පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සැල්විනියා නමැති ආක්‍රමණික පාසි වර්ගයක් ඇතැයි ගොවීහු සහ ධීවරයෝ කියති.
මේ පාසි දිනක් ඇතුළත විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන බවත් මේවා ඉක්මනින් විනාශ කර නොදැමුවහොත් මුළු වැවම ආක්‍රමණය කළ හැකි බවත් ඔවුහු කියති. කලහගල ධීවර ගම්මානයේ සිට පොළොන්නරුව නව නගරය දක්වා කිලෝ මීටර් 9ක දුර වේල්ල දිගට මෙම පාසි බෝවී ඇත.
පොළොන්නරුව කලාප කලාප වාරි ඉංජිනේරු ආර්.එම්.පී.කරුණාරත්න මහතා කියා සිටියේ මේවා නිරීක්ෂණය කළ බවත් ඉදිරි දිනකදී ගොවි සංවිධාන සහ ධීවර ප්‍රජාව ඇතුළු වාරි නිලධාරීන් සමග එක්ව මේ පාසි ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
දෙවැනි ලෝක යුද්ධ කාලයේ ජලාශද ගොඩබිම සේ සතුරු යානාවලට පෙන්වීමට වගාකළ පාසි හේතුවෙන් ලංකාවටද මෙවැනි තර්ජන ඇතිවී ඇතැයි විද්වත්හු කියති.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාසි අමුත්තා පරාක්‍රම සමුද්‍රය ආක්‍රමණය කරයි
ඉනෝකා Wednesday, 20 January 2016 12:25 AM
ගලානොයන ජලයේ ඉතා ඉක්මනින් පැතිරයන සැල්වීනියා පැළෑටිය ගැන හැමදෙනාම දැනුවත්ව සිටීම ඉතා වැදගත් වෙනවා. ගලවා දමන පැළෑටි වළදමා හෝ පුළුස්සා නොදැමුවහොත් ඉතා සුළු ප්‍රමාණයකින් වුණත් නැවත ඉක්මනින් ව්‍යාප්තවීමට පුළුවන්. කිසිම ලස්සනක් නැති නිසරු, මේ ජලජ පැළෑටිය අපේ රටට බෝවුණේ කෙසේද...? (නි)
සුනිල් Wednesday, 20 January 2016 08:51 AM
විදෙස් රටවල මෙම ආක්‍රමණ වැළැක්වීමට සැල්වීනියා වර්ග යොදා ගන්නවා (බ)
ඉරන්ත Wednesday, 20 January 2016 02:37 AM
මේකට ඉක්මණින් පිළියමක් යොදන්න (නි)
සමීර Wednesday, 20 January 2016 03:49 AM
මේ පැලෑටිය මීට අවුරුදු ගණනාවකට කලින් ලංකාවේ පාලනය කර 1985 දී සයිටෝබර්ගස් සැල්වීනියා කියන කුරුමිනියෙක් මාර්ගයෙන්. තවම ලංකාවේ කොහෙහරි මේ සතා ඇති හොයාගෙන ඇවිත් දමන්න හරියටම හරියනවා (බ)
බණ්ඩාර කුවේට් Wednesday, 20 January 2016 03:57 AM
අපේ ගම අවට (අ පුර )හැම වැවක්ම මේ සැල්වීනිය සහ දිය හබරල වලින් පිරිලා තියෙන්නේ වැවට බසින්න පවා ඉතා අපහසු විදිහට. පැය 24 තුළ පත්‍ර 7 දක්වා වර්ධනය වෙනවා (බ)
විතාන Wednesday, 20 January 2016 03:59 AM
අම්පාර පැත්තේ මේ උවදුර නැති කළේ කෘමි වර්ගයක් මගින්. එ්ක ගොඩක් සාර්ථක වුණා. ඉවත් කරලා මේක කරන්න අමාරු වැඩක්. අමාත්‍යංශය පැත්තෙන් සොයා බලන්න. (බ)
චමල් Wednesday, 20 January 2016 04:54 AM
ඔය වගේ ගොඩක් ඒවා ලංකාවේ දැන් ශිඝ්‍රයෙන් පැතිරෙනවා. 2:6 වගේ අනුපාතයට. (ම)
ප්‍රදීප් Wednesday, 20 January 2016 05:18 AM
මම දන්නා විදිහට ඔය සැල්වීනියා හොද පොහොර ජාතියක්... එ්ක නිසා කට්ටියට කියන්න ඒ ගැන... සේරම අරගෙන යයි. (බ)
සිල්වා Tuesday, 19 January 2016 05:51 PM
බලදාරීන් මේගැන විමසිලිමත් වෙන්න. (ර)
ටියුඩර් Wednesday, 20 January 2016 06:21 AM
මේවාට ආරම්භයේදීම පිළියම් නොයෙදුවොත් මහා විනාශයක් වෙලයි නවතින්නේ (නි)