IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පහළම ශ්‍රේණියට ජනපතිගේ ගෞරවය

ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධනත්වයෙන් අද (03) පස්වරුවේ පැවැත්විණි.

“කෑමක් බීමක් නැතිව, ආරක්ෂාවක් නැතිව පැය 10ක් 12 ක් සේවය කරන පොලිසියේ පහළම ශ්‍රේණියේ රාළහාමිට පොලිසියට වසර 150 ක් පිරෙන අද දවසේ රටේ ජනාධිපති විදිහට මම මගේ පෞද්ගලික ගෞරවය පුදකරනවා“ යැයි ජනපති උත්සවය අමතමින් කීවේය

ආචාර්ය පෙළපාලියකින් හා විවිධ සංස්කෘතික අංග වලින් උත්සවය සමන්විත විය.

GLA_2388 GLA_2411 GLA_2415 GLA_2422 GLA_2459 GLA_2467 GLA_2497 GLA_2529 GLA_2566 GLA_2575 GLA_2603



අදහස් (0)

පහළම ශ්‍රේණියට ජනපතිගේ ගෞරවය

සජී Monday, 05 September 2016 03:51 AM

පොලිසිය වගේම රටේත් පහළම ශ්‍රේණිය ගැන හිතුවොත් හොඳයි නේද? (නි)

:       0       0

ධම්ම Saturday, 03 September 2016 02:50 PM

"ජනාධිපති විදිහට මම මගේ පෞද්ගලික ගෞරවය පුදකරනවා\". මෙහි පොඩි අවුලක් තියෙනවා වගේ පේනවා. \"ජනාධිපති ලෙස ගෞරවය පුද කරනවා\" කිව්වා නම් ඇති වගේ..(රේ)

:       0       0

විද්‍යා Saturday, 03 September 2016 04:17 PM

ජනාධිපති තුමා ග්‍රාම සේවක විදිහට වැඩ කරනකොට පොලිසියට බැඳෙන අයට කොච්චර චරිත සහතික දීල ඇතිද? මගේ මස්සිනාත් එම රස්සාව කලා(රේ)

:       0       0

ජනහිත Saturday, 03 September 2016 06:04 PM

ගෞරවය පුද කිරීම හොදයි. එත් ඒ අය කරන සේවය අගයල හොද ජිවන තත්වයක් සමග බලපෑම්වලින් තොර සේවයක් කලොත් ඒ අයටත් රටටත් යහපතක් වේවි.(රේ)

:       0       0

කලුතර මහ කරූ Saturday, 03 September 2016 07:51 PM

ජනාධිපති තුමනි රාළහාමිලාගේ ගෞරවය ඔබට හිමිවෙන බව ස්රථියි. ඉහල නිලධාරීන් නියමිත වසර 4- හෝ 5 තුල ඊලග තනතුරට යනවා ඒත් රාලහාමිලා සහ සාජන්ලා අවුරුදු 25 ක් එකම තනතුරේ. මේව ගැනත් බලන්න.(රේ)

:       0       0

දුමින්ද Monday, 05 September 2016 05:58 AM

දූෂිත දේශපාලකයන් නැති රටක සුන්දර පොලීසියක්.....! (නි)

:       0       0

විමල් Saturday, 03 September 2016 11:45 PM

උපාධිධාරී පොලිස් කොස්තාපල්වරුන් 20 -30 පමණ ඉන්නවා කියා අපිට දැනගන්න තිබෙනවා. එසේ සිටී නම් ඒ අයට උසස්වීම් දෙන එකයි ලොකුම ගෞරවය (නි)

:       0       0

මාලක Sunday, 04 September 2016 12:22 AM

රැකියාවක් උසස් හෝ පහත් කර සැළකීමේ පුරුද්ද තවමත් ලංකාවේ සමහරු අතර තිබෙන බව අදහස් කියවනවිට තේරෙනවා. උසස් යැයි සැළකෙන තැනවල සිට සාපරාධී ක්‍රියා කළත් ඒවා එවන් අයට වැදගත් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 04 September 2016 01:49 AM

උපාධිධාරී කොස්තාපල්වරුන්ට හොඳ ඉංග්‍රීසි සහ දෙමළ දැනුමක් ලබාගතහොත් උසස්වීම් එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 04 September 2016 02:12 AM

ඔබතුමාගේ ඔය නිහතමානී ගතියට තමයි මම කැමති (නි)

:       0       0

ජයතු Sunday, 04 September 2016 03:03 AM

ජනතා මුදලින් යැපෙන පොලිසියේ යුතුකම ජනතාව අාරක්ෂා කිරිම මිස ඔවුන්ට තලාපෙලා හිරිහැර කිරිම නොව ධර්මය නොදැන අතරමං නිලධාරින් යහ මගට ගෙන අා යුතුයි. (බ)

:       0       0

අමල් කටාර් Sunday, 04 September 2016 05:58 AM

රථවාහන අංශයේ අය නම් හොඳට පාරට වෙලා හොයනවා. මේ සැරේ නිවාඩුවට ගිය වෙලාවෙත් තුන් හතර පාරක් පගා ගෙවන්න වුණා. නැත්තන් ලයිසන් එක ගන්නවනේ (බ)

:       0       0

ලහිරු Sunday, 04 September 2016 06:42 AM

ඔබතුමා ලෙසින්ම අනෙක් අයත් හිතනවා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

ඉලංගරත්න Sunday, 04 September 2016 06:36 AM

දැන් කාලේ ඉතින් හැමෝම අාචාර සමාචාර දක්වන්නේ ඉහළම ශ්‍රේණි වලටනේ (නි)

:       0       0

අකලංක Sunday, 04 September 2016 06:42 AM

ඔබතුමාගේ කතාව ගැන සතුටුයි (නි)

:       0       0

අසංක Sunday, 04 September 2016 07:14 AM

පොලිස් නිලධාරියා වෘත්තීය අතින් ඉහළ නිලධාරියෙක් බවට පත්කිරීම තුළින් හොඳ කීර්ති නාමයක් නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලිකත්වයටත් ලබාදීම අද කාලයට උචිත යැයි මා සිතමි. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 04 September 2016 07:33 AM

ටෙරන්ස්, ඊටකලින් අර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පත්‍රයක ලංකාව ගැන තිබෙන ටිකත් කියෙව්වා නම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 217 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 666 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1158 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 162 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 688 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 797 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site