IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘පහන් සිලේ එළියට රැවටී වැනසෙන පළඟැටියෝ‘

බොහොමයක් පළඟැටියන් විනාශ වී යන්නේ පහනේ දැල්වෙන ආලෝකය වෙත වේගයෙන් පියඹා ඒමෙනි. දැනුවත්ව හෝ නොදැනුවත්ව එය එසේ සිදුවෙයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ දැවැන්ත පරිහානිය දෙස බැලීමේදී වඩාත් උචිතම ආදේශය මේ පළඟැටියාගේ කතාවය.
ලාංකික වාමවාදී ව්‍යාපාරයට මේ රටේ ජනතාව යුග දෙකකදී අවස්ථා දෙකක් ලබා දුන්නේ වාමාංශික ව්‍යාපාරය මේ රටේ ඉහළින් ඔසවා තැබීමටය. එහෙත් ඒ අවස්ථා දෙකම ඔවුන් අතින් ගිලිහී ගියා පමණක් නොව වමේ ව්‍යාපාරය ද ශීඝ‍්‍ර පරිහානියකට පත් කළේය.
වමේ ව්‍යාපාරයේ ස්වර්ණමය යුග දෙකින් එකක් නිර්මාණය වූයේ 50 දශකයේදීය. සූරිය මල් ව්‍යාපාරය තුළින් බිහිවුණු වමේ ව්‍යාපාරයේ 50 දශකයේ නිර්මාතෘවරුන් වූයේ ආචාර්ය එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඒ. වික‍්‍රමසිංහය.
1948 නිදහසින් පසු මේ රටේ පාලන බලය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටය. ඔවුන් වඩාත් අධිරාජ්‍ය ගැති ධනපති ප‍්‍රතිගාමී පක්ෂ ලෙස මේ වාමාංශික නායකයන් විසින් හඳුන්වනු ලැබූහ. එයට හේතු වූයේ මේ වාමාංශික නායකයින් සියලූ දෙනාට අධිරාජ්‍ය විරෝධී අරගලවල යෙදීම නිසා හිරබත් කෑ නායකයින් වීම නිසාය.
50 දශකයේ ධනපති එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමෙන් පසුව 1956 බිහිකළ රජයත් මේ වාමාංශික නායකයින් අතර ප‍්‍රබලයකුව සිටි මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතා සම්බන්ධ විය. ඔහුට බණ්ඩාරනායක රජයේ කෘෂිකර්ම අමාත්‍ය පදවිය හිමිවිය. ඔහුගේ තවත් සගයකු වූ විලියම් සිල්වාටත් අමාත්‍ය පදවියක් හිමි විය.
බණ්ඩාරනායක රජයට එක් නොවුණත් වාමාංශික ව්‍යාපාරයක් වූ ලංකා සමසමාජ පක්ෂයට බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවට විපක්ෂය වශයෙන් ජනතාව ඔසවා තැබීම නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය හිමිවිය. එහි නායක ආචාර්ය එන්.එම්. පෙරේරා විපක්ෂ නායක විය.
පිලිප් ගුණවර්ධන අමාත්‍යවරයා රජයට ඉදිරිපත් කළ කුඹුරු පනත හේතුවෙන් ඇතිවූ කැබිනට් වර්ජනය නිසා පිලිප් ගුණවර්ධන මහතා ප‍්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට රජයෙන් ඉවත් වීමට සිදුවිය.
එතැන් සිට මහජන එක්සත් පෙරමුණ පරිහානිය ආරම්භ විය. එය ලංකාවේ මුල්ම වාමාංශික ව්‍යාපාරයේ කඩාවැටීම විය.
මෙය පාඩමකට නොගත් ලංකා සම සමාජය පක්ෂය 1964 වන විට එවකට පැවැති සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයට සම්බන්ධ විය. 1964 එම රජය පරාජයට පත්වී එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමත් සමගම ඩඞ්ලි සේනානායක මහතාගේ රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතා එක්විය.
මේ වනාහි කලකට ඉහත වාමාංශික නායකයින් විසින්ම හඳුනා දුන් ධනපති ප‍්‍රතිගාමී අධිරාජ්‍ය ගැති එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමක් ලෙස අනිකුත් වාමාංශික දේශපාලන පක්ෂ විසින් හඳුන්වා දෙනු ලැබිණි. වමේ ව්‍යාපාරයේ දෙවෙනි කඩාවැටීම එය විය.
එහි ප‍්‍රතිඵලය වූයේ එතෙක් ඔහු පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව නියෝජනය කළ අවිස්සාවේල්ල අසුනින් පිලිප් ගුණවර්ධන මහතා පරාජයට පත්වීමය. ඒ 1970 මැතිවරණයේදීය. ඒ පරාජයත් සමගම ලංකාවේ පැරැුණිම වාමාංශික දේශපාලන පක්ෂයක් වූ මහජන එක්සත් පෙරමුණේ අභාවය සනිටුහන් විය.
වමට සිදුවන දේ ඉවෙන් මෙන් දැනගත් රෝහණ විජේවීර නමැති තරුණයෙකු රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ රහසිගතව ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ මේ වකවානුවේදීය. ඔහු මාක්ස් ලෙනින් චින්තනයෙන් පෝෂණය වූ ඔහු සන්නද්ධ අරගලයකින් පාලන බලය අල්ලා ගත යුතුය යන මතය තරයේ වැළඳගත් තරුණයෙක් විය.
පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණට සිදුවූ නස්පැත්තිය පිළිබඳ කිසිදු පසු විපරමකින් තොරව තවත් පැරැුණිම වාමාංශික දේශපාලන පක්ෂ දෙකක් වූ ලංකා සම සමාජ පක්ෂයත්, ලංකා කොමියුනිස්ට් පක්ෂයත් 1970දී පිහිටවූ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ඇමැති ධුර ලබා ගනිමින් රජයට සම්බන්ධ විය.
වසර 4ක් පමණ සුළු කාලයක දී ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් බණ්ඩාරනායක මැතිනිය මේ වාමාංශික නායකයින් නෙරපා දමනු ලැබූ අතර, 1977දී පැවැත්වූ මහ මැතිවරණයේ දී සමසමාජ කොමියුනිස්ට් යන වාමාංශික පක්ෂවල නායකයින් සමගම එම පක්ෂ අන්ත පරාජයකට පත්විය.
එම පරාජයන් කොතරම් සංවේගජනක ද යත් රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ සිටම ලංකා සම සමාජ පක්ෂ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, නියෝජනය කළ යටියන්තොට ආසනයත්, අකුරැුස්ස ආසනය නියෝජනය කළ කමියුනිස්ට් නායක දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ මහතාත් පරාජයට පත්වීමෙන්ම පෙනී යයි.
ලංකා සමසමාජ පක්ෂයෙත් ලංකා කොමිනියුස්ට් පක්ෂයේත් දේශපාලන අභාවය එලෙස සටහන් විය.
පැරණි වම එලෙස ජනතාව අතර ප‍්‍රතික්ෂේප වීමට හේතු වූයේ ඔවුන් විසින්ම හඳුන්වා දුන් ධනපති ප‍්‍රතිගාමී පක්ෂ ලෙස හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හවුල් වී සභාග පෙරමුණු බිහි කරන්නට යෑමය.
මේ වන විට සන්නද්ධ විප්ලවයක් මගින් බලය අල්ලා ගත යුතු බවට තරයේ සපථ කළ ජනතා විමුක්ති පෙරමුණ 1971 අපේ‍්‍රල් මාසයේ අසාර්ථක කැරැුල්ලකට නායකත්වය දුන්නේය. එහි ප‍්‍රතිඵලය වූයේ තරුණයන්් දහස් ගණනක් මරුමුවට පත්වීමය. එහි නායක රෝහණ විජේවීර ඇතුළු මුල් පෙළේ නායකයින් සිර ගත කරනු ලැබූහ.
1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මෙම සිරගත කරනු ලැබූ නායකයින් නිදහස් කරනු ලැබූ අතර පසුව ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහය සමග එක්ව කටයුතු කළේය.
පැරැුණි වාමාංශික ව්‍යාපාරයකට සිදුවූ දේ පිළිබඳව හොඳින් අධ්‍යනය කළ ජනතා විමුක්ති පෙරමුණ පැරැුණි වම නොමැති වීම නිසා මේ රටේ ඇතිවූ හිඩැස සම්පූර්ණ කළේය. තරුණ පිරිස් ආකර්ශනීය ලෙස එම ව්‍යාපාරය වටා රොක් වූහ.
ඔවුන්ගේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය කෙතෙක් ද යත් 1982 පැවැති ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඉදිරිපත් විය.
1983 ඇතිවූ ජාතිවාදී කෝලාහලවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමත් සමගම ඔවුන් අප‍්‍රසිද්ධියේ තවත් කැරැුල්ලක් රහසිගතව සූදානම් කළේය.
ඒ 88x89 සමයේ ඇතිවූ සන්නද්ධ අරගලයයි. මේ අරගලය ඉතා බිහිසුණු එකක් වූ අතර, රජය ද මේ අරගලය මර්දනය කළේ අමානුෂික ලෙසය. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු මුල් පෙළේ සියලූම නායකයින් අල්ලා ගත්තා පමණක් නොව, ඔවුන් විනාශ කර දමනු ලැබූහ. ඉතිරි වූ මුල් පෙළේ එකම කායකයා වූ සෝමවංශ අමරසිංහ හොර රහසේ රටින් පලා ගියේය. ජනතා විමුක්ති පෙරමුණේ අරගලය අතිශය කෲර ලෙස මර්දනය කළේය.
මේ මර්දනය සිදුවූයේ ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ පාලන කාලය තුළදීය. ඔහුගේ අභාවයෙන් පසුව 1994 පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ එක් සාමාජිකයකු වෙනත් දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට එක්වන්නේ එතෙක් ඔවුන් රහසිගතව සිට කළ සංවිධානාත්මක වැඩපිළිවෙළක ප‍්‍රතිඵලයක් ලෙසය.
 ආරිය බුලේගොඩ මහතාගේ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණ පුනරුත්පත්තිය ලබා ක‍්‍රමයෙන් යළි වැඩෙන්නට විය. එයට අවශ්‍ය උත්තේජනය හා අවශ්‍ය උපදෙස් රහසිගතව පොම්ප කරනු ලැබූයේ භීෂණ සමයේ දිවි ගලවාගෙන රටින් පලාගිය සෝමවංශ අමරසිංහ මහතාය.
2000 වන විටත් ජනතා විමුක්ති පෙරමුණ යළි හිස ඔසවා පාර්ලිමේන්තුවේ බලපෑම් කළ හැකි විපක්ෂයක් බවට පත්ව තිබිණි. නිදසුනක් ලෙස විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමේ 17 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණයක් විය.
මේ සඳහා මාර්ගෝපදේශකත්වය ලැබුණේ ඉතිරිව සිටින එකම නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතාගෙනි. ඉන්පසු 2001 දී බලයට පත්වූ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය පෙරලා දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වූ අතර, එතැනින් නොනැවති 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනයක් ද ලබාගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ කැබිනට් අමාත්‍ය ධුරවලට ද පත්විය.
එතැනින් නොනැවතී 2005 මහිින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් ලබාදී පසුව රජයෙන් ඉවත් වී විපක්ෂයට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ පළමු කාල බෝම්බය පුපුරා යද්දීය. ඒ විමල් වීරවංශ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළේ බල කනු ඔවුන්ගෙන් ඉවත්වීම මතය.
අනතුරුව තවත් කාල බෝම්යක් පුපුරා ගියේ 2011 වසරේදීය. ජනතා විමුක්ති පෙරමුණේ අප‍්‍රසිද්ධ නායකයින් ලෙස පෙනී සිටි සුප‍්‍රසිද්ධ කුමාර් ගුණරත්නම්,  ඕපාත මහත්තයා ඇතුළු පිරිසක් ජවිපෙන් වෙන්වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පිහිටුවා ගැනීම නිසාය.
මේ වන විට රෝහණ විජේවීරගෙන් පසුව පක්ෂය රැුකබලා ගත් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණ නමැති මහ ගෙදරින් නික්ම ගොස් හමාරය.
මේ පුපුරා යාමත් සමගම ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන වශයෙන් කොටස් 5ක් දක්වා කැබැලි වී තිබේ. විමල් වීරවංශ පිල, කුමාර් ගුණරත්නම් පිල, අනුරුද්ධ පොල්ගම්පල පිල, සෝමවංශ අමරසිංහ පිල හා අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ ලෙසටය.
කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනැගීමෙන් පසුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තුළ පක්ෂය විසින් කරුනු ලැබූ වැරැුදි තීරණ පිළිබඳව ස්වයං විවේචනයක් කළේය. ඒ ස්වයං විවේචනයට අනුව පරිවාසයට යෑම, ඉන්පසුව චන්ද්‍රිකා කුමාරතුංග රජයේ අමාත්‍ය ධුර දැරීම, ජෙනරාල් සරත් පොන්සේකාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීම වැනි වැරැුදි තීරණ නිසා පක්ෂය පසුබෑමකට ලක්වූ බවට ස්වයං විවේචනයක් සිදුවිය.
ජනතා විමුක්ති පෙරමුණ 71 කැරැුල්ලෙන් ලැබූ පාඩම්වලින් අනතුරුව 80 දශකයේ යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ඇතුළුවීමෙන් පසුව ජවිපෙ නායක රෝහණ විජේවීර කොළඹ නගර සභාපිටියේදී ඓතිහාසික රැුලියක් පවත්වනු ලැබීය. එම රැුලිය කොළඹ නගරය දෙවනත් කළ ඓතිහාසික රැුලියක් විය. මුළු නගර සභා පිටියත්, ඒ අවට ප‍්‍රදේශය මංමාවත් ද ඇතුළුව අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගොස් තිබුණි. එම රැුලියේදී රෝහණ විජේවීර ඉතා වේගවත් කතාවක් පැවැත්වීය.
”ධනපති පංතියට අයත් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හරියට එක ඉත්තක ලගින කුරුල්ලන් වැනිය. ජනතා විමුක්ති පෙරමුණ හැදුවේ ධනපති වලව්වල දංකුඩ හූරන්නට නොවන බව ඔවුන් මතක තබා ගත යුතුයයි” ඔහු එහිදී දැඩිව කියා සිටියේය.
රෝහණ විජේවීරයන් ජීවතුන් අතර සිටිනතාක්කල් එම අදහස දිවි හිමියෙන් රැුක්කේය. නමුත් ඔහුත් සමග ඔහුගේ මුළු දේශපාලන මණ්ඩලයම (එක පුද්ගලයකු හැර* 88 භීෂණ සමයේ දී ඝාතනය විය. දිවි රැුකගත් පුද්ගලයා වූයේ සෝමවංශ අමරසිංහ මහතාය. ඔහු තම ජීවිතය රැුක ගත් නමුත් විජේවීරයන් කියා දුන් ඌන පාඨය රැුක ගත්තා දැයි දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය පමණි.
88x89 භීෂණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන් ටයර් සෑයවල දැවී ගියේ එකම ප‍්‍රතිපත්තියක පිහිටාය. ඒ විජේවීරයන් කියා දුන් ඒ ප‍්‍රතිපත්තියේ පිහිටාය. 
නමුත් ඔවුන්ගේ ඇවෑමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ බාරගත් කොලූ පැටව් පෙළට විජේවීරයන්ගේ දැක්ම නිවැරැුදිව පෙන්වා දුන්නා දැයි සිරි අයියා හෙවත් සෝමවංශ අමරසිංහයන් තමන්ගෙන්ම අසා දැන ගත යුතුය.
අතීතයේදී පැරැුණි වම කළ දේම කරන්නට ගොස් පැරැුණි වමට සිදුවූ දේ ඔබලාටත් විය හැකි නේ දැයි එක්තරා පුවත්පත්කලාවේදියෙක් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා රජයට සම්බන්ධ වන අවස්ථාවේදී ප‍්‍රශ්නයක් ඇසීය.
එයට පිළිතුරු දුන් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ, ”පැරැුණි වමට එහෙම වුණාට අපිට එහෙම වෙන්නෙ නෑ” යනුවෙන්ය.
එය එසේ වුවත් පැරැුණි වමට සිදුවූ දේම අද වන විට ජවිපෙට සිදුවී අවසන්ය.
 පැරැුණි වම වූ ලංකා සම සමාජ පක්ෂයත් කෑලිවලට කැඞී ගියේය. වාසුදේව නානායක්කාර, වික‍්‍රමබාහු කරුණාරත්න වැනි උග‍්‍ර පාක්ෂිකයින් ඉන් ඉවත් වී නව සමසමාජ පක්ෂය පිහිටුවීය. මේ වන විට ලංකා සමසමාජ පක්ෂයටත්, කොමියුනිස්ට් පක්ෂයටත් හා මහජන එක්සත් පෙරමුණටත් වෙනත් පක්ෂයක් සමග සන්ධානගතවීමකින් තොරව පාර්ලිමේන්තුව අබියසටවත් පැමිණීමට නොහැකි වන ලෙස එම පක්ෂ පරිහානියට පත්ව තිබේ.
මන්ත‍්‍රීවරුන් 14ක් තරම් ප‍්‍රබල සංඛ්‍යාවක් තනිව නියෝජනය කළ ජවිපෙටත්, විජේවීරයන් ප‍්‍රතිකිෂේප කළ දේ කරන්නට යෑම නිසා ඔවුන්ටත් සන්ධානගත වීමකින් තොර නිවනක් නැති බව 2010 මැතිවරණ ප‍්‍රතිඵල පෙන්වා දෙයි. 2010 මැතිවරණවලින් ජවිපෙ සාමාජිකයන් තිදෙනකු පමණක් (විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, අජිත් කුමාර යන* පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර අනුර කුමාර දිසානායක මහතා පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි.
පැරැුණි වමට සිදුවූ දේ ඔවුන්ටත් සිදුව ඇති බව මින් පැහැදිලිය.
මේ තත්ත්වයට පත්වීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවීමේදී අතීත අත්දැකීම් බහුල විජේවීරයන්ගේ සමකාලීනයා වූ සෝමවංශ අමරසිංහ මහතාගෙන් මෑතකාලීන ජවිපෙ තරුණ නායකයින්ට නිවැරැුදි උපදෙස් ලබා දුන්නා දැයි ප‍්‍රශ්නාර්ථයකි.
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමෙන් ඇති ඵලය කුමක් ද?
සෝමවංශ අමරසිංහ මහතා අලූත් පක්ෂයක් හැදීමට පෙර තමන්ගෙන්ම අසා ගත යුතු ප‍්‍රශ්නයකි.
ජවිපෙ අද පත්ව ඇති තත්ත්වට පක්ෂය සාමූහිකව වගකිව යුතු වුවත් එම වගකීමේ වැඩි කොටසක් භාර ගත යුතුව ඇත්තේ එහි නායකයාව සිටි සෝමවංශ අමරසිංහ මහතාය.
මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන පක්ෂය සැලකිය යුතු අයුරකින් ගොඩනැංවීමේ කාර්යයක වත්මන් තරුණයන් පෙනී සිටින බව පැහැදිලිය. හොඳම නිදසුන 2015 ජනාධිපතිවරණයේ දී ඍජු ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය නොදැක්වීමය.
දැන් කළ යුත්තේ වැරදුණ තැනින් නැවත පටන් ගැනීමය. පරිණත නායකයෙකු ලෙස සෝමවංශ අමරසිංහ මහතාගෙන් පක්ෂයට ලැබිය යුත්තේ එයට අවශ්‍ය පොහොර සහ ජලය පමණය. ඒ වෙනුවට උතුරන වතුර නොවේ.

 



අදහස් (0)

‘පහන් සිලේ එළියට රැවටී වැනසෙන පළඟැටියෝ‘

සුමුදු හේවා Thursday, 23 April 2015 10:14 AM

වම විනාශ වන්නේ පවතින සමාජ ආර්ථික පරිසරයට නොගැලපෙන සත්වයෙකු වීම නිසාවෙනි. වෙනත් පක්ෂයක් හා සන්ධානගත වීම නිසා යම් යම් අවස්ථාවන්හි අවම වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ අවස්ථාවක් ඔවුන්ට ලැබුණු අතර එවැනි ඇතැම් අවස්ථාවන්හි ජාතික වශයෙන් හානිකර සිදුවීම් වැළක්වීමට යම් දායකත්වයක් ලබා දීමටත් ආණ්ඩු පක්ෂයේ සහයෝගය ඇතිව ජාතික වැදගත්කමක් ඇති යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවාගනිමටත් ඔවුන්ට හැකි විය. සන්ධානගත වීම පරිහානියට හේතුවක් සේ මේ ලියුම්කරු දුටුවද ඇත්තම කතාව වන්නේ සන්ධානගත නොවූවානම් එකී ජයග්‍රහණ පවා ඔවුන්ට නොලැබෙන බවයි. (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 10:32 AM

අප වැනි රටවල වෙසෙන සුළු ජාතින් අතර ජාතිවාදයත් බෙදුම්වාදයත් වර්ධනය කර එම රටවල ජාතිකත්වය නැසීමටත් එම රටවල් අස්ථාවර කිරීමටත් සුළු ජාතීන් බල මුළු ගැන්වීම පිණිස බලවත් රටවල් විසින් මේ වන විට දේශීය වාමාංශික පක්ෂ බළල් අත් සේ යොදා ගැනෙයි. බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් රට අස්ථාවර කරමින් අප රට තුළ ජවිපෙ අද කරන්නේ ද මෙලෙස බලවත් රටවලට තම නව යටත්විජිතවාදී අරමුණු සපුරාගැනීමෙහිලා උපකාර කිරීමයි. ස්වභාවයෙන් ම ජාතිකත්වයට සතුරු පක්ෂයක් වුවද ජාතිකත්වයට ඉල්ලුමක් ඇති අවස්ථාවන්හිදී අවස්ථාවාදීව ව්‍යාජ ජාතිකත්වයක් පිටතින් ආලේප කරගැනීමට වුව මොවුහු පසුබට නොවෙති. එබැවින් මෙවැනි සතුරන් නිවැරදිව හඳුනාගැනීම රටට ආදරයක් ඇති හැමට ම වැදගත් වෙයි. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 07:42 AM

මොන වාදයත් කාලයට සාපෙක්ෂ වේ. (ස)

:       0       0

සුජීව Thursday, 23 April 2015 08:18 AM

ලංකාවේ සිටින 80% පමණ ගොවි කම්කරු ජනතාව අමතන්න ජවිපෙට තවම හැකිවෙලා නැහැ. කාලෙන් කාලෙට වෙනස් වන සටන් පාඨ වෙනුවට බෞද්ධ සමාජවාදී ප්‍රතිපත්තියකට ජවිපෙ යොමු වුනොත් , මේ වෙන සෝදා පාලුවෙන් ගැලවුන හැකි, නැතුව රනිල්ගේ පස්සෙන් ගියාට, විධායක ජනාදිපතිකම අහෝසි කරන්ට වැඩ කළාට සහ සිංහල ජාතිකවාදී ප්‍රතිපත්තිවලින් බැහැරට ගියාට ඔවුන්ට අනාගතයක් නැහැ. මහා පක්ෂ දෙකම සිංහල ජාතිකවාදී ප්‍රතිපත්ති වලින් බැහැරව වැඩේ හොඳටම අනාගන දැන් ඉන්නේ. ජවිපෙත් ඒ වරදම කරමින් ඉන්නවා. බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත තියෙන්නේ කොහාටද කියල අඳුන ගන්නේ නැතුව. මේ යන පිළිවෙලට ජවිපෙත් නැතිවෙනවා එහෙම උනාට පස්සේ රටේ වැඩකරන ජනතාවට දෙවියන්ගේම සරණයි. ජවිපෙ වහාම ස්වයං විවේචනයක් කරලා පක්ෂයෙන් ගිය අයව අරගෙන ඉදිරි මග සකසා ගත යුතුයි. නැත්නම් ජවිපෙ සාමාජිකයන් හැමෝටම බලාගන්න පුළුවන් අනුර, විජිත, සුනිල් යන තුන් දෙනාම ඊළඟ ඡන්දයේදී යූඑන්පී ජාතික ලිස්තුවෙන් පාර්ලිමේන්තු යන හැටි. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 09:34 AM

ලෝකයේ කොහෙවත් ඔය කියන බංකොලොත් සමාජවාදය හෝ නිර්ධන පන්තිය හෝ බලයට පත් වී නැත. යම් යම් රටවල පහළ වූ නිර්මාණශීලිත්වයක් ද තම රටෙහි ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ මනා වැටහීමක් ද සහිත නායකයන් කිහිපදෙනෙකු විසින් නිර්ධන පන්ති ආඥා දායකත්වය කෙසේ වෙතත් තම රටෙහි අනන්‍යතාවයට ගැලපෙන ජාතිකත්වයක් ඇති පාලන ක්‍රමයක් සමාජවාදයේ නාමයෙන් ස්ථාපිත කොටගෙන එකී රටවලට යම් කිසි ආකාරයක ආර්ථික වර්ධනයක් ද ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක වර්ධනයක් ද සමාජ ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවයක් ද ලබා දීමට සමත් වී ඇත. එහෙත් පරීක්ෂාවෙන් බැලු විට ඒ එකදු රාජ්‍යයක හෝ පොතේ ඇති සමාජවාදය දක්නට නොලැබෙන අතර රාජ්‍ය පාලනයට කෙලින් ම සහභාගි වන කම්කරු සහෝදරයෝ ලොවෙත් නැති බව පැහැදිලිවම පෙනී යයි. ලෝකයේ මේ වන විට දකින්නට ඇත්තේ රෝස සමාජවාදීන් පමණක් වන අතර එයද හොඳින් දැකගත හැක්කේ ධනවාදී යයි වම විසින් හෙලා දකිනු ලැබෙන රටවලය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 122 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 328 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 156 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4074 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2132 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site