IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පොහොයදා එළු මස් කන්න බැරිවෙයි

මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මිහින්තලේ සිට මිගමුව ප්‍රදේහයට   එළුමස් කිලෝ 300 ක්  ප්‍රවාහනය කරමින් තිබු අධි ශිතකරණ සහිත ලොරියක් අද පෝය දා මහවැව නගරයේදි අත් අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි.

ලොරි රථයේ රියදුරා සහ සහායකවරයා සැකිපට අත් අඩංගුවට ගෙන ඇත.

එළුමස් තොගය මිගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙත ගෙන යමින් තිබු බව පොලිසිය කියයි.

 



අදහස් (0)

පොහොයදා එළු මස් කන්න බැරිවෙයි

හේමන්ත Saturday, 17 September 2016 01:47 PM

මස් කෑම හැමදාටම නතර කරන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 01:54 PM

මමත් කඩේ ගියා බිත්තරයක් ගන්න. මුදලාලි මගෙන් ඇහුවා පෝයට කොහෙද බිත්තර කියලා. මමත් ඇහුවා "ඇයි පෝයට කිකිළි බිත්තර දාන්නේ නැද්ද“ කියලා. (නි)

:       0       0

විජේපාල Friday, 16 September 2016 04:04 PM

අනේ මෙහෙමත් පව්කාරයෝ? මරණින් පස්සේ කොයි ලෝකේ යන්නද මන්දා. (නි)

:       0       0

වර්නන් Saturday, 17 September 2016 03:25 PM

යම්කිසි දෙයක් වැරදි දෙයක් නම්, එය සැමදාම වැරදි වියයුතුය. පෝය දිනට පමණක් මස් කඩ සහ සුරාසල් වසාතැබීම රජය විසින් කරන බොරු රඟපෑමක් පමණි (නි)

:       0       0

වීරපන Friday, 16 September 2016 04:15 PM

පුදුම තර්කයක්...! එළුවෝ බැහැ, මාළු පුළුවන්? රාත්තල් එකසිය පනහට එළු පන එකයි මාළු පනවල් කීයක්ද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 16 September 2016 06:17 PM

ඔච්චර දවස් සිට අදම මරන්න තරම් මේ මිනිස්සු කුරිරුද? (නි)

:       0       0

රාධා Sunday, 18 September 2016 12:46 AM

ප්‍රසන්න, අපි කොහොමද දන්නේ කවදා මරපුවද කියලා? (නි)

:       0       0

වීරරත්න Sunday, 18 September 2016 03:01 AM

රාධා, කවදා මැරුවත් මේක පෝය දවසක්නෙ. (නි)

:       0       0

ජයන්ත Saturday, 17 September 2016 12:03 AM

පොහොයටවත් අසරණ සතෙකුට නිදහසේ ඉන්න නොදෙන මෙවැනි පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි (නි)

:       0       0

සජී Saturday, 17 September 2016 04:14 AM

මිනිසාට කිසිම අයිතියක් නැහැ කිසිම සතෙකුගේ ජීවිත නැතිකරන්න (නි)

:       0       0

අසෝකා Monday, 19 September 2016 08:26 AM

අපි කරන්නේ අපිවම රවටන එක. සතා මරණ එක කොහොමත් පාපයක්. එක ලොකුද පොඩිද? හරකද, මලුවද, කුකුලද කියලා නැහැ. අනික සංචාරක හෝටල්වල පෝයට මස්මාලු උයන්න තහනම්ද? ප්‍රවාහනය තහනම්ද? මස් මලු නොකාවට කිසිම අඩුපාඩුවක් වෙන්නෙත් නැහැ.එත් හැමදෙනාටම ඕනේ මස් මලු කන්න.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 16 September 2016 12:05 PM

පෝයදාට මාළු කෑවාට කමක් නැද්ද? (නි)

:       0       0

චතුරි Friday, 16 September 2016 12:25 PM

මේ වගේ මිනිස්සු කොහොමද දන්නේ අද පෝය කියලා, පන්සල පළාතේ යන්නේ නැතුව. ඒ තියා සමහරක් මිනිස්සු දන්නෙත් නැහැ තැබෑරුම වහලා තියෙනකොට හොයලා බලනවා අැයි මේ වහලා කියලා (නි)

:       0       0

ලසන්ත Saturday, 17 September 2016 09:02 AM

එළුවන් මැරීම ප්‍රාණඝතයකුත් මාළුන් මැරීම ප්‍රාණඝාතයකුත් නොවන පුදුම බෞද්ධ සමාජයක් මේක. (නි)

:       0       0

ලාල් Friday, 16 September 2016 12:58 PM

සංචාරක හෝටලයක් වෙත එළුමස් ප්‍රවාහනය කිරීම නීතිවිරෝධී වෙන්නේ පොහොය දිනය නිසාද? (නි)

:       0       0

ඔෂාන් Saturday, 17 September 2016 09:34 AM

නොකනවා නම් ඕනෑම දවසක නොකා ඉන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 92 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 596 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 58 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 560 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 274 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 804 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site