IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පිස්සු බේත් පෙති/සුන්නත් උපකරණ හොරෙන් ගෙනල්ලා

මානසික   රෝගීන් සඳහා දෙනු ලබන බෙහෙත් පෙති හයදහසක් සහ මුස්ලිම් ළමුන් සුන්නත් කිරීම සඳහා භාවිතා කරන උපකරණ දහසක් නීති විරෝධී ලෙස රැගෙන පකිස්ථානයේ  කරච්චි නුවර   සිට මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින්  අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකු බවත්  ඔහු ශ‍්‍රී ලාංකික කාන්තාවක් සමග විවාහ වී ඇති බවත් රේගුව කියයි. ඔහුට  නේවාසික වීසා  ඇති බවත්  නිතර නිතර පාකිස්ථානයට යන  එන බවත් රේගුව අනාවරණය කරගෙන ඇත.

පාසැල් දරුවන්  මත් ගතිය ඇති කරගැනීමට මෙම බෙහෙත් පෙති වර්ගය පාවිච්චියට ගන්නා බවට තොරතුරු ලැබී ඇති  බවත් මේවා එලෙස බෙදා හැරීමට   ගෙන එන්නට ඇතැයි රේගුව සැකකරයි.

සැකකරු   මින් පෙරද  මෙම බෙහෙත් පෙති වර්ගයම නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට  ගනු ලැබූ පුද්ගලයකි.

 සැකකරු  අද  උදෑසන   ඕමාන් ගුවන්සේවයට අයත්  ඩබ්ලිව්.අයි 371 දරණ ගුවන්යානයෙන් කරච්චි, මස්කට් හරහා  මෙරටට පැමිණ ඇත.   මින්පෙරද මොහු මෙවැනි ක‍්‍රියාවක යෙදී ඇති බැව් හදුනා ගෙන තිබූ   සහකාර රේගු අධිකාරීවරුන් වන ප‍්‍රබුද්ධ පෙරේරා සහ උදේශ් ජයවර්ධන යන නිලධාරීන් විසින්  සැකකරුගේ ගමන් මලූ පරික්ෂා කිරීමේදී  මෙම  පෙති තොගය සොයාගෙන ඇත.

පිටතින්  විසිතුරු කඩදාසි  ඔතා මෙම බෙහෙත් පෙති තෑගි පාර්සලයක් ලෙසින්  රැගෙන ඒමට සැකකරු  උත්සහ කර තිබූ බව රේගුව කියයි.

මේ පිළිබඳ  විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් දි සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්   රේගු මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ සහකාර රේගු අධිකාරීවරුන් වන ප‍්‍රබුද්ධ පෙරේරා සහ උදේෂ් ජයවර්ධන යන  නිලධාරීහු සිදු කරති

.   



අදහස් (0)

පිස්සු බේත් පෙති/සුන්නත් උපකරණ හොරෙන් ගෙනල්ලා

අනිල් Sunday, 14 July 2013 10:26 PM

පකිස්තාන් කාරයෝ මෙහෙ ඇවිත් කසාද බැදලා එයාලගේ ජාතිය බෝකරනවා. මෙයාට දැන් 33 යි. කව අවුරුදු 20 ක්වත් ඇතුලට දාන්න.(නදී)

:       0       0

ෂාෆික් Monday, 15 July 2013 10:46 AM

සුන්නත් කරන්න විශේෂ උපකරණයක් නැහැ. සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක මෙවලම් සෑහෙන්න ප්‍රමාණවත්. බෙහෙත් පෙති ගැන නම් සොයා බැලිය යුතුයි. කෙසේ නමුත් මේ වරද මින් පෙරත් ඔහු කර තිබෙනවා නම් බ්ලැක් ලිස්ට් කල යුතුයි (නි)

:       0       0

ෆෛළෙර් Monday, 15 July 2013 11:03 AM

මගේ අතීතය නම් හිතනකොටත් බයයි.දන්නවා නම් ඔය පිස්සු බෙහෙත ගන්නවා. (නි)

:       0       0

සඳරුවන් Sunday, 14 July 2013 11:53 PM

අපේ රටේ නීතිය මොකද්ද?ඇයි එක සැරයක් අහුවුනානම් බ්ලැක් ලිස්ට් කරේ නැත්තේ?මෝඩ තකතීරු පරිපාලනය. (අ)

:       0       0

රුචිත Monday, 15 July 2013 11:22 AM

තව සැරයක් මෙයාව අල්ලලා සුන්නත් කරලා අර පෙති ටික ඔක්කොම පොවන්න ඕනෑ (නි)

:       0       0

රංග ශනි Monday, 15 July 2013 11:32 AM

දැන්වත් ජාති වාදී කියලා කියන කට්ටිය කට වහගෙන හිටියොත් හොදයි.(නදී)

:       0       0

සමන් Monday, 15 July 2013 01:53 AM

සුන්නට් කරන උපකරණ ගෙනල්ල තියෙන්නේ සිංහල ළමයින්ව සුන්නත් කරන්නද දන්නේ නැහැ. කෝ ඔය අර සේනා,මේ සේනා ? (නි)

:       0       0

අසංග Sunday, 14 July 2013 05:27 PM

මෙන්න පේනවනේ අර අයගේ වැඩ කොහොමද කියලා. අපේ රේගු නිලධාරීන් සෝදිසියෙන් සිටිය යුතුයි.(අ)

:       0       0

සම්පත් Monday, 15 July 2013 04:37 AM

ඕව සාමාන්‍ය දේවල් සමහරුන්ට. අපහාස එපා.(නදී)

:       0       0

සකුරා Sunday, 14 July 2013 05:33 PM

රේගු නිලධාරී ගේ සොයාගැනීම් හොඳයි. පල් හොරුන්ට එවෙලේම දඬුවම් දෙන්න ඕනේ.(අ)

:       0       0

පිට බෙද්දර ජයා Monday, 15 July 2013 04:56 AM

අමිල , හිතාගන්න මේකත් බල සේනාවේ ඔත්තුවක් කියලා. හරිනේ දැන් සනීපද? මේ රටට දැන් බල සේනා දහසක් වුවමනා කාලයක් මේක. ඒ තරම්ම මේ රටේ බෞද්ධකම නැති කරන්න පැය විසිහතරේම කුමන්ත්‍රණ. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 14 July 2013 05:49 PM

මේ පිස්සු පෙති මෙයාමෙ පොවලා ආපසු ඒ රටටම යවන්න ඕනා.(නදී)

:       0       0

ටෙනිසන් Monday, 15 July 2013 05:54 AM

චතුරංග, හුසේන්ලා, රිසාඩ්ලා විතරක් නෙමෙයි, ඇත්ත තේරුම් ගෙන අපේ රටට ආදරය කරන තව හුගක් මුස්ලිම්වරු ඉන්නවා. කවුරු කවුරුත් අදහස් පළකරද්දී ඒවා තේරුම් අරගත යුතුයි.අනෙක එයාලගේ සිත් රිදෙන විදිහට අදහස් පලකලහම හොද මිනිහත් නරක් වෙනවා. බලලෝභී දේශපාලුවෝ තමයි ඔය කවුරුත් අවුස්සලා තියන්නේ (නි)

:       0       0

පී.ඩී විදානගේ Sunday, 14 July 2013 06:10 PM

මේක තනියම මෙයාට ක‍රන්න බැහැ. ලංකාවී කවුරු හරි කට්ටියක් ඉන්නවා මෙයාට සහයෝගය දෙන්න. එව්වත් හොයලා බලන්න ඕනනේ. නැතිනම් ඔය වැඩෙන් ප්‍රතිපලයක් නැහැ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 14 July 2013 06:19 PM

රටට ගැලපෙන බෙහෙත් ටිකක් ඔන්න ඔහේ නිදහස් කරන්න.(නදී)

:       0       0

නුවන් Sunday, 14 July 2013 06:22 PM

මේක තනියම මෙයාට ක‍රන්න බැහැ. ලංකාවේ කවුරු හරි කට්ටියක් ඉන්නවා මෙයාට සහයෝගය දෙන්න. එව්වත් හොයලා බලන්න ඕනනේ. නැතිනම් ඔය වැඩෙන් ප්‍රතිපලයක් නැහැ.(නදී)

:       0       0

අමිළ Sunday, 14 July 2013 06:23 PM

බලසේනාවේ වැඩක් වෙන්න බැරිද ?(නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 14 July 2013 06:25 PM

මේ සැකකරු කලිනුත් අහුවෙලා තිබෙනවලු. නියම දඩුවමක් ලැබිල නැති නිසා නැවතත් ඒ වරදම කරලා. වෙන රටක උනානම් හොද දඩුවමකුත් දීලා බ්ලැක් ලිස්ට් කරනවා. අපේ රටේ නිතී පණ මදිද? නැත්නම් යම්කිසි බලවතෙකුට බයේද? හිතාගන්න අපහසුයි.(නදී)

:       0       0

රසික Monday, 15 July 2013 12:18 PM

මෙයාව පිටුවහල් කරලා දාන්න බලන්න ආයේ එන්න බැරිවෙන්න. ඊට කලින් අවුරුදු 5 ක්වත් හිරේ දාන්න.(නදී)

:       0       0

පහන් මඩුගල්ල Sunday, 14 July 2013 06:29 PM

දියවන්නාව මැද්දේ ඉන්න අය මේ පෙති බීල ඉන්නේ. අර සුන්නත් උපකරණ ටික නුවර පැත්තේ ඉන්න සර්ව ආගමික දේසපාලකයන්ට යවන්න.(නදී)

:       0       0

පැහැසර - ජා ඇල Monday, 15 July 2013 07:35 AM

ටෙනිසන්ගේ අදහසට මමත් එකගයි. (නි)

:       0       0

බන්දුල - කටාර් Sunday, 14 July 2013 06:50 PM

ෂුවර් එකටම ඔය බෙහෙත් ගෙන්න ඇත්තේ අපේ ප්‍රාදේශීය සහ පළාත් සභා මන්ත්රිලට පොවන්න වෙන්න ඇති. දැන් එයාලා වැඩ කරන්නේ හරියට පිස්සෝ වගේනේ.(නදී)

:       0       0

හේරත් Sunday, 14 July 2013 07:02 PM

අයියෝ 10% කපල මදි 95%ක් ම කපන්න ඕනේ. මේ අයියාගේ ඊට පස්සේ අර පෙති ටික පොවලා දියවන්නාවට දාන්න.(නදී)

:       0       0

හුසේන්-රියාද් Sunday, 14 July 2013 07:02 PM

පකිස්තාන්කාරයෝ කියන්නේ මොන විදියකින් හරි සල්ලි හොයන්න දඟලන ජාතියක්. ඉතින් ඔය වගේ දේවල් ආයේ නොකරන්න මේ මිනිහම බ්ලැක් ලිස්ට් කරන්න.(නදී)

:       0       0

සරත් අතාවුද Monday, 15 July 2013 07:58 AM

ඉස්සෙල්ලම සුන්නත් කරලා පස්සේ පිස්සු බෙහෙත් දෙන්න ඕනේ අර 225 දෙනාට.(නදී)

:       0       0

චමල් Sunday, 14 July 2013 07:09 PM

පහන් මඩුගල්ල නියම අදහස් දැක්වීම හරියට හරි මඩුගල්ල.(නදී)

:       0       0

අසේල Sunday, 14 July 2013 07:10 PM

සුන්නත් කරන අයට මේ බෙහෙත් ටික පෙව්වා නම් ප්‍රශ්නේ ඉවරයි.(නදී)

:       0       0

හේමන්ත Sunday, 14 July 2013 07:21 PM

වරක් වැරැද්දක් කලානම්, එරම එයාව අසාදු ලේඛන ගත නොකළේ මන්ද? අපේ රටේ නීති හරියට නැති එකයි ප්‍රශ්නය. අන් රටවල එයාලට නැවත එන්න දෙන්නේ නැහැ.(නදී)

:       0       0

බන්දුල - කටාර් Sunday, 14 July 2013 07:25 PM

හුසේන් ඔයාගේ කතාව නම් සහතික ඇත්ත. එත් අපේ ලොක්කන්ට ඔය ටික නොතේරෙන එක අපේ කරුමෙද කොහෙද.(නදී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 14 July 2013 07:31 PM

මම අහන්නේ අපේ රටේ ක්‍රියාත්මක වෙන නීතිය කුමක්ද?(නදී)

:       0       0

හේමන්ත Sunday, 14 July 2013 07:44 PM

මගේ සිංහල නිවැරදි කිරීම ගැන ස්තුතියි. (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 15 July 2013 09:22 AM

සුන්නත් කරන්න පාකිස්තානයෙන් උපකරණ මොන එහෙකටද? ලංකාවේ ඉන්න සමහර දොස්තරවරුන්ට අවශ්‍ය වන්නේ දැලිපිහියක් පමණයි. මම නම් අහල නැහැ ඒකටත් දැන් උපකරණ හදලා බිස්නස් කරනවා කියලා. (නි)

:       0       0

ගයන් Sunday, 14 July 2013 09:06 PM

ආගමන විගමන පාලක මොනවද කලේ පලවෙනි පාරම ලංකාවට ඒම වලක්වන්න කටයුතු කලානම් දෙවෙනි පාර එන්නේ නැහැ.(නදී)

:       0       0

චතුරංග Sunday, 14 July 2013 09:44 PM

මෙතන හුසේන් සහ රිෂාර්ඩ් කියල මුස්ලිම් දෙදෙනෙක් අදහස් දක්වල තියෙනවා. හැබැයි එයාල මුස්ලිම් උනාට එයාලගේ අදහසට මන් එකඟයි.(අ)

:       0       0

පාලිත වීරතුංග Sunday, 14 July 2013 09:51 PM

පකිස්තානයටත් බෑ නවත්වා ගන්න ආණ්ඩුවට තාමත් බැරිවුණා පවු නෙඅද (අ)

:       0       0

සෞදි කොලුවා Monday, 15 July 2013 10:00 AM

මෙහෙටනම් ඉතින් කොහොමත් ගේන්න පුළුවන් එක පාරයි. මොකද ඊලග පාර ගේන්න අත්දෙකක් ඉතුරු වෙන්නේ නැහැ, නැත්තම් ඔළුවම නැහැ. අපේ රටෙත් මේවට නීති තද වෙන්න ඕනෑ සහ ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ හරියට. (නි)

:       0       0

ටෙනිසන් Sunday, 14 July 2013 10:04 PM

මට පෙනෙන විධියටනම් මෙය සැහැල්ලුවෙන් සිත විහිලුවට ගත යුතු දෙයක් නොවෙඉ. පාකිස්ථානය කියන්නේ අන්තවාදී කල්ලි සියයකට වැඩිය ඉන්න රටක්. මෙය පිටිපස විශාල අනතුරක සේයාවක් දකින්න පුළුවන්. ඒ නිසා අපේ ආරක්සක අංස මේගැන විසේස පරීක්සනයක් කල යුතුයි කියා මටනම් හිතෙනවා රේගුවේ මහත්වරු දැඩි අවදානයෙන් හිටි එක ගැන හරි සතුටුය්. එය අගයන අතර ඔබලාට අපේ ප්‍රණාමය පුදකරමු. මොහු සිටින්නේ තාවකාලික බල පත්‍රය කින්නම් මෙවන් වැරදි නිසා එය අවලංගු කිරීමට අපේ ආගමන විගමන දෙපාර්ත මේන්තුවට හැකියාවක් නැද්ද? (අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 15 July 2013 02:12 PM

කාලයකට පස්සේ යහපත් ප්‍රතිචාරයක් මොලයෙන් ලියපු කෙනෙක් හැටියට මම දකිනවා ටෙනිසන් මහත්මයාව. ඔය වගේ හැමෝම හිතන්න ඕනේ. ඇයි මේ සමහරු කියන්නේ බුද්ධ ධර්මය විනාශ කරන්න අපි කටයුතු කරනවා කියලා? අනේ අපිට අපේ වැඩවල් කරගන්න වෙලාව මදි. හනික ඔය වගේ කුහක හා බොළඳ දේවල් හිතන්න තරම් මුස්ලිම් අපි මෝඩ ද? කාටත් කරදරයක් නැතිව ජීවත් වුනු කොටසක් හැටියට ලංකාවේ මුස්ලිම් වන අපි හැමදාමත් ආඩම්බර වෙනවා. මොනවා කියලා අපිට චෝදනා කරත් අපිටනම් කිසිම ගානක් නැහැ. වැරදි කරන පුද්ගලයින් මනුෂ්‍යයන් හැටියට තමන් කරපු වැරද්දක් ගැන හිතල කවදා හරි දුක් වෙනවා අනිවාර්යයෙන් විය යුතුයි එසේ නැත්නම් ඔහු මිනිසෙක් නොවේ. නමුත් කසිම වැරද්දක් නොකරපු අපිට මොන චෝදනා ආවත් වැල්ලේ හදන මාලිගාවල් වගේ.(නදී)

:       0       0

සිසිර Sunday, 14 July 2013 10:08 PM

කලින් අහුවලත් තාමත් එලියේ. පුදුම නීතියක්.(නදී)

:       0       0

ඉර්ෂාඩ් Monday, 15 July 2013 10:26 AM

අපෝ ඒක පොඩි ප්‍රශ්නයක්නෙ. අපේ කෙනාව එලියට ගන්න පුලුවන්,තව ටික දවසකින් මේ රට අපිට තමයි..... (නි)

:       0       0

බණ්ඩාර Monday, 15 July 2013 10:30 AM

හුසේන් රියාද්, හරියටම හරියටම හරි. අපේ මවුබිම විනාශ කරන්නේ මේ අයයි (නි)

:       0       0

ජයරත්න Sunday, 14 July 2013 10:09 PM

බොදු බල සේනාව අල්ලාගෙන හැම මගුලටම කෑගහන කට්ටියට දැන් තේරෙනවද? පුදුමයි හැබැයි හුසේන් කියන කතාව ඇහුවම. ලංකාවයි පකිස්ථානයයි සෙල්ලම් කරන ක්‍රිකට් මැච් වලදී පකිස්තනෙට හුරේ දන්නෙත් හුසේන්ලගේ අයම තමයි.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 15 July 2013 10:34 AM

මට එක දෙයක් මතක් වුනා. ඔය පෙති ටික මේ දවස්වල වටිනවා. මොකද ප්‍රාදේශීය දේශපාලකයන්ට වුවමනා නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 441 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 942 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 607 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 942 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1399 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 581 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site