IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප්

(ඩයනා උදයංගනී)

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගත් අයට පුහුණුව ලබාදීමේ කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද (5) සාකච්ඡා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

එම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් නොවන නිසා ඔවුන්ගේ පුහුණු කාලය අවහිර කිරීමේ අර්ථයක් තිබේද යන්න කල්පනා කර බලා මැතිවරණ කොමිසමේ විද්වතුන් සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
එම බඳවාගත් උපාධිධාරීන්ට පුහුණු කාලයේදී ගෙවිය යුතු රුපියල් 20,000 ක මාසික දීමනාව ලබාදීම මෙම මාසයේ සිට සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා පසුගියදා  ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පත්වීම්  ලිපි තැපැල් කර තිබිණි.

පුහුණු කාලයේදී ගෙවීමට පොරොන්දු වී ඇති පරිදි අයකුට රුපියල් 20,000 ක් බැගින් උපාධිධාරීන් 50,000 ක් දෙනාගේ වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියනයක් හෙවත් රුපියල් කෝටි 100 ක මුදලක් අවශ්‍ය වේ. 


 



අදහස් (12)

පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප්

dare Thursday, 05 March 2020 07:49 AM

මෙහෙමත් විහිලු...

:       71       173

Perera Thursday, 05 March 2020 07:53 AM

ඔය වැටුප ඡන්දෙට ඉස්සෙල්ලා දීලා ඡන්දෙට පසුවටත් දිගටම දෙනවද?

:       2       39

karuThursday, 05 March 2020 12:24 PM

ඔය පච...!!! ඕවාට දෙන්න සල්ලි කොහෙන්ද..? වහල්ලුන් අායෙත් රවට්ටන්නයි යන්නේ..

:       1       50

de silva Thursday, 05 March 2020 07:58 AM

මේවා අපේ බදු සල්ලි නේද?

:       4       48

ලුම්බිණි Thursday, 05 March 2020 08:13 AM

පඩි දෙනවා නම් පුහුණුව අත් හිටවන්නේ මොන හේතුවකටද?

:       65       40

රවින් Thursday, 05 March 2020 08:28 AM

මෙතැනදී තවත් පොදු ජනමාධ්‍යක කියනවා ඇහුනා " කැබිනට් එකට තේරෙන්නේ නැහැ කියලා." තේරුම් ගන්න හරිහමන් මොලයක් තියන කීදෙනෙක් ඉන්නවාද ඔය කියන කැබිනට් එකේ. මොලේ තියෙන්නේ කොමිස් ගහන්නයි, ජඩ වැඩ කරන්නයි මිසක් රටේ අනාගතේ ගැන හරි හමන් තීන්දුවක් ගැනීමට නම් නොවේ. හොරු, වංචාකාරයෝ. කොටින්ම කියතොත් ශරීරයේ තියෙන සියලුම හිඩස් වලින් පුහු වදන් කථාකරන කිසිම වැඩගම්මකට නොමැති බඩ මහතා අය මිසක් වැඩකට ඇති අය නම් නොවේ.

:       6       163

සනත් ඉතාලිය Thursday, 05 March 2020 08:55 AM

මටනම් මතක පසුගිය ජනාධිපති ඡන්දෙ කාලෙ සමෘද්ධි, නිවාස අධිකාරියෙ පත්වීම් දෙනකොට මැකෝ කිව්වෙ කලින් සැලසුම් කල ක්‍රියාකාරීකම් මැතිවරණ සමය කියා අවලංගු නොකරන බවයි. මැකෝ දනී අපි නොදනී.

:       20       5

පිටිගල මිලානෝ Thursday, 05 March 2020 09:02 AM

තුනෙන් දෙක ගන්න මහජන මුදල් මහජනයාටම අල්ලස් දීම ලෙසයි මම මෙය දකින්නේ. අයියගේද, රට හදන්න ආපු මල්ලිගේද නැත්නම් සීයට දහයේ කෙනාගේද මේ ටිකිරි මොලේ? මා සිටින යුරෝපයේ ඡන්දදායකයා බොහොම බුද්ධිමත් බැවින් දේශපාලකයෝ මෙවැනි වැඩ කරන්නේ නැත.

:       2       42

ලේක්කෝ ගලබඩ Thursday, 05 March 2020 11:02 AM

මේං ගන්න... කියලාම දෙයි තුනෙන් දෙකක්ම.

:       0       3

Gagana Thursday, 05 March 2020 10:04 AM

කවදා ඉවර වෙයිද මේ අයගේ වැඩ.

:       1       3

Aris Thursday, 05 March 2020 10:48 AM

රැකියා විරහිත උපාධිධාරීන් 50,000ක් සඳහා ගෙවන මේ මුදල ගැන කවුරුවත් තැවෙන්න ඕනෑ නැහැ. පුහුණුව අත්හිටෙව්වා නම් වැටුප් ගෙවන එක සාධාරණයි. වැටුප් දෙකක් අරන් කොමිෂන්වල ඉන්න අයට මේවා තේරෙනවා මදියි...

:       47       7

rocky Thursday, 05 March 2020 02:09 PM

ඊටපස්සේත් දිගටම වැටුප් ගෙවන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 289 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 29 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 189 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 924 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 278 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 268 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 797 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site