ඔලිම්පික් පදක්කම් 22 ක් දිනාගනිමින් ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් දිනාගත් ක‍්‍රීඩකයා ලෙස දැන් පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික සුපිරි පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව ලන්ඩන් නුවරදී ප‍්‍රකාශ කළේය. මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් තරගාවලි හතරකදී රන් පදක්කම් 18 ක් සහ රිදි සහ ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනාගැනීමට සමත්ව සිටියි. 27 හැවිරිදි පෙල්ප්ස් ඔලිම්පික් තරගාවලි හතරේ ඉසව් 51 කදී මීටර 9,900 ක් පිහිනා තිබේ. පෙල්ප්ස් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවසන් රන් පදක්කම ලෙස මීටර 100-4 මිශ‍්‍ර ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. පෙල්ප්ස් ලන්ඩන් නුවරදී සෝවියට් දේශයේ ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා ලැරීසා ලැටිනිනා පදක්කම් 18 ක් දිනාගනිමින් පිහිටුවා තිබු වාර්තාව බිද දැමීය. පෙල්ප්ස් 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් අටකදී රන් පදක්කම් අටක් දිනා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක වැඩිම රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩකයා ලෙසද වාර්තාවක් තැබීය. පෙල්ප්ස් දිනාගත් එම රන් පදක්කම් අටේදී ලෝක වාර්තා හයක් සහ ඔලිම්පික් වාර්තාවක් ඇතුළත් වීම කැපී පෙනේ. පෙල්ප්ස් සිය අවසන් මාධ්‍යහමුවේදී පැවසුවේ තමන් බලාපොරොත්තු වූ සියලූ දේ ලැබුණු බවත් තවත් ඉදිරියට යෑමේ අවශ්‍යතාවක් නොමැති මෙන්ම වෙනත් කටයුතු සඳහා තමන්ට මෙය අවස්ථාව බවත්ය.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පිහිනුම් ක‍්‍රීඩක පෙල්ප්ස් තටාකයට සමුදෙයි
ජයරත්න දේවපතිරණ Wednesday, 08 August 2012 12:39 AM
ඔබ සැබෑ දක්ෂයෙක්.. ඔබට ශ්‍රී ලංකාවෙ සුභ පැතුම්..!!(නු)
ඉසුර ආශීර්වාද ගමගේ Monday, 06 August 2012 11:49 AM
අපි සුභ පතනවා පෙල්ප්ස් (දී)
උඩුගම්පළ Tuesday, 07 August 2012 04:47 PM
ප්‍රවීන් නම් කියලා තියෙන්නේ මහ මෝඩ කතාවක්. (නි)
ඩේවුඩ් Sunday, 05 August 2012 04:28 PM
සුපිරි වැඩ කරුවෙක්. (නි)
ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 12:35 PM
එජාප යේ ඉන්න තිබුණු කොල්ලෙක්. (නි)
වින් Monday, 06 August 2012 04:25 AM
මිචෙල් ඔබ විශිෂ්ඨයන්ගෙන් අති විශිෂ්ටයෙක්. (ත)