IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පස් වසරකට පසු පීසීටත් අල්ලස් චෝදනා

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී  නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාට මෑතදී දඩ කොළයක් දුන්  පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ටත්  උප පොලිස් පරීක්ෂක ආර් ආර් එම් බණ්ඩාර දුනුවිලටත් එරෙහිව පවරා ඇති අල්ලස් නඩුවෙන් ඔවුන් දෙදෙනාටම අද (21) ඇප  නියම විය.

රුපියල් විසිපන්දහස බැගින් මුදල් හා රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරීය මහතා නියෝග කළේය.

කළුතර කිතුලවල මත්පැන් පෙරන කතකගෙන් 2009 දී   අරක්කු බෝතල ප්‍රමාණය අඩුවෙන් නඩුවට ඉදිරිපත් කිරීම සඳහා කොස්තාපල් සුමින්ද රුපියල් දහසක්ද එස් අයි රුපියල් දසදහසක් ද ගත්තැයි  අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.

 

 

 

 



අදහස් (0)

පස් වසරකට පසු පීසීටත් අල්ලස් චෝදනා

සත්‍යයා Friday, 22 August 2014 02:05 AM

පී.සී ට දඩ කොලේ දෙන්න නි. ඇමතිට අවුරුදු 5ක් ගත උනාට මේ බලවත් ග්‍රහය නීච කරන්න පී.සී ට වසර එකක් වත් යන්නේ නැහැ. ඡන්දය ලඟයි නේ. එදා ට පී.සී "සී.පී" (චීෆ් ඔෆ් පොලිස්) වෙන එක ෂුවර්.(නදී)

:       0       0

ෂෙහාන් Thursday, 21 August 2014 11:34 AM

2009 වූ සිද්ධියකට ළඟකදී අල්ලස් කොමිසමට ගිය එක තමයි මට තිබෙන ප්‍රශ්නය. (නි)

:       0       0

ගමගේ Friday, 22 August 2014 02:34 AM

ආශ්චර්යය මාවතේ යන අපි.... (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 August 2014 02:46 AM

මේ කට්ටියට තියෙන විදියේ අමාරුවක් මේ රාළහාමි ගැන මේ රටේ මිනිසුන්ට නැති බව ඉදිරියට තියෙන ඡන්ද වලින් සත්‍ය මහත්තයාට අවබෝධ කරගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:01 PM

2009 කළ වැරදිවලට 2014 ද නඩු දාන්නේ? එතකොට රාළහාමි දුන් දඩ කොලේට මොකද වුණේ කියලා දන්නා කෙනෙක් කියනවද? (නි)

:       0       0

බන්දුල ‍ Thursday, 21 August 2014 12:02 PM

අවුරුදු පහ එතරම් කාලයක් යැයි මට නම් නොසිතේ (නි)

:       0       0

උදය Thursday, 21 August 2014 12:17 PM

අනේ ඇත්තටම මෙහෙමත් වැඩ! (නි)

:       0       0

කසුන් Thursday, 21 August 2014 12:29 PM

දඩ කොළ ලිව්වට , අවුරුදු 5කටත් පස්සේ චෝදනාවක්! නියම වැඩේ (නි)

:       0       0

චරිත් Thursday, 21 August 2014 12:46 PM

ඔන්න ආසියාවේ ආශ්චර්ය! අාපහු කවදවාත් මේ රටේ දේශපාලකයන්ට විරුද්ධව කිසිම නිලධාරියෙක් නීතීය ක්‍රියාත්මක කරන එකක් නැතිවෙයි.හරිම කණගාටුයි රට යන අත දැක්කම.... (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 22 August 2014 04:30 AM

ආසියාවේ ආශ්චර්ය මාවතේදී ඉස්සරහට තවත් දේවල් බලාගන්න පුළුවන් වේවි. මස් හා මාලු ඒ පිගානේ නැති උනාට, රට හා නීතිය ඒ පිගානේ තියනවා වගේ (නදී)

:       0       0

අහංගම Thursday, 21 August 2014 06:21 AM

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ධම්ම Thursday, 21 August 2014 06:21 AM

මේ නඩුවත් විභාග වෙද්දීද මේ කොස්තාපල් ඇමතිතුමාට දඩකොළ දෙන්න ගියේ? එයා අපි හිතුව තරම් අහිංසක නැහැනේ (නි)

:       0       0

කොස්වත්ත Thursday, 21 August 2014 06:21 AM

දැන් වෙන දේවල් ඇහෙනකොට අපිටත් පිස්සු හැදෙනවා (නි)

:       0       0

චානක Thursday, 21 August 2014 01:01 PM

2009 අල්ලසු නඩුවක් තිබු අයෙක් දිගටම සේවයේ යෙදවීමත් වරදක් නේද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 21 August 2014 06:26 AM

කොහොමද වැඩේ? (නි)

:       0       0

සඳුන් පෙරේරා Thursday, 21 August 2014 01:24 PM

චානක, කවුද දන්නේ මේ මනුස්සයා ඇමතිවරුන්ට දඩ කොළ දෙන්න යයි කියලා. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 21 August 2014 06:36 AM

ශ්‍රි ලංකාවේ දේශපාලනයයි අද රටේ නීතිය වෙලා තියෙන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 21 August 2014 01:29 PM

පුවත පලවෙලා තියෙන්නේ අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ. දඩ කොලේ ලියන්න කලින් ඉදල තිබුණු නඩුවක් මිසක් දඩ කොලෙන් පස්සේ දාපු චෝදනාවක් නෙමෙයි මේක. නියෝජ්‍ය ඇමතිට කඩපු දඩ කොලේ නිසා මෙයාට තියෙන පරණ නඩුත් අස් කරන්න ඕන කියලද කට්ටිය කියන්නේ. මෙයා දඩ කොලේ බිලට ගොඩක් දේවල් කැඩුවා. ඉස්සරහට තියෙන්නේ ඒවා වමාරන්න. ඒකට තව වැඩි කාලයක් නැහැ. (නදී)

:       0       0

අමිල පතිරණ Thursday, 21 August 2014 06:41 AM

කියල තියෙන විදිහට නම් ඇමති තුමාට දඩ කොලේ දුන්නට පස්සෙ තමා අල්ලස් නඩු වැටිල තියෙන්නේ. හැබැයි කාට චෝදනා කලත් අල්ලස් දූෂන කොමිසමේ ලොක්ක නන් බයෙන් ඇත්තෙ ( නයා කාපු ඇමති තුමාගේ කතා වස්තුව සිහිපත් කරමින්) (නදී)

:       0       0

සමන් Thursday, 21 August 2014 06:43 AM

ඔන්න වැඩ ඉස්සරවෙලා ඇමති පුතෙක් ලුතිනන් ගේ ඔලුව පළල ඊට පස්සේ රාජකාරියෙන් පිට ආයුද අරන් වෙන වැඩ කලා කියල ලෙඩ දැම්මා. දැන් මේ මනුස්සයට පරණ කේස් ඇද ඇද ලෙඩ දානවා. දේශපාලකයෝ හැමදාම සුද්ධවන්තයෝ. (නදී)

:       0       0

ජෝන් Thursday, 21 August 2014 06:48 AM

ඔන්න බලන්න ආශ්චර්යය! (නි).

:       0       0

රංජි Friday, 22 August 2014 05:39 AM

මේවා සේරම ඇත්ත නොවෙයි..පහත් තැනින්නේ ජලය ගලායන්නේ. (නදී)

:       0       0

සමන්ති Thursday, 21 August 2014 02:00 PM

අර හොර නොම්මරෙන් ගියාට නඩු දාලද දන්නේ නැහැ ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 August 2014 05:42 AM

සත්‍ය කියන විදියට මේ රටේ ජනතාව පි සි ට දාපු අල්ලස් නඩුව නිසා පෝලිමට ගිහින් මි ලග ඡන්දෙන් මේ රජයට පාඩමක් උගන්නාවි. ඒ විතරක් නෙමෙයි නව රජයේ සි පි කමටත් පි සි පත් වේවි..අනේ හොදයි...මෙතන තියෙන්නේ මේ රාලහමිව විකුණලා තම දේශපාලනේට ගානක් කපාගන්න හැදීම මිසක් මේ රාලහාමි ගැන අනුකම්පාවක්නම් නෙමෙයි. මේ රටේ එදිනෙදා වැඩිම අල්ලස් ප්‍රමාණයක් ගන්නේ ට්‍රැෆික් රාළහාමිලා. මිනිස්සු නඩු ගිහින් රස්තියාදු වෙන්න තියෙන අකමැත්ත හින්ද ට්‍රැෆික් රාලහාමි කෙනෙක් වෙන එක හොද ඉල්ලමක්. මේකෙන් නොගරන එකෙක් නැහැ. වාහනයක් එලවන එකෙක් නම් කවදාවත් ට්‍රැෆික් පොලිස් කාරයෙකුට අනුකම්පා කරන්නේ නැහැ. දඩ කොලේ ලිව්වා කියල මෙයා පෙර වැරද්දක් කලානම් ඒක මැකෙන්නේ නැහැනේ. එතකොට මේ රාලහාමි මොන දේ කලත් දඩ කොලේට ඒවා ඔක්කොම යට වෙන්න ඕනා. යට කරලා මෙයාව වීරයෙක් කරන්න ඕනා. මෙයා දඩකොලේ බිලට කඩල ගහන්න ගිය ගේම දැන් අතේ පත්තුවෙලා තියෙන්නේ. හෙට අනිද්දට ඒක නියමාකාරයෙන් එලියට ඒවි. මේ කට්ටියට තියෙන විදියේ අමාරුවක් මේ රාලහාමි ගැන මේ රටේ මිනිස්සුන්ට නැති බව ඉදිරියට තියෙන චන්ද වලින් සත්‍ය මහත්තයට මනාසේ අවබෝධ කරගන්න පුළුවන් වේවි.. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 21 August 2014 02:08 PM

මේවා කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්ඩ ඕන කතා. බන්දුල පෙරේරා ඇතුළු කට්ටිය මේක පිලිගත්තට ඇත්ත තත්වය මේක නෙවේ. ඇමතිට දඩකොල දුන්නට පසුවදා වැරදි පේන්නේ. මට කණගාටුයි ලංකාවේ මිනිස්සු ගැන. බන්දුල කියන විදිහට වමාරන්න තමයි වෙන්නේ ළගදීම. ලෝකේ වෙන දේවල් පේනවනේ. (නදී)

:       0       0

සෙනරත් Thursday, 21 August 2014 06:54 AM

ඔයාල කවුරුවත් හරියට තේරුම් අරගෙන නැහැනේ. මේ නඩුව දාලා තියෙන්නේ ළඟදිනේ. කලින් නඩු දාලා තිබුනා නම් පොලිස් රාළහාමිලා රාජකාරියේ ඉන්නේ නැහැනේ. (නි)

:       0       0

නුවන් Thursday, 21 August 2014 07:01 AM

මේක නම් මොකක්හරි අවුලක්. නැත්නම් අවුරුදු 5ක් මොනවද කළේ? (නි)

:       0       0

නුවන්සර Thursday, 21 August 2014 07:05 AM

ඇතැම් අය තමන්ගේ වැරදි වහ ගැන්මට, ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ විය හැකි දෙයක් කිරීමේ ප්‍රවණතාවයක් අද දක්නට ලැබෙන දෙයක්. එගිහි පාවාදීම් දෙගොල්ලෝම අඩු වැඩි වශයෙන් කරනවා. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 21 August 2014 07:08 AM

මේකේ අදහස් දාලා තියෙන ගොඩක් අය සිද්ධ වුණේ මොකද්ද කියලාවත් හරියට දන්නේ නැති අයයි. (නි)

:       0       0

චාමික Thursday, 21 August 2014 07:11 AM

2009 වුන සිද්දියක් ගැන මොන අවුරුද්දේ මොන දවසේද මේ නඩුව පැවරුවේ කියලත් කියන්න බැරිද? (නදී)

:       0       0

ඩයස් Thursday, 21 August 2014 07:15 AM

බයේ බෑ. අැත්තක් කියන්ඩවත්. (නදී)

:       0       0

රාජසිංහ Thursday, 21 August 2014 07:31 AM

කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ පොලිස් නිලධාරියාට මගේ උත්තමාචාරය ! (නි)

:       0       0

චන්දිම Thursday, 21 August 2014 07:31 AM

මෙච්චර කල් ‍මොනවද කළේ එතකොට?පීසීගේ වරදට දඩුවම් දෙනවා වගේම අනෙක් අයගේ වැරදි වලටත් දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 21 August 2014 07:34 AM

මේ අල්ලස් චෝදනා ලැබූ අය, එසේත් නැත්නම් ඒ සම්බන්ධයෙන් නඩු පැවරූ අය සේවයේ යොදවන්නේ කෙසේද? (නි)

:       0       0

මංජුල Thursday, 21 August 2014 07:35 AM

ධම්ම, ඒත් දින වකවානු ගැන සඳහනක් නැහැනේ (නි)

:       0       0

චමින්ද Thursday, 21 August 2014 07:44 AM

අවුරුදු පහකට පස්සේ, මතක් වෙච්ච එකනේ පුදුමේ.. (නදී)

:       0       0

සේන Thursday, 21 August 2014 07:50 AM

මේවා ඉතාමත් නරක වැඩ. . මේ විදිහට ගියොත් නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් මහත්තුරු නැති වෙයි. වැරද්දක් කරලා තියෙද්දිත් අවරුදු පහක් මේ මනුස්සයා පොලිස් සේවයේ තියා ගත්තේ මොකද? (නද)

:       0       0

නිලංක Thursday, 21 August 2014 07:49 AM

ඇමති තුමාට පාඩුවේ යන්න දුන්නා නම් ඉවරයිනේ (නදී)

:       0       0

පෙරේරා Thursday, 21 August 2014 03:35 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රනීත් Thursday, 21 August 2014 08:08 AM

ප්‍රශ්නය තියෙන්නේ , අවුරුදු 5ක් ගියාට පස්සෙයි අල්ලස් ගැන පැමිණිලි කරලා තියෙන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 21 August 2014 08:13 AM

මේ අල්ලස් චෝදනා ගැන අපිට නම් ලොකු ප්‍රශ්නයක් තිබෙනව‍ා (නි)

:       0       0

වීරසිංහ Thursday, 21 August 2014 08:14 AM

මේක හරියට තේරුම් ගන්න. අල්ලස් චෝදනා එල්ල කරන්නේ දැන්. සිද්ධිය වෙලා තියනවා කියන්නේ 2009දී. වසර පහකට පෙර. (නි)

:       0       0

නාමල් Thursday, 21 August 2014 08:19 AM

මට නම් හිතෙන්නේ ඇමතිට දඩ කොළ දුන්නට පස්සෙ තමා මේ අල්ලස් නඩුව ඇවිත් තියෙන්නේ. වසර පහකට පෙර කරන ලද දෙයකට නේද දැන් මේ ඇවිත් තියෙන්නේ (නදී)

:       0       0

ඉන්දික Thursday, 21 August 2014 03:55 PM

ඇයි මේ අවුරුදු 5 කට පස්සේ ? ආ තේරුණා !! අර දේශපාලකයාට දඩ කොලයක් දුන්න නේ නේද ? අම්මෝ අපේ රටේ නීතිය . සෝමාලියාව වගේම තමයි දැන්නම් (නදී)

:       0       0

සෙනෙවි Thursday, 21 August 2014 04:00 PM

ගනන් ගන්න දෙයක් නෑ ඇමතිගේ නඩුවත් අවුරුදු 5 කින් පස්සෙ විභාගයට ගනීවි. (නදී)

:       0       0

දසුන් Thursday, 21 August 2014 08:37 AM

කොස්තාපල් පුඤ්ඤසෝමව මතක් වුණා ම‍ට (නි)

:       0       0

දිනේෂ් Thursday, 21 August 2014 08:38 AM

ධම්මට සත්ත්‍ය වැටහීමට කාලය ගතවනු ඇත (නදී)

:       0       0

ද සිල්වා Thursday, 21 August 2014 08:41 AM

පිසි කෙනෙක් මගෙනුත් අවරුදු 7 කට විතර ඉස්සර අල්ලසක් ගත්ත මටත් බැරිද නඩුවක් දාන්න (නදී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 August 2014 04:27 PM

අනේද කියන්නේ බන්දුල ... , ඔයාට තියෙන සුදුසුම රස්සාව මට හිතෙන්නේ ඇමතිකමක් වගේ එකක් තමයි. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 21 August 2014 08:47 AM

2009 දි පවරපු නඩුවක් නේද?අර අල්ලසට දුෂණයට එරෙහි වෙනවා නම් කාටත් එක වගේ නීතිය ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

මීනු Thursday, 21 August 2014 08:50 AM

කොහොමද වැඩේ? (නි)

:       0       0

පද්මිණි Thursday, 21 August 2014 04:49 PM

මේවා ඇහෙනකොට ඇ‍ඟේ ලේ රත්වෙනවා. බන්දුලතුමා, පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවද? (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 21 August 2014 08:53 AM

අද අපේ රට පත්වෙලා තියෙන ඉතාම වේදනාබරිත තත්වය දැන් දැන් හැමෝටම වගේ පැහැදිලි වේගෙන එනවා (නි)

:       0       0

අසෝකා Thursday, 21 August 2014 09:04 AM

දැන් ඉතින් පොලිස් දෙපාර්තමේන්තුවේම නිරුවත පෙන්වන්න හදනවා වගේ. ඇමති තුමා නිදහස්; දඩ කොලේ දුන් අයට ගිය අාත්ම වල කරපු වැරදිත් හොයන්න අය ඉන්නවා (නදී)

:       0       0

රහීම් Thursday, 21 August 2014 06:13 PM

පස් වසරක් ගතවනතුරු කුමක් කළාද? (නි)

:       0       0

සිනිල් සී.බී Thursday, 21 August 2014 09:37 AM

කාර් එක ගිනි තිබ්බේ මතුගම කට්ටියද ? (නදී)

:       0       0

මහේෂ්‍ Thursday, 21 August 2014 09:35 AM

මෙහෙම වෙන්න පුලුවන්ද? මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ගමගේ Thursday, 21 August 2014 09:40 AM

එසේනම් 2014 වනතුරු ඔහු සේවයේ යෙදී සිටියේ කෙසේද? (නි)

:       0       0

විපුල Thursday, 21 August 2014 09:56 AM

අපේ ඇමතිතුමාට අපහාස කළාට පස්සේ තමයි මේවා පටිසන්දෙන්න පටන්ගෙන තියෙන්නේ. මොලේ තියෙන කාටත් තේරෙනවා මේක. (නදී)

:       0       0

කුමාර Thursday, 21 August 2014 10:05 AM

අවුරුදු පහකට පස්සේ ? මේක අපේ නීතියේ වැරද්දද එහෙම නැතිනම් ඇමැත්තෙක් එන්නම ඕනෙද පහුගිය වැරදී උඩට එන්න ? (නදී)

:       0       0

ඇසළ Thursday, 21 August 2014 10:06 AM

2009 සිට මේ වෙනතුරු අල්ලස් කොමිසම කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? (නි)

:       0       0

හෙළකුමාර උපුල් Thursday, 21 August 2014 09:24 PM

වගකිවයුතු සියළු දෙනාට ස්වභාවික විපත්, රිය අනතුරු, ලෙඩරෝග එහෙම අඩුවක් නොවෙයි අනාගතයේ. (ස)

:       0       0

කැලුම් Saturday, 23 August 2014 03:51 AM

කොහොමද මේ රටේ බලය (නදී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 August 2014 11:02 AM

දැන්ද මතක් වෙලා තියෙන්නේ. මේවට හිනා යනවා වගේම අැඩෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 449 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 461 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 763 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 575 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 744 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site