IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පිළිකා ඖෂධ 10 ක - ඖෂධ නිෂ්පාදන 13 ක - වෛද්‍ය උපකරණ 02 ක මිල අඩුවෙයි

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත.

තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ සහ අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.

මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි.

පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ, 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීතිඥ සරත් ලියනගේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඇතුලු සරසවි ආචාර්ය මණ්ඩලය, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (17)

පිළිකා ඖෂධ 10 ක - ඖෂධ නිෂ්පාදන 13 ක - වෛද්‍ය උපකරණ 02 ක මිල අඩුවෙයි

සතයපාල Saturday, 01 September 2018 06:53 AM

මෙයාගේ සමහර වැඩ ගැන එකඟ වෙන්න බැරි වුණත් ඖෂධ මිල පහළ හෙලමින් රෝගී ජනතාවට සහන සැලසීම සඳහා ගන්නා උත්සාහය අගය කළ යුතුයි.

:       0       0

upali Saturday, 01 September 2018 07:20 AM

මැතිවරණයක් ළඟ එනවද?

:       638       663

MadawaSaturday, 01 September 2018 09:46 AM

ඔබ ගැන නම් කියලා වැඩක් නැහැ මහත්තයා...

:       0       0

paathakayaa Saturday, 01 September 2018 01:13 PM

උණ වැඩි වුනාම විකාරයෙන් දෙඩවීම ස්වභාවික දෙයකි.

:       0       0

Prasad Saturday, 01 September 2018 02:17 PM

දේශපාලන වහලෙක් වෙන්න එපා, හොඳ වැඩ අගය කරමු. මගේ තාත්තට දියවැඩියාව, බෙහෙත් මිල අඩු කිරීම අගය කරනවා. අනික උපාලි ඔයා වගේ දේශපාලන වහල්ලු මේ හැම පක්ෂයකම ඉන්නවා. මේක දේශපාලකයා දන්නවා. එ්ක නිසා බය නැතුව මහජන දේපල හොරාකනවා. මොකද කොච්චර ඔප්පු කරලා පෙන්නුවත් හොරා කියලා වහල නොවේ පිළිගන්නේ. වහලට ලැබෙන ඉටිගෙඩියකුත් න‍ැහැ. සියලු සැප, සම්පත් හොර දේශපාලකයාට.... එ්ත් වහලා, තමාගේ දෙවි දේශපාලකයා සැපවිඳිනවා බලලා සතුටු වෙනවා.

:       0       1

ShanSaturday, 01 September 2018 09:30 PM

මේ වගේ මිනිස්සු එක්ක මොන සංවර්ධන ද? හොඳ දේ හොඳ හැටියට දකින්න නිහතමානී වෙන්න හොඳ අධ්‍යාපනයක් ලබාගන්න.

:       0       1

බද්රානි Saturday, 01 September 2018 07:57 AM

මෙය හොඳ වැඩක් තමයි. එ්ත් මේ රටේ පවතින දොස්තර මාෆියාව හා ඊට සම්බන්ධ අපේ රටේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට පැටවීමේ ජාවාරම පිටුපස සිටින (එමගින් විශාල මුදල් සම්භාරයක් ගසාකන) වෛද්‍යවරු ගැන ඔබ දැනුවත්ද? ඒ වගේම රජයෙන් වැටුප් ලබන වෛද්‍යවරු රාජකාරී වේලාවන් තුළදී, (විශේෂයෙන් හවස් වරුවේදී) රෝහල තුළ නොසිටීම ගැන ඔබ දනුවත්ද? ගලහ රෝහලේදී, වෛද්‍යවරු දෙදෙනාගේ නොසැලකිල්ලෙන් දරුවෙකු මිය යාම ගැන ඔබතුමා දනුවත්ද? දැන් එය දරුවාගේ නූගත් දෙමව්පියන් පිටපැටවීමට තරම් දොස්තර මාෆියා සංගමය උත්සාහ දරමින් සහ මධ්‍යම පළාතේම ජනතාවට ප්‍රතිකාර නොකර සිටිනවා (වැඩ වර්ජනය කර) යයි කීමට තරම් මොවුන් සාහසික වී ඇති බව ඔබ දන්නවාද? හසරක් නොමැති නායකයෙක් සිටින රටක, උසස් අධ්‍යාපන ඇමැතිතුමාව ආදර්ශයට රැගෙන, කොන්ද කෙලින් තබාගෙන, මේ රටේ ජනතාව මේ භයානක මාෆියා කල්ලි වලින් මුදා ගන්නා ලෙස ඔබතුමාට ආයාචනය කර සිටිමු.

:       1520       918

senaSaturday, 01 September 2018 02:40 PM

දොස්තර මාපියාව නැතිකරන්න නීතියට බැහැ එක කරන්න පුළුවන් සාමාන්‍ය මිනිසුන්වන අපි එකමුතුවිමෙන් පමනයි - දොස්තරරලා ස්ට්‍රයික් කරන හැම අවස්ථාවකම මහා ජනතාව විසින් දොස්තරලාට දෙන සේවාවන් නවත්තන්න ඕනේ එතකොට එයාලා හරියාවි.

:       0       0

කරුණාපාල Saturday, 01 September 2018 09:42 AM

මහත්තයෝ, මේ රටට දැඩි අවශ්‍යතාවයක්ව පවතින බල්ලන්ට දෙන බෙහෙත් වල මිල අඩුකිරීමක් කලේ නැද්ද? මේ රටේ සුළුතරයකගේ අවශ්‍යතාවයන් වලට වඩා බහුතරයකගේ අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වුවොත් නේද වඩා හොඳ?

:       0       0

Samathasena A . Aluthgamage. Saturday, 01 September 2018 01:30 PM

මේ සත්කාර්යය සඳහා මුල්වූ ඇමතිතුමා ඇතුළු සියලුම දෙනාට අනේක වාරයක් ස්තුති වේවා ! මෙවන් ආදර්ශ ලෙඩුන්ගේ ජීව්ත බිල්ලට දී ස්ට්‍රයික් කරන දොස්තර වරුන්ට හොඳ කනේ පහරවල් වෙනවාට කිසිදු සැකයක් නැහැ. හොඳ කරුණාවන්ත දොස්තර මහත්වරුන්ට අපගේ ආචාරය. ඒත් එවන් දෙවිවරුන්ටත් අකමැත්තෙන් වුවත් ස්ට්‍රයික් කරන්න සිදුවෙන්නේ සමහර අකාරුණික නරුමයන්ගේ දැඩි බලපෑම් නිසයි. ඔබතුමා මෙන්න මේ දේ වටහා ගෙන මේ හොඳ දොස්තර මහත්වරු ටික ඒකෙන් මුදවා ගෙන ජනතාව සුවපත් කිරීමට උපකාර වන්න. එය විශාල පින්කමක් වේවි.

:       0       15

shantha silwa Saturday, 01 September 2018 01:37 PM

දියවැඩියාවට ගන්නා " සිටා "ත් අඩු කලානම් ගොඩක් පින්.

:       0       0

prasad Saturday, 01 September 2018 02:18 PM

දේශපාලන වහලෙක් වෙන්න එපා, හොද වැඩ අගය කරමු, මගේ තාත්තට දියවැඩියාව, බෙහෙත් මිල අඩු කිරීම අගය කරනවා අනික උපාලි ඔයා වගේ දේශපාලන වහල්ලු මේ හැම පක්ෂයකම ඉන්නවා, මේක දේශපාලකයා දන්නවා ඒක නිසා බය නැතුව මහජන දේපල හොරා කනවා, මොකද කොච්චර ඔප්පු කරලා පෙන්නුවත් හොරා කියලා වහලා නොවේ පිළිගන්නේ.

:       0       0

රවිඳු Saturday, 01 September 2018 03:04 PM

හැබැයි බද්රානි මේක අර තරුණ කැම්පස් ළමයින්ට කනේ පාරවල් ගහලා නතර කරන්න පුළුවන් විදිහේ මාෆියාවක් නෙමේ මෙතන තිබෙන්නේ, මේකට හොඳ ඉන්ජක්ෂන් හා දැඩි ශල්‍ය කර්මත් කරන්න අවශ්‍ය වෙනවා.

:       0       0

Chandana Saturday, 01 September 2018 04:41 PM

ඉතාමත් උසස් ජාතික මෙහෙවරකි. කිසිවෙකු මෙය අවතක්සේරු කරන්නේ නම් ඔහු මනුසත් ගුණය සහිත සැබෑ මිනිසෙකු නොවනු ඇත. දැනට මාස කිහිපයක සිටම ඖෂධ ගණනාවකම මිල අඩුවී තිබෙන බව අපට දැනේ. ජනතාව දැනුවත් කිරීමට තව පියවර ගතයුතුවේ.

:       0       1

NIMMI Saturday, 01 September 2018 09:02 PM

ලෙඩ්ඩුන්ට බෙහෙත් මිල වටිනවා උනාට, නිරෝගී අයට යහපත් සමාජයක් වටිනා බව බද්‍රනිගේ අදහසින් අවබෝධ උනා වගේම, බෙහෙත් වලට වඩා දොස්තර මාෆියාවෙන් ගැලවීම ජීවිතයට ආරක්ෂාවක් බව මට වැටහුනා. ලංකාවේ ලෙඩ්ඩුන්ට ප්‍රථමයෙන් ජානමය ප්‍රශ්න ඇති දොස්තරලට බෙහෙත් දීමට ප්‍රමුඛත්වය ගැනීමට නේද සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කල යුත්තේ. දිනපතා අපි දකින මාධ්‍ය ප්‍රවෘත්ති සාකච්චා වලින් පේනවා. දොස්තරලා මොනතරම් මානසික විශාධියකින් පෙලෙන පුද්ගලයින්ද බව හා ඔවුන් දරුණු මානසික රෝගීන් වන බව.

:       0       0

විකුම් රංගන Saturday, 01 September 2018 10:14 PM

පහුගිය කාලේ ලංකාවේ සිදුඋන වකුගඩු ජාවාරමට ඔය කියන වෛද්‍ය සංගම් මාෆියා කල්ලි නායකයින් සම්බන්ධයි කියලා නම් කට ඇරලා කියන්න එපා ඔන්න. ඒකට අදාළ සාක්ෂි කිසිවක් තවම සොයාගෙන නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා උනත් ඔය වගේ බරපතල කාරණා ගැන තවම අවබෝධයක් නැතිව ඇති.

:       0       0

Nimal Sunday, 02 September 2018 11:48 AM

බද්‍රානි, ලංකාව පුරාම තිබෙන රජයේ රෝහල් වල 365 දවසෙම පැය 24 පුරාම වෛද්‍යවරු සේවය කරන එක ගැන ඔබ දැනුවත්ද? ඔබ මේ අදහස් දක්වන මොහොතේත්, අපි සැමදෙනාම සමරන අවුරුදු නැකැත් වෙලාවත් ඇතුළු සැම වෙලාවෙම මේ රටේ වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව ගැන ඔබ දැනුවත්ද? එමෙන්ම ඔබ සුව නින්දේ නිදන රාත්‍රී කාලයේ පවා ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරු වෙහෙසෙන බව ගැන ඔබ දැනුවත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 867 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 402 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 551 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1419 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 838 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4841 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site