IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික?

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති  ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු  සිවු දෙනා සම්බන්ධයෙන්  එන සතියේ  තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි  පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ  අතරින් වැඩිම අවධානය යොමුවී ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙත බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන  බවයි.

ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට  තවම හදිසියක් නැතැයිද   ඔහු සඳහන් කළේය.

මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  යන මහත්වරුන් අතර  තවත් හමුවක් පෙරේදා (9) පැවැත්වී ඇත.

එය ඔවුන් දෙදෙනා අතර පැවති හය වැනි සාකච්ඡාවයි.

එසේම  ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩි යැයි  පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම එහි නායකත්වයට පසුගිය සතියේ දී පෙන්වාදී ඇත. එය සත්‍යයක් බව බැසිල් රාජපක්ෂ මහතාද පිළිගෙන ඇතැයි දැනගන්නට ඇත.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව  මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.



අදහස් (30)

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික?

ගජමෑන් Saturday, 11 May 2024 11:38 AM

ධම්මික පෙරේරා ඊළඟ වතාවේ එනවා නම් මෙතෙක් කිසිවෙකු නොලැබූ වාර්තාගත මනාප සංඛ්‍යාවක් සමග ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි. මොකද ඔහුගේ ඩීපී එඩියුකේෂන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම එයට හේතුවක් වෙනවා. ඒ කාලේ වනවිට එම ව්‍යාපෘතියේ ප්‍රථිපල ලැබෙනවා. දැන්ම ඉදිරිපත් වුනොත් විෂ මිශ්‍ර කුණු ගොඩවල් ගෙනාවා කියලා ජනතාව අමතක නොකරාවි...!

:       99       144

SISILSaturday, 11 May 2024 05:19 PM

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයින් අතරට මොහුගේ නමත් "යෝජනා වී ඇත". ශ්‍රී ලංකාවේ දේශපාලනය එක පවුලකට හෝ ඔවුන්ගේ හිතවත් ඔවුන් වටා සිටිනා පිරිසට පමණක්ම බලය ලබාදිය යුතු නැත. ප්‍රජතන්ත්‍රවාදී දේශපාලනය මහජනයා විසින් මහජනයා සඳහා පත්කරගන්න කණ්ඩායමකට ලබා දිය යුතුවේ...

:       64       17

sachith Saturday, 11 May 2024 11:40 AM

ජනාධිපති වුණොත් කොහොම තියෙයිද? විස අපද්‍රව්‍ය නැව් පිටින් ගෙනෙයි ලංකාවට..., ඇහුවාම විදේශ විනිමය ගේනවා කියයි. කැසිනෝ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරලා ගනීවි. ඔය දෙක ඇරෙන්න රටට වෙන දෙයක් නම් හිතාගන්න අමාරුයි.

:       19       119

fairoos Saturday, 11 May 2024 12:01 PM

කවුරු ආවත් ජනතාවට ඇති එකම විකල්පය අනුර කුමාර...

:       168       134

Bamunuarachchi Saturday, 11 May 2024 05:23 PM

කව්ද අනුර කුමාර කියන්නේ? අර කෝකටත් තෛලයද? අධ්‍යාපන හදන්නේ අනුර, ආර්ථිකය හදන්නේ අනුර, නීතිය හදන්නේ අනුර, ආගමික සමගිය ඇතිකරන්නේ අනුර. ලෝක සාමය ඇතිකරන්නේ අනුර සෞඛ්‍ය හදන්නේ අනුර, ධීවර කර්මාන්තය හදන්නේ අනුර, කොටින්ම දුප්පත් නැතිකරන්නේ අනුර. ලෝකේ කොහෙවත් දුප්පත්කම නැතිවෙලා නැහැ.

:       60       112

sarathSaturday, 11 May 2024 07:20 PM

ඇයි අනුර හොදටම කරාද? එයා හොදයිද?

:       17       82

Ajantha Saturday, 11 May 2024 12:04 PM

කවුරු ආවත් හොම්බෙන් යන්න වෙන්නේ මේ සැරේ...!

:       11       108

Chinthaka Saturday, 11 May 2024 12:24 PM

පක්ෂ භේදයකින් තොරව බලද්දී ජනාධිපති තනතුර සඳහා දැනට ලංකාවේ සුදුසුකම් සහිත අය සිටින්නේ දෙදෙනෙක් පමණයි. දෙවැන්නා ධම්මික පෙරේරා වන අතර අනෙක් කෙනා රනිල් මැතිතුමා කියන්න පුළුවන් අනෙක් කිසිවෙකුට එතැනට එන්න බැහැ... ජනතාව මනාප දීලා ගත්තා වුණත් වැඩක් නැහැ. කොහොම හරි 2029 ජනාධිපතිවරණය සඳහා ධම්මික පෙරේරා ඉදිරිපත් වීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ... නාමල් නම් කිසිදාක ජනාධිපති තනතුර සඳහා සුදුස්සෙක් නොවෙයි...

:       127       133

Rajapaksha Saturday, 11 May 2024 12:26 PM

විදේශ විනිම සංචිතේ බිලියන පහක් එකතුවෙලා තියෙනවලු. රුපියල් නෙවෙයි ඩොලර්වලින්. දින්නොත් ඔයාට දෙකහමාරයි. අපට දෙකහමාරයි. කැමැතිද අපේ පක්ෂයෙන් ජනාධිපතිවරණයට එන්න...?

:       85       50

Wije Saturday, 11 May 2024 01:32 PM

වයිමාගේ පුතා සයිමා ආවත් පොහොට්ටු හැතිකරේ කම්මුතුයි, බොල කාරියවසමෝ මැදමූලන අගුපිලේ ධම්මිකට ඇපත් නෑ කියන්න...

:       69       99

Chandima Saturday, 11 May 2024 02:43 PM

සොරමුලේ නායකයා වෙන්න කිව්වද?

:       52       77

kumara Saturday, 11 May 2024 02:50 PM

අපේ ගෙවල් ගාව බොහොම ධනවත්, උගත්, දේශපාලන ‌තාත්තා කෙනෙක්ගේ පුතෙක් ඡන්දෙ ඉල්ලුවා. කිරිපිටි ආදී දේවල් ළග ගමක මිනිස්සුන්ට බෙදලා දුන්නා. මුලු ගමම වගේ එදා ඒ රැස්වීමට ගිහින් සියල්ල ගත්තා. ඡන්දෙ තිබුණා. කලින් දවසේ අල්ලපු ‌ගමේ ඉදන් මේ ගමට කෑ ගගහා හුරේ දාගෙන පෙළ පාලියකුත් තිබුනා. ඡන්ද 76ක් වගේ තිබුනේ. එදා තමයි ඒ පුද්ගලයා තේරුම් ගත්තේ දේශපාලනය කියන්නේ කුමක්ද කියලා. ධම්මික කවුද කියලා කොටස් වෙළඳපළ ගැන දන්න ඕනෑම කෙනෙක් දන්නවා. රැළි හදන හැටි, රැළි නමන හැටි එතුමා හොඳටම දන්නවා. අයථා අයුරින් ධනවත් වීම වැළකීම නීතියේ මූලික සංකල්පයක්. ඒක නීතියක් නෙමෙයි. නීතියේ ඔප්පු කිරීමකින් තොරව පිළිගන්නා මූලික සංකල්පයක්. එතැනම මේ කපටි පුද්ගලයා අවලංගු වෙලා අවසන්. එනිසා, සභාවට විහිලු සපයන්නේ නැතිව, අවංක, අව්‍යාජ, එඩිතර, බුද්ධිමත්, උගත්, සමාජය පිළිගත්, නම්‍යශීලී උතුම් මනුෂ්‍යයෙකු ජනපති අපේක්ෂකත්යට පත් කරන්න. දිනන්න නම් මේ සැරේ ලැබෙන එකක් නෑ. සමහරවිට තව අවුරුදු විස්සකින් විතර ඒ කෙනා දිනාවි..

:       81       70

kasunSaturday, 11 May 2024 03:44 PM

මෙතුමාත් පච කියන කෙනෙක් වගේ... නායකයා වගේමයි ගොලයෝත්...

:       47       32

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 11 May 2024 03:14 PM

මට කණගාටු මෙයාට රතුපස්වල ප්‍රදේශයෙනුත් ඡන්ද ප්‍රමාණයක් නියත වශයෙන්ම ලැබීමට ඇති හැකියාව ගැනයි. ප්‍රභාකරන් සිංහලයාව නිවැරැදි ලෙස තක්සේරු කළා. ඕනෑම දෙයක් මතක තිබෙන්නේ සුමාන 2යි. මුස්ලිම් සහ දෙමළ මිනිස්සු තමාට හානි කළ එකාට පුද සත්කාර කරන්නේ නැහැ.

:       43       37

Jagath Saturday, 11 May 2024 03:36 PM

ශ්‍රී ලංකාව කුණුගොඩවල්වලින් සහ කැසිනෝවලින් ස්වයංපෝෂිතවේවි

:       29       81

Asela Saturday, 11 May 2024 04:09 PM

තක්කඩි වැඩකරලා ව්‍යාපාරික ලෝකයේ උඩට ආපු පුද්ගලයෙක්, බයියන්ටම හොඳට ගැලපෙනවා...!

:       35       56

Bamunuarachchi huSaturday, 11 May 2024 05:28 PM

කියන්න බලන්න කරපු තක්කඩි වැඩ අපිට දැනගන්න. කෝච්චියේ වඩේ වික්කා කියන අනුර ලංකාවේ ධනවත් දේශපාලකයින් 10 දෙනාගෙන් කෙනෙක් කියලා ගූගල් කළාම බලාගන්න පුළුවන්. වත්කම US $ මිලියන 1.3 යි.

:       46       77

කමල්Saturday, 11 May 2024 08:56 PM

මිනීමරලා ආපු අනුරයා සුපිරි. තක්කඩිකම් කරපු අය එපා.. යන්න ජෙප්පෝ යන්න.

:       23       85

Kazi Shajahan Saturday, 11 May 2024 04:16 PM

ධම්මික නිකන් මෝඩයෙක් වෙන්න යන්නේ... යන ට්‍රේන් එකට බෙල්ල තියන්න යන්නේ. මොකද පරාදවෙනවා කියලා දන්නවානේ... බැසිල් නම් ධම්මිකගෙන් හොඳට ගරාගනී...

:       23       49

de silva Saturday, 11 May 2024 04:59 PM

මේ මනුස්සයා නිසා අපට වැසිකිළියට පිඟන් ගඩොල් ටිකක්වත් අල්ලගන්න බෑ. ජනාධිපති වුණොත් අපට ජීවත් වෙන්න ලැබෙන එකක් නෑ. හැම තැනින්ම සූරාකන්න පටන් ගනීවි.

:       19       50

shantha Saturday, 11 May 2024 05:03 PM

කැසිනෝ වලින් පටන් අරන් අන්තිමට එංගලන්තයේ ඉස්පිරිතාලවල විසිකරන මිනිස් කොටස් සහිත කුණු ලංකාවට ගෙනාව, රතුපස්වල කරපු පරිසර විනාශයෙන් අවසානයේදී තරුණ ජීවිත ගාණක් බිලි ගත්තා.. මේ අයට ඡන්දෙ දීලා ජාතිජාතිත් සහගහන පවක් කරගන්න අපි නම් කැමැති නැහැ...

:       17       61

chandani Saturday, 11 May 2024 05:06 PM

රටටම හූනියමක් !!! වරෙල්ලා ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙවල්වලට, කකුල් කඩනවා දැනගනිව්.

:       19       42

Chandana Saturday, 11 May 2024 05:44 PM

නායකයෝ තෝර තෝර බොරුවට කාලය නාස්ති කරන්න එපා. ජනතාව රටේ නායකයා තෝරලා ඉවරයි...

:       55       33

Chandima Saturday, 11 May 2024 06:37 PM

ඉස්සර ඇමට එල්ලුවේ කාරල්ලෝ හාල්මැස්සෝ.. එවගෙන් බැරිවෙද්දි කුම්බලාවෝ... මේ සැරේ මොරෙක් ඇමැට දාලා අල්ලන්න යන්නේ වගේ.. ඇමට මොකා දැම්මාත් බිලිපිත්ත අතේ තියෙන්නේ රනිල් රාජපක්ෂ අතේ

:       17       33

Chathura Saturday, 11 May 2024 06:39 PM

ගානක් හරියට පොරොන්දු වෙලා නේද වැඩේට බැස්සේ

:       15       28

පාල ගාල්ලගේ Saturday, 11 May 2024 09:04 PM

අනුර කුමාරට පොහොට්ටු හැරගිය නාගරික ඡන්දය සීමිත ප්‍රමාණයක් තියෙනවා. ගම්වල නැහැ.. වතුජනතාව අනුරයියාට නැහැ. රනිල්ට පාවෙන ඡන්ද වැඩ... පොහොට්ටුව එජාප දමිළ මුස්ලිම් රනිල්ට...!

:       21       57

siripala Gamlath Sunday, 12 May 2024 04:49 AM

මේ කව්රුවත් දන්නේ නැහැ. DP Education කියන්නේ TAX වලින් බේරෙන්න ගහන ගේමක්.එයා මේ රටටවත් මිනිස්සුන්ටවත් ආදරේට කරන වැඩක් නෙමෙයි. එහෙම රටට ආදරයක් තියෙන කෙනෙක්නම් එංගලන්තේ කුණු ලංකාවට ගෙනල්ලා හම්බන්තොට වලදානවද..? යමක් තේරුම් ගන්න..

:       37       19

Rumesh Sunday, 12 May 2024 07:32 AM

අනාථ උන බයියන්ගේ එකම බලාපොරොත්තුව ..රාජපක්ෂලාට ගොට්ට අල්ලල බේබිලව ඩුබායි යවල සැප දුන්න කුණු ධම්මික ..මේ තක්කඩියට වඩා හිටපු ගෝඨාත් බැසිලුත් හොඳයි කියන්න පුළුවන් තරම් කම්බ හොරෙක් මේ හාදයා.කොහොම කෙරුවත් මේ පාර උඩින්ම පරදින්න නියමිතයි.ඒක සල්ලි වලින් වෙනස් කරන්න බෑ කියල දැන්වත් තේරුම් ගන්න.

:       0       16

Deepal Nirosh Sunday, 12 May 2024 10:58 AM

ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් හෝ වූ පමණින් රටක නායකත්වයට හෝ එවැනි අපේක්ෂකත්වයකට හෝ සුදුස නැහැ. පක්ෂ දේශපාලනයේ යෙදී පන්නරයක් තිබිය යුතුයි. නැතිනම් හිටපු ජනපති ගෝඨාභයට අත් වූ ඉරණම වැනි ඉරණමකට මුහුණ දෙන්න වේව්..

:       0       5

විපරමා Sunday, 12 May 2024 03:20 PM

මොළහතාගේ හෙන්චයියෙක් රතුපස්වල වතුර ඉල්ලපු අයට බැසිල් ලවා වෙඩි තියන්ඩ හේතු උනෙත් මෙයා. .කව්රු ආවත් චන්දේ දෙන නොදෙන එක තියෙන්නේ ජනතාවගේ අතේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 63 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 110 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 123 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 102 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 313 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 337 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site