IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පේස් බුක් පෙම අනුරාගයට හැරේ නඩුවකුත් පැවැරේ

අන්තර්ජාලයේ පේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හඳුනාගත් ගුරුවරියක හා මිතුරු වී ඇය අවමාන තර්ජනයට ලක් කැර ඇගේ නිරුවත් ඡායාරූපද ගත් බව කියන පුද්ගලයකුට එරෙහිව නඩුව විභාග කිරීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අගෝස්තු තුන්වැනිදාට කල් තැබිණි. එස්. වීරරත්න නම් සැකකරු නිවැරැදිකරු බව කීවේය. ගිය වසරේ සැප්තැම්බර් 15 වැනිදා පේස් බුක් වෙබ් අඩවියෙන් හඳුනාගත් ගුරුවරිය බම්බලපිටියේ හෝටලයකට ගෙන්වා නිරුවත් ඡායාරූප ගෙන ඇතැයිද ඒවා ප‍්‍රචාරය නොකිරීමට නම් අඹුසැමියන් ලෙස හැසිරිය යුතු බවට තර්ජනය කළැයිද එම කතගේ පැමිණිල්ලේ දැක්වේ. ඔහු ඇගෙන් අවස්ථා දෙකකදී රුපියල් එකොළොස් දහසක්ද ලබාගෙන ඇත. සැකකරු ඇප පිට සිටියි.



අදහස් (0)

පේස් බුක් පෙම අනුරාගයට හැරේ නඩුවකුත් පැවැරේ

තිසා Friday, 01 June 2012 08:22 PM

ෆේස් බුක් එකෙන් අදුනගෙන මෙහෙමත් ගමන් යනවද ගුරුවරු....

:       0       0

ශිෂ්‍යයා Wednesday, 06 June 2012 04:24 PM

තවත් මෙහෙම ටීචර්ලා ඉන්නවද දන්නේ නෑ facebook එකේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනි

:       3       1

නිමාස් Monday, 04 June 2012 07:22 AM

අත්පුඩි ගහන්නේ අත් දෙකින්මනේ. අනේ ටීචර් බබා...

:       0       0

ජගත් ලියනගේ Saturday, 02 June 2012 05:04 PM

මේ ගුරුවරියව බලෙන් වෙන්න ඇති ඇදන් ගිහිල්ලා තියෙන්නෙ..අනේ පව්..

:       0       0

මන්ජු Tuesday, 05 June 2012 08:50 AM

මේ ටීචර් ඕන දේකට ඔට්ටු නිසානේ පොලීසිත් ගිහින් තියෙන්නේ..

:       0       0

සයිමා Friday, 01 June 2012 10:47 PM

මටනම් පිරිමියාගේ වැරැද්දක් කියන්න බෑ. මෙයා ගුරුවරියක් නෙමේ වෙන් ඇති. මේ මෝඩිටත් ඉන්න බැරුවද කොහෙදෝ එන්න කියන තැන් වලට ගිහින් තියෙන්නේ. නැත්තම් මේ පිරිමියට මේ ගුරුවරිය කියන කාන්තාවගේ නිරුවත ඡායාරූප ගත තරන්න බෑනේ. මිනිහා එළියට දාලා ගුරුවරිය රිමාන්ඩ් කල යුතුයි.

:       0       0

තාරකා Saturday, 02 June 2012 05:29 PM

මෙයානම් ගුරු වෘත්තියට සුුදුසු නැහැ..!!

:       0       0

තිසර Saturday, 02 June 2012 05:45 PM

ගුරුවරියක් උනත් නැත් ඕනම ගැහැණු කෙනෙක් මීට වඩා සමාජය ගැන තේරැම් ගන්න ඕන..

:       2       3

සම්පත් Friday, 01 June 2012 11:42 PM

සීනි බෝල කතා එපා නංගි, ඔයා අයිය එක්ක හෝටලේට ගියේ මොන එහෙකටද එහෙනම්...

:       1       1

සක්කරවට්ටම් Saturday, 02 June 2012 12:23 AM

අනේ අපොයි ටීචර් ?

:       0       0

සජී Friday, 08 June 2012 10:41 PM

අනේ මටත් වීරරත්න වගේ වැඩ කාරයෙක් වෙන්න තිබුණනම්

:       0       0

ෂාලිත Thursday, 07 June 2012 08:28 AM

ගුරුවරිය හොද නම් ඇයි හෝටල් වලට රිංගුවේ? හොද වැඩේ

:       0       0

ඩොක්ටර් සමරනායක Saturday, 02 June 2012 01:44 AM

තාම අපේ මිනිස්සුන මොලේ පැහැදිලා නැති හැටි, දැනගෙන අමාරුවේ වැටීමක්

:       0       0

බූඩි Saturday, 02 June 2012 08:05 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ සර් ඇත්තටම මේ වගේ දේවල් වලට නීතියෙන් කටයුතු කරන්න බැරිද, අන්තර්ජාලයේ අනිත් අයගේ පුද්ගලික ෆොටෝ දාන එක වගේ ජරා වැඩ වලට. ඔබ තුමා වැනි උගතෙක් අන්තර්ජාලයේ සිටීමත් අපිට සම්පතක්. කරුණාකර මට උත්තරයක් ලබා දීමට ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       0       0

සන්ජීව Saturday, 02 June 2012 03:35 AM

පිස්සු කතාවක්නේ ,ඇයි මේ ගුරුතුමී නිරුවත් ෆොටෝ ගන්න හෝටලේට ගියේ ????

:       0       0

කමල් Saturday, 02 June 2012 06:59 AM

ඔහ් ....ෆොටෝ ගහනකන් බලාගෙන ඉදලද ? නැත්නම් සිහි නැති කරලද ?

:       0       0

බන්දු Saturday, 02 June 2012 07:59 AM

ආදර්ශමත් ගුරුවරියක් ............

:       0       0

හේරත් Saturday, 02 June 2012 10:03 PM

පොඩ්ඩක්වත් මොලේ තිබිලම නැහැනේ..!!

:       0       0

ගයි Thursday, 07 June 2012 09:34 AM

එක අතකට බලනකොට මේවා කාන්තාවන්ට හොඳ පාඩම්. සමහර ගැහැනු ළමුන් තම පෙම්වතාට කියලා ඊමේල් ලිපිනයකුයි, පේස් බුක් අකවුන්ට් එකකුත් සාදා ගන්නවා ඉතින් මෙම ළමුන්ගේ රහස්‍ය පද පෙම්වතුන් දන්නවා. අවාසනාවකට හෝ තම පෙම්වතිය තමා අතහැර ගියහොත් දෙකේ පන්තියේ පෙම්වතුන් කරන්නේ තමා සමග පෙම්බස් දොඩමින් ගන්නා ඡායාරූප (බොහෝ විට අසභ්‍ය ඡායාරූප) තම පෙම්වතියගේ නමින්ම පේස් බුක් එකේ පල කිරීම. ඒ වන විට ඔවුන් පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පද ඔවුන්ට ඕනේ විදිහට වෙනස් කර තම පෙම්වතියන්ගේ පේස් බුක් අකවුන්ට් එකේ පාලනය සිහතට ගෙන ඇය අපහසුතාවයට ලක්වන අයුරින් කටයුතු කිරීම සිදුවෙනවා. මෙහිදී දෙන්න පුලුවන් අවවාදය තමයි පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. එසේම එය සෑදීමට ගන්නා ඊ මේල් ලිපිනයේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. පෙම්වතා එය සාදා දුන්නත් එය තමුන් වෙනස් කරන්න දැනගත යුතුමයි. එසේ නොමැති වුවහොත් ඹයවගේ සිද්දි ඉදිරියටත් අපට අහන්න ලැබේවි.

:       0       0

අනුර Saturday, 02 June 2012 08:18 AM

අපිත් පේස් බුක් පාවිචිචි කරනවා ඒත් මේවගේ දේවල් වලට අහුවෙන්නෙ ගුරුවරු නමි ළමයි කොහොම වෙයිද?

:       0       0

ගයි Thursday, 07 June 2012 10:15 AM

එක අතකට බලනකොට මේවා කාන්තාවන්ට හොඳ පාඩම්. සමහර ගැහැනු ළමුන් තම පෙම්වතාට කියලා ඊමේල් ලිපිනයකුයි, පේස් බුක් අකවුන්ට් එකකුත් සාදා ගන්නවා ඉතින් මෙම ළමුන්ගේ රහස්‍ය පද පෙම්වතුන් දන්නවා. අවාසනාවකට හෝ තම පෙම්වතිය තමා අතහැර ගියහොත් දෙකේ පන්තියේ පෙම්වතුන් කරන්නේ තමා සමග පෙම්බස් දොඩමින් ගන්නා ඡායාරූප (බොහෝ විට අසභ්‍ය ඡායාරූප) තම පෙම්වතියගේ නමින්ම පේස් බුක් එකේ පල කිරීම. ඒ වන විට ඔවුන් පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පද ඔවුන්ට ඕනේ විදිහට වෙනස් කර තම පෙම්වතියන්ගේ පේස් බුක් අකවුන්ට් එකේ පාලනය සිහතට ගෙන ඇය අපහසුතාවයට ලක්වන අයුරින් කටයුතු කිරීම සිදුවෙනවා. මෙහිදී දෙන්න පුලුවන් අවවාදය තමයි පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. එසේම එය සෑදීමට ගන්නා ඊ මේල් ලිපිනයේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. පෙම්වතා එය සාදා දුන්නත් එය තමුන් වෙනස් කරන්න දැනගත යුතුමයි. එසේ නොමැති වුවහොත් ඔයවගේ සිද්දි ඉදිරියටත් අපට අහන්න ලැබේවි.

:       0       0

කපිල ඉලුක්කුඹුර Monday, 10 September 2012 09:02 PM

සමහරුන්ට උගත්කම තිබ්‍රණට බුද්ධියක් නොමැතිකමයි මෙයට හේතුව. ආචාර්ය මහාචාර්ය වුණාට ඔවුන් ඒ තත්වයට පත්වුණේ කට පාඩම් කර හෝ මුදල් වියදම් කර ඉගෙනගෙන හෝ අනිකෙක් කපාගෙන යාමේ ආත්මාර්ථකාමී හැගීම දෙන මේ අධ්‍යාපන ක්‍රමය නිසයි. මෙ රටේ ඉන්න බහුතරය උගත් මෝඩයන් පිරිසකි. (නි)

:       0       0

අමල් Saturday, 02 June 2012 11:01 PM

මොනවා උනත් ගුරුවරියක් කියන්නෙත් මනුෂයෙක් නිසා එයාට බනින්න බැහැ. මිනිහනම් නියම අසහනකාරයෙක් වෙන්න ඇති. ඔයවගේ අසහනකර මිනිස්සු ඕන තරම් අද සමාජයේ ඉන්නවා. අනෙක ගුරුවරිය හොඳ ගුරුවරියක් නිසා තමයි පොලිසියට ගිහින් තියෙන්නේ.

:       0       0

ප්‍රසාද් Saturday, 02 June 2012 08:53 AM

ළමයින්ගේ මොලේ පාදන්න කලින් ගුරුවරුන්ගේ මොලේ පාදන්න වෙයි වගේ..

:       0       0

කපිල ඉලුක්කුඹුර Monday, 10 September 2012 09:11 PM

කිසිම නිර්මාණශීලීත්වයක් නැති උගත් මෝඩයන් බිහිකරන මෙම අධ්‍යාපන ක්‍රමය වහාම අහෝසි කර, නියම බුද්ධිමතුන්ට පමණක් උපාධිය දීමේ ක්‍රමයක් මෙම රටේ ඇතිකළ යුතුයි. ජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන ඔවුන්ගේ සාක්කුවට විදීමට විවිධ ගැට ගහන සහ මෙවැනි මෝඩ උගතුන් බිහි කරන මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් සැදු සුද්දන් සහ එම අධ්‍යාපන ක්‍රමේම ලැගගෙන එයම හොදයි කිය කියා එයම නැවත අනුමත කරන ආචාර්ය මාහචාර්යවරුනුත් මෙයට වග කිව යුතුයි.(තොප්පිය හරිනම් කවුරු කව්රුත් දා ගත්තත් මට කමක් නැහැ) (නි)

:       0       0

ධම්මික Saturday, 02 June 2012 11:15 PM

(මෙන්න අපේ ආචාර්යතුමාගේ උසස් අදහස්) ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-28 12:38:08 "පින්තූරවල ඉන්න කෙල්ලෝ ටික නම් මාරයි වගේ. බලන්න කෝ ෆාදර්ස්ලා ලගටම වෙලා වාඩිවෙලා ඉන්න අපූරුව. අනේ මටත් යන්න තිබුණ නම් මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්න පුංචි පහේ කෑල්ලක් වත් සෙට් කරගෙන ස්වර්ගයට යන්න තිබ්බා. කොහෙද අපේ හාමුදුරුවරුන්ට මෙච්චර ලස්සන කෙල්ලෝ උද්ඝෝෂණවලට යොදා ගැනීම ගැන කිසිම දැනුමක් නැහැනේ.ඒකත් එකට බලන්න ෆාදර්ලා අපි වගේ කොල්ලෝ ගැන හිතන අපූරුව නේද?" මේවට තමයි වැදි බණ කියන්නේ

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 02 June 2012 09:09 AM

ඒකනම් ඇත්ත ප්‍රසාද්...

:       0       0

අමිල කටුනායක Saturday, 02 June 2012 09:53 AM

මැටි ගුරුවරු..

:       0       0

ඉරංග Wednesday, 06 June 2012 12:48 PM

ටීචර් නෝනගේ ෆොටෝ ගත්තට පස්සේ කොල්ල බෑ කියල වගේ...

:       0       0

කිරිමාටින් Thursday, 07 June 2012 10:19 AM

Facebook මුර පද කිසිවෙකුටත් දෙන්න එපා...

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Saturday, 02 June 2012 09:29 AM

නිරුවත් ඡායාරූප ගන්න කොට කැමැත්තෙන් පෙනී හිටිය ද ? පුදුම ගුරුවරයෙක් නේ.

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 02 June 2012 09:43 AM

මෙයා මොන්ඩිසෝරි ගුරුවරයෙක්ද ?

:       0       0

ෆාරු Saturday, 02 June 2012 10:24 AM

මෙයා ජීව විද්‍යා ගුරුවරියක්ද.

:       0       0

ධනංජය Sunday, 03 June 2012 06:17 AM

එක අතකර බලනකොට මේවා කාන්තාවන්ට හොඳ පාඩම්. හොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරනවට.සමාජය පිලිඹද අවබෝදය අඩුකම නිසාත් මෙහෙම දේවල් වෙනවා එහෙම උනාම ජීවිතේට දන්නෙ නැති කවදාවත් දැකල නැති මිනිස්සුන්ට අහුවෙනවා.

:       0       0

අනුෂා ඉලංගන්තිලක Sunday, 03 June 2012 10:56 AM

ආදරයෙන් බැදුන දෙදෙනකු අතර ඇතිවන විශ්වාසය ඇත්ත‍ටම මෙවැනි මුහුණු පොතක් තුළින් සොයා ගන්න පුඵවන්ද කියන ගැටඵව මුලින්ම ඇතිවෙන්නේ.. අද සමාජයේ අපි හොදින්ම දන්නා පුද්ගලයින්ව පවා අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නොතිබියදි , ඇයි මේ වගේ මවාපාන චරිතයන් සිටිනා මුහුණු පොතින් ඒ විශ්වාසය ගොඩනගා ගන්න තැත් කරන්නේ..?? මේ කතාවෙන් එක් දෙයක් හොදින්ම පැහැදිලියි, මොනවා වුනත් අවසානේ ගල් ගසා තිබෙන්නේ කාන්තාවට පමනක් බව සහ මෙහි කමෙන්ට් දමා ඇති අයත් එයම කර ඇති බවත්.. මේ සිදුවෙලා තියෙන්නේ බල්ලන් මරා හෝ සල්ලි හොයන අද සමාජ ක්‍රමයේම තවත් එක් හරස් කඩක් අපි ඉදිරියේම හෙළිවීම පමනයි..

:       0       0

මැක්ස් Saturday, 02 June 2012 10:20 AM

අළුත් පාඩමක් කියලා දීලා අමාරුවේ වැටිලා.....මැටි ගුරුවරු.......

:       0       0

සරත් Saturday, 02 June 2012 10:26 AM

මේ කිසිම දෙයක් බලෙන් කරල නෑ නේද ?

:       0       0

විජේරත්න Tuesday, 05 June 2012 12:32 PM

මෙය හෙළි වූ එක් සිදුවීමකි. වර්තමානයේ රට පුරා පවතින කාමර කුලියට දෙන ස්ථාන වල දිනපතා කාන්තාවන් පමණක් නොව පාසල් වයසේ දැරියන් විශාල පිරිසක් තම ආත්මය කෙළසා ගනී. මෙම කාන්තාව වැරදි කර අමාරුවේ වැටුනු පසු නීතියේ පිහිට පැතීම තුළ මෙම අපරාධ වල පවතින ද්විතික ස්වාභාවය වටහා ගත හැක. පාසල් වල ඇති වන බොහෝ ආදර සබදතා කෙළවර වන්නේ මෙවන් විපත් වලට කාන්තා පාර්ෂවය මුහුණ දීමෙනි. එය පිරිමින්ගේ වත් ගැහැණුන්ගේවත් වැරැද්දක් ලෙස හංවඩු ගසා පලක් නැත. එය වර්තමාන සමාජ ක්‍රමයේම ඇති වැරද්දකි එය වටහා ගත නොහැකි වන ඕනෑම අයකු මෙම ද්විතික අපරාධ වල ගොදුරක් විය හැකිය.

:       0       0

සෙනෙරත් Saturday, 02 June 2012 10:32 AM

ආදරේ නිසා අමාරුවෙ වැටෙන අය ඔහොම තමයි.. ගැහැණිය අපවාදයට ලක්කරන්න එපා පිරිමින්නේ...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත ‍හේවගේ Saturday, 02 June 2012 10:39 AM

අන්තර්ජාලය හොඳට මෙන්ම නරකටද භාවිතා කළහැකියි.එබැවින් එය සුදුසු ලෙස බුද්ධිමත්ව භාවිතා කිරීම මිනිසුන්ගේ වගකීමකි.තාක්ෂණය හා විද්‍යාව කෙතරම් දියුණු වුවද මිනිස් චර්යා හා ආකල්ප ඊට සමාන්තරව දියුණු නොවීම මෙබඳු සිදුවීම් ඇතිවීමට ප්‍රධාන හේතුවයි.කරන වෘත්තිය හෝ සමාජ මට්ටම නෙවෙයි මෙතැනදී වැදගත් වෙන්නේ.ඒ පුද්ගලයාගේ ක්‍රියා කාරීත්වයයි.ඒ නිසා පුද්ගලයාගේ බාහිර ස්වරූප අනුව පුද්ගල වටිනාකම් ලබාදීමේ ස්වරූපය වැරදියි.කෙතරම් උගත්කම් තිබුණද ගුණය නැතිනම් ඒ උගත්කමෙන් ප්‍රයෝජනයක් නැත.එසේම උගත්කම් නැතිව උගත්කමට පරිභව කිරීමද වරදකි.එය සිදුවනුයේ තමා නොදැනුවත්වම ඊර්ෂ්‍යාව නිසාය. ගුණවතෙක් හෝ උගතෙකු විවේචනය කළ යුත්තේ ඊට වඩා මට්ටමක සිටින හෝ ඊට සමාන මට්ටමක සිටින පුද්ගලයෙකු විසිනි.පහළ මට්ටමක සිටින තැනැත්තා තමාට වඩා ඉහළ මට්ටමක සිටින්නා දෙස බලා සිදු කරන එවන් දෑ හිස් වචන,උඩ බලා කෙළ ගසා ගැනීම් බවට පත්වන බව දැන සිටිය යුතුමය.

:       0       0

මානෙල් Tuesday, 05 June 2012 01:32 PM

සම්පූර්ණයෙන්ම මේ ගුරැවරියගේ වරද?

:       0       0

කරනේලිස් ගොයියා Saturday, 02 June 2012 11:46 AM

අනේ එයා මැටි ගුරුවරියක් නෙමෙයි..හයි ක්ලාස් ටීචර් කෙනෙක්..

:       0       0

කරනේලිස් ගොයියා Saturday, 02 June 2012 11:06 AM

විලි බිය නැති ගුරැවරැ

:       0       0

අමල්; Saturday, 02 June 2012 11:49 AM

අයියෝ සල්ලි

:       0       0

නාමල් Saturday, 02 June 2012 11:09 AM

කරුමේ ....කරුමේ ....

:       0       0

සෝමපාල Wednesday, 06 June 2012 12:03 AM

ඔය ආචාර්ය ගොයියනම් කැපී පේන්න වැදිබණ දෙසාබාන කෙනෙක් වගේ තමයි දැන්නම් පෙන්නේ

:       0       0

සක්කරවට්ටම් Saturday, 02 June 2012 11:54 AM

අනේ කොට්ටෝරුවෝ

:       1       0

අංජුල(පැල්මඩුල්ල) Wednesday, 06 June 2012 02:38 PM

ගුරු මුෂ්ටිය තියාගත්ත හින්දද දන්නෑ කොල්ලට එපා උනේ.

:       0       0

මන්ද Monday, 04 June 2012 07:15 PM

කොල්ලගෙ නම් වැරැද්දක් නැ.කොල්ලා බලෙන් මුකුත් කරල නෑනේ . අනෙ මෙහෙමත් ටිචර්ලා. ළමයින්ට දෙවියන්ගෙ පිහිටයි.

:       0       0

අමිල කටුනායක Saturday, 02 June 2012 01:15 PM

වීරරත්න ෆේස්බුක් එකේ ඉන්නේනම් හරිම අහිංසක විදියට...

:       0       0

ශලනි තාරකා Saturday, 02 June 2012 01:12 PM

ඇතැම් අය මගේ නම වුවද අන්තර්ජාලයේ ඉතා පහත් ලෙස භාවිතා කරන බව මම දැක්කා.මට නම් ඕව කියවන්න වත් වෙලාව නැහැ.ඊට වඩා වැදගත් වැඩ මේ ක්ෂේත්‍රයේ අපට තියෙනවා.කොහොම වුනත් අන්තර්ජාලය හොඳට මෙන්ම නරකටද භාවිතා කරන්නාගේ මානසික මට්ටම අනුව භාවිතා කළහැකි බව දක්වාඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ ආකල්පය අගය කරමි.

:       0       0

ප්‍රියදර්ශන Thursday, 07 June 2012 07:37 PM

මෙහෙමත් වැඩ වෙනව නේද .....

:       0       0

ධම්මික Friday, 08 June 2012 11:25 AM

හෝටලය‍ට ගියේ භාවනාකරන්නද...

:       1       2

කරනේලිස් ගොයියා Saturday, 02 June 2012 02:27 PM

ටීචර් ටීචර් ෆේස්බුක් ගම කනවෝ....මාධ්‍ය ඔයාව කනවෝ

:       0       0

විජය Monday, 04 June 2012 01:23 AM

ගුරුවරයෙකුත් වෙලා මෙහෙම ගොන් කමක් කර ගත්තා නම් එයා‍ගේ ගුරු වෘත්තියෙන් ඇති වැඩේ මොකක්ද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 June 2012 07:52 PM

මේ ව‍ගේ සිදුවීම්වලට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නම් නැහැ. එත් ගැහැණු අය ලංකාවේ සිදුවන මීට සමාන සිද්ධීන් කිසිවකින් පාඩම් ඉගෙන නැති බවක් පෙනී යයි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 03:48 PM

ශලනි තාරකා දියණිය,ඔබගෙත් ඡායරූප හා විස්තර අනිසි ලෙස අනතර් ජාලකරුවන් විසින් භාවිතා කර ඇති බවක් දුටිමි.හැකිනම් නීත්‍යානූකූලව කටයුතු කරන්න. කෙසේ වුවද ඔබවන් කුඩා දියණියකගේ ආකල්ප බෙහෙවින් උසස්බව දැක ගැනීමට ලැබීමත් සතුටකි.ඔබගේ කලා කටයුතු සාර්ථකවීමට සුභ පතමි. තෙරුවන් සරණයි ..!!!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 03:13 PM

ශලනි, ඔබ වැනිව ශිල්පීනියක වූ සචිනි අයෙන්ද්‍රා දියණියද වරක මා සමඟ දුරකථනයෙන් පැවසූයේ ඇගේ ඡායරූප පවා අන්තර්ජාලකරුවන් විසින් නුසුදුසු ලෙස භාවිතා කර ඇති බවකි.ඇ‍ය විසින් නිෂ්පාදනය කරනු ලබන නවතම කලාකෘතියක තිරනාටකය ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ගැනීම සඳහා ඇය මෙසේ මා අමතනු ලැබින.කෙසේ වුවද මෙබඳු බුද්ධිමත් කලා ශිල්පිනියන් කලා ‍ක්ෂේත්‍රයට ආලෝකයක් බව නොකිව මනාව. ශලනි හා සචිනි දියණිවරු දෙදෙනාගේම අනාගත කලා ජීවිතයට සුබ පතමි..

:       0       0

සිසිර Friday, 01 June 2012 08:04 PM

හැමදේම පරිස්සමින් කල යුතුයි..

:       0       0

චූටි බබා Friday, 01 June 2012 08:12 PM

මේ ටීචර්ගෙන් ඉගෙනගන්න ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1080 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2107 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1013 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2457 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1713 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site