IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පොහොට්ටුවත් අතත් එක්වෙන්න යයි

(ඩයනා උදයංගනී)

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් හා එක්වීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන්ම එක්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ බව විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන්නේත් ශ්‍රීලනිපයේ කොටසක් බව කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්‍ෂය හා එක්විය යුතු නැතැයි ද සඳහන් කළේය. 

මෙවර පක්‍ෂය කණ්ඩායම් දෙකක් ලෙස වෙන වෙනම තරග කළත් එම දෙපාර්ශවයට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය එක් කළ විට සියයට 55ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිවනු ඇතැයි කී අමාත්‍යවරයා එම දෙපාර්ශවයේම සිටින්නේ ප‍්‍රගතිශීලීන් බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ‘‘මැතිවරණය ජයග‍්‍රහණය කර බහුතරයක් ලබාගත නොහැකි වුවහොත් එජාපය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට සිදුවෙනවා නේද? එසේ වුවහොත් එක්වන්නේ කුමන කණ්ඩායම සමඟද?‘‘ යනුවෙන් මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

මැතිවරණය පැවැත්වෙන ක‍්‍රමය අනුව පළාත් පාලන ආයතන වලින් සියයට 90ක පමණ කිසිම පක්‍ෂයකට බහුතර බලයක් නොලැබෙනු ඇතැයි කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවල පක්‍ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හා එක්වීමට සිදුවන බව ද කීවේය.

ඉතිහාසය තුළ ප‍්‍රගතිශීලී කඳවුරු බෙදුණු සෑම අවස්ථාවකම ප‍්‍රතිගාමී කඳවුරට වාසියක් වුවත් මෙවර එසේ නොවනු ඇතැයි කියා තමා සිතන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. 



අදහස් (28)

පොහොට්ටුවත් අතත් එක්වෙන්න යයි

saliya Wednesday, 27 December 2017 11:30 AM

අපිට ඕනෑ බලය…, බලයට ඕන කෙනෙක් එක්ක සෙට් වෙනවා. ගැරඬින්ටත් ඕන සර්පයෙක් එක් වෙනවාලු. ගැරඬි මාර්ක් කට්ටිය තමයි ..

:       270       191

athura Wednesday, 27 December 2017 11:34 AM

ඔය කියන ප්‍රගතිශීලි, ප්‍රතිගාමී කියන කඳවුරු දෙක බෙදුවේ කවුද?

:       62       30

nishanathWednesday, 27 December 2017 02:32 PM

සහතික ඇත්ත

:       70       15

ashan Wednesday, 27 December 2017 12:06 PM

හොරු සමග හෙලුවෙන්. ලංකාවේ මිනිස්සු රැවටෙන එකේ සීමාවක් නැහැ. ඒකට හේතුව අපේ කට්ටිය රට ගැන නොසිතීම සහ පක්ෂ පස්සෙ ‍යෑම. එයින් සිදු වන්නේ හොර දේශපාලකයන් හැමදාමත් ගොඩ යන එක. මිනිස්සු රට ගැන හිතන කාලෙක රට දියුණු වෙයි.

:       16       244

jerami Wednesday, 27 December 2017 12:07 PM

එතකොට බුලත් කොලේ? බුලත් කොලේ පඩික්කමේද?

:       48       66

සූර්ය Wednesday, 27 December 2017 05:36 PM

මෙයා නිසා හොදටම පරදිනවා .

:       3       0

manoj Wednesday, 27 December 2017 12:19 PM

අනිවාර්යයෙන් එකතු වෙන්න ඕනෑ... නැත්නම් දෙගොල්ලොම පරාදයි. අලි ටික උඩින්ම දිනුම්...

:       194       112

BamunuarachchiWednesday, 27 December 2017 02:06 PM

2015 ට කලින් හැම ඡන්දයක්ම පරාදවෙලා නායකයා පන්නන්න සුදානම් වුණු එජාප කාරයෝ නැවත එජාපයට ඡන්දය දෙන්න තරම් දෙයක් මේ අය රටට කළාද? කළ බව පෙන්නුවොත් මමත් 25 දෙනෙක් සමග එජාපයට එකතුවෙනවා.

:       64       224

manojWednesday, 27 December 2017 03:44 PM

ප්‍රශ්නේ තියෙන්නේ කරපු නොකරපු දේ නෙමේ. සිංහල බහුතරයක් කවදාවත් එක පැත්තකට ඡන්දෙ දෙන්නේ නෑ. 2005 මහින්ද මහත්තයා දින්නෙත් උතුරේ ඡන්දය එජාපයට වැටුනේ නැති නිසායි.

:       0       0

sahanWednesday, 27 December 2017 04:26 PM

බමුණු ,තවම ලෙඩේ හොද වුනේ නැද්ද

:       41       2

BamunuarachchiFriday, 29 December 2017 11:03 AM

ඉතින් මහින්ද මහතා 2005 දින්නේ නැතිනම් මොකක්ද රටේ තත්වය? එහෙනම් යෝජනා කරපු අයි.එස්.ජී.ඒ. එක දෙමළුන්ට ලැබිලා. දෙන්න යෝජනා කරපු අයි.එස්.ජී.ඒ. මොකක්ද කියලා අන්තර්ජාලයට ගොස් කියවන්න. අතීතය ගැන කිසිදු අවබෝධයක් නැහැ.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 27 December 2017 12:42 PM

ඡන්දදායකයිනි, ඔබේ වටිනා ඡන්දය හොරුන්ට නම් දෙන්න එපා...

:       30       72

BamunuarachchiWednesday, 27 December 2017 01:58 PM

බැංකු හොරුන්ටද? නමට හොරුන්ටද? අපේ මිනිස්සු වටිනා ඡන්දය කෙලවාගත්තේ 2015 ඡන්දවලදී. දැන් තිබෙන්නේ 62 සාපය... අපි 57ත් ගෙවන එකයි. හැබැයි ගෙවන්නේ 62 ක මව්පියන්ට පින් දීදී තමයි...

:       274       442

පිටිගල මිලානෝ Wednesday, 27 December 2017 03:51 PM

සුනාමි සල්ලි වලට විද්දත්, බැඳුම්කරවලට විද්දත්, හොරු හොරුමයි.

:       0       0

daham Wednesday, 27 December 2017 01:08 PM

මේ ගොල්ලන්ට දිනන්න බැරි බව දැන්මම තේරිලා වගේ. ඉතින් ආණ්ඩුවෙන් අයින් වෙලා ආව නම් පොහොට්ටුවත් එක්ක යසඅගේට එකතු වෙලා මේ පළාත් පාලන ආයතනවල යූ.එන්.පී එක පරද්දලා ඒවායේ පාලන බලය ගන්න තිබුනනේ. මේ බයිලා කියලා ඇති වැඩේ මොකක්ද?

:       43       117

Jayantha Wednesday, 27 December 2017 01:31 PM

හොඳ අළුත් පුවතක් ... වාසනාවන් ශ්‍රී ලංකා..

:       33       4

nimmi Wednesday, 27 December 2017 02:03 PM

අනේ මේ මොන මිනිස්සුද මන්ද?

:       0       20

deva Wednesday, 27 December 2017 02:07 PM

ක්‍රමය නම් හොඳටම සක්සුදක් සේ පැහැදිළියි. අපි නියමෙට කරලා පෙන්වන්නම් මහත්වරුනේ...

:       0       31

de silva berlin Wednesday, 27 December 2017 03:00 PM

දේශපාලකයින්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ රටේ ප්‍රශ්න කෙසේවෙතත් තම බලය සහ තම පවුලේ සහ හිතවතුන්ගේ අාදායම් මාර්ග ආරක්ෂා කරගැනීම බව පෙනේ. රටේ මිනිසුන්න්ගේ දැවෙන ප්‍රශ්න වන ජීවන වියදම ඉහල යාම, ප්‍රවාහන සහ මාර්ග තදබද පිළිබඳ ප්‍රශ්න, අධ්‍යාපන ක්‍රමයේ ඇති ගැටළු, පාසල් හැරයන සිසුන්ට නිසි වෘත්තීය පුහුණුවක් දී රැකියා ප්‍රශ්න විසඳීමට ක්‍රමයක් නැති වීම. නඩු කල් යෑමට නිසි පිළියමක දීමට අපහසු වීම නිසා ජනතාවට සිදුවන අපහසුතාවය වැලක් වීමට අපොහොසත් වීම, රටේ ව්‍යාපාරික සහ නිවාස ණය පොලී ඉහල යාම පාලනය කිරීමට අපොහොසත් වීම නිසා නිවාස ප්‍රශ්න සහ ආර්ථික වර්ධනය ඇණ හිටීම, රටේ ඇතිවන වර්ජන රැල්ලට විසඳුම් දී පාලනය කිරීමට අපොහොසත් වීම, එක එක නව කණ්ඩායම් සංධාන ඇති වුණත්, කණ්ඩායම්වල නායකයන් එකම පුද්ගලයන් බව පෙනේ. පසුගිය අවුරුදු 10 තුළ විසඳන්න බැරි වුණු ප්‍රශ්න අනාගතයේ දී මේ පුද්ගලයන්ට විසඳන්න පුළුවන් වේවිද? ඔවුන්ට එම ප්‍රශ්න විසඳීමට අවශ්‍යද කියන එක අප ඡන්දය දීමට පෙර හොඳින් සිතාබැලිය යුතුය.

:       0       146

Sathyayaa Wednesday, 27 December 2017 03:01 PM

ඔය බංකොලොත් කතාව කිව්වට වඩා හොඳයි දිය වන්නා ඔයට පැනලා දිවි නසා ගත්තා නම්. කොහෙද ඉතින් ඒකටත් ධෛර්යක් තියෙන්න එපායැ. බලයේ ඉන්න හැම ආණ්ඩුවකටම රිංගා ගන්න තියෙන හදිස්සියක් නැහැ. රටට වැඩක් කරලා තමන් නියෝජනය කරන පක්ෂයට ආකර්ෂණීය තත්වයක් ඇති කරලා දෙන්න. පැරදුණාම මුක්කු ගහන ක්‍රමය බංකොලොත් දේශපාලකයන්ගේ සිහිනයක් වුවත් ආත්ම ගෞරවයක් ඇති කිසිම පුරවැසියෙකුට ඔවැනි මනස්ගාත ඔළුවට එන්නේ නැහැ. " සටන් කර දිනමු, නැතිනම් ගෙදර යමු" වෙනුවට "පැරදුණත් බලයේ ඉමු" සිද්ධාන්තය ලොවට හඳුන්වා දුන්නේ අපේ බංකොලොත් දේශපාලනඥයෝයි.

:       0       146

Hafeel Wednesday, 27 December 2017 04:54 PM

එතකොට විනය පරීක්ෂණයට මොනවද වෙන්නේ?

:       0       27

Jayasinghe Wednesday, 27 December 2017 04:56 PM

ලෝකෙ කොහෙවත් මේවගේ විහිළු නැතුව ඇති. පොඩ්ඩක් හිතාබලන්න. UNP - SLFP දැනටමත් රජය වී හමාරයි . පොහොට්ටුව වෙනම ඉල්ලා ඡන්දය ඉවර වී SLFP එකතු වෙනවානම් එහි තේරුම UNP - SLFP - පොහොට්ටු ඔක්කොම එකම එක මහ පක්ෂයක් වනබව නොවේද ? මිනිසුන් ඡන්දය දීමෙන් පසු පාලකයන්ගේ ලාභ තකා මෙවැනි තීරණ ගැනීම කොතරම් සදාචාරාත්මකද ?

:       1       19

රවින්ද්‍ර Wednesday, 27 December 2017 05:25 PM

දෙපැත්තෙම ඉන්න ප්‍රගතිශීලින් ගැන ජනතාව දන්නවා..

:       14       4

ASARANAYA Wednesday, 27 December 2017 05:39 PM

අනේ මන්ද අපේ ගම්වල නම් කියන්නේ අතින් පොහොට්‍ටුව කඩලා අලියට දෝතින්ම පුජාකරාවි කියල !

:       7       30

Sathyayaa Thursday, 28 December 2017 01:51 AM

"පාලකයන්ගේ ලාභ තකා මෙවැනි තීරණ ගැනීම කොතරම් සදාචාරාත්මකද..." වෙනුවට කිව යුත්තේ කොතරම් අශීලාචරද කියා.

:       0       1

rocky Friday, 29 December 2017 01:05 AM

මේ අයට පිස්සුද? එහෙම නැත්නම් රටේ ඉන්න මිනිස්සුන්ට පිස්සුද?

:       0       0

aruna Friday, 29 December 2017 04:00 PM

එක්වෙනවා නම් අපි මහින්ද මහත්තයටත් අපේ ඡන්දය දීමෙන් වැළකි සිටිනවා.

:       0       0

ranjana Monday, 01 January 2018 08:05 AM

මුදල් වියදම් කරනවට වඩා ඉලෙක්ෂන් එකෙන් දිනන මන්ත්‍රීවරුන් බලාගන්න එක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 173 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 77 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 221 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 432 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 215 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 631 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site