IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පහේ දරුවා මාස තුනක් තිස්සේ ගෙදර

පහේ පන්තියේ ගුරුවරියක නිසා තද බල කාංසාවක් වැළඳුණු බව කියන මොරටුවේ පාසලේ සිසුවාගේ දෙමාපියන් පිළියන්දල කලාප  කාර්යාලයට ගෙන්වා අද (12) පැය පහක පමණ විමර්ශනයක් පැවැත්වූ බව එම කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

සිද්ධිය ගැන මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් හා දරුවාට ඇතිවූ තත්ත්වය ගැන ප්‍රකාශක් ගැනීමට කොට්ඨාස කාර්යාලයට එන්නැයි පසුගිය සිකුරාදා (09) පෙරවරු නවයට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස් එම් රජිතා විතානගේ මහත්මිය ලිඛිතව දන්වා තිබිණි.

ඒ අනුව එම දරුවාගේ දෙමාපියන් එහි ගිය බවත්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගේ ප්‍රධානත්වයෙන් තිදෙනෙකුගේ කමිටුවක් කලාප කාර්යාලය අසළ පාසලක පන්ති කාමරයක දී ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පෙරවරු 10.30 දෙමාපියන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වී ඇති අතර එය අවසන් වී ඇත්තේ සවස 3.30ටය.  විමර්ශනයේ දී දරුවා පාසලට ඇතුළත් වූ දා පටන් සියලු තොරතුරු සටහන් කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු දුන්නේ කෙසේදැයි හා මාධ්‍යයට තොරතුරු දුන්නේ තමන්ගේ කැමැත්තෙන්දැයි විමර්ශන නිලධරයකු විමසා ඇති අතර දෙමාපියන් පවසා ඇත්තේ තම කැමැත්තෙන් මාධ්‍යයට තොරතුරු දුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයේ තොරතුරු පළවීමෙන් සෙතක් නොවන බවත්, මින් පසු මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙසත් එහි නිලධාරයකු පවසා ඇත.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ දරුවාට යහපතක් කිරීමට නම් පූර්ව නිගමන මත පිහිටා විමර්ශන සිදු නොකළ යුතු බවයි.

දරුවා මාස තුනක් තිස්සේ නිවසට වී සිටින බවත්, හැකි ඉක්මණින් ඔහුට පාසලක් ලබා දිය යුතු බවත් කී ස්ටාලින් මහතා දරුවා රෝගියකු වීමට හේතුවූ පිරිස සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කළ යුතු බවත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන්නැයි මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

මාධ්‍යයට තොරතුරු නොදෙන්නැයි විමර්ශන කණ්ඩායමේ නිලධරයකු දෙමාපියනට උපදෙස් දුන්නාදැයි පිළියන්දල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගෙන් කළ විමසීමක දී ඇය පැවසුවේ ඒ ගැන ප්‍රකාශයක් දීමට තමා බැඳී නැති බවයි.

‘මම රාජ්‍ය සේවකයෙක් . අපිට ප්‍රකාශයක් දීමේ හැකියාවක් නෑ. මා බැඳී සිටින්නේ ලේකම්ට. මේ සම්බන්ධ වාර්තාව අඟහරුවාදා (13) ලේකම්ට යවනවා.‘

සබැඳි පුවත්

පහේ පන්තියේ ගුරුවරිය දෙකේ පන්තියේ වැඩක් කරයි

පහේ පන්තියේ දරුවාගේ ප්‍රශ්නය ගැන විමර්ශනයක්



අදහස් (0)

පහේ දරුවා මාස තුනක් තිස්සේ ගෙදර

හේරත් Monday, 12 May 2014 08:35 PM

අනේ ඔව්. ඉස්සර ගුරුතුමන්ලයි දැන් ගුරුවරුයි කොච්චර වෙනස්ද? (නි)

:       0       0

චින්තක Monday, 12 May 2014 08:43 PM

ආඩම්බර කතා කියන්න පෙර තමන් ජීවත් වන්නේ මහජන මුදලින් බව මතක් තියාගන්න. (නි)

:       0       0

සුවාරිස් Monday, 12 May 2014 09:05 PM

මෙන්න දණගස්සන්න නියම නිලධාරීන් (නි)

:       0       0

මොරටුවේ සුනිල් Monday, 12 May 2014 09:28 PM

මේ කතන්දරේ අපටත් ටිකක් ආරංචියි. අර තීන්ත ගාන්න පොල්ගෙඩිය කඩපු දරුවාගේ කතාවේ අන්තිමට වුණේ මොකක්ද? ඒ වගේ මෙහි සත්‍ය ඉදිරියේදී හෙළිවෙයි. එතකන් වටිනා ගුරුවරුන්ට අපහාස නොකර ඉඳිමු. (නි)

:       0       0

රවින්ද්‍ර Tuesday, 13 May 2014 06:07 PM

අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසලකත් මේ ප්‍රශ්නය තිබෙනවා. පන්තිභාර ගුරුතුමෙක් සහ ගුරුතුමියක් 2015 ටියුෂන් පන්ති වලට මේ අවුරුද්දේ ප්‍රතිඵල 'මාකට්' කරන්න බලාගෙන තරඟයට ළමයින්ට ගහනවා. දරුවෝ කිහිපදෙනක්ම පාසල් යන්න බැහැ කියලා මානසිකව පසුබෑමකට ලක්වෙලා. (නි)

:       0       0

ශිරෝ Tuesday, 13 May 2014 11:59 AM

දරුවන්ට පාසැල එපා කරවන ගුරුවරුන් ඕනෑ තරම් ඉන්නවා. වරදක් කළත් දරුවන් දරුවන් බව සිත කටයුතු කළ යුතුයි.දරුවන් මානසිකව වට්ටන, සමච්චල් කරන ගුරුවරු අද ගොඩක් ඉන්නවා. ඉස්සර හිටියේ ගුරු දෙවිවරු.දයාබර ගුරු මවුපියවරුනි, දරුවන් මානසිකව පහළට ඇද දමන්න එපා.(නි)

:       0       0

ඩෙලා Tuesday, 13 May 2014 07:34 PM

මේ අය ගුරු හොරු (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 13 May 2014 12:40 PM

අධ්‍යාපනයේ ගොඩක් නිලධාරීන් පත් කරන්නේ දේශපාලනයෙන්නේ... (නි)

:       0       0

ලලිත් Tuesday, 13 May 2014 12:45 PM

මේ වගේම දෙයක් මටත් සිද්ධ වුණා (නි)

:       0       0

කරුණාජීව Monday, 12 May 2014 07:04 PM

මේ නිලධාරීන් කියන කට්ටිය ඉන්නවා නේද? කියලා වැඩක් නැහැ! (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 13 May 2014 08:03 AM

සුනිල් අපේ ගුරුවරුන්ට අදත් අපි දන නමස්කාර කරනවා. මේ කතා කරන්නේ උද්දච්ච නිලදාරීන් ගැන.(දිල්)

:       0       0

එච්. Tuesday, 13 May 2014 02:44 PM

මේ අය ගුරුවරුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2799 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2026 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2891 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2898 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 658 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1306 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site