IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පීසී ඇඹිලිපිටි උසාවියෙදි සාක්කි උදුරාගනී

ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමකින් පසු උඩු මහළෙන් වැටී මිය ගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියාගේ මරණ පරීක්ෂණය ජනක කැකිරිදෙනිය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරිපිට අද විභාගයට ගැනිණි.

මුල් සාක්කිකරු සාක්කි දෙමින් සිටිය දී පොලිස් කොස්තාපල් අංක 43120 මාධ්‍යවේදීන් වෙත පැමිණ මාධ්‍යවේදීන්ගේ සටහන් උදුරාගෙන ගියේය.

පොලිස් සාක්කි මෙහෙයවීමට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතාට පැමිණිලි කළ විට ඔහු පැවසුවේ උසාවියෙන් අවසර නැතිව වාර්තා ගැනීම එසේ සිදුවන්නට ඇති බවයි.

පසුව කොල කිහිපයක් මාධ්‍යවේදීනට ලැබුණු නමුත් සෙසු සාක්කි ලියා ගැනීමේ අවස්ථාව ඔවුනට අහිමි විය.

පසුගිය හතර වැනිදා ඇඹිලිපිටි ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසේ පැවැති සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි අය අතර ආරවුලකින් පසුව ජයවර්ධන මහතා තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මිය ගියේය.

අද පැවතියේ එහි මරණ පරීක්ෂණයයි.

එම නඩුව වාර්තා නොකරණ ලෙස අධිකරණය වාර්තාකරුවනට දන්වා නොතිබිණි.



අදහස් (0)

පීසී ඇඹිලිපිටි උසාවියෙදි සාක්කි උදුරාගනී

රෝයි Wednesday, 13 January 2016 11:34 AM

මේ අයටත් වෙන්නේ අර අගුලානේ පොලිසේයේ අයට වෙච්චදේ තමයි (ම)

:       0       0

සොපි Wednesday, 13 January 2016 11:37 AM

මොකද මෙච්චර බය ....(ම)

:       0       0

අතුල Wednesday, 13 January 2016 05:03 PM

මෙයාලට දැන්වත් යථාර්ථය තේරෙන්නේ නැහැනේ (නි)

:       0       0

ඉන්දික Wednesday, 13 January 2016 12:04 PM

පොලිස් කොමිසම දැම්මහම ඔක්කොම ලෙඩ හොඳ වෙනවා කිව්වා නේද? මටනම් පෙන්නේ ලෙඩේ වැඩි වෙලා වගේ. (බ)

:       0       0

මනෝ Wednesday, 13 January 2016 12:14 PM

සොපි, බය නොවෙයි ඒ. නීතියට බය නැතිකම. අපිනම් බයයිනේ.(බ)

:       0       0

කැප්පෙටිපොළ Wednesday, 13 January 2016 12:21 PM

අපි කවුරුත් බලාපොරොත්තු වුනේ ඉලංගකෝන් පොලිස්පති තනතුරට පත්වෙනකොට තම රාජකාරිය හරියට ඉටු කරයි කියල. බලනකොට ඔහු පඹයෙකුටත් වඩා අන්තයි. දේශපාලකයන්ට ගැති කම් නොකර, පොලිස් දෙපාර්තමේන්තුව උපහාසයට ලක් නොකර, රණවිරුවන් පවා නොදී ඔය තනතුර වෙන කාට හරි දීල ගියොත් නරකද? (බ)

:       0       0

උපුල් Wednesday, 13 January 2016 12:32 PM

පොලිසියටම ගිය රටක් මේක. නීති ඔක්කොම එයාලගේ වාසියට හරවගන්නවා. (ම)

:       0       0

මහින්ද සෞදි Wednesday, 13 January 2016 12:44 PM

මේකද යහ පාලනය? (ර)

:       0       0

ගයාන් දිසානායක Wednesday, 13 January 2016 12:42 PM

මෙම සිද්ධිය සමිබන්ධයෙන් සාධරණ පරික්ෂණයක් සිදුකර වැරදි කර ඇති සියලුම නිලධාරින්ට විරැද්ධව නිතිය කියත්මක කිරිම ඉතා අත්‍යවශ්‍ය කරැණක්ව පවතිනවා. (ර)

:       0       0

අසාද් Wednesday, 13 January 2016 01:08 PM

යහපාලනයට නොගැලපෙන ලෙස හැසිරෙන මෙවැනි පුද්ගලයන් මර්දනය කරන්න. නිසි දඩුවම් ලබා දෙන්න. මෙහි සෑම තොරතුරක්ම මහජනයා දැනුවත් විය යුතුය. තොරතුරු දැනගැනීමේ අයිතිය සැමට හිමිවිය යුතුයි. (ර)

:       0       0

විදුරංග විතානගේ Wednesday, 13 January 2016 01:29 PM

කෝ.... යහපාලනයේ තොරතුරු දැනගැනීමේ පනත.? (ර)

:       0       0

සන්තුෂ් Wednesday, 13 January 2016 01:31 PM

මේ යහපාලනය මුවාවෙන් ඇතිකර තිබෙන පොලිස් පාලනයේ යථා ස්වරූපයද? (නි)

:       0       0

කිත්සිරි Wednesday, 13 January 2016 10:47 PM

මේක පුදුම මාධ්‍ය නිදහසක්නේ? (නි)

:       0       0

විමලරත්න Thursday, 14 January 2016 12:15 AM

අවම බලය පාවිච්චි කරලද? (නි)

:       0       0

ජයලත් Wednesday, 13 January 2016 01:41 PM

තවම පටන් ගත්තා පමණයි. ඕකට තමා යහපාලනය කියන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 14 January 2016 12:24 AM

ඡන්දය දුන් අපිට මඩුවලිගෙන් ගහන්න ඕනෑ (නි)

:       0       0

දීපාල් Wednesday, 13 January 2016 01:42 PM

අහන්න දෙයක් නැහැ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. මදැයි පොලිස් කොමිසමක් පිහිටෙව්වා? යහපාලනයේ ආරම්භය මෙහෙම නම් 2020දි? (නි)

:       0       0

ජයසේන Wednesday, 13 January 2016 02:09 PM

මේක පුදුම වැඩක්නේ... (නි)

:       0       0

උපසේන Wednesday, 13 January 2016 02:28 PM

පුදුමාකාර වෙනසක්! (නි)

:       0       0

කෙවින් Wednesday, 13 January 2016 02:33 PM

කොහොමද මාධ්‍ය නිදහස? (නි)

:       0       0

රොක්සි Wednesday, 13 January 2016 02:38 PM

මේ ගැන වෙනම පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුය. කාකි සූට් ගහගත් පොලිසියේ සමහර අය හැසිරෙන්නේ ලෝකෙට ලොක්කන් වගේය. (නි)

:       0       0

උදය Wednesday, 13 January 2016 03:22 PM

රුවන් ගුණසේකර මහතා නිවැරදියි කියා සිතනවා (නි)

:       0       0

නිම්මි Wednesday, 13 January 2016 03:24 PM

යහපාලනය කොහොමද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 14 January 2016 03:19 AM

එහෙම උදුරාගැනීම නීතියට අනුකූලද? (නි)

:       0       0

හේමපාල Wednesday, 13 January 2016 03:47 PM

හැම එකටම යහපාලනය ගාවන්න එපා.ඇතැම් පොලිස් නිළධාරීන් අහිංසකයින්ට පාට් දාන එකට නම් පිළියමක් අවශ්‍යයි. (නි)

:       0       0

සජිත් Wednesday, 13 January 2016 03:59 PM

ෂා නියමයි..! මෙන්න අපේ යහපාලන පොලිසිය. (නි)

:       0       0

අජිත් Wednesday, 13 January 2016 11:08 AM

පොලිසියට විරුද්ධ පැමිණිලි මෙහෙයවන්න වෙනම එයට ඉහළ තැනක් තිබිය යුතුයි (ම)

:       0       0

පිරිස් Wednesday, 13 January 2016 11:15 AM

කෝ මේ පැත්තේ මාධ්‍ය නිදහස (ම)

:       0       0

ධනුෂ්ක Thursday, 14 January 2016 05:10 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥයෙක් නිසා එයා ඕනිවිදිහට ප්‍රකාශ හදනවා වගේ. මීට පෙර හිටිය මාධ්‍ය ප්‍රකාශකලා මෙහෙම කළේ නැහැ (බ)

:       0       0

ආනන්ද Wednesday, 13 January 2016 11:12 AM

ඇත්තමයි ලංකාවේ පොලීසිය නම් මරුම තමයි. නාන්න ගත්තම දිගටම නානවා. ලංකාවේ මිනිස්සුන්ට නියමෙට ගැලපෙනවා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 18 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 325 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 391 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2227 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12747 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36638 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site