IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ තරුණයකු සහ තරුණියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි තරුණියක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය .

මෙම සැකකාර තරුණිය තාවකාලිකව පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට ඇති බවත් මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් එම නිලධාරියා පැවසීය.

අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසිනි.

අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේදී සංසරණය විය.

 



අදහස් (63)

පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට

පිටිගල මිලානෝ Thursday, 02 September 2021 06:41 PM

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ අය මේ වීඩියෝව දැම්මේ නීත්‍යානුකූලව තිබෙන වෙබ් ජාලයකටයි. මේ අය කිසිම වරදක් කර නැහැ. වරදක් වෙලා වගේ පෙනෙන්නේ මෙය නරඹපු හාමුදුරුවෝ අතිනුයි...

:       61       222

බමුණු.Thursday, 02 September 2021 07:37 PM

පිටිගල, ඔයාට ඔය කුණුහරුප වීඩියෝ වටිනවා වුනාට, හැදිච්ච ශිෂ්ඨ සම්පන්න සමාජයක් ඒ දේවල් අනුමත කරන්නේ නැහැ. අපේ රටේ හැදියාව, සංස්කෘතික දේ ගැන නොදන්නා අයට කුණුහරුප වීඩියෝ වටිනවා. ඒත්, රටේ අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට රහස් පොලීසිය ගත් පියවර අගනේය.

:       82       27

සිරිවර්ධනFriday, 03 September 2021 10:21 AM

අහෝ බමුණානෙනි, ඔබත් මේ විඩියෝව නරඹා සිල් බිඳ ගත්තාද?

:       5       36

බමුණු.Friday, 03 September 2021 11:28 AM

පිටිගල හා සිරිවර්ධන කියන්නේ එක්කෙනෙක්.දහ ජරාව කෑමට හා කුණු රසට පුරුදු වූ අය හිතන්නේ අනිත් අයත් ඒ වගේ කියලා.සම්භෝගය හා රති කෙළිය මිනිස් හා අනෙකුත් සත්වයන්ටත් පොදු ස්වභාව ධර්මීය ලක්ෂණයකි.ඒත්,එය මිනිසා කිසියම් ක්‍රමයකට පවත්වාගෙන යන්නේ.මිනිසා ශිෂ්ඨ සම්පන්න යැයි කියන්නේ ඒ නිසයි.එය නොදන්නා ඔබ වැන්නන් සුණකයන් මෙන් මේවුන්දමෙහි යෙදෙනා දර්ශන වලට කැමතියි. මෙතන තියන වෙනස ඒකයි.මේ වීඩියෝව ගැන ඔබ මේ කෑදර එය ඔබේ මිතුරන්ගේ වැඩක් වගෙයි පේන්නේ.ඔබ ඒවා බැලුවාට අපට කමක් නැහැ.ඒත්,ඒවා පෞද්ගලික ව කරගන්න.ඒවා වර්ණනා කොට මේ තීරයට ලියන්න එපා. මේ තීරයේ කුණුරස වපුරන්නට එපා.

:       32       18

PradeepFriday, 03 September 2021 12:12 PM

මේවාට විරුද්ධව ප්‍රතිචාර දාන අය තමයි වැඩිපුර මේවා බලන්නේ... අනික අමතක කරන්න එපා... අපේ සංස්කෘතියේම තමයි රජ කෙනෙකුට කාන්තාවන් 500ක් හිටියේ...

:       2       17

siripalaFriday, 03 September 2021 02:08 AM

බන ඇසීම පසෙක දමා ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප නරබමින් මොනවා කරනවද.?

:       7       50

baalasuriyaFriday, 03 September 2021 01:28 PM

මොන අපායට යන්න බලාපොරොත්තුවෙන්ද දන්නැ

:       1       3

RaveendraFriday, 03 September 2021 06:58 AM

පිටිගල මිලානෝ මයා වෙත. මෙම සිද්ධියට අදාළ ස්ත්‍රිය හෝ පුරුෂයා ඔබගේ සහෝදරිය, සහෝදරයෙක්, ඔබගේ ඥාති දියණියක් හෝ ඔබගේම දියණියක් වුවා නම් "ඔබගේ අවංක අදහස්" දැනගැනුමට කැමැත්තෙමු. ප්‍රජාතන්ත්‍රවාදී රට වූ පමණින්ම, නිදහසක් බුක්තිවිදීමට හැකි පමණින්ම ඔබ හෝ අප "රති" ක්‍රීඩාවේ යෙදෙමින් හෝ "රං රසේ" එක්වෙන දසුන් මුළු ලෝකයටම පෙන්වීම මගින් ලබාගන්නේ කුමක්ද ? නිදහස තිබු පමණින් හෙට දින මෙම යුවලම "අප වැසිකිලි යන්නේ" මෙහෙමයි කියමින් වීඩියෝ දර්ශන දැමීමත් ඔබ විසින්හරි හොදයි කියනු ඇත.

:       64       44

මුණසිංහ Friday, 03 September 2021 07:26 AM

ඔබගේ අදහස නිවැරැදි යි. නමුත් මෙහි ඇති ලයික් සහ ඩිස්ලයික් අනුව පෙනී යන්නේ උගුරට හොරා බෙහෙත් බොන්න උත්සාහ කරන අය බහුල යි කියල . මෙවැනි වීඩියෝ නරඹන අය බහුතරයක් ඉන්න රටක් ලෙස ලංකාව වාර්තා තියල තියෙන්නේ නිකං නොව බව පැහැදිලි යි.

:       20       45

දර්ශනFriday, 03 September 2021 08:36 AM

හැමදේකදිම අම්මද තාත්තද නංගිද මල්ලිද කියන තියරිය දාගෙන හිතන්න එපා. අපි කසාද බැන්ඳම හිතන්නෙ නෑනේ අනේ මෙයා මගේ අම්මා වගේ නංගි වගේ කියලා. ලෝකයේ හැම කලාවක්ම හැම ක්ෂේත්‍රයක්ම ළමයින්ට පමණක් විවෘත ඒව නෙමෙයි. වැඩිහිටියන්ට පමණක් වන දේවලුත් තියෙනවා සහ තිබිය යුතුයි.

:       9       45

pjFriday, 03 September 2021 08:56 AM

දැමීම වැරදි නම් බැලීමත් වැරදි විය යුතුමය. නොබැලිය යුතු දේ. පසෙක දමා බැලිය යුතු දේ පමණක් බලන්න. සමහර රටවල නීතියෙන් ආරක්ෂා කර ඇති දේ ලංකාවේ නීතියට පටහැනි විය හැකිය.

:       5       18

හේරත්Friday, 03 September 2021 10:18 AM

ඇත්තෙන්ම, රටේ ප්‍රශ්න මෙව්වද! මේවාට ද මුල් තැන දිය යුත්තේ? ප්‍රශ්නය තියෙන්නේ මෙවැනි දේ නරඹා ඒවා රසවිඳ පසුව ඒවාට බනින මිනිස්සු අතරයි!

:       0       21

පිටිගල මිලානෝ Friday, 03 September 2021 10:39 AM

තම විවාහකයා හැරුණු විට මෙතෙක් අනෙකෙක් ගැන රාගික හැඟීමක් පහළ වී නැති මහා සංස්කෘතික ගතිලක්ෂණ ඇති පින්වතෙක් ඇත්නම් මේ යුවලට පළමු ගල ගසත්වා...!!!

:       2       44

lakvidu Friday, 03 September 2021 03:57 PM

එල...!

:       1       13

gunarathnaFriday, 03 September 2021 11:49 AM

අපේ රටේ ඇමතිවරු කරන සෙල්ලම් බලද්දී මේවා මොනවද.?

:       0       8

AmaraFriday, 03 September 2021 10:12 PM

ලංකාවෙ නීතිපොතේ ඕන තරම් තැන් තියෙනවා මෙහි වරද ඔප්පු කරන්න. ඒකට වීඩියෝව සාක්ෂියක් විතරයි.

:       1       3

විජේ Saturday, 04 September 2021 01:24 AM

ඒකනෙ පිටිගල ඔයා මිලානෝ වගේ පරිසරයක ඉන්නෙ. ඔහෙ හිටියත් මම හිතන්නෙ නෑ ඔයාට ඕනෙ ඕනෙ තැන්වල ඕනෙ ඔනෙ විදිහට ඉන්න පුලුවන් කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඔහොම එකට නෙවේ.

:       6       1

Nuwan Thursday, 02 September 2021 07:02 PM

මේවා නම් අහුවෙන්නේ බලන් ඉන්නකොට... නමුත් පාස්කු බෝම්බ සිද්ධිය අහුවෙන්නේ නැහැ... අවුරුදු ගණන් ගියත්...!

:       12       215

Don perera Thursday, 02 September 2021 07:03 PM

අනේ පව්... කුඩු කාරයින්, මිනීමරුවන් නිදහස්... මෙහෙමත් රටක්...!!!

:       11       186

රංග තේනුවර Thursday, 02 September 2021 07:19 PM

බොහොම හොඳයි. මේ සිංහල බෞද්ධ රටේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න දෙන්න බැහැ. මේ ජෝඩුවට උපරිම දඬුවම් ලබා දෙන මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

:       217       45

ශිරෝමි නයනමාලිThursday, 02 September 2021 08:24 PM

මෙයා හරියට නාඩගම්කාරයො ටෙලි නාට්‍යයේ ලේකම් මහත්තයා වගේ. වෙන කොච්චර අකටයුතුකම් වෙනවද. ඒවා පේන්නේ නෑ.

:       7       29

විජේSaturday, 04 September 2021 01:36 AM

අපේ ගමේ, අපි නාන ඇලට, දොලට, දිය ඇල්ලට අපේ දරුවො එක්ක යද්දි කවුරුහරි ඇවිල්ලා මෙහෙම දෙයක් වුනොත්.?

:       4       1

mihira Thursday, 02 September 2021 07:22 PM

කාගේවත් පුද්ගලික දෙයක් ලොක්කෝ වගේ අල්ලන එක මහ වීර ක්‍රියාවක් නොවෙයි. මේවා මැජිකුත් නෙවෙයි. අල්ලපල්ලකෝ පාස්කු බෝම්බ ගහපු අයව විහිළු සපයන්නේ නැතිව...

:       22       200

JanahithaThursday, 02 September 2021 07:54 PM

මුදල් සඳහා යොදාගෙන ඇති බවක් කියවෙන්නේ.

:       1       10

රශ්මි Thursday, 02 September 2021 07:43 PM

පාස්කු බෝම්බ මහ මොළකාරයො, මහ බැංකු වංචා මහ මොළකාරයො තාම හොයනවා අව්රුදු ගාණක් තිස්සෙ. සීනි කඳු පිටින් හංගන් හිටපු බිස්නස්කාරයන්ගෙ විස්තරත් මේ විදියටම එළියට දැම්ම නම්.....

:       1       41

Sithija Thursday, 02 September 2021 07:50 PM

පාස්කු දින ප්‍රහාරයේ ඝාතකයින් අල්ලන්න ,බැඳුම්කර වංචා හොරු අල්ලනවා කියල ආපු සර්ල අන්තිමට ඇල්ලුවෙ කපල් එකකුයි සීනියි විතරයි හාමුදුරුවනේ ..

:       1       37

සඳුන් Thursday, 02 September 2021 07:50 PM

වීඩියෝ එක නම් දැක්කෙ නෑ. ඒත් වැඩේ වැරදියි.

:       19       6

Nihal Thursday, 02 September 2021 09:13 PM

පාස්කු බෝම්බ, මහබැංකු හොරු අල්ලන්න බැරි ඇයි මෙහෙම ඉක්මනට?. මේ වගේ අය නම් අල්ලන්න පොලිසිය හරි දක්ෂයි. මෙහෙමත් නාඩගම්...

:       1       27

බද්රානි Thursday, 02 September 2021 09:31 PM

මහලොකු සංස්කෘතියක් තියන නම්බු කාරයෝ බහුතරයක් ජීවත් වෙන රටට කරලා තියන අපහාසයක් නේද? අනේ, මොනවට කියනවද ඒ ගැන, "කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා" අනික සුන්දර තැනකට ආවාම සුන්දර රාගික හැගීම් එන එක සාධාරණයි. කොහෙද ඉතින් මහලොකු නම්බු කාරයින්ට කොහෙද ඒ වගේ හැගීම් පහල වන්නේ. ඔක්කොම හිතාගෙන ඉන්නේ, රහත් වෙලා කියලනේ?

:       11       38

Rasika Thursday, 02 September 2021 09:44 PM

ගෑස් අඩුකරලා හොරට විකුණලා අපේ බඩට ගැහුවා... මහජනතාවගෙන්ම හොරා කාලත් කෝ නීතිය? ඒත් මේවට උඩ පැන පැන තලනවා, හරියට කවුරුත් නොකරන දෙයක් වගේ.

:       1       31

Appuhami Thursday, 02 September 2021 09:54 PM

මෙයාලා මේක විලාසිතාවක් කරගෙන. හැම ප්‍රසිද්ධ තැනකම මේක කරනවා.

:       6       7

chandima Thursday, 02 September 2021 10:11 PM

මොන මගුලකටද අන්තර්ජාලයට දැම්මේ .මෙවැනි ක්‍රිය ා කරන්නනට දැඩි දඩුවම් දෙනන ඔනි

:       85       28

bandara Thursday, 02 September 2021 10:32 PM

හෙට අනිද්දා රුවන්වැලි මහාසෑයට හේත්තු වෙලා මේ වගේ වැඩ කරයි. මෙවැනි දේ නොවෙන්න දඬුවම් දියයුතුයි. සමහරවිට ලංකාවෙ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කරපු දෙයක්ද මේ?.

:       28       6

වනියා Thursday, 02 September 2021 11:31 PM

බංගලියොන්ගෙන් හිගා කන්න ලැජ්ජ නැ. මේ දෙන්නා මෙහෙම හරි උත්සාහයෙන් ඩොලර් ටිකක් රටට උපයා දෙන්න හදන එක ගැන ආඩම්බර වෙන්න.

:       5       60

ධම්මික Thursday, 02 September 2021 11:56 PM

මහ බැංකු වංචාව ප්‍රසිද්ධියේ පිලිගත්ත නඩය තාම කොටුකර ගන්න බැරි වුනා. තමන් ලැජ්ජා නැතිකමට කරපු වැඩෙන් අපේ රටට වුන පාඩුව මොකක්ද ? ඔයිට වැඩිය දේවල් ඕන තරම් ලොක්කො කරනවා. රටේ වෙන ප්‍රශ්න නැතුව වගේ මේ වගේ දේවල්වල එල්ලිලා අපිට මෝඩ චූන් දෙනවා.

:       1       41

මෝ Friday, 03 September 2021 12:23 AM

මේ අයට දඩුවම් දිය යුතුයි. එහෙම නොවුනොත් තැනක් නොතැනක් නැතිවෙයි.

:       43       5

Indi Friday, 03 September 2021 01:14 AM

ඇයි මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ...

:       25       4

ඉන්දිකFriday, 03 September 2021 09:32 AM

ඩොලර් නෑ ගගා ඉන්න වෙලාවක හොඳ මුල පිරීමක් කියලා හිතන්න පුරුදු වෙන්න..

:       3       18

ලුම්බිණි Friday, 03 September 2021 05:59 AM

මිලියන ගණන් හොරකම් කරපු අය මිනී මරපු අය අගේට ඉන්නවා. මේක තමයි ලොකුම අපරාධය.

:       4       49

Nimal Silva Friday, 03 September 2021 08:19 AM

එතකොට සීගිරි ලලනාවියොත් අත්අඩංගුවට ගත යුතුද.?

:       3       42

bandara Friday, 03 September 2021 08:28 AM

පුළුවන් ඔච්චරයි රටේ මිනිසුන්ට කන්නවත් නැහැ.

:       0       34

Sujeewa Friday, 03 September 2021 08:58 AM

ඉසුරුමුණි පෙම් යුවළ වහාම අත්අඩංගුවට ගතයුතු මය

:       1       25

SL Friday, 03 September 2021 09:28 AM

බද්රානි, ලංකාවේ ඉන්න දරුවන්ට පෙන්නන්න, මෙහෙම තමයි ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන්න ඕනේ කියල. ඕනේ තැනක තමන්ට රිසිසේ පුළුවන් ,හැබැයි ලෝකෙට දාල ,රටේ දරුවන් නොමග යවන්න ඕනේ නැහැ. තමන්ගේ පාඩුවේ කලානම කාටවත් ප්‍රශ්නයක් නැහැ.

:       5       15

kaaloFriday, 03 September 2021 12:43 PM

නැහැදිච්ච දෙමව්පියන්ගේ දරුවන් තමයි ලාබාල කාලයේම මෙවැනි දේවල් වලට කැමැති වෙන්නේ... ඒවා පසුපස ලුහු බඳින්නේ... ඔය ඔයාගේ ළමයි හොඳින් හදාගන්න. එතකොට එයාලා මේ වගේ දේවල් වලට යොමුවෙන්නේ නැහැ.

:       1       6

banduFriday, 03 September 2021 12:46 PM

ලංකාව කියන්නේ ළමා අපචාර වලට ලෝකයේ ප්‍රසිද්ධ රටක්... අපේ රට මෙතන්ට පත්වෙනකන් ඔය SL කොහේද හිටියේ...?

:       1       6

NihalSaturday, 04 September 2021 05:38 PM

ළමා අපචාරවලට කප් ගහපු රටවල් හැටියට ස්වීඩනය, ජර්මනිය ඇතුළු යුරෝපය... මේ දවස්වල රටක නඩුවක් විභාග වෙනවා... විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් තමන්ගේ පුතුන් දෙන්නට කරපු අපරාදයක් ගැන...

:       1       2

බද්රානිFriday, 03 September 2021 08:24 PM

බලාගෙන ගියාම ඔර්ජිනල් තලිබාන්ලා ඉන්නේ ලංකාවෙනෙ. කතාකරන භාෂාවයි, අඳින ඇඳුමයි වෙනස් වුණාට තියෙන්නේ නම් එකම අදහස්. ගල් ගසා මරන්න එන්න ඇති මේ යෝජනා කරන්නේ... තරුණ පෙම් යුවලකට දෑත් පටලවාගෙන වත් මේ රටේ යන්න පුළුවන්ද? කාම, ක්‍රෝධයෙන් පෙලෙන මහල්ලන් රැළ අර දරුවන්ට ඔරවනවා...

:       4       10

ඉන්දික Friday, 03 September 2021 09:37 AM

පාස්කු ප්‍රහාරෙ කරපු එකෙක් අදටත් නෑ.

:       4       26

Ranil Friday, 03 September 2021 10:37 AM

තෝරු, මෝරු ඔක්කොම අතඇරලා ඉස්ගෙඩියන් අල්ලන් රඟනවා..

:       0       19

Nalaka Friday, 03 September 2021 11:03 AM

පාස්කු බෝම්බ මහ මොලකාරයින්, මහ බැංකු වංචා, මහ මොලකාරයින් තාම හොයනවා...

:       0       16

ganegoda Friday, 03 September 2021 12:31 PM

හොද වැඩේ

:       4       0

ranga Friday, 03 September 2021 12:37 PM

අපේ රටේ මිනිස්සු දන්නේ හැංගි හැංගි දුරාචාරයේ ජීවත් වෙන්නයි. බොරු බෞද්ධකමයි, බොරු සංස්කෘතියයි... බොරු උද්දච්ච කමයි... මේ හැම දෙයක් පස්සෙම තියෙන්නේ හොරකම, බොරුව, දුරාචාරයයි... සමාවෙන්න....!!!

:       0       12

jimpo Friday, 03 September 2021 12:51 PM

අපි ඉතින් අපේ හැඟීම් ඉදිරියේ ‘‘ලාම්පුව නිවන‘‘ ජාතියක්නේ..!!!

:       0       11

samela Friday, 03 September 2021 02:35 PM

අම්මෝ මේකට තියෙන කමෙන්ස් ගොඩ

:       0       3

ලක්විදු Friday, 03 September 2021 04:13 PM

එතකොට ගමක් ගමක් ගානේ රටපුරා වැහිවැහැලා තියෙන සම්බාහන මධ්‍යස්ථාන වල වෙන්නෙ භාවනා කරන එකද? දන්නේ නැති නිසයි ඇහුවේ...!

:       0       10

Rasika Friday, 03 September 2021 05:14 PM

පොලිස් ඇප දීපු ඒක හොඳයි. මොකද රටට ඩොලර් ගෙනාපු යුවළක් . ඒ ගොලන්ගේ නිදහස් රැකියාව අන්තර්ජාලයේ කරන්න ඒ ගොලන්ට කිසීම නීතිමය බාදාවක් නොතිබුනොත් හොඳයි .

:       0       4

Himesh wickramasingha Friday, 03 September 2021 07:10 PM

ඕක ඔච්චර දෙයක්ද? රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා ඒවා තාම පෙන්ඩින්....

:       0       3

lakvidu Friday, 03 September 2021 07:37 PM

පරෙවි සංදේශය ලියපු අය වහාම අත්අඩංගුවට ගන්න...!

:       0       7

Nihal Saturday, 04 September 2021 02:47 AM

මහබැංකු හොරකම නිරුවතින් කලා නම් අල්ලා ගන්න තිබුණා.

:       0       6

chaminda ekanayaka Saturday, 04 September 2021 02:57 AM

මහලොකු සංස්කෘතිය ලොකු අයට නයිට් ක්ලබ් වල බාල් නටන්න හොඳයි පොඩි අයට තමයි මේ ඔක්කොම නීතිරීති.

:       0       6

lakvidu Saturday, 04 September 2021 11:02 AM

අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය ආරක්ෂා කිරීමට රටේ සියලුම සමිබාහන මධ්‍යස්ථානවල කාමර වලට CCTV කැමරා සවිකර ඒවා අදාල ප්‍රදෙශයේ පංසල් වලට සම්බන්ධ කල යුතුයැයි මා යෝජනා කරනවා!

:       0       6

ravin Saturday, 04 September 2021 04:56 PM

මේවා බලලාද නිවන් යන්න හදන්නේ? මේ කොහෙද යන දුශ්ශීල බමුණෙක්... ඕවා තමයි පන්සලට වෙලා බලන්නේ... දායකයෙක් මේක දැක්කා නිසා බමුණා බයවෙලා පොලිසියට දන්වලා...

:       0       6

සම්සර Sunday, 05 September 2021 08:42 PM

දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් මෙම වීඩියොව බලලා අනික් අයට බලන්න බැරි වෙන්න කටයුතු සැලසුවා... එ්ක නරක ආදර්ශයක්... අනික ඔවුන් මෙය කර තිබෙන්නේ මුදල් සොයා ගැනීමට නම්... ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා 225ම මහජන මුදල් වලින් යැපෙමින්, තවත් සොරා කනවා, මේ දෙන්නා එසේ නොවේ.. බලහත්කාර කමක් සිදුවී නැහැ. දෙන්නා කැමත්තෙන් කරලා තියෙන්නේ... මේවා බලන අයගේ තෘප්තියට සහ මුදල් සොයා ගැනීමට. මම නම් වරදක් දකින්නෙ නැහැ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 356 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 946 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 604 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 570 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 839 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 424 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site