IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පහේ පන්තියේ ගුරුවරිය දෙකේ පන්තියේ වැඩක් කරයි

පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා තද බල කාංසාව වැළැඳී ඇතැයි වෛද්‍යවරුන් සහතික කර ඇති මොරටුවේ පාසලක දරුවකු මාස තුනක් තිස්සේ පාසලක් අහිමිව නිවසට වී සිටින බව ඔහුගේ මව කියන්නීය.

එම සිසුවාට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සටීමේ අවස්ථාව ද අහිමිවේ යැයි මව සහ පියා කනස්සල්ලෙන් පසුවෙති.

මේ දරුවාට බැන වැදී අපහාස කරන ගුරුවරිය සිටින පාසලෙන් ඔහු වහා සුදුසු පාසලකට යවන්නැයි මනෝ වෛද්‍ය විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් රාජසූරිය මහතා නිර්දේශ කර ඇත.

දරුවා මොරටුවේ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, පන්ති භාර ගුරුවරිය දරුවාට නිතර බැන වැදී පහර දෙන නිසා ඔහුට පාසලේ දී නොදැනුවත්වම මුත්‍රා පිටවන බවත්, උපකාරක පන්තිවල දී හා දහම් පාසලේ දී එලෙස මුත්‍රා පහ නොවන බවත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි කළත් පාසල් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් එම මව විසින් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට යැවුණු ලිපියේ සඳහන්ය.

එම ලිපියේ පිටපත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් අධ්‍යක්ෂට යැවුවත් මෙතෙක් කිසිත් සිදුවී නැත.

දරුවා පාසල් නොඑවන ලෙස පාසලෙන් දැනුම් දුන් පසු සති තුනක් නිවසේ තබාගෙන සිටි බවත්, ඉන් අනතුරුව මාර්තු තෙවැනි සතියේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු කළ බවත් මව්පියෝ කියති.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 19බී වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සිසුවාට නිතර මුත්‍රා පිටවීමට හේතුව තදබල කාංසා තත්ත්වයක් බවත්, පන්ති කාමරයේ දී පමණක් එම තත්ත්වය ඇති වීමට හේතුව එම පරිසරය තුළ ඔහුට ලැබෙන තදබල විවේචන සහ අපහාසාත්මක කවටකම් බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් එම විද්‍යාලයයේ විදුහල්පතිනියට සහ පන්තිභාර ගුරුවරියට ලිඛිතව දැනුම් දී ඇත.

එම දරුවා විවේචන සහ අපහාසාත්මක කවටකම්වලින් ආරක්ෂා කර, ඔහුගේ ඉගෙනුම් පරිසරය සකසා දෙන ලෙසත්, එම තත්ත්වය තවදුරටත් සකස් කිරීමට වෛද්‍ය කණ්ඩායමක් පාසල වෙත පැමිණ උපදෙස් ලබා දීමට සූදානමින් සිටින බවත් එම ලිපියේ සඳහන්ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරිය විසින් පන්ති භාර ගුරුවරියට යැවුණු ලිපියේ දැක්වෙන්නේ මෙම දරුවාට කිසිදු බුද්ධි උණතාවක් නොමැති බවයි.

මේ දරුවා සම වයසේ දරුවන්ට වඩා ඉහළ බුද්ධි මට්ටමක් ඇති දරුවකු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මානසික සෞඛ්‍ය සංවර්ධන සහකාරවරයකු විසින් නිකුත් කැරුණු ලිපියක සඳහන්ය.

දරුවාට දිගින් දිගටම බලපෑම් එන නිසා එම පාසලට යෑම ඔහු ප්‍රතික්ෂේප කරන බවත්, ඒ වෙනුවෙන් වෙනත් පාසලක් ඉල්ලුවත් මේ වන තෙක් ප්‍රතිචාරයක් නොමැති බවත්, දැන් තුන්මාසයක් තිසේ දරුවා නිවසට වී සිටින බවත් මව කියන්නීය.



අදහස් (0)

පහේ පන්තියේ ගුරුවරිය දෙකේ පන්තියේ වැඩක් කරයි

විරාජ් ඒකනායක Tuesday, 06 May 2014 09:34 AM

මේ වගේ ගුරුවරියක් බොරලැස්ගමුව පැත්තේ ප්‍රාථමික පාසලකත් පහේ පන්තිය බාරව ඉන්නවා. පොළොන්නරු පැත්තෙන් ආ කාන්තාවක්. පොඩි ළමයින්ට කතාකරන්න දන්නෙ නැහැ (නි)

:       0       1

ට්‍රයිකෝ රන්ජිත් Tuesday, 06 May 2014 05:38 PM

සුදුසුකම් නොමැතිව ලොකු දේශපාලන බලපෑම් මත රැකියා ලබාගෙන එන අයගෙන් තමා බොහෝවිට මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ. පිටුපස තිබෙන ලොකු දේශපාලන හස්තය නිසා බියක් සැකක් නොමැතිව ඕනෑම දෙයක් කරනවා (නි)

:       0       0

නිලන්ති Tuesday, 06 May 2014 09:12 AM

ඇයි මේ විදියට ගුරුවරු හැසිරෙන්නෙ. රටේ අනාගත දරුවන්ගෙ ඇස් පාදන්නෙ මොවුන් නේද? අතීතයේ නම් ගුරු දෙවිවරු ලෙස හැදින්වුයේ. ඒත් දැන්? අනේ මන්දා.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 09:13 AM

මේ ගුරුවරියත් පිටිපස්ස දොරෙන් රිංගාගත්ත කෙනෙක්ද දන්නේ නැහැ. මව්පියන්ට පස්සේ ඉන්න උතුම් පඬිරුවන ගුරුදෙගුරුයි. මේ ගුරුවරියව වෛද්දවරයෙකුට පෙන්නුවොත් හොද නැද්ද? (නදී)

:       0       0

වන්නිගමගේ, රත්නපුර Tuesday, 06 May 2014 09:16 AM

ගුරු පත්වීම් ලබා දෙනන් කලින්, ගුරුවරුන් පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට සුදුසු කාලය පැමිණ ඇත. දරුවන් දූෂණය කිරීම, අපයෝජන කිරීම, ශාරීරිකව මෙන්ම මානසිකව ද දැන් නිතරම පාසල් වල සිදු වෙනවා. අධ්‍යාපන බලධාරීන් මේ ගැන මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුයි. එසේ නොවුණහොත් අනාගත පරපුර මානසික රෝගීන් වෙනවා අනිවාර්යයි. ගුරුවරුන්ට අධ්‍යාපන මනෝවිද්‍යාව හා ළමා මනෝ විද්‍යාව පිලිබඳ ගුරු පත්වීම දෙන්න කලින් අවබෝධයක් ලබාදිය යුතුයි. (ස)

:       0       1

සිංහ Saturday, 10 May 2014 06:13 AM

ගුරුවරියට හොඳ දඩුවමක් දෙන්නයි තියෙන්නේ ආයෙත් මේ වගේ වැඩ නොකරන්න (නි)

:       0       1

සමන් සන්දර Tuesday, 06 May 2014 09:38 AM

මේ වගේ ගුරුවරු නිසා රට පුරාම පාසල් වල ඉන්න වැදගත් බුද්ධිමත් ගුරුවරුන්වත් දොස් නැගෙනවා. ලංකා දන්ඩ නිති සංග්‍රහයේ නව සංසෝධනයට අනුව කටයුතු කිරිමට පොලිසි යන්න. ළමා ආරක්ෂක ඒකකයට පැමිණිලි කරන්න. දරුවාගේ අනාගතය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු දමිය යුතුය. (ස)

:       0       1

මානගේ Tuesday, 06 May 2014 10:36 AM

තමන් ඉගෙන ගෙන තිබුණට ඒ සුදුසුකම් වලින් ගුරු පත්වීමක් ලැබුණත්, උගන්වන්න දන්නේ නැත්නම් සමාජයට සෙතක් වෙන්නේ නැහැ. ඉගෙනීම සහ ඉගැන්වීම හඳුනන්නේ නැති ගුරුවරු. (ස)

:       0       1

මහවැලි Tuesday, 06 May 2014 09:54 AM

සමරනායක,ස්තුතියි මගේ මතකයත් දිගහැර දුන්නට. මේකේ වීඩියෝ පටය මට ලැබුනේ ඉන්දියානු මිතුරෙකුගෙන් 1978 දී වගේ.(http://www.baiscopelk.com/taare-zameen-par-2007) ලින්ක් එකට ගිහිල්ල බලන්න පුළුවනි. “ටාරේ සමීන් පර්“ "ස්ටාර්ස් ඔන් අර්ත්" "මිහිමත දිලෙන පුංචි තරු " දෙමව්පියන් විසින් නැරඹිය යුතු කාලීන චිත්‍රපටයක්. පාසල් දිවියේ සුවදායක මිහිරියාව නිතැතින්ම ආවර්ජනය කරන්නෙකි. ආමීර්කාන් රංගනය සහ අධ්‍යක්ෂණය. (ස)

:       0       0

මධුභාෂිනී Tuesday, 06 May 2014 06:51 PM

මේ දරුවාගේ දෙමාපියන්ට දෙන පණිවුඩය නම්, " ළමා හා කාන්තා කාර්යංශයට" රෝහල් වාර්තා සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. විදුහල්පති සහ අදාළ ගුරුවරියට විරුද්ධව නඩු පැවරීම කළ හැකිය. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 06 May 2014 10:51 AM

ගුරු වෘත්තියට නුසුදුසු මේ කාන්තාව වහාම මානසික රෝහලකින් ප්‍රතිකාර දී විශ්‍රාම ගැන්විය යුතුයි. (ස)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 06 May 2014 11:18 AM

හරිම කණගාටුදායක පුවත් තමයි ගුරුවරුන් ගැන අහන්න ලබෙන්නෙ. පුංචි ළමයි න්ගේ මල් වගේ හදවත් තේරුම්ගන්න බැරි ගුරුවරුන් ගැන මොන කතාද?ගුරුවරුන් පිරිහීමට ලක්වෙනකොට සමාජය යන්නේ කොයිබටද? (නි)

:       0       0

කුමාරි Tuesday, 06 May 2014 10:48 AM

මම මේ දරුවා ගැන ලිපිය මීට පෙර බැලුවා. මේ දරුවා වයසට වඩා බුද්ධිමත් දරුවෙක්. මේ ගුරුතුමියගෙ වරදින් අහිංසක දරුවෙක්ගෙ ජීවිතේම විනාශ වෙනවා.දරුවෙක් ගැන සෙනෙහසින් හිතන්න බැරි මේ ගුරුවරියව සේවයෙන් ඉවත් කළ යුතුයි. (ස)

:       0       1

ලලින්ද Tuesday, 06 May 2014 11:37 AM

ගුරුවරු මීට වඩා පොඩි දරුවො ගැන ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන සැළකිලිමත් විය යුතුමයි. දරුවන්ට බනින්නේ ගහන්නේ ඔවුන්ව හදන්න කියලා ඇඟ බේරගන්න බැහැ. ඒක ගුරුවරුන්ගේ මානසික තත්ත්වයේ ගැටළුවක්. ගහන්න බනින්නත් නිසි වයසක් තිබෙනවා. දෙක තුන වසර වල නොදරුවන්ට කරුණාව අත්‍යවශ්‍යමයි. (නි)

:       0       0

හිරෝෂි සෝමරත්න Tuesday, 06 May 2014 10:56 AM

කවදා හරි ගුරුවරියට පව් ගෙවන්න වෙයි පුතේ ඔබ සියලු ශක්තිය අරගෙන හොදින් ඉගෙන ගන්න (දී)

:       0       1

පෙරේරා Tuesday, 06 May 2014 08:17 PM

ගුරු වෘත්තියට සුදුසු නොවන ගුරුවරියක් නිසා ඇයට වෙන තැනක පත්වීමක් දුන්නොත් හොඳයි (නි)

:       0       0

කමනි Tuesday, 06 May 2014 11:52 AM

ගුරු වෘත්තියට සුදුසුකම් නැති අය සේවයට බදවා ගත්තම අහිංසක දරුවන්ගේ ජීවිත අදුරු වෙනවා. වහාම මෙවන් ගුරුවරු ගැන ලැබෙන පැමිණිලි විභාග කරලා දඩුවම් දෙන්න ඕන. එහෙම නොවුණොත් උගතුන් වෙනුවට ලංකාවට නුගත් සමාජයක් නඩත්තු කරන්න වෙනවා. (ස)

:       0       0

කුමාර Tuesday, 06 May 2014 11:04 AM

පන්ති කාමර වල රහස් කැමරා තිබුනානම් හරි. වෙන්නේ මොනවද කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන්. වර්තමානයේ අඩුමුදලකට ඒවා මිලදී ගන්න පුළුවන්. සියලුම පාසල්වලට බැරි උනත් පුළුවන් තරමකට හරි (දී)

:       0       0

චානි Tuesday, 06 May 2014 11:35 AM

ගුරු තනතුරට සුදුසු වන්නේ උගත්කම, විචාර බුද්ධිය සහ මානුෂික ගතිගුණ වලින් හෙබි මේ තවත් රැකියාවක් පමණක් නෙවේ යයි සිතන උදවිය. මේවට නුසුදුසු අය පත්වුණාම මේ ඒවායේ ප්‍රතිපල තමා. මේ අයට වරදට දඬුවමක් තියා ඉන්න පාසලෙන් මාරුවක් වත් නැහැ. ඒ වෙනුවට අසරණ සිසුවාට මාරුවක් ලැබෙනවා. (ස)

:       0       1

කුසුම් Tuesday, 06 May 2014 11:57 AM

අනාගත පරම්පරාවක් නිර්මාණය කිරීමේ භාරදුර වගකීම දරන ගුරුවරයා, දැනුමෙන් මෙන්ම නව යහපත් ආකල්ප වලින්ද යාවත්කාලින විය යුතු බව මගේ අදහසයි. අධ්‍යාපනයෙන් පමණක් නොව, මනා පෞරුෂයකින් යුත් පුරවැසියන්ද රටක සිටිය යුතුයි යන්න ඔවුන් අවබෝධ කර ගත යුතුයි. නමුත්, ගුරුවරුන් පිටම වැරැද්ද පටවමින්, ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්නා කුඩා දරුවා උපරිම ලකුණු ලබා ඉතා ඉහලින් සමත් කරවීමට, ගුරුවරයාගෙන් උපරිමය බලාපොරොත්තුවන මව්පියන්, ගුරුවරයින්ගේ දැඩි බව හමුවේ, ඔවුන්ටම දොස් නැගීමටත් පුරුදුවී සිටිනවා. උසස් පෙළ විභාගයට වත් නොමැති තරඟකාරිත්වය ශිෂ්‍යත්ව විභාගයට තිබෙන නිසා එම ගුරුවරුන්ද විශාල පීඩාවකින් සිටිනවාට සැකයක් නැත. තමුන්ගේ ළමයා කරන, කියන සියලු දේ එක හෙලා අනුමත කරන මව්පියන් මෙහි දෙපැත්තක් ද ඇති බව වටහා ගත යුතුයි. (ස)

:       1       0

පෙරේරා Tuesday, 06 May 2014 01:28 PM

එකම ළමයෙකුට විතරක් මොකද මේ තත්වය? ගිහිල්ල ගුරුවරිය හම්බවුනාද දෙමවුපියන්? ළමයාගේ තත්වය ගැන ඉස්කෝලෙට ගිහිල්ල සාකච්ඡා කළද? පන්තියේ අනිත් ළමයින්ගේ දෙමවුපියන් සමග කතා කළාද? පෙනෙන විධියට මේ දෙමවුපියන් සහ පාසල අතර සම්බන්ධතාවය දුර්වලයි. (ස) ඒ එක පැත්තක්. අනිත් පැත්ත තමයි සමහර ඉස්කෝලවල ගුරුවරු ටිකදෙනෙක් ඉන්නවා බරපතල මානසික ආබාධ තියෙන. ළමයින් සමග කටයුතු කිරීමට සහ ළමා මානසිකත්වය අනුව අවස්ථාවන්ට උචිතවෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් නැති එහෙම ගුරුවරයෙකුට ළමයින් ගැන දැනෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් සොයල බලල කටයුතු කලයුතු අවශ්‍ය පිළියම් යෙදිය යුතු කාරණයක්.

:       0       0

කුමාර Tuesday, 06 May 2014 01:49 PM

කුඩා දරුවන්ගේ ජීවිත මරා දමන මෙවැනි ගුරුවරුන්ට නිසි දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

නිමල් ලලිත Tuesday, 06 May 2014 07:12 AM

මෙම පුවතේ හැටියට ගුරුවරිය ගැන පියවරක් ගත යුතුයි.නැත්නම් දරුවාට පාසලක් ලබා දිය යුතුයි.දරුවාගේ මානසික තත්ත්වය ගැන සහතික කරන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් මිස වෙන කෙනෙක් නොවේ. සිංහල අයිතිය ගැන හඬ නගන සංවිධාන වල නායකවරුනි, මේ සිංහල දරුවාට පිහිට වන්න. (නි)

:       0       1

සනත් ගුනවර්දන ස්විස් Tuesday, 06 May 2014 01:44 PM

බොහෝ ගුරුවරියන් ගුරුවරුන් බාල පන්තිවල ක්‍රියා කිරීම නිතර දකින පුවතක්. රැකියාව දීමට පෙර ඔවුන්ට පෙරහුරුවක් සහ ගුරු වෘත්තීය ගැන පහදා දීම කළහොත් වටිනවා. (ස)

:       0       0

පාලිත Tuesday, 06 May 2014 02:34 PM

පාසැල් වල සමහර ගුරුවරුන්ගේ තත්වය මේක නම් කිසිම පාලනයක් නැතුව හා තමන්ට වෙන කරන්න දෙයක් දන්නේ නැති නිසා ලේසිම දෙය මොන්ටිසෝරි කිරීම කියලා හිතාගෙන අතන මෙතන පෙර පාසල් දමාගෙන ඉන්න, සමහර පෙර පාසල් ගැන කවර කතාද? (ස)

:       0       0

සරත් උඩුගම Tuesday, 06 May 2014 08:06 AM

මෙම ගුරුවරිය මානසික වෛද්‍යවරයෙක් ලගට යොමු කළ යුතුයි.(නදී)

:       0       0

ලලිත් Tuesday, 06 May 2014 07:20 AM

ඔවුන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා ඇති. (නි)

:       0       0

සහන් Tuesday, 06 May 2014 03:20 PM

ඒක නම් සහතික ඇත්ත පාලිත. ඇයි ළමා අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ අපි? මුළු අනාගතයම ඉවරයි මුල වැරදුනොත්. (ස)

:       0       0

නිමල් Tuesday, 06 May 2014 08:14 AM

අද බොහෝ පාසල් වල මෙය සාමාන්‍ය සිදුවීමක් වෙලා. 5 වසරේ ළමුන්ට නොව හා හා පුරා කියා පාසලට ඇතුල්වෙන 1 වසරේ ලමුන්ටත් වේවැල් පහර දෙමින්, බැන වදිමින්, බිය ගන්වමින් මට්ටු කරන ගුරුවරියන් ගැන නිතරම අහන්න ලැබෙනවා. මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දැනුවත් කිරීමෙන් අනතුරුව එය තදබල වැරැද්දක් බව ඔවුන්ද පිලිගන්නා නමුත් කිසිම දෙමව්පියකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විධිමත් විමර්ශනයක් කිරීම මගහැරී ඇති බව දැන ගන්නට ලැබුණි. මෙසේ පැමිණිලි කිරීමට දෙමව්පියන් ඉදිරිපත් නොවන්නේ එතැන් පටන් එම ළමයාට අදාල ගුරුවරයාගෙන් පමණක් නොව සමස්ථ ගුරු පරපුරේම කෙනෙහිලිකම් වලට මුහුණ පෑමට සිදුවන නිසාවෙනි. පන්තිවලට තීන්ත ගෑමට සහ එස් පහ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට කියා පසුගිය වසරේ අයථා ලෙස මුදල් එකතු කළ ගුරුවරියක සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාල දෙමව්පියන්ගේ දරුවන් දිගින් දිගටම පාසැල තුලදී කෙනෙහිලිකම් සහ කොන් කිරීමට ලක් වන බව අදාල ගුරුවරිය දෙමව්පිය රැස්වීමකදී වාර්ථා කරන ලද්දේ තමන් මහා වීර ක්‍රියාවක් කළ පරිද්දෙනි. කුඩා ළමුන්ගේ මනස අවුල් කරන මෙවැනි අකටයුතුකම් සම්බන්ධව නිර්නාමිකව ඉදිරිපත් කරන පැමිණිලි භාර ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩපිලිවෙලක් යොදන්නේ නම් මෙවැනි පහත් පෙලේ වැඩ අවම කරවීමට මහගු පිටිවහලක් වේවි. (ස)

:       0       0

මාලක Tuesday, 06 May 2014 11:51 PM

ඌරු ගොවිපළක දාන්න තිබුණේ. (ස)

:       0       0

අයිරාංගනී Tuesday, 06 May 2014 08:18 AM

ඇත්තටම ගුරුවරුන්ගේ කරුණාව දරුවන්ට තිබීම වැදගත් (නි)

:       0       0

සමරනායක Tuesday, 06 May 2014 07:39 AM

මෙවැනි ගුරුවරු රැකියාවෙන් ඉවත් කළ යුතුය. 'ටාරේ සමීන් පාර්' කියලා හින්දි චිත්‍රපටයක් තිබෙනවා. එය නරඹන්න. (නි)

:       0       0

අමාලි Tuesday, 06 May 2014 03:38 PM

මෙයා ගුරුවරියක් නෙවේ. අනිවාර්යයෙන්ම ළමයා ගුරු දිනේට තෑගි ගිහින් දෙන්න නැතුව ඇති. (ස)

:       0       0

සරාම් Tuesday, 06 May 2014 07:51 AM

මෙවැනි සියුම් කරුණු තේරුම් ගැනීමට සහ නොපෙනෙන කරුණු විද්‍යාත්මකව තේරුම් ගැනීමට ඉහල නිලධාරීන්ට බුද්ධිය සහ උගත්කම් නොතිබීමේ පලවිපාක තමයි මේ . රටේ හැම අංශයකම ගුණාත්මක භාවය පෙර නොවූ ලෙස විනාශ වෙලා ,නොසලකා හැරලා. (ස)

:       0       0

ජයන්ත Tuesday, 06 May 2014 03:41 PM

සමස්ත ගුරුවරුන්ටම බනින්න එපා (දී)

:       0       0

නිශාන්ත Tuesday, 06 May 2014 07:59 AM

සමහර ගුරු වෘත්තියේ යෙදෙන සුළු පිරිසක් නිසා අර දණ ගස්සන කෙනාට ලකුණු වැටෙනවා. සමරනායකගෙ අදහස හොද දෙයක්. සියළුම ගුරුවරු බලනවා නම් හොදයි. (නදී)

:       0       0

සැම් Tuesday, 06 May 2014 08:52 AM

ගෙදර තියෙන ප්‍රශ්න පාසැලට අරන් ඇවිත් ළමයි පිටින් යවන ගුරුවරු ඕනතරම් ඉන්නවා. මටත් ඔය වගේ වැඩක් උනා උසස්පෙළ රසායන විද්‍යාව පන්තියේදී.(නදී)

:       0       0

චන්දිම Wednesday, 07 May 2014 01:35 AM

ඔය දරුවා වෙන පාසලකට දාන්න. ඕකට නං දාන්න එපා කොහොමටවත්. ඉස්කෝලේ අනිත් ළමයි 13 වසරෙන් පස්සෙත් ළමයට විහිලු කරලා ඔය ළමයාගේ ජීවිතේම කාලකන්නි කරනවා. ඔය ඉස්කෝලෙන් පුළුවන් තරම් ඈත ඉස්කෝලෙකට දාන්න. ඔය ඉස්කෝලේ නං තියන්න එපා අම්මේ තාත්තේ (ස)

:       0       0

පිටිගල Tuesday, 06 May 2014 04:03 PM

මෙවැනි තිරස්චීන වැඩ කරන්නේ තමන්ගේ ආරක්ෂාවට කවුරු හරි ඉන්න බව යටි හිතේ තියෙන අය. අනිවාර්යයෙන්ම මේ ගුරුතුමිය පිටුපස බලවත් අදිසි හස්තයක් ඇතැයි මට සිතේ. (ස)

:       0       0

සන්ධ්‍යා Tuesday, 06 May 2014 09:04 AM

මේ වගේ කෙනෙක් ගල්කිස්ස පළාතේ විදුහලකත් ඉන්නවා. 5 වසරට උගන්වන්නේ. හරිම අමානුෂික ගුරුවරියක්. නමුත් අසරණ මිනිසුන්ට ඒ ගැන කියන්න තැනක් නැහැ (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 06 May 2014 04:20 PM

වර්තමානයේ ගුරු ශේත්‍රයේ නොහොබිනා කතා ටිකක් අහන්න ලැබුනා (දී)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 06 May 2014 09:04 AM

ගුරුකම යනු දෙවිකමයි.මෙය සමහර ගුරුවරුන් විසින් තේරුම් නොගැනීම දරුවන්ගේ අවාසනාවයි. (නි)

:       0       0

ගුනේරිස් Tuesday, 06 May 2014 08:28 AM

ඔය කියන ගුරුවරිය අවිවාහකද ? මේ අයව මානසික වෛද්‍යවරයෙක්ට යොමු කිරීම අත්‍යාවශ්‍යයි. (ස)

:       0       0

ගයි Tuesday, 06 May 2014 09:20 AM

ඇයට සාංකාව, කාන්සිය ඇතිවෙන්න ඇති (නි)

:       0       0

රංගන විරාජ් පාලිත Tuesday, 06 May 2014 09:26 AM

පාසලක දරුවන්ට එක හා සමානව සැලකිය යුතුයි. මේ ගුරුවරිය තමන්ගෙන් විය යුතු සමාජ සේවය අමතක කිරීම කනගාටු දායකයි.මමත් මොරටුවේ. අපේ ගමේ මෙහෙම වෙන එක ලොකු කනගාටුවක්. (ස)

:       0       0

අමිල පීරිස් Tuesday, 06 May 2014 08:44 AM

මගේ දුව තුන වසරේ, අලුත් පන්තිබාර ගුරුතුමියක් සමග ජනවාරි පාසල් අරඹා සති දෙකක් යනකොට පාසල් යන්න බැ කියල කියන කොට අහල බැලුවා.දුවගෙන් පන්තිබාර ගුරුතුමී ළමයිට බනිනවා, ගහනවා කිව්වා පොත් විසි කරනවා කිව්වා. දෙක වසර ගුරුතුමී දඩුවම් දුන්නා. ඉගැන්නුවා. ගොඩක් ළමයි තුන වසර ගුරුතුමී අමානුෂික ලෙස සලකන නිසා පාසල් යන්න බැ කියල බොහෝ දෙමාපියන් කියා සිටියා. මගේ දුව වාඩිවන පුටුව අරන් තිබුණා ගුරුතුමිගේ හෑන්ඩ් බැගේ තියාගන්න. පැය දෙකකට වැඩි වෙලාවක් දණ ගහගෙන පන්තියේ පාඩම් වැඩ කරලා තියනවා. පසුව ගුරුතුමී මට අමතක වුණා කියල පුටුව දීල තියනවා. මේ ගුරුතුමී ළමයිගේ දෙමාපියන්ට පාසලට එන්න කියල, මේ ළමයි ඉගෙනීමට හරිම දුර්වල නිසා මගේ පුද්ගලික පන්තියට දාන්න කියල. දැන් තුන වසරේ ගුරුතුමිගේ පුද්ගලික පන්තියට පාසලේ සිටින ගුරුතුමී පන්තියේ ළමයි ඔක්කොම යනවා. ගුරුතුමිගේ අමානුෂික සැලකීමත් දැන් නැ. දුවත් ආසාවෙන් පාසල් යනවා. (ස)

:       0       0

පද්මේ Tuesday, 06 May 2014 09:33 AM

හැම කතාවකම පැති 2ක් තිබෙනවා. සමහරවිට ගුරුවරියගේ කතාව මීට වෙනස් ඇති.මෙවැනි දඬුවම් කරන එක අනුමත කරන්න බැහැ.දෙමවුපියන්ටත් වගකීමක් තියනවා.මගේ පුතාගේ පන්තියේ ඉන්නවා මව පියා දෙදෙනාම වෛද්‍යවරුන් වන ළමයෙක්.ළමයාගේ කෑම පෙට්ටියවත් අස්කරලා නෙමෙයි පසුවදා එවන්නේ.පොත්පතුත් හරිම අපිළිවෙලයි. ගුරුවරුන් ළමයින්ට දඬුවම් දිය යුතුයි.දඬුවම් නොකර හදන ළමයි තමයි ලොකුවුණාම වැරදි වැඩ කරන්නේ.හතරේ පන්තියේදී මගේ පන්තිභාර ගුරුවරයා සුභාෂිතයේ කවි 4ක් මතකයෙන් කිව්වේ නැහැ කියලා එක පේළියකට එක ගානේ අත් දෙකට 16 පාරක් වේවැලෙන් ගැහුවා.මම ගෙදර ගිහිල්ලා කිව්වෙත් නැහැ.එයින් පස්සේ බුද්ධාගමට ලකුණු සීයක් ගත්තා.මට දඬුවම් කළ සර් අදටත් හමුවුණාම අපි දෙන්නටම ඒක මතකත් නැහැ, පුතේ කියලා කතාකරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 241 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1276 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1551 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2227 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2910 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35234 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site