ මේ රටේ හැමෝම ඒගොල්ලන්ගේ අසුචිත් සුවඳයි කියන ගැත්තන් කියලා. (නි)

:       0       0

සමන් Monday, 04 July 2016 11:10 AM

කෝ එහෙනම් බැංකු මහා මොළ කාරයා රටින් පැනලත් ගියා (බ)

:       0       0

වික්‍රම Monday, 04 July 2016 11:16 AM

දැන් වෙලා තියන්නේ දොස්තරලා වෙච්ච ඔබතුමන්ලා දඟලනවා පිස්සෝ වගේ ඔබතුමන්ලට ඡන්දෙ දුන්න අපි කලබල නැතුව බලා ඉන්නවා! (බ)

:       0       0

චතුරි Monday, 04 July 2016 11:46 AM

අපි ඒක හිතුවා.(හේ)

:       0       0

ශශී Tuesday, 05 July 2016 04:06 AM

බුද්ධිමත් ජනතාව ඉවසිල්ලෙන් ඔබ සමඟයි (නි)

:       0       0

කමණි Tuesday, 05 July 2016 04:34 AM

වාචාලකම දක්ෂ දේශපලකයෙකුගේ අවශ්‍යම ගුණාංගය ලෙස අපි පිළිගන්නා තෙක් මේවා අහගෙන අනේ අපොයි කියලා ඉන්න එකයි තියෙන්නේ. (නි)

:       0       0

වසන්ත Tuesday, 05 July 2016 04:31 AM

අපි දන්නවා පිස්සු කාටද කියලා (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 05 July 2016 05:12 AM

හොරු රැලට ඇමැතිතුමා මන්ත්‍රීතුමා කියන්න එපා බයිලා අහන්නත් එපා. (බ)

:       0       0

මිනිපෙ Monday, 04 July 2016 02:56 PM

ආණ්ඩු පෙරලන එක, අපේ(මහජනතාව) වැඩක්. (බ)

:       0       0

උපාලි Monday, 04 July 2016 03:35 PM

ඇමති තුමා අහල තියෙනවද මන්ද මේ කතාව. අර ගහක් උඩට නැග්ග පිස්සව බය කරලා පහලට ගන්න දොස්තර මහත්තය පොරොවක් අරගෙන ගහ කපන්න හැදුවට මිනිහ ගාණන් ගත්තේවත් නැහැ. හැබැයි, උදවුවට ආව පිස්සෙක් පොරොව ඉල්ලගත්ත විතරයි ඒක දැකපු අනික් පිස්සා ගහ උඩ ඉඳල එක හුස්මට පහලට රූටාගෙන ආවා. ඒ කියන්නේ දොස්තරලා දැඟලුවට වැඩක් නෑ, පිස්සෝ කලබල නැතුව වැඩේ දෙනවා කියන එකයි. (බ)

:       0       0

සුසන්ත Monday, 04 July 2016 04:14 PM

ඉතින් අැයි මේ කලබල වෙලා? (හේ)

:       0       0

සාලිය Monday, 04 July 2016 08:22 PM

පිස්සෝ කවුද කියලා අපි දන්නවා. බොරුවට උඩ බලාගෙන කෙළ ගහන්න එපා (නි)

:       0       0

රත්න Monday, 04 July 2016 10:29 PM

අනේ ඇමතිතුමනි, මුලින්ම පොළොවේ දුවන දුම්රිය සේවය හරියට හදන්න, කණු උඩ දුවන්න කලින් (නි)

:       0       0

පුබුදු Monday, 04 July 2016 10:31 PM

තවම කිසි වැඩක් කරලා නැතුව අපිට සුරංගනා ලෝක පෙන්නන්න එපා මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 120 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 369 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 222 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 529 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1156 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site