IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පුහුණුකරු ළග නොසිටීමෙන් මා අසරණ වුණා

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පුහුණුකරුවකු නොමැතිවීම තමන්ට පාඩුවක් වු බවත්, එවැනි අඩුපාඩුකම් ඇති නොවන්නට බලධාරීන් ඉදිරියේදීවත් වග බලාගත යුතු බවත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් නුවර සිට ‘ලංකාදීපයට’ අද (6) පැවසීය. ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ මුලික වටයේදී නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් දැක් වු ඉහළම දස්කම ලෙස ද එය වාර්තාවේ. අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියත් නිලූක එහිදී ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප් පරුපල්ලි අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් පරාජය ලැබුවේ තරග වට 2/1 තියුණු තරගයකින් පසුවය. ඉන්දිය ක‍්‍රීඩකයා තරගය අතරතුර පුහුණුකරුගෙන් උපදෙස් ලබද්දී නිලූක, පුහුණුකරුවකු නොමැතිව තනිව සටනක් ලබාදුන් ආකාරය ලන්ඩන් ඔලිම්පික් උළෙල පැවැත්වෙන මේ දිනවල මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ වැඩි දෙනකුගේ කතා බහට ලක්ව තිබේ. පුහුණුකරුවකුගේ සහයෝගය තිබුණේ නම් තරගය ජය ගැනීමට නිලූකට වැඩි අවස්ථාවක් උදාවී තිබු බව බොහෝ දෙනාගේ අදහසයි. ‘‘ඔලිම්පික් තරගවල මගේ ප‍්‍රතිඵල අතීතයට ගොස් අවසානයි. මේ සියලූදේ වලින් ඉදිරියේදීවත් අවශ්‍ය පහසුකම් මට ලැබෙයි කියලා හිතනවා. ශ‍්‍රී ලංකාවේදී මට තරගයක් දීමට හැකි ක‍්‍රීඩකයන් නොමැති නිසා මම විදෙස් තරග සඳහා තනිවම සහභාගිවුණා. ඒ තුළින් ලබාගත් ජයග‍්‍රහණ ඔස්සේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව මා ලබා ගත්තා යැයිද’’ නිලූක පැවසීය. එහිදී මැක්ලරන්ස් සමාගම හැකි අන්දමින් අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වු බවද ඔහු වැඩි දුරටත් පැවසීය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සිය පියා (ලූවී කරුණාරත්න මහතා) පුහුණුකරු ලෙස තමන්ට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලූ නමුත් ඒ අවස්ථාව අහිමි වු බවද ඔහු පවසයි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර තමන් ක‍්‍රීඩා අමාත්‍යංශයේද සහයෝගයෙන් පෝලන්තයේදී නේවාසිකව පුහුණුව ලැබු බවත්, පෝලන්ත ජාතික බැඞ්මින්ටන් පුහුණුකරුගේ උපදෙස් ක‍්‍රීඩා උළෙලේදී තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත්, නිලූක පවසයි.



අදහස් (0)

පුහුණුකරු ළග නොසිටීමෙන් මා අසරණ වුණා

රොමේෂ් Monday, 06 August 2012 11:49 PM

අපේ ක්‍රීඩකයන් ගණනටත් වැඩිය ගිහින් හිටියේ නිලධාරීන්නේ. මේ ඔක්කොටම මුල තමයි, " රටට මොනවා වුණත් කමක් නැහැ. අපිට යමක් වෙනවනම් ඒ ඇති " කියන මතේ ඉන්න අය ලොකු තැන්වල ඉන්න එක. මේ ගැන ඉක්මණටම මැදහත් පරීක්ෂණයක් කරලා, වැරදිකාරයන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕනෑ. මොකද එයාලා රටට නැතිකළේ තවත් ඔලිම්පික් පදක්කමක්... (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 August 2012 02:39 PM

මේවා ක්‍රීඩකයෝ කිය කිය ඉල්ලන්න ඕන දෙයක් නෙවෙයි. රටේ ඉන්න ක්‍රීඩාඇමති හොයලා බලලා කරන්න ඕන වැඩ ඇත්තටම.. ??(නු)

:       0       0

චින්තක Tuesday, 07 August 2012 03:11 PM

පොඩිකාලෙ විනෝදෙටවත් සෙල්ලං නොකරපු අය තමයි ඔලිමිපික්වලට රටේ ශූරයෝ එක්ක යන්නෙ..ඒ අයට තේරෙයිද මේ නිලුක කියන දේවල්...!!(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 07:16 AM

අපේ කට්ටියගේ තියෙන්නේ නිකන් බොරු කයිවාරු විතරයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් නැහැ. (නි)

:       0       0

වරුණ Tuesday, 07 August 2012 07:22 AM

ඇයි දරුවෝ, ඔය ගියයි කියන නිලධාරීන් ගොඩේ ඔයාට වැඩක් වෙන කෙනෙක් හිටියේ නැද්ද එතකොට? (නි)

:       0       0

චමින්ද ජයලාල් Tuesday, 07 August 2012 03:44 PM

ඔබ පරාද උනත් ලංකාවට ලැබුනේ ජයක් . මේක ක්‍රීඩා අමාත්‍යාංශය බලධාරීන් ලබපු පරාජයක් (දී)

:       0       0

සුදු පුන්ච Tuesday, 07 August 2012 04:07 PM

අනේ පව් නිලුක අයිය මාර ගේමක් දුන්නා . අපේ රටේ මේ කිසිම දේක පිළිවෙලක් නැනේ . (දී)

:       0       0

ඉමාෂා Tuesday, 07 August 2012 08:56 AM

මේ රටේ පාලකයන්ට අපේ රට ගැන කැක්කුමක් නැහැ. ලොක්කෙක්ගේ පුතෙක් ඔලිම්පික් ගියා නම් බලාගන්න තිබුණා.කවදාවත් මේ රට ගැන හිතන්නේ නැහැ මේ කට්ටිය, තම තමන්ගේ බඩ වඩා ගන්නවා හැරෙන්න. (නි)

:       0       0

කෙවින් Tuesday, 07 August 2012 09:17 AM

සහෝදරයා, අපි යන්නේ ආශ්චර්යය කරායි. ඔයත් කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න. (නි)

:       0       0

සෑම් Tuesday, 07 August 2012 09:27 AM

මොන පිස්සුද රොමේෂ්. ලංකාවේ වැරදි කරන මිනිස්සුන්ට තරාතිරම නොබලා දඩුවම් දෙනවානම් ලංකාව මෙහෙම රටක් වෙනවද? රටේ පාලකයන් මේවාට සම්පුර්ණයෙන්ම වග කිව යුතුයි. (නි)

:       0       0

චානක Tuesday, 07 August 2012 09:31 AM

අපේ රටේ කිසිම දේකට නිසි ක්‍රමවේදයක් නැහැ. (නි)

:       0       0

ජනිත් Tuesday, 07 August 2012 04:35 PM

ලොකු ලොකු අයගෙ පුත්තුන්ගේ දොල දුක් නිවන්න පිටරටවලින් නලු නිළියන් ගෙන්නලා, මහ රෑ ලයිට් දාලා, ක්‍රීඩා තරඟ පවත්වලා කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරනවා. ඔලිම්පික් ක්‍රීඩා කරන ක්‍රීඩකයකුගේ සහායට පුහුණුකරුවකු යවන්න ඉල්ලද්දි තමයි මෙයාලට අහේනිය දැනෙන්නේ. මේක නම් ආශ්චර්යක්ම තමයි. (නි)

:       0       0

සකින්ද Tuesday, 07 August 2012 05:26 PM

ලංකාවෙ ක්‍රිඩාවට චීනයෙන් සහය අවශ්‍යයි..!!(නු)

:       0       0

ජයකොඩි Tuesday, 07 August 2012 05:28 PM

ලංකාවෙ ක්‍රිඩාව සදහා චිනයේ සහය ලබාගත නොහෑකිද??? (නු)

:       0       0

චන්දිම Tuesday, 07 August 2012 12:02 PM

ඔලිම්පික් ක්‍රීඩකයින් හට ජයග්‍රහන ලබා දීමේ අරමුණින් කටයුතු කරන නිලධාරීන් ඉන්නේ වෙනත් රටවල් වල. හැබැයි අපේ කට්ටිය ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කොහොමහරි දිනුවෝතින්ඒ ජයග්‍රහණත් එක්ක ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ කර උඩ නැගල නම් එයි ෂෝක් එකට. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 12:25 PM

නිලූකගේ තාත්තා ඒ වෙලාවේ එයා ළග සිටියා නම් ඒක ඔහුට කොතරම් හයියක් වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2904 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 507 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 755 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2734 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3573 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1936 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site