IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොහොර තහනම ගැන කරූ කියන කතාව

(නිමල කොඩිතුවක්කු)

පොහොර තහනම ගෙන ඒමට ප්‍රථම ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් බුද්ධිමතුන්ගෙන් ලබා ගත්තේ නම් අද ඇතිවී ඇති මහා වියවුලට රට පත්නොවනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

රාජ්‍ය කරණයේ දී දුර දිග බලා සියලු පාර්ශව අගතියට පත් නොවන අයුරින් තීන්දු තීරණ ගැනීම  ඉතා වැදගත් කරුණක් බව බලධාරීන් වටහා ගත යුත බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“අද වනවිට රට ඉතාම අස්තාවර තත්ත්වයක පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව වශයෙන් අපි දකින්නේ කළමණාකාරීත්වයේ ඇති අඩුපාඩු හා තීරණ විටින් විට වෙනස් කිරීමයි. මෙය නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි.

පොහොර නොමැතිකම නිසා බොහෝ ගොවියන් ගොවිතැන අතහැර තිබෙනවා.  මේ නිසා නිෂ්පාදනයේ විශාල ලෙස පහළට වැටෙනු ඇති බව විෂේශඥයන් මත පළ කර තිබෙනවා. පිටරටින් හාල් ගෙන්වීම මෙයට විසඳුමක් ලෙස අපි දකින්නේ නැහැ.

ජන ජීවිතයට අවශ්‍ය බේත් හේත්, කිරිපිටි හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් නොමැති අපට හාල් පිටරටින් ගෙන්වීමට විදේශ විනිමය නාස්ති කළ හැකිද යන්න මෙතනදි මතුවෙනවා.  මීට අමතරව වරායේ ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 1000ක් පමණ ඩොලර් නොමැති කමෙන් හිර වී ඇති බව අපි වටහා ගත යුතුයි. කළමනාකාරිත්වය ශක්තිමත් කළ යුත්තේ එවැනි අවස්ථාවලයි.

මේ හේතුවෙන් විශාල ආහාර හිඟයකට අසරණ ජනතාව මුහුණ දී ඇති අතර ජීවන වියදම ද ඉතාමත් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. තුන්වේල ආහාර ගැනීමට නොහැකි විශාල ජනතාවක් රටේ සිටින බව සත්‍යයක් බවට අද වනවිට පත්ව තිබෙනවා’ යැයිද ඔහු එහිදි සඳහන් කළේය.



අදහස් (1)

පොහොර තහනම ගැන කරූ කියන කතාව

kamal Thursday, 02 December 2021 04:10 PM

උපදෙස් ගත්තා ඒ ලත්තේ විද්වතුන්ගෙන් ඒකයි කතාව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 808 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1417 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 540 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1513 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 813 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3304 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site