IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පහේ කඩඉම ඉහළින්ම ජයගත්තෝ

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුහු නව දෙනෙක් මුල් ස්ථාන තුනට පත්වී සිටිති.

1) සඳුරු තත්සර බාලහේවා (198) - ගාල්ල මහින්ද විද්‍යාලය

2) මලවිආරච්චිලාගේ කවින්ද්‍යා ගිම්හානි මලවිආරච්චි

 (196) - හෝමාගම/ ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහ විද්‍යාලය., ගොඩගම.

2) ගනේවත්තගේ දොන් හෙෂාන් චානුක ධර්මරත්න (196) - රත්නපුර කරගස්තලාව විද්‍යාලය, බෙලිහුල්ඔය.

02) මුණසිංහ කුමාරගේ ජිනාලි විදුලංකා මුණසිංහ (196) - කෑගල්ල/ බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලය,හෙට්ටිමුල්ල

03) ගොඩිගොමුවගේ තමිඳු ස්වණා ද සිල්වා (195)- ගාල්ල/ ධර්මාශෝක මහා විද්‍යාලය, අම්බලන්ගොඩ.

03) පේදුරු හේවා කංකානම්ගේ ශෙනුක දුලාන්ජන ආරියප්‍රේම (195) - හම්බන්තොට/ ථේරපුත්ත ප්‍රාථමික පාසල, අම්බලන්තොට.

03) පිටිදූව ගමගේ නුරංසි රොනෙත් ගමගේ (195) රත්නපුර/ විද්‍යාකර ප්‍රාථමික පාසල, ඕපනායක.

03) මාරසිංහ ආරච්චිලාගේ ඉසුරු කැලුම් කුමාර (195) කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලය , කුලියාපිටිය.

03) විජේසිංහ ආරච්චිලාගේ සජනී සදිස්නා මැණිකේ විජේසිංහ (195) - කුලියාපිටිය/ විශාඛා බාලිකා විද්‍යාලය, කුලියාපිටිය.



අදහස් (0)

පහේ කඩඉම ඉහළින්ම ජයගත්තෝ

සංජීව Tuesday, 01 October 2013 05:34 PM

දකුණුලක මහින්දය මෙවරත් තවත් දක්ෂයෙකු බිහිකළා. හරිම සන්තෝෂයක් දැනෙනවා. සඳුරු පුතා, ඔබට ජයෙන් ජයම වේවා ! (නි)

:       0       0

ලක්මාල් Tuesday, 01 October 2013 05:37 PM

අපේ හපන්නුන්ට ජයවේව‍ා! (නි)

:       0       0

ලක්මාල් Tuesday, 01 October 2013 05:40 PM

කොළඹට කැකිරි, ගාල්ලට හකුරු... (නි)

:       0       0

කිරිහාමි Tuesday, 01 October 2013 05:42 PM

හම්බන්තොට අරහේ කවුරුත් නැද්ද? (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 02 October 2013 12:40 AM

අම්බලන්ගොඩ ධර්මාශෝකේ, ගාල්ලේ මහින්දෙ අද්‍යාපනය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ,කොහේ ගියත් ඔය ඉස්කෝල දෙකේ හොඳ උගත්තු හැම තැන්වලම ඉහලින්ම වැජබෙනවා ප්‍රගීත් ,මීගමුව (නදී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Tuesday, 01 October 2013 05:47 PM

ජය ලැබූ සියලු දූ, පුතුන්ට බුදු සරණයි.....! ධර්මාශෝක විද්‍යාලයේ දුවක්, ඒ අතර සිටීම ගැන සතුටුයි. ඉදිරියටත් හොඳින් ඉගෙනගන්න. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 01 October 2013 06:12 PM

මම නම් පස්වන ශ්‍රේණියේ දරුවකු තරම් හෝ උගතෙකු නොවේ (නි)

:       0       0

ශලින්ත Tuesday, 08 October 2013 08:53 PM

මන් ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් ලකුණු 103 ....ඕලෙවල් A -9 B -1 එලේවල් -A -3 පොඩි උන් අසමත් උනාට උන්ට බනින්න ගහන්න එපා ශිෂ්‍යත්ව විභාගයෙන් කෙනෙකුගේ බුද්දි මට්ටම මනින්න බෑ...සමත් අසමත් ඔක්කොම පුංචි උන්ට සුබ පැතුම් .(අ)

:       0       0

සිල්වා Tuesday, 01 October 2013 06:28 PM

මේ ප්‍රතිපල හරියට අපේ රටේ ඡන්දෙ වගේ. ගොඩක් දක්ෂ ළමයි විබාගය අසමත් වෙලා. මම හිතන්නේ නැහැ මේක සැබෑ ප්‍රතිපල කියලා (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 01 October 2013 06:28 PM

මටත් මතකයි මම ඉස්කෝලේ යන කාලේ සෑහෙන උත්සාහ කරලත් ඔය විබාගේ සමත් වෙන්න බැරි වුණා.මේ ළමයි සමත් වෙන්න ඇත්තේ කොපි කරලා හරි ප්‍රශ්න පත්තරේ කලින් ලැබිලා හරි වෙන්නත් පුළුවන් (නි)

:       0       0

අමිල-මොරටුව Tuesday, 01 October 2013 06:34 PM

දැන් අධ්‍යාපනයත් විකෘති කරනවා. මේ ප්‍රතිපල පිළිගන්න බැහැ. කොළඹ, කළුතර, ගම්පහ දක්ෂ ළමයින්ව පාස්වෙලා නැහැ (නි)

:       0       0

උකුස්ස Tuesday, 01 October 2013 06:39 PM

ඇයි ගාල්ල විතරක්? කුලියපිටියෙත් දෙන්නෙක්ම ඉන්නේ. කුලියාපිටිය කියන්නේ ගාල්ල වගේ දියුණු පළාතක් නෙමෙයි. මේ දරුවෝ ඔක්කොම අනාගතේ අපේ රටට මහා සම්පතක්. තෙරුවන් සරණයි (නි)

:       0       0

ජයන්ත Friday, 04 October 2013 10:47 PM

ඉහලින් සමත් කීප දෙනෙකුට දෙන ත්‍යාග හා දීමනා කඩයීම් ලකුණු ලැබූ සියලුම දෙනා අතරේ බෙදෙයි නම් කොතරම් අගේද? (නි)

:       0       0

නිමන්ත Tuesday, 01 October 2013 06:45 PM

කුලියාපිටියට ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රතිපලයක්. සබරගමුවෙන් තුන් දෙනෙක් ඉන්න එක සතුටට කරුණක්. බෙන්තර ගඟෙන් මෙහා 3 දෙනෙක් ඉන්න එකත් දකුණ ඇලජික් අයට දරාගන්න බැරුව ඇති (නි)

:       0       0

අනී Wednesday, 02 October 2013 05:44 AM

වයඹ අධ්‍යාපනය හදන්න දෙයක් නැහැනේ. ඔය හොදට තියෙන්නේ. ගුරුවරු හරියට වැඩ කළා නම් මීට වඩා හොද වෙන්න තිබුනා. (නි)

:       0       0

ශ්‍රී Wednesday, 02 October 2013 06:12 AM

ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන්නේ වයඹ පාසල් ළමයි සින්දු කියා ලංකාවේ පළවැනි තැනට ගේන්නයි. (නි)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 01 October 2013 07:10 PM

රටටම දස්කම් පෙන්වූ දුවේ පු‍තේ, භාරයි ඔබට සිරිලක් බිම අනාගතේ.. (නි)

:       0       1

භානුක Wednesday, 02 October 2013 06:33 AM

පාස් වුණත් නොවුනත් මෙතැන් ජීවිතේ අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු හරියට කරගන්න (නි)

:       0       0

රාජදුත Tuesday, 01 October 2013 07:22 PM

බස්නාහිරින් කොළඹ යන්තම් ජාම බේරාගෙන. කළුතරට මොකද වුණේ? ගමට කිරි සමග පැණි. උණුසුම් සුභ පැතුම්. (නි)

:       0       0

සුජීව Tuesday, 01 October 2013 07:25 PM

ජගත් සිරිවීර කොලොන්නාව, මමත් පහ වසර ශිෂ්‍යත්වයෙන් 196 ගත්තා.ඒත් මම අද බස් වේලා සටහන් කරුවෙක්! (නි)

:       0       0

උපුල් Wednesday, 02 October 2013 02:03 PM

දක්ෂ ලමයි සියළු දෙනාටම මාගේ හදපිරි සුභ පැතුම්. දරුවනේ මේ රටට හොද මිනිසුන් බිහිවෙයල්ලා එදාට අපි සිංගප්පුරුවක් කරමු. පොලොන්නරුවට මෙ වාගේ ජාතික ජයග්‍රහනයක් කවදා එයිද. අධ්‍යපන අමැතිතුමාලා මේවා බලන්න.(නදී)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 07:27 PM

දකුණුලකේ අග නගරේ ගාලු පුරේ සිරි !! මහින්ද විද්‍යාලයේ දරුවාටත්,අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දරුවාටත් සුබ පැතුම් ගෙනෙන අතරම මගේ මව්බිමේ ඉපදී මෙවැනි දස්කම් පාන අනෙකුත් දරු දැරියන්ටත් වාසනාබර අනාගතයක් උදා වේවා කියා පතමි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 01 October 2013 07:29 PM

පුදුමාකාර නමක් තමයි ඒකත් (නි)

:       0       0

චතුරංග Wednesday, 02 October 2013 06:52 AM

ගාල්ලට හැමදාම කෑගල්ලෙන් හොද ඇටෑන් එකක් තියෙනවා කියලා පේනවා නේද? මම ගත්තේ ලකුනු 48 යි ඒත් මට උසස් පෙළට ඒ තුනක් තියෙනවා.(නදී)

:       0       0

සදුනි Tuesday, 01 October 2013 07:30 PM

දැය බබළවන දරු පිරිසක් බිහිවෙවා! බුදු සරණයි, ඔයාලා හැමෝටම.!!! (නි)

:       0       0

අශික Thursday, 03 October 2013 07:29 AM

හැම දෙනාටම සුබ පැතුම්! ගමේ දරුවෝ මොන තරම් දක්ෂද? අපිට හරිම සතුටුයි (නි)

:       0       0

චන්දන Wednesday, 02 October 2013 07:05 AM

ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන්නේ වයඹ පාසල් අධ්‍යාපනය අතින් ලංකාවේ පළවැනි තැනට ගේන්නයි. වයඹ දූපුතුන්ගේ නැණපහන දල්වන්න අපේ ආශිර්වාදය ඔබටයි දයාසිරි මැතිදුනි (නි)

:       0       0

තරිදු Wednesday, 02 October 2013 07:10 AM

මහින්ද විද්‍යාලයේ සිසුවාට සහ මාගේ පාසල වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවා ඇතුලු සියලුම සිසුන්ට මාගේ උණුසුම් සුභ පැතුම්. එහෙත් කිව යුත්තක් ඇත. රත්නපුර කරගස්තලාව විද්‍යාලය ගැන සදහන් කිරීම වටී. මාගේ විශ්ව විද්‍යාලය ආසන්නයේ බෙලිහුල්ඔය පිහිටි අති දුප්පත් සිසුන් පැමිණෙන මෙකී පාසලට සිසුන් පැමිණෙනුයේ රබර් සෙරෙප්පු දමාගෙනය. පාසලේ සිසුන් අධ්‍යාපනය ලබනුයේ බොහෝ විට ගස් යටය. දුප්පත් දෙමාපියන්ගේ දරුවන් මෙම පාසලට පැමිණෙන අතර හරියට කෑම වේලක්වත් නොමැතිව බොහෝ දරුවන් තම අධ්‍යාපන කටයුතුවල යෙදෙනු මා පෞද්ගලිකව දැක ඇත. පාසල පවා ගොඩනැගිලි කිහිපයකින් පමණක් සමන්විත වන අතර මෙවැනි පාසලක සිසුවෙකු එලෙස විශිෂ්ඨ ලෙස සමත්වීම මාගේ සිත පිනා යන්නකි. මන්ද මෙම පාසල උදෙසා දියුණුව උදෙසා අපද දායක වූ බැවිනි. හරියට බඩට වේලක්වත් නොමැතිව ඉගෙන ගන්නා දරුවනි, ඔබට මා හිස නමා ආචාර කරමි (නි)

:       0       0

අතුල Wednesday, 02 October 2013 07:21 AM

මහින්දෙ තමයි පාසල..! (නි)

:       0       0

කුමාර Thursday, 03 October 2013 06:46 PM

මේ දරුවන්ට ආශිර්වාද කරමු .මෙහි කුහක අදහස් දාපු හැම දෙනාටම ශාප වේවා! (නි)

:       0       0

වල්පිට Tuesday, 01 October 2013 07:46 PM

ලකුණු ගැනීම බොහොම හොඳයි. නමුත් මේ ළමයින්ව කට පාඩම් කරවලා ගත්ත ලකුණුද මේ? අනාගතයට රටට මේ ළමයින්ගෙන් වැඩක් වේවි කියා හිතන්න බැහැ. මේ අධ්‍යාපන ක්‍රමයෙන් නිර්මාණශීලී අය බිහි වන්නේ නැහැ.අද ඉංජිනේරු දොස්තර උපාධි ගත්ත අයටත් පොතේ දැනුම විතරයි. අද ව්‍යාපාර වල හිමිකාරයන්ට ඕලෙවෙල්වත් පාස් නැහැ. ඒ වුනාට ඒ හිමිකාරයන් නියම නිර්මාණශීලී පුද්ගලයන් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 02 October 2013 07:49 AM

තරිදු,හොංකොං බැංකු වල ගිණුමට දා ගන්න අයටවත් ඔයා ලිපියක් යවලා බලන්න. (නි)

:       0       0

වෙනුර Tuesday, 01 October 2013 07:49 PM

මේ ප්‍රතිපල අනුව 2014 ශිෂ්‍යත්වය කරන දරුවන්ට ගොඩක් විභාගය අමාරු කරනවා. ඒක ඒ දරුවන්ට අනාගතයේ වෙන ලොකුම අසාධාරණයක් (නි)

:       0       0

වසන්ත බණ්ඩාර Wednesday, 02 October 2013 07:51 AM

මහින්දෙ ලොකු පාසලක්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 02 October 2013 07:52 AM

මෙි දරුවන්ගේ ප්‍රශ්න පත්තරත් බැලුවේ ලංකාවේ සී.අයි.ඩී. එකේ මහත්තුරුද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් නෙරන්ගම Sunday, 06 October 2013 05:43 PM

විභාගය සමත් අසමත් සියලුම පොඩි දරුවනේ නුබලට මගෙන් උණුසුම් සුබපැතුම්. .(නදී)

:       0       0

මගරි Wednesday, 02 October 2013 02:57 PM

අමිල මොරටුව - කොළඹ ,කළුතර,ගම්පහ අධ්‍යාපන පහසුකම් වැඩි උනාට ඔය ශිෂත්වය පස් වුනු ළමුන්ගෙන් වැඩි දෙනෙක් කොළඹ ඉස්කෝල වලට දැම්මත් විශ්ව විද්‍යාල වලට සිසුන් ගැනීමේ ලකුණුත් ගාල්ල,මාතර වැඩි නේද??? (ස)

:       0       0

ටෙනිසන් Tuesday, 01 October 2013 08:20 PM

අමිල, පසුගිය 29 දා එකම පවුලේ වෛද්‍යවරු හයදෙනෙක් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ හතර දෙනෙකු එකතුව තම පියාණන්ගේ අභාවයට වසරක් පිරීම නිමිත්තෙන් දානයක් දුන්නා. නමුත් එයාලා ඔය කියාපු එකම පළාතකවත් අය නොවෙයි.කිරි බොන එකාට උඩින් කැකිරි කන එකා ගියාම හිතට අමාරුයි වගේ (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Tuesday, 01 October 2013 03:42 PM

සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්... (ස)

:       0       0

අප්පු Tuesday, 01 October 2013 08:33 PM

ඔක්කොම සිංහල ළමයි උඩින්ම ඉන්නේ. (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 01 October 2013 03:47 PM

මගේ රටේ මේ සියලුම දූ පුතුන්ට සුභ පතන්නෙ, හෙට අපේ රටට වැඩදායක උගතුන් පිරිසක් බිහිවේවා යන උතුම් අරුතෙනි. (ස)

:       0       0

රෙමා Tuesday, 01 October 2013 08:33 PM

දකුණෙන් 3 යි, ගාල්ලේ, අම්බලන්ගොඩ, අම්බලන්තොට... සියලු දූ දරුවන්ට සුබ පැතුම්! (නි)

:       0       0

අමාර Tuesday, 01 October 2013 08:35 PM

ජගත් සිරිවීර, ඔබගේ ගණිත දැනුම හොඳයි (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 08:38 PM

පහෙන් දිනුම්! දහයත් දිනන්න සියලු දිරිය! ජය! දිනුවේ නැති අයත් දිනුම්! දහයේදී වැඩ පෙන්නන්න. දිරිය ගන්න. ඔබටත් පුළුවන්.සැමටම ජය. (නි)

:       0       0

කල්ප Wednesday, 02 October 2013 09:19 AM

සියලුම දුල පුතාලට සුභා පතමි. ලමා දිනයේ ප්‍රතිපල නිකුත් කිරීමෙන් අඩු ලකුණු ලත් දරුව සියලුම දෙනා මානසික අපයෝජනයට පත්වුන බවයි මගේ අදහස ඉදිරියේවත් මෙසේ නොවේවා! (නදී)

:       0       0

ජගත් සිරිවීර කොලොන්නාව Tuesday, 01 October 2013 03:54 PM

මමත් පහ වසර ශිෂ්‍යත්වෙන් 196 ගත්තා.ඒත් මම අද බස් වේලා සටහන් කරුවෙක්! (ස)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 01 October 2013 08:39 PM

මම හැමදාම පන්තියේ 1 වැනියා වුණත් 5 හේ ශිෂ්‍යත්වය සමත් වෙන්න බැරි වුණා. ඔය කියන 10 දෙනාගෙන් 3 දෙනෙක්ම කාලයකට පස්සේ මෙදා පාර සබරගමුවෙන්.මහ ඇමතිතුමාට වගේම අපිටත් ලොකු ආඩම්බරයක්.ගම්බද පාසල් වලට යටිතල පහසුකම් සලසා දීම එතුමාගේ යුතුකමක්..... (නි)

:       0       0

රණේ Tuesday, 01 October 2013 08:43 PM

මේ දරුවන් සහ සියලුම දරුවන් දිනේවා! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා !! (නි)

:       0       0

ජයා Tuesday, 01 October 2013 03:58 PM

අති විශිෂ්ටයි දරුවනේ. ඔබලා සියලු දෙනාටම සුභ අනාගතයක් කියලා ප්‍රර්ථනා කරනවා, අද වැනි ලෝක ළමා දිනයක. (ස)

:       0       0

පසන් Tuesday, 01 October 2013 08:43 PM

වල්පිට, ඔබ හරි. අපේ රටේ උගත්තු කියලා බිහිවෙන්නේ නව නිර්මාණාත්මක චින්තනයක් නැති,විෂය බාහිර දැනුම නැති එකම දේ වන පොත් කරන පිරිසක් (නි)

:       0       0

දුමින්ද Wednesday, 02 October 2013 09:32 AM

තරිඳුගේ අදහසට මගේ ආචාරය. නෙතට කඳුලුත් ආවා. හැබෑවටම අපි අගය කල යුතුයි. ගම්බද පාසල්වල ළමයින්ගේ දක්ෂතාවය ගැන. (ස)

:       0       0

රවිනාත් Tuesday, 01 October 2013 08:47 PM

සෑම පාසැලකම අඩු වැඩි වශයෙන් උත්සවාකාරයෙන් සමරනු ලබන හෙයින් සෑම දරුවෙකුම පාහේ ලෝක ළමා දිනය පිළිබඳව දැනුවත්. එවැනි දිනයක දරුවෙකුට ලැබිය යුත්තේ සතුටු විය හැකි සැනසිය හැකි තෑග්ගක්.උපරිම තරඟකාරීත්වය නිසා ඉතා අඩු ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙන ජය තහවුරු කරගන්නා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය බහුතර දරුවන්ගේ බලාපොරොත්තු කඩ කරන්නක්. එම විභාගයට මුහුන දෙන බොහෝ දරුවන් දෙමවුපිය වැඩිහිටි පාර්ශවයන් විසින් ඇති කරනු ලබන පීඩනය නිසා ප්‍රථිඵල එනතෙක් සිටින්නේ බයෙන්. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 01 October 2013 04:10 PM

මේ දරුවන් වෙනුවෙන් කලයුතු එකම දෙය නිදහස් අධ්‍යාපනය රැක ගැනීමයි. (ස)

:       0       0

ධම්ම Tuesday, 01 October 2013 04:14 PM

දයා අලහකෝන් මහතාගේ සුබ පැතුමට ඒ අරුතෙන්ම මාත් එකතුවෙනවා. ඒත් එක්කම ඔය දුලා පුතාලා ලොකු මහත්වෙලා හොඳින් ඉගෙන ගෙන පිට රටවල්වල පදිංචි වෙලා ඒ රටවල් වලට අනාගත පරපුරක් බිහි කරන්න සිත් පහල නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 01 October 2013 04:21 PM

ජගත්, 196ක් ගත්ත කියලා ඔලුව උදුම්ම ගන්නේ නැතිව ඉගෙන ගත්තනම් ඔයා අද දොස්තර කෙනෙක්. රත්නපුර දිස්ත්‍රික්කයේ දෙන්නෙක්ම පලවෙනි තුන් දෙනා අතරේ ඉන්න එක ගැන ඉතාම ආඩම්බරයි. ඔබ සැමට සුභ අනාගතයක්. (ස)

:       0       0

දීපාල් වනිගතුංග Tuesday, 01 October 2013 04:27 PM

මගේ උණුසුම් සුබ පැතුම් !! ඔය පැංචන්ට (ස)

:       0       0

බන්දුල Tuesday, 01 October 2013 04:28 PM

මටත් ලකුණු 190 තිබුනා. නමුත් මම අද රියදුරෙක්.... (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 02 October 2013 09:52 AM

මම ඔය දෙවනියෙක් ඉන්න එක් දුෂ්කර පාසලක ඉගනගත්තේ. ඒත් මම ශිෂ්‍යත්ව විභාගේ අසමත් උනා. වාසනාවට හෝ අවාසනාවට. ඊළඟට මම ගියේ ලඟම තිබුන පිරිවනකට. අද මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටවුන ඉංජිනේරුවෙක්. මගෙත් අම්ම විතරයි මට උගන්නන්න හිටියේ. ඉතින් අර නිමල් මහත්තයා කිව්වා වගේ ශිෂ්‍යත්වේ පාස් වෙන්නම ඕන නැහැ ඉහලට එන්න. මේ පණිවිඩේ මම දෙන්නේ අර ඉහලින්ම පාස් උන වාසනාවන්ත දරුවන්ට නෙමෙයි. ඉතුරු දරුවන්ට. ඔයාල අවාසනාවන්ත නැහැ. ඔයාලගේ අවස්තාව තාම මඟ එනවා. එතකන් ඉන්න.ලොකු පාසලක් ඕන නැහැ ඉහලට එන්න. කෙසේ වෙතත් විභායට පාස් වුණ සියලුම දරුවන්ට සුභ පැතුම්. (ස)

:       0       0

නන්දික Tuesday, 01 October 2013 04:30 PM

මගේ උණුසුම් සුබ පැතුම් ඔයාල ඔක්කොටම. (ස)

:       0       0

ජයන්ත Tuesday, 01 October 2013 09:16 PM

දැන් රටේ අධ්‍යාපනයට දේශපාලනය ඇවිල්ලා. රටේ ඡන්ද වගේ විබාග ප්‍රතිපල විකෘති කරනවා. (නි)

:       0       0

සමන්-ගම්පහ Tuesday, 01 October 2013 09:22 PM

මේ ප්‍රතිපල පිලිගන්න බැහැ මෙතන මොකක්හරි ප්‍රෝඩාවක් තියනවා දක්ෂ ළමයි අසමත් වෙලා ????????? මේකට හේතුව කප්පාදුව !!!!(නදී)

:       0       0

නිල්මිණි Tuesday, 01 October 2013 04:35 PM

බන්දුල ඔයාට ලකුණු 190 තිබුනේ වැඩ අටටමද? හැහැහැ...... (ස)

:       0       0

ගමගේ Tuesday, 01 October 2013 09:27 PM

දැන් ළමයි හරි බුද්ධිමත්. 11% පාස්කරන මේ විභාගේ හොද ප්‍රෝඩාවක් වෙලා. මේ ප්‍රතිඵල පිළිගන්න අමාරුයි (නි)

:       0       0

දිල්ෂානි Tuesday, 01 October 2013 04:40 PM

ගාල්ලේ දරුවන් දක්ෂ බව මෙවරත් මනාව පෙන්නුම් කළා. (ස)

:       0       0

දිසානායක Tuesday, 01 October 2013 04:40 PM

අපේ දරුවන්ට ජාතියේ ආදරය ගෞරවය පිරිනමමු. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 01 October 2013 09:45 PM

මේකත් දැන් ඡන්දය ගණන් කරනවා වගේ වැඩක් වෙලා. (නි)

:       0       0

හ.ඉන්දසර හිමි Tuesday, 01 October 2013 09:46 PM

මෝඩයන්ගේ කතා පිළිනොගෙන රටට ජාතියට ආගමට මිණි පහනක් වෙන්න. තෙරුවන් සරණයි! (නි)

:       0       0

සංඛ විජේසූරිය Tuesday, 01 October 2013 04:45 PM

ගාල්ල මහින්දයට , දකුණට , ගාල්ලට වගේම මුළු ලංකාවටම ආඩම්බරයක්.. ඉහළින්ම ලකුණු ගත් සියලුම දරුවන්ට යහපතක්ම වේවා..!! ඉදිරියටම යන්න දරුවනි, නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම දැනගෙන ඉදිරියේදී ලොකු මිනිසුන් වී රටටත්, ජනතාවටත් අවංකව සේවය කරන්න. දොඩන්දූව විජේසූරිය පවුලේ සුභ පැතුම් සියලුම සමත් දූ - දරුවන්ට පිරිනමමු. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 01 October 2013 09:47 PM

ජයන්ත, දැන් රටේ අධ්‍යාපනයට දේශපාලනය ඇවිල්ලා. රටේ ඡන්ද වගේ විබාග ප්‍රතිපල විකෘති කරනවා. අන්තර්ජාලයේ සදහන් ආකාරයට ලංකාවේ ඡන්දය දිනන හැටි කියවද්දී මගේ අගේ මවිල් කෙලින් වුනා. (නි)

:       0       0

දේශික Tuesday, 01 October 2013 04:45 PM

දැයේ හපන්නු සියලු දෙනාටම මගේ සුභ පැතුම්. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 01 October 2013 09:49 PM

1) (198) - ගාල්ල මහින්ද විද්‍යාලය..... මම හිතුවේ 2 වැනි තැන ඉදලා 10 වෙනකනුත් ඔය පාසල් වලින්ම ගනියි කියලා. (නි)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 01 October 2013 09:50 PM

රෙමා, දකුණෙන් 3 යි, ගාල්ලේ, අම්බලන්ගොඩ, අම්බලන්තොට...දකුණෙන්ම 10 යාම ආවත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිමල් Tuesday, 01 October 2013 09:50 PM

පියා මියගිය ඉතා අඩු ආදායම් පවුලක ඉපදුනු මම 1982 දී ලකුණු 136 අරෙගන සමත් උණා. මට යන්න හිතන්නවත් බැරි මධ්‍ය විද්‍යාලයකට ගියා. දිගටම ඉගෙන ගත්තා අද මම අධ්‍යාපන නිළධාරියෙක්. මම ඒ වාසනාව ලැබුනේ ශිෂ්‍යත්ව විභාගය නිසා. දරුවනේ අර 190 හා 196 ගත්ත මග යන්න ඒපා. හැබැයි මම කියන්නේ නැහැ රියදුරු කම හා වේලා සටහන් කම නරක රැකියාවක් කියලා. හැබයි ඒ දෙන්නා නිවැරදි ලෙස ඉගෙන ගත්තා නම් ඔය වගේ තමන් කරන රැකියාව අවතක්සේරු කරන්නේ නැහැ. එම රැකියාව අන් අයට වඩා හොදින් කරලා කරලා ජනතාවට සේවය කරනවා.(නදී)

:       0       0

රනා Tuesday, 01 October 2013 04:52 PM

සුබ පැතුම්. 9 න් 4 ක් සබරගමුවේ. ආඩම්බරයි. (ස)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 01 October 2013 09:53 PM

ගාල්ලේ මහින්දයේ දරුවාටත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දරුවාටත් ගාල්ලට දුන් මේ කීර්තිය වෙනුවෙන් මගේ ප්‍රණාමය!දිල්ශානි.ඔයාට වඩා සතුටු වෙන කෙනෙක් ඉන්නවා. (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 01 October 2013 04:53 PM

මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබ සැමට.... (ස)

:       0       0

සම්පත් Tuesday, 01 October 2013 04:55 PM

පොඩ්ඩන්ට ජයවේවා. මේ උනන්දුව ජීවිත කාලෙම තියාගන්න. (ස)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 01 October 2013 09:55 PM

ලංකාවෙන්ම නීති විබාගය ඉහලින්ම සමත් වුනේ අහවල්ලු කියල කියපු රටේ 5 වසර,10 වසර,12 වසර විබාග වලටත් දෙවියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

සුප්‍රා Tuesday, 01 October 2013 10:03 PM

"රවිනාත්" මහතා කියන දේ මන් අනුමත කරනවා , මගේ පොඩි දුවත් 183ක් මේ පාර ගත්තා , ලොකු දුවත් මේ වගේ ලකුණු ගත්තා අවුරුදු 02 කට කලින්. අපි නම් පවුලක් ව්දියට දිනුම්, නමුත් මට හරිම දුකක් දැනෙනවා දෙමව්පියන් බහු තරයක් මේ පොඩි දරුවන්ට දෙන දුක දැකලා. මන් අදහස් කරන්නේ විබාගය නවත්වන්න කියන එක තමයි. (නදී)

:       0       0

සුප්‍රා Tuesday, 01 October 2013 10:03 PM

"රවිනාත්" මහතා කියන දේ මං අනුමත කරනවා, මගේ පොඩි දුවත් 183ක් මේ පාර ගත්තා. ලොකු දුවත් මේ වගේ ලකුණු ගත්තා, අවුරුදු 02 කට කලින්. අපි නම් පවුලක් විදියට දිනුම්. නමුත් මට හරිම දුකක් දැනෙනවා දෙමව්පියන් බහුතරයක් මේ පොඩි දරුවන්ට දෙන දුක් දැකලා. (නි)

:       0       0

සරත් Tuesday, 01 October 2013 10:06 PM

අපි දකුණින් ඉස්සර කරමු (නි)

:       0       0

ඉන්දු Tuesday, 01 October 2013 05:12 PM

ජය ලැබූ සියලු දූ, පුතුන්ට බුදු සරණයි.....! (නි)

:       0       0

දර්ශන් Tuesday, 01 October 2013 05:21 PM

සැබෑ දක්ෂයෝ. සමහර ප්‍රශ්න හරිම අමාරුයි. හොඳට මොලේ තියෙන්න ඕනෑ. 196 අරන් ජගත් ඔයා මොන පාසලටද ගියේ? (නි)

:       0       0

හොද හිත Tuesday, 01 October 2013 10:35 PM

දකුණට, සබරගමුවට, පළාත් වලට බෙදෙන්නේ නැතුව සෑම දරුවෙකුටම එක විදිහට සුභ පතන්න. 196 ගත්තත් අද මෙහෙමයි 190 ගත්තත් අද මෙහෙමයි කියන්නේ තමන්ගේම වැරැද්දට මිසක් වෙන දෙයකින් නෙමෙයි. පොඩි කාලේ වගේම දෙමාපියන් ළමයින්ට හරි මග පෙන්නනවා නම් ළමයින් ඒ දේවල් ඇහුවා නම් ඔහොම වෙන්න තිබුණ ඉඩ අඩුයි. (නි)

:       0       0

මසූඩ් Tuesday, 01 October 2013 10:38 PM

සමත් සියලුම දරුවන්ට සුබ පැතුම්! ලකුණු සිමාව ගන්න අසමත් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ අයගෙන් ඉල්ලා සිටින්නේ දරුවාට තරවටු කරන්න එපා, එය ඉදිරි ඉගෙනීමේ කටයුතු වලට බලපෑමක් (නි)

:       0       0

මංජුල රියාද් Tuesday, 01 October 2013 05:23 PM

මමත් ලකුණු 190ක් ගත්තා 1995දි. දැන් රටෙත් නැහැ (නි)

:       0       0

කිත්සිරි Tuesday, 01 October 2013 10:40 PM

ලෝක ළමා දිනයේදී ප්‍රතිපල පිටකිරීම එතරම් සුදුසු නැහැ,අසමත් වුණ ප්‍රමානය සමත් අයට වැඩිය බොහෝ වැඩි නිසා. ළමා දිනයේදී හඬා වැටෙන බොහෝ ළමයි දකින්නට පුළුවන් වුණා (නි)

:       0       0

දිල්ශානි Tuesday, 01 October 2013 05:25 PM

ගාල්ලේ මහින්දයේ දරුවාටත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දරුවාටත් ගාල්ලට දුන් මේ කීර්තිය වෙනුවෙන් මගේ ප්‍රණාමය! (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 05:26 PM

මේ දරු දැරියන්ට මගෙත් උණුසුම් සුබ පැතුම් ! (නි)

:       0       0

ලලිත් Tuesday, 01 October 2013 10:57 PM

මේ ජයගත් දරුවෝ රටේ ඉන්න දක්ෂ දරුවෝ. මේ අයට උසස් අධ්‍යාපනයක් දෙන්න වියදම් කරන එක රටේ සංවර්ධනයට දමන අත්තිවාරමක්. වැඩි මුදලක් වියදම් කරලා ජාතික පාසල් පවත්වාගෙන යන්නේ මේ වගේ දරුවන්ට උගන්වන්න. වෙන රටවල නම් මෙයට යන්න මැග්නට් පාසල් තියෙනවා. නමුත් ලංකාවේ ජාතික අදායමෙන් වැඩි මුදලක් වෙන්කරලා පවත්වාගෙන යන ජාතික පාසල් වල ඉඩ ලැබෙන්නේ මේ දක්ෂ දරුවන්ගෙන් කීයෙන් කීදෙනාටද? ඒවට යන්නේ ගුරුවරුන්ගේ පුත්තු, ආදි ශිෂ්‍යයන්ගේ ළමයි, පන්දම්කාරයින්ගේ ළමයි, අසල්වාසීන්ගේ ළමයි, මුදලාලිලාගේ ළමයි...සියයට සියයක්ම ශිෂ්‍යත්වය සමත් අය ගන්නට බැරිනම් වෙනත් මාර්ග වලින් ඇතුල් කරගන්න අයටත් ඒ හා සමාන විභාගයක් තියා සමත් වුනු ළමයින්ගෙන්වත් ඇතුල් කරගන්නවා නම් ජාතියට මීට වැඩියෙන් උගතුන් පිරිසක් බිහිවෙයි. (නි)

:       0       0

බංඩාර Tuesday, 01 October 2013 10:59 PM

සුපර් ස්ටාර් රැල්ලට අසු නොවූ මේ දරුවන්ට ජය වේවා (නදී)

:       0       0

සිල්වා Tuesday, 01 October 2013 05:32 PM

ශිෂ්‍යත්වයට වැඩියෙන් වටින්නේ උසස් පෙළයි. එනිසා දැන්මම ඒ ගැන හිත්නන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 464 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 70 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 449 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 262 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 965 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 929 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21629 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21296 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site