IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පැහැරගත් දරුවා හමුවෙයි : 4 ක් සැකපිට

පුත්තලම - වාන පාර නිවසකින් පසුගිය 9 වැනිදා 04 ක පිරිමි දරුවෙකු (04) පැහැර ගත් බව කියන සිද්ධියට අදාල සිව් දෙදෙනෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැහැර ගැනීමට ලක්වී තිබුනේ පුත්තලම - වාන පාර පදිංචිව සිටින මොහොමඩ් හෆීස් (අවු:04) නම්වූ කුඩා  පිරිමි දරුවෙකි.

දරුවා පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලියින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෛකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් පුද්ගලයෙකු ඉන්දීය ජාතිකියෙකි.

පුත්තලම - මන්නාරම මාර්ගයේ ත්‍රී රෝද රථයකින් දරුවාව රැගෙන යමින් සිටිය දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් දරුවා වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථානයක රඳවා සිට ඇති බවත් පොලීසිය කියයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කාන්තාවන් දෙදෙනා හා ඉන්දීය ජාතිකයා ලබන 14  වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ත්‍රීරෝද රථ රියදුර රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම ලෙසත් පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහාතා නියෝග කලේය.

DSC01796 DSC01802 DSC01805

 



අදහස් (0)

පැහැරගත් දරුවා හමුවෙයි : 4 ක් සැකපිට

රූපවතී Saturday, 10 September 2016 06:53 AM

මේවා කියවද්දී ජීවිතෙත් එපාකරවන තරම්. පව් අසරණ දරුපැටියා! මොන හිතකින්ද දෙවියනේ මේතරම් මිනිසුන්ගේ නපුරුකම් පහළවුණේ..? ඉන්දියානුවොත් අපේ අයට තාක්ෂණයෙන් අත්උදව් දෙනවා වගේ (නි)

:       0       0

අර්ජුන Saturday, 10 September 2016 07:21 AM

වැරදිකරුවන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

චන්දන Monday, 12 September 2016 07:19 AM

යුනිෆෝර්ම් එක ඇන්දට පිය සෙනෙහස හංගන්න බැරි බව. කරුණාකර කරපු ක්‍රියාව අගය කරන්න. ළමයව හොයා ගත්ත එකට.(හේ)

:       0       0

අමරවීර Saturday, 10 September 2016 08:41 AM

කොලු පැටියා මේසය උඩ තියලා නේද? රාජකාරි මේසය නේද? එක අතකට එතුමාට හොඳ නම් අපිට මොකද? (නි)

:       0       0

සජී Monday, 12 September 2016 08:14 AM

පාලම හැදුවොත් පොලිසියට නම් දිගටම වැඩ තියේවි. අතුරුදන් වුණු අය සොයන්න (බ)

:       0       0

සරත් Saturday, 10 September 2016 10:01 AM

පුත්තලම පොලිසියේ නිලධාරීන්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සංජීව Saturday, 10 September 2016 10:31 AM

ඉන්දියන්කාරයෝ මෙහෙ මොකද කරන්නේ? ඉන්දියවෙ නම් ඔය වැඩේ හරි සුලබයි. ඉන්දියාවේ ළමයි පමණක් නොවේ වැඩිහිටි පුද්ගලයන් පවා පැහැරගෙන යනවා. වකුගඩු ජාවාරම ජයට කෙරෙන ලෝකේ එකම රට (නි)

:       0       0

ෆාතිමා Sunday, 11 September 2016 05:48 PM

අපේ රටේ මිනිසුන්ට ජාති බේද නැහැ. මේ ඔක්කොම දේවල් වෙන්නේ අපේ රටේ ඉන්න පාලකයෝ සහ විදෙස් රටවල ඉන්න මිනිසුන්ගේ වැරදි වගේම, අපේ රටේ ඉන්න මිනිසුන්ගේ එකමුතුව අවබෝධ කරගන්නේ නැති නිසා (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 11 September 2016 05:58 PM

මේ ළමය ලැබුන එක ගැන සතුටුයි. නමුත් පුටුවක තියන්නේ නැතුව මේසය උඩ තියාගෙන ඉන්න එක නරකයි. ළමයින්ට කොච්චර ආදරේ වුණත් ගුරුවරු කවදාවත් ළමයින් මේසය උඩට ගන්නේ නැත්තේ, රැකියාවේ ගරුත්වය අතින් ආදර්ශමත් වියයුතු නිසා. මේ මහත්තයා හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් ආයෙත් නම් කවදාවත් කාටවත් මේසය උඩ ඉඳගන්න දෙන්න එපා. (නි)

:       0       0

ශාන්ත Saturday, 10 September 2016 03:45 PM

පොලිසීයේ කීර්ති නාමය දැන් දැන් ඉස්මතු වෙනවා. දිගටම මේ විදිහට තියාගන්න උත්සාහ කරන්න පොලිස්පතිතුමනි. දරුවාට තෙරුවන් සරණයි ! (නි)

:       0       0

අශාන් Saturday, 10 September 2016 04:03 PM

ඉන්දීය ජාතිකයන් දැන්මම වැඩ පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

ජනහිත Saturday, 10 September 2016 05:37 PM

ලංකාවේ අය මදිවාට දැන් ඉන්දියාවෙනුත් ඇවිල්ලා වැඩ පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

සෑම් Saturday, 10 September 2016 05:28 AM

කවදා හරි ලොකුවුණාම ආඩම්බරයෙන් කියන්න පුළුවන් මම ඕඅයිසී මහත්තයාගේ මේසේ උඩත් හිටියා කියලා (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 10 September 2016 06:32 PM

අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් විශිෂ්ට කාර්යයක් (නි)

:       0       0

හේවා Saturday, 10 September 2016 06:28 AM

පුත්තලම, විල්පත්තුව, ත්‍රීමලේ අනවසර පකිස්තාන් ඉන්දියන් සහ බංගලාදේශකාරයෝ පිරිලා. ඉක්මනින් මේකට පිළිතුරක් සොයන්න (නි)

:       0       0

ප්‍රිමේශිකා Sunday, 11 September 2016 01:30 AM

එට්කා ආවොත් ලංකාවේ කොල්ලන්ගේ වකුගඩු ටිකත් ඉවරයි වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 236 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 152 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 576 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 297 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 46 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 229 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site