IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පිස්සු බේත් විකුණා පිස්සු හැදෙන වැඩක් කර ගනී

කැස්සට දෙන පැණියක් සමඟ මානසික ලෙඩුනට දෙන වේදනා නාශකයක් මිශ්‍ර කැර මත් පැණියක් හදා අලෙවි කළ ආයුර්වේද වෛද්‍යවරයකු  බව කියන  මංජුල පද්ම කුමාර රත්නසිංහට රුපියල් ලක්ෂයක දඩයක් ද  වසර පහකට අත්හිටැවු තුන්මාසයක  සිර දඬුවමක් ද  මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා  විසින් නියෝග කැරිණි.

වැල්ලමිපිටියේ පදිංචි එම පුද්ගලයා කළ වරද හා ඊට දුන් දඬුවම ඇතුළත් අධිකරණ වාර්තාව ඔහුගේ වියදමින්  සිංහල,ඉංග්‍රීසි හා දෙමළ පුවත්පත්හි පළ කර එම වාර්තා පළ වු පුවත්පත් සැප්තැම්බර 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  මහේස්ත්‍රාත් නියෝග කළේය.

ඔහුද එදින අධීකරණයේ පෙනී සිටිය යුතුය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ  පොලිස් පරීක්ෂක සීඒඑස් චම්මික මහතා සමග  විලවුන් හා ඖෂධ අධිකාරියේ  අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු විය.



අදහස් (0)

පිස්සු බේත් විකුණා පිස්සු හැදෙන වැඩක් කර ගනී

රුවන්තිකා Thursday, 28 August 2014 12:26 PM

ආයුර්වේද වෛද්‍ය කෙනෙක්නම් මොකටද වෙන බෙහෙත් එකතු කරලා විකුනන්නේ. ආයුර්වේදයේ හොද බෙහෙත් තියෙනවනේ . මෙයා ඇත්තම වෛද්‍යවරයෙක්ද ? රජයේ ලියාපදිංචිය තියෙනවද බලන්න? මෙවෛද්‍යවරයා මෙහෙම කලාට හැම කෙනෙක්ම එහෙම කරන්නේ නෑ . ඇත්තම වෛද්‍ය වරයෙක් නම් වෛද්‍ය හැදුනුම්පතක් ,පිළිගත් සහතිකයක් (ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිකුත්කල) තියෙනවා (අ)

:       0       0

සත්‍යයා Thursday, 28 August 2014 12:36 PM

80 දශකයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ එවක ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ එක්තරා දොස්තරවරියක් විශ්ව විද්‍යාලයේ විවිධ අසනීප වලට ප්‍රතිකාර ගන්න ආ සිසු සිසුවියන්ට නියම කර තිබුණේ මානසික ලෙඩුන්ට දෙන පෙති වර්ගයත්. ඇය සමග සේවය කළ සාධාරණත්වය අගය කළ අනෙක් දොස්තරවරිය මේ අය හෙළි කිරීම නිසා තම දේශපාලන හයිය පාවිච්චි කර අහිංසක දොස්තර වරිය සේවයෙන් පහ කරන්න තරම් ඇය සැහැසි වුණා. ඔන්න ඔහොමයි මේ සියලු ව්‍යාසන ආරම්බ වුණේ. (අ)

:       0       0

ලක්විදු Thursday, 28 August 2014 01:41 PM

මම ඕන ඔට්ටුවක් අල්ලන්නම්, ලංකාවේ බහුතරයක් ආයුර්වේද දොස්තරලා සහ දේශීය දොස්තරලා ලෙඩ්ඩුන්ට දෙන්නේ එක්කෝ ගෙඩිපිටින් ඉංගිරිසි බෙහෙත්, නැත්නම් ඉංගිරිසි බෙහෙත් කවලම් කරපු බෙහෙත්. රුවන්ති කියන විදියට ආයුර්වේද බෙහෙත් ඔච්චර හොදනම් වෙන්න ඕන ඔකේ අනිත් පැත්තනේ. (අ)

:       0       0

නිශාර්ඩ් Thursday, 28 August 2014 08:36 AM

ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයෙකුට සමාජයේ තියෙන්නේ අනිත් වෘත්තිකයින්ට නැති ඉහලම සහ බොහොමත්ම ගෞරවනීය තැනක්. සල්ලි වලට ගිජු මෙවැනි සමහර පුද්ගලයින් නිසා එම තනතුරුත් බොහොම හැල්ලුවට ලක්වෙලා. බොහොම කණගාටුයි. (දිල්)

:       0       0

ධම්ම Thursday, 28 August 2014 09:18 AM

හිසේ ඇම්මට කොත්තමල්ලි කුඩුවලට ඩිස්ප්‍රින් පෙති කුඩුකර දමා සිංහල බෙහෙතක් සේ දෙන ආයුර්වේද වෛද්‍යවරයෙක් ගැන මා අසා තිබෙනවා. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 28 August 2014 10:16 AM

ලංකාවේ ඔක්කොම දැන් කාලේ කරන්නෙම පිස්සු වැඩ. (ස)

:       0       0

කමිල් Thursday, 28 August 2014 10:19 AM

උසාවියෙන් කාලෙකට පස්සේ හොඳ දඬුවමක් දීල තියෙන්නේ. කරපු දේ ගැන පත්තරේ දාන එක. එතකොට අපිටත් දැනගන්න පුළුවන් පැහැදිලිවම. (ස)

:       0       0

හේවාවිතාරණ Friday, 29 August 2014 01:32 PM

මට පෙනෙන්නේ පිස්සන්ට නෙමේ දොස්තරට පිස්සු හැදිලා තිබෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1462 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 933 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1413 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 567 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1024 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site