IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


පොහොට්ටුවේ ප්‍රධාන ප්‍රචාරක රැළි නවත්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, එළඹෙන 13, 14 සහ 15 යන තෙදින තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැළි අත්හිටුවීමට කටයුතු යොදා තිබේ.

මෙවර මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ලද සීමාකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.



අදහස් (5)

පොහොට්ටුවේ ප්‍රධාන ප්‍රචාරක රැළි නවත්වයි

සෝමාවතී මායිටිපේ Sunday, 12 July 2020 07:01 AM

ඉක්මණට රට සති දෙකකට වහන්න. කොරෝනා උවදුරෙන් රට බේරාගන්න.

:       0       0

මහසෙන් Sunday, 12 July 2020 07:13 AM

මේ ගොල්ලො විතරක් නොවේ ඔය අනික් මහත්වරුත් දැන් කෑගැහුවට කලේ එකම දේ.. කොයි කවුරුත් කරන්නේ මිනිසුන්ව ඇපේට තියලා ගේම ගහපු එක.. කාටවත් දැන් බබ්බු වෙන්න බෑ.

:       0       0

podi eka Sunday, 12 July 2020 07:25 AM

අනේ දෙයියනේ..!!! මාතලේ, නුවර රැස්වීම්වලට කොරෝනා හැදිච්ච කෙනෙක් හරි ගිහිල්ලා නම් තමයි වැඩේ...

:       0       0

විජිත් Sunday, 12 July 2020 08:13 AM

අන්ත දුෂිත, මෝඩ, නුගත්, ගෝත්‍රික, මිත්‍යාදෘෂ්ටික දේශපාලුවන් කුමක් කලත්, සෞක්‍ය බලධාරින් මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණා. මීට වඩා" බලවත්" විය යුතුව තිබුණා. කොරෝනා වලින් වැළකීමට අනුගමනය කළයුතු දෑ "නීතිගත නොකළේ" ඇයි..? දේශපාලුවන්ගේ තර්ජන නිසාද..? කොරෝනා වාතයෙන් ප්‍රචරණය වනබව දැනදැනත් දේශපාලන රැස්වීම පවත්වන්නට ඉඩ දුන්නේ ඇයි? මිනිසුන් සහ දේශපාලුවන් හැසිරුණු ආකාරය ටීවී වලින් අගේට පෙන්වූවා. මීටරේ දුර.. මාස්ක්.. තිබුණාද? නොතිබුණු රැස්වීම් විසුරුවා හැරීමට පොලිසියට කොන්දක් තිබුණාද? ලංකාවේ ඇති නවීනතම රසායනාගාරයක් ඇති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අංශයෙන් නිකුත් කරන PCR වාර්තා රජය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇයි..? දියවන්නාවේ ඌරු කොටුවේ සිටින රටවැසියන්ගේ ලේ බොන වවුලන් විශ්වවිද්‍යාලයේ සිටින උගතුන්ටත් වඩා වැඩකාරයින්ද..? කවුරු කෙසේ, කොහොම හැන්ගුවත් දැන් කොරෝනා " සමාජගතවී " අවසන්. දැන්මේ දේශපාලුවන් තම රැස්වීම අවලංගු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද..? මිනිසුන්ගේ ආරක්ෂාව නොව " තමන්ගේ ආරක්ෂාවයි ". ටිකක් හිතන්න...

:       0       0

sharm warn Monday, 13 July 2020 03:07 AM

අනේ ඇයි නැවැත්තුවේ. එයාලට ලෝකෙන් උතුම් කාරිය ඡන්දේ තියලා බලය ගන්න එකනේ.

:       223       233

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 12 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 21 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 44 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 86 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 128 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site