IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පස් වෙනියාත් රත්නාවලියෙන්

 ’‘මම පහේ ශිෂයත්ව  විභාගය අසමත් වුන නිසා  ජනප‍්‍රිය පාසැලකට යන්න බැරි වුනා. නමුත් මා ඉන් අධෛර්‍ය මත් නොවී මහන්සි වී පාඩම් කර  අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට  අයුරින් සමත්  වුනා.  ඒ අයුරින් මා  රත්නාවලී බාලිකා විදුහලට යාමට අවස්ථාව    උදාකරගත් නිසා  අද මෙවැනි  ප‍්‍රථිඵලයක් ලබා ගැනීමට හැකි වුවා‘‘ යැයි   2013 අපොස උසස් පෙළ විභාගයෙන් වානිජ අංශයෙන්  මුළු දිවයිනෙන් පස්වන ස්ථානයත් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් දෙවැනි ස්ථානයත් හිමි කරගත් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ රූපසිංහ ආරච්චිලාගේ ලසන්ති චන්ද්‍රමාලි සිසුවිය පැවසුවාය.

බාල සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ලසන්ති   ප‍්‍රාථමික  අධ්‍යාපනය ලබා ඇත්තේ ගමේ පාසැල වු රදාවන මහගමසේකර මහා විද්‍යාලයෙනි.

එහිදී  ඇය අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ හතක් ලබා උසස් ලෙස  සමත් වීම නිසා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලට උසස් පෙළ හැදෑරීම සඳහා පැමිණීමට අවස්ථාව උදා වී ඇත.

ඇගේ පියා ආර්.ඒ චන්ද්‍රපාල බියගම නිදහස් වෙළඳ කලාපයේ රැකියාවක් කරන අතර මව රැකියාවක් නොකරයි.
 ජයග‍්‍රහනය පිළිබඳව ඇය පවසන්නේ
   ’‘ මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වුනේ නැහැ.  ලකුනු 121 යි ගන්න පුලූවන් වුනේ.  මට රත්නාවලී බාලිකා වගේ ජනප‍්‍රිය පාසැලකට හෝ වෙනත් පාසැලකටවත් යන්න ලකුනු මදි වුනා. 
මගේ ගම රදාවාන නිසා මම ගියේ ලගම තියෙන මහගම සේකර මහා විද්‍යාලයට. කොහොම හරි අපොස සාමාන්‍ය පෙළ සමත් වුනාට පස්සේ මම රත්නාවලියට අයදුම් පත‍්‍ර දැම්මා උසස් පෙළ කරන්න. ඒ විදියට තමයි මම රත්නාවලී බාලිකා විද්‍යාලයට ගියේ.

මම පළමු වාර විභාගෙදි පන්තියේ 19 වෙනියා. මුලින්ම මට උසස් පෙළ ගැන එතරම් අදහස් තිබුනේ නැහැ. ඇත්තෙන්ම පාසැලේ ගුරුවරුන් දිරිමත් කල නිසාම මම මහන්සි වෙලා පාඩම් කරලා  ටිකෙන් ටික පන්තියේ පළවෙනියට කිට්ටු කරමින් සිටියා.  
මම කොහොමත් බලාපොරොත්තු වුනේ නැහැ දිවයිනෙන්  මේ වගේ ස්ථානයක් එයි කියලා. ඒත් මගේ පන්ති භාර ගුරුතුමිය ලක්ෂිකා සංජීවනී ගුරුතුමිය හැමදාම අපිව ඉලක්කයකට ගෙන ගියා. ඇය අවසාන දවසෙත් කිව්වේ දිවයිනෙන් ස්ථානයකට එන අයව ඇය ගනනේ විනෝද චාරිකාවක් එක්ක යනවා කියලා.

මම රූපවාහිනිය බැළුවා. විශේෂයෙන් මැරීගෙන පාඩම් කළේ නැහැ. ඇත්තෙන්ම මම අන්තිම මාස තුන උපරිමයෙන් පාඩම් කළා. එච්චරයි විශේෂත්වය. පාන්දරට නම් නැගිට්ටේ නැහැ. අවසන් මාස තුනේ ? දොළහ, එක දෙක වෙන කම් පාඩම් කළා.

මම හිතන්නේ ඒ මාස තුනේ තමයි මම මගේ උපරිමයට එන්න ඇත්තේ. ඒ වගේම මගේ පුංචි නංගිලා මල්ලිලාටත් දෙමව්පියන්ටත් පණිවඩයක් කියන්න තියෙනවා. අම්මේ තාත්තේ පහ වසර ශිෂ්‍යත්වයට පුංචි නංගිලා මල්ලිලව ඔය තරම් මහන්සි කරන්න එපා. එය  අසමත් වුනා කියලා අධෛර්්‍යමත් වෙන්නත් එපා. ජනප‍්‍රිය පාසැලකට යන්න පුලූවන් අපොස සාමාන්‍ය පෙළ හොඳට සමත් වුනහම.
මගේ අනාගත බලාපොරොත්තුව ගනකාධිකාරී ක්ෂේත‍්‍රයෙන් පුලූවන් තරම් ඉහළට යාමයි.
අවසාන  වශයෙන් මම මගේ පාසැලේ විසුහල්පතිනිය එච්.ඒ.එච් ජයවර්ධන මහත්මිය, අංශ භාර  ගුරුතුමිය අනෝමාද සිල්වා, පන්ති භාර ලක්ෂිකා සංජීවනී ගුරු මෑනියන් ඇතුළු මට ඉගැන්වු සියළු ගුරු මෑණිවරුන්ව ආදරයෙන්  මතක් කරනවා.

ඇගේ පන්ති බාර ගුරුතුමිය වන ලක්ෂිකා සංජීවනී මහත්මිය පැවසූවේ ලසන්ති චන්ද්‍රමාලි සිසුවිය පන්තියේ සිටි සියලූම දෙනා අතරින් විනෝදයෙන් සහ  සැහැල්ලූවෙන් සිටි සිසුවියක් බවයි.  හැම විටම සිනා සිසි සිටි අය ඇය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළට පැමිණි බවත් කීවාය.
එමෙන්ම ඇය අඛන්ඩව අවසන් වාර විභාගය තෙක්ම පාසැල් පැමිණි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 



අදහස් (0)

පස් වෙනියාත් රත්නාවලියෙන්

ශාන්ති Saturday, 21 December 2013 06:26 PM

සුභ පතනවා දුවේ නුඹට මමත්. වාසනාවන්ත අනාගතයකට.(නදී)

:       0       0

නුගේගොඩ Saturday, 21 December 2013 07:55 PM

මගේ සුභ පැතුම් දුවේ.(නදී)

:       0       0

ධම්ම Saturday, 21 December 2013 12:18 AM

වාසිටි දේශපාලනයට නොඇසූ කන් ඇතිව ඉන්න දුවේ. ඔබට සුබ අනාගතයක්! (අ)

:       0       0

කොස්වත්ත Saturday, 21 December 2013 12:34 AM

ආදරණිය දියණිය ඔබට සුබපන්වා (අ)

:       0       0

කාමිල් කුමාර Saturday, 21 December 2013 12:56 AM

නියමිනේ සහෝදරිය ඔහොම යමු...(අ).

:       0       0

ලාල් kandy Saturday, 21 December 2013 01:56 AM

''2013 වසරේ ආදර්ශවත්ම පාසල් දැරිය'''' .ඔබේ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා (අ).

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 21 December 2013 02:10 AM

සූභ පතනවා...!! (අ)

:       0       0

සිරි Saturday, 21 December 2013 10:15 PM

දුවේ, ඔයාගේ අම්මට තාත්තට සතුටු කදුළු වගුරුවන්න උපරිමයේ උපරිම සතුට ලබාදුන් දුවේ, ඔයාට තුණුරුවන් සරණයි!!! දෙවි රැක වරණයි!!! (අ)

:       0       0

මංජුල සෞදි අරබිය Saturday, 21 December 2013 10:25 PM

දියණිය ඔබට ජය ඔබට දිගු ගමනක් ඇති බව සිතේ තබාගෙන කටයුතු කරන්න ඔබවන් දිරිය දියණියන් සැමට හොද ආදර්ශයක් (අ)

:       0       0

චන්දි Saturday, 21 December 2013 02:40 AM

නුබ ගැන හරිම සතුටුයි දුවේ, ඉදිරියටම යන්න.., ඔබේ සියලු බලාපොරොත්තු සපල ''වේවා '' කියා ඉත සිතින් පතමි......!! (අ)

:       0       0

මංගල විජේසිරි Saturday, 21 December 2013 02:54 AM

මම දුවට හදවතින් ම සුබ පතනවා. මේ ලෝකේ තියන ලොකුම සම්පත ඉගෙනීමයි .මම මිලානෝ සිට .(අ)

:       0       0

ගාමා Saturday, 21 December 2013 03:36 AM

සුභ පැතුම් දුවේ!!! (අ)

:       0       0

උපුල් Saturday, 21 December 2013 07:18 AM

දුවේ ඔබට ජය . වාසනාවන්ත අනාගතයක් උද වේවි . ඔබට ජේසු පිහිටයි (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 21 December 2013 07:42 AM

ශිෂ්‍යත්ව විභාගෙට පොඩි දරුවෝ පීඩනයට ලක් කල දෙමවු පියන්ට තේරුනාද? (අ)

:       0       0

සරණ Sunday, 22 December 2013 08:59 AM

සුභ පැතුම්.! 5 ශිෂ්‍යත්වය අවසානයක් නොව තවත් එක කඩුල්ලක් විතරක් කියලා ඔප්පු කරල පෙන්නපු එක අගය කරන්න ඕනා. විශ්ව විද්‍යාල දේශපාලනය ගැන සමහරු දාල තියෙන අදහස් දැක්කහම හිනා යන්නත් එනවා. ලංකාවේ විශ්ව විද්‍යාලයක පළමු උපාධිය කළ කෙනෙක් විදියට මට කියන්න තියෙන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් අනිවාර්යයෙන් දේශපාලනය ගැන දැන ගත යුතුයි කියලයි. විශ්ව විද්‍යාලයකින් බීහි විය යුත්තේ ලිං මැඩියන් නොවෙයි.(නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 22 December 2013 09:31 AM

දුවේ ඔබ අබි ප්‍රාණයයි. ඔබට මගෙන් උදව්වක් අවශ්‍ය නම් ලංකාදීපයෙන් ඔයාගේ අනන්‍යතාවය කියල ඉල්ලා ගන්න. බුදු සරණයි දිරිය දියණියේ.(නදී)

:       0       0

ලාල් Saturday, 21 December 2013 08:09 AM

සුබ පැතුම් (අ)

:       0       0

අනුර අබු ඩාබි Saturday, 21 December 2013 09:34 AM

දියණියනි ඔබේ මාර්ගය නිවැරදියි. ඉදිරියටම යන්න. සුබපතනවා. (අ)

:       0       0

අරුණ Saturday, 21 December 2013 11:12 AM

සිනා කටක් මුව පුර රදවාගෙන සැහැල්ලුවෙන් ජයගත් මේ කඩයිම , මුළු දිවිය පුරාවටම සියලු කඩයිම් ජය ගන්නට හේතු වසන වේවා .(අ)

:       0       0

Nishendra Saturday, 21 December 2013 11:20 AM

දුවේ , විශ්ව විද්‍යාල ජීවිතයේදී දේශපාලනය යන වචනය තහනම් වචනයක් කර ගෙන ඉදිරියට යන්න. නැතිනම් ඔබගේත් , ඔබේ දෙමුපියන්ගේත් උත්සාහය වතුරේ. ඔබට බුදු සරණ වේවා . (අ)

:       0       0

ප්‍රියාත් Saturday, 21 December 2013 12:06 PM

දුවේ මගේ සුභ පැතුම් ඔයාට ජය ! (නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Saturday, 21 December 2013 12:22 PM

සුබ පතනවා ඔබට. රටට යහපත් සේවයක් කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.(නදී)

:       0       0

ධම්මික වික්‍රමතුංග Saturday, 21 December 2013 12:30 PM

ශිෂ්‍යත්ව කතාව වටිනවා ඔක්කොටොම වඩා. ලසන්තිට මගෙනුත් සුබ පැතුම්. (නදී)

:       0       0

ෂෙන් Saturday, 21 December 2013 01:22 PM

ඉතාමත් ධෛර්යවන්ත ඔබට ලොකු අනාගතයක් තියනවා (අ)

:       0       0

මදු Saturday, 21 December 2013 02:35 PM

සුභ පැතුම්

:       0       0

චාමර සම්පත් මතුගම Saturday, 21 December 2013 03:27 PM

ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 350 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 454 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 651 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 928 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site