(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අතර කාන්තාවන්ද සිටින බව දැනගන්නට ඇත.
ප්‍රධාන පෙළේ සමාගම් පහක ප්‍රධාන තනතුරු දරන්නන් ද ඒ අතර සිටින බව දැනගන්නට ඇත.
2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ, කෑගල්ල හා මාදම්පේ ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්ත අංශයේ සමාගම් වෙත ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
යූරියා පොහොර මිටියක් රුපියල් 2500/= ආනයනය කර ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් 1100/= මිලකට ලබාදිය යුතුව වුවත් එම පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් 3500/= අධික මිලකට කූට ලේඛන සකසා අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය විමර්ශන කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පොහොර මෙරටට ආනයනය කර ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලබා ගත් පොහොර සමාගම් 18ක් මගිනි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොර හොරා කෑ සමාගම් පහක ලොක්කන්ට වැඩ වරදී
chandima Tuesday, 13 February 2024 10:21 PM
රටම හොරා කාපු උන්ට මහ බැංකුව හොරාකාපු උන්ට මොනවත්ම ප්‍රශ්නයක් නැතිද ?රටගිය මිනිස්සු සල්ලි එවලා ආර්ථිකය ගොඩ ඇවිත් ආයෙත් හොරා කෑමට කල් එළඹෙනතුරු චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා
Perera Wednesday, 14 February 2024 03:32 AM
අර අසූචි නැවක් එහෙම් පිටින්ම ගිලිලා රටටම වංචා කරපු තොල්බරියා ඕකුන් අතරේ ඉන්නවද ?
අප්පුහාමි Wednesday, 14 February 2024 05:57 AM
රහස් පොලිසිය අල්ලගන්න කලින් පත්තරේට නිවුස් එක දීල අල්ලනවා කියලා. රට පනින්න කල් දෙන්න එපැයි පුතා
පිටරටවැසියා Wednesday, 14 February 2024 10:09 AM
චීන අසුචි පොහොර ගෙන්නපු, රටේ ජනතාවගේ බදු මුදලින් ඩොලර් මිලියන 6.7 ක් ගිලපු රාජ්‍ය ඇමතිට සහ නිලධාරීන්ට වැඩ වරදින්නේ කවදාද ???
fairoos Wednesday, 14 February 2024 11:59 AM
රට මේ තත්වයට පත්කරපු කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
නිහාල් Wednesday, 14 February 2024 12:56 PM
ඉක්මණින් විදේශගතවන ලෙස ලබා දෙන ඉඟියයි මේ...!
ගමේ එකාලා Wednesday, 14 February 2024 08:41 PM
රටේ නායකයා අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආධාරත් හොරාකාපු දූෂිතයෙක් නම් අනික් අය ගැන කවර කතාද ?.
Bunny Preena Thursday, 15 February 2024 08:52 AM
මට කියන්න තියෙන්නේ හොරා කාපු එවුන් සහ උන්ගේ පවුල් වල එවුන් හැඳි ගෑවිලාම පලයන් කියලයි