IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පහේ හපනා කිඹුල් පැටව් මුදා හරී

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ පිහිටි පරීක්ෂණාගාරයකදී උපත ලද ගැට කිඹුල් පැටවුන් 18 දෙනකු ස්වභාවික පරිසරයට මුදා හැරීම මෙවර ශිෂ්‍යත්වයෙන් ශ්‍රී ලංකාවෙන් ම තුන්වැනියා වූ ෂෙනුක දුලංජන ආරියප්‍රේම සිසුවා අතින් සිදුකැරුණි.

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වුවහොත් කිඹුල් පැටවකු ලබාදෙන ලෙස ඔහු මව්පියන්ගෙන් කලින් ඉල්ලීමක් කැර තිබිණි. ශ්‍රී ලංකාවේ කිඹුලන් දැඩි ආරක්ෂිත සත්ත්වයෙකි. ඇතිකිරීම, ඇල්ලීම හෝ වාසස්ථාන විනාශ කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ හේතුවෙන් ෂෙනුක ඉල්ලා ඇත්තේ ඉටු කළ නොහැකි ඉල්ලීමකි. මේ බව දැනගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිඹුල් පැටවුන් නිදහස් කිරීමේ අවස්ථාව ෂෙනුකට ලබාදුන්නේය.

පසුගිය අගෝස්තු මස 11 දා බේරුවල කළුවාමෝදර ගං ඉවුරේ තිබී හමුවූ කිඹුල් බිත්තර 32 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හියාරේ වනජීවී සංරක්ෂණ සංගමයට භාර දී තිබිණි. කිඹුලියක් ස්වභාවික පරිසරයේ කූඩුවක් තනා බිත්තර රක්නා ආකාරයෙන් මෙම බිත්තර වලට අවශ්‍ය පරිසර තත්ත්වයන් කෘතිමව ලබාදීමෙන් පසු ඉන් පැටවු 18 දෙනකු බිහිවූහ. පැටවු සියලුදෙනාම නිරෝගී සුවයෙන් සිටිති.  



අදහස් (0)

පහේ හපනා කිඹුල් පැටව් මුදා හරී

ලාල් Tuesday, 29 October 2013 09:16 PM

කට්ටිය කොරහෙත් කිඹුල්ලු දකිනවා.මේ පැටවු ටික මේ පැටියට නොකියා බිත්තර ආරක්ෂා කරලා හියාරෙට ගෙනල්ලා උන්ව බෝකරපු අහිංසක හිත් ඇති නිලධාරීන්ට අවලාද නොකියා අහිංසක පොඩි එකාට බනින්නේ මොකද? (නි)

:       0       0

සංක පෙරේරා - ඩුබායි Tuesday, 29 October 2013 10:30 AM

මට නම් හරි බයයි. ,මුන් ලොකු වුණහම කී දෙනෙකුගේ ජීවිත නැති වෙයිද ???? (ස)

:       0       0

ඩයස් Tuesday, 29 October 2013 10:43 AM

කිඹුලා අපේ පරිසරයට අත්‍යවශ්‍ය සතෙක්. මේ කිඹුල් පැටවූ ගංඟාවකට හෝ ලොකු ජලාසයකට මුදා හැරියා නම් හොඳයි. (ස)

:       0       0

අරුණ Tuesday, 29 October 2013 10:44 AM

මිනිස්සු වගේද? කිඹුලෝ හා හා දෙමුකෝ පුළුවන් උත්තර. (ස)

:       0       0

උපාලි Tuesday, 29 October 2013 11:16 AM

පාලකයන්ගේ කිඹුල් කදුළු දැකල මේ ඉල්ලීම කරන්න ඇති. (ස)

:       0       0

කුමාරි Tuesday, 29 October 2013 12:07 AM

පුතේ! ඔයාට ජයෙන් ජය පතනවා. මට නම් හරි බයයි. දැන් රටේ හැමතැනම හරියට කිඹුල්ලු. (නි)

:       0       0

රොෂාන් Tuesday, 29 October 2013 04:36 PM

ගොඩක් හොඳ වැඩක් කරලා තියෙනවා. නමුත් මේ පැටවූ නිදහස් කරපු වයස ටිකක් අවදානම් වයසක්. මොකද ඔය වයසේදී අනික් විලොපිකයන්ගේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්. (දිල්)

:       0       0

උපාලි Tuesday, 29 October 2013 12:34 AM

මේ දරුවට කවදාහරි තමන් කළ දේ ගැන පසුතැවෙන්නවත් එවැනි දේ අහන්නවත් සිදු නොවේවා! (නි)

:       0       0

චමත් (ඉතාලිය) Tuesday, 29 October 2013 01:05 AM

ඔයාගේ ඔය ප්‍රාර්ථනාව ඉටුවුණා වගේම අනෙක් ප්‍රාර්ථනාත් ඉටු වෙන්න කියලා සුභ පතනවා. ඒ අහිංසක ඉල්ලීම ඉටු කළ දෙමාපියන්ටත් වන ජිවියේ නිහතමානි නිලධාරීන්ටත් ජයම වේවා! (නි)

:       0       0

දර්ශන් Tuesday, 29 October 2013 11:44 AM

කිබුල් ෆර්ම් එකක් ඇති කරලා මසුත් අරන් ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්නේ. කිබුල් ෆර්ම් බලන්න එන අයගෙන් ටිකට් සඳහා හොඳ මුදලකුත් අය කරන්න පුළුවන්නේ. (ස)

:       0       0

එදිරිසිංහ Tuesday, 29 October 2013 01:11 AM

මේ සේවය අනුමත කරන්න බැහැ. ෂෙනුක දරුවාගේ දෙමාපියන් මීට වඩා ආදර්ශවත් දෙයක් ශෙනුකට ලබා දෙන්න තිබුනා. (නි)

:       0       0

මොහාන් Tuesday, 29 October 2013 11:55 AM

මේකේ අදහස් දාපු වැඩි දෙනෙක් වන ජීවී සංරක්ෂණ භාරය කරමින් සිටින සද් ක්‍රියාවන් ගැන දැනුමක් නොමැති බව පෙනෙනවා. (ස)

:       0       0

ගුණරත්න Tuesday, 29 October 2013 02:51 AM

අනේ පුතේ. උන් ලොකු වුණහම නම් අල්ලන්න යන්න එපා හොදේ (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 03:39 AM

ඇති කළා වගේ නොවේ ,මුන් ලොකු වුණහම කොහේහරි ජලාශයකට මුදා හරින්න වෙනවා. (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 29 October 2013 05:32 PM

කිඹුලන්ව වන උද්‍යාන වල තියාගන්න, අැළ දොළ ගංගාවල මිනිහෙකුට ගැහැනියෙකුට ළමයෙකුට නාන්න පුළුවන් ද මේ කිඹුල්ලු නිසා? (නි)

:       0       0

සුසන්ත Tuesday, 29 October 2013 05:19 AM

එතකොට ලංකාවේ අනෙක් ළමුන්? (නි)

:       0       0

බී. Tuesday, 29 October 2013 05:43 AM

ළමයාගේ ඉල්ලීම සරල එකක්.මම නම් හිතන්නේ මේ ළමයා ඉල්ලලා තියෙන්නේ කිඹුලා බනිස් (වියන් රෝල්) එකක් (නි)

:       0       0

සංජීවිකා Tuesday, 29 October 2013 01:25 PM

හරියට හරි මොහාන්, මේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනීම ගැන පුදුම හිතෙනවා. විකාර අදහස්නේ දාන්නේ. (නි)

:       0       0

චින්තක Tuesday, 29 October 2013 06:27 AM

හොද වැඩක් (නි)

:       0       0

රූපා Tuesday, 29 October 2013 08:18 AM

මේ පුතාගේ ප්‍රසන්න සහ සංවර පෙනුමෙන්ම කියන්න පුළුවන් , එයා දියුණු මනසක් ඇති ළමයෙක් බව. දෙමව් පියන්ගෙන් ඉල්ලා සිටින්නේ, කිඹුල් සතුන්ගේන් නොව, මිනිස් කිම්බුලන්ගෙන් දරුවා ප්‍රවේශම් කර ගන්න. (නදී)

:       0       0

ජගත් Tuesday, 29 October 2013 08:22 AM

කිඹුලා කාපි නම් තමා වැඩේ.(නදී)

:       0       0

සුමේධ Tuesday, 29 October 2013 08:32 AM

මිනිස්සුන්ට විතරක් මේ පරිසරය අයිති නැහැ. (නි)

:       0       0

රෝහිත Tuesday, 29 October 2013 08:44 AM

ඔබ අනාගතයේදී පරිසර විද්‍යාඥයෙක් වේවා! (නි)

:       0       0

අවන්ත Tuesday, 29 October 2013 08:54 AM

රූපා, ඔයාට අනාවැකි කියන්නත් පුලුවන්ද?පුදුම දක්ෂයෙක් නේ අනේ ඔයා. (ස)

:       0       0

සම්පත් Tuesday, 29 October 2013 09:08 AM

මේවා අනුමත කරන්න බැරී දේවල් ළමන්ගේ ආසාවල් යථාර්තවාදී වෙන්න ඕනේ. කිඹුල බනිසක් නම් කමක් නැහැ .මේකෙන් කිඹුලෙක් ලොකු වෙලා ළමයෙක් කීවොත් මනුස්සයෙක් කීවොත් මොකද කරන්නේ. (ස)

:       0       0

බන්දුල Tuesday, 29 October 2013 09:24 AM

ඔබගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා! (නි)

:       0       0

පාලිත Tuesday, 29 October 2013 09:25 AM

සුභ අනාගතයකට යන ගමනක ආරම්භය.ජය වේවා ! (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 29 October 2013 09:26 AM

පුතේ, මේ කිඹුල්ලු ‍ලොකු වුණාට පස්සේ එහෙම උන්ව හුරතල් කරන්න යන්න එපා (නි)

:       0       0

ඩෑම් Tuesday, 29 October 2013 09:28 AM

"හපොයි මාළු"? (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 29 October 2013 09:30 AM

එදිරිසිංහ,මොකක්ද මේ වැඩේ තිබෙන වරද? දරුවාගේ ඉල්ලීමේ තිබෙන අපහසුතාව දරුවට පැහැදිලි කරලා, තරමක් හෝ ඊට ළං වූ අවස්ථාවක් දරුවට ලබා දීලා. නිකන්ම නිකන් තෑග්ගකට වඩා මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලබාදීම හොඳයි. (නි)

:       0       0

සිතු Monday, 11 November 2013 03:41 PM

හැම ළමයෙක්ම කිඹුල්ලු මුදා හරින්න ගියොත් තමා වැඩේ. (ස)

:       0       0

ජනක Tuesday, 29 October 2013 09:44 AM

චමත්, කුඩා දරුවන්ගේ ළමා මනස තේරුම් නොගැනීම සහ විහිළුවට ලක්කිරීම ගැන කණගාටුයි (නි)

:       0       0

ගජබා Tuesday, 29 October 2013 09:55 AM

ඉතා හොඳ ක්‍රියාවක්. වනජීවී නිලධාරීන් වගේම දෙමව්පියන්ද ඉතාමත් බුද්ධිමත් ලෙස දරුවාගේ අදහසට විකල්ප අවස්ථාවක් ලබා දී තිබෙනවා. කිඹුලන් අනතුරුදායක වන්නේ උන්ගේ වාසභූමි වෙත අපි ඇදී ගිය නිසයි. මේ සතුන් අපි සියලු දෙනාගේ සම්පත් බවත් ඒවා අපි රැක ගත යුතු බවත් මගේ හැගීමයි...!! (නි)

:       0       0

කලන Tuesday, 29 October 2013 09:56 AM

මේක අනුමත කරන්න බෑ. කී දෙනෙකුගේ ජීවිත නැති වෙයිද මේකෙන්, අර අහිංසක අලි ටික පරිස්සම් කරන්න ක්‍රමයක් හදන්න. අඩුම ගානේ අලි නිසා සංචාරකයෝ එන, කිබුලෝ බලන්න එනවද. (ස)

:       0       0

ප්‍රසාද් පරණගම Tuesday, 29 October 2013 10:04 AM

මල්ලි, ඔයාට ජයෙන් ජය පතනවා. මට නම් හරි බයයි. දැන් රටේ හැමතැනම හරියට කිඹුල්ලු. (නි)

:       0       0

හේමන්ත Tuesday, 29 October 2013 10:05 AM

පරිසරයට කිඹුලන්ගෙන් විශාල යහපතක් සිදු වෙනවද? දකින අහන තරමක් තියෙන්නේ මිනිසුන්ව ගිල දැමු කිඹුලන් ගැනයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4208 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 1 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 53 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 121 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 276 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 271 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site