(අංජුල මහික වීරරත්න)
2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ.
2024 යල කන්නයේ වී වගාව සඳහා යුරියා, TSP සහ MOP යන රසායනික පොහොර පිළිවෙලින් මෙට්‍රික් ටොන් 110298.1ක් මෙට්‍රික් ටොන් 27711.1ක් සහ මෙට්‍රික් ටොන් 33412.4ක් අවශ්‍ය බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර තිබේ.
ඒ අනුව 2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින්ද පොහොර ආනයනය කර පෞද්ගලික අංශය සමඟ තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායී මිලකට පොහොර අලෙවි කිරීම,2024 යල කන්නයේ දී වී වගාව සඳහා එක් ගොවියකුට වගා කරන ලද උපරිම හෙක්ටෙයාර් දෙකක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීම, නියමිත සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීම යන තීරණ කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොහොර ගැන කැබිනට් තීරණ තුනක්
sachithra Tuesday, 19 March 2024 02:21 PM
2023 මහ කන්නයේ පොහොර සල්ලි තවම නෑ. මේ යලටත් ඒ් සෙතේම තමා. බයිල විතරයි. වැඩ නෑ.....