( තිලකරත්න දිසානායක.)
රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංගම වෙළෙන්දෙකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
එම කාර්යාලයට ලැබී ඇති තොරතුරක් මත අදාල ස්ථානය අසල රැඳී සිටියදී යතුරු පැදියක කූල් පෙට්ටියක තුල අසුරා ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
පිළිකා රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ වර්ග , තමාට අලෙවි නියෝජිතයෙකු විසින් ලබාදෙන බවත් තමන් වෙත යොමු කරනු ලබන රෝගීන්හට ඖෂධ අලෙවි කරනු ලබන බවත් ඔහු පවසා තිබේ.
ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවත් ඔහු සන්තකයෙහි රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් සහ ඖෂධ වර්ග 16 ක් තිබූ බවත් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිළිකා බෙහෙත් පේමන්ට් එකේ
Buwa Thursday, 30 November 2023 11:40 AM
හෝමාගම hospital 1a ඉදිරිපිට ඇති ඇස් කණ්නාඩි සකස් කරන පෞද්ගලික ආයතනයක තුල රෝහලේ සේවිකාවක් විසින් අක්‍ෂි රෝගීන්ගේ ඇස් සුද ඉවත් කිරීමේ දි භාවිතා කරන සායනික පිහි විකුණනු ඈත. E පිළිබඳ ව සොයා බලා දුප්පත් ජනතාවගේ අනිසි මුදල් සූරා කෑම වහා නවත්වන්න.
Dimuthu S Lokuge Saturday, 02 December 2023 05:21 AM
හෝමාගම රෝහල ඉදිරිපිට ඇති එකම ඇස් කණ්ණාඩි සැපයීමේ ආයතනයේ හිමිකරු මම වෙමි. ඔබ කළ මේ කර ඇති ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම ඔබ දැරිය යුතු බව සළකන්න. අක්ෂි රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය වන කුඩා පිහි (මෙය ශල්‍යකර්මය සඳහා බාහිර ව මිලදී ගත යුතු ඖෂධ ලැයිස්තුවට අයත් එකකි) නියමිත මිලට අප ආයතනය මගින් පාරිභෝගිකයින් හට ලබාදෙනු ලැබේ. එය අප ආයතනය තුළින් හෝ වෙනත් කැමැති ආයතනයකින් මිලදී ගැනීමේ අවස්ථාව ඇත. ඔබ පවසා ඇති ආකාරයට මෙම පුවත දකින්නන් තුළ ආයතනය හෝ එහි පාලනාධිකාරිය හෝ එහි සේවකයන් පිළිබඳව හෝ විශ්වාසය පළුදු වීමක් ඇති කිරීමට යම් අයෙක් උත්සාහ කරයි නම්, ඔහු ව්‍යාජ නමකින් පෙනී සිටියත් නව තාක්ෂණික උපක්‍රම ඔස්සේ ඔහු හෝ ඇය අනාවරණය කර ගැනීමටත් වසර 20කට අධික අප ආයතනයේ කීර්තිනාමය හානිකිරීම වෙනුවෙන් ඔබ කර ඇති ප්‍රකාශයට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අප පසුබට නොවෙමු.
pakeer Thursday, 30 November 2023 12:42 PM
මොන වගේ කාලකන්නි නිලධාරියෝ ඉන්න කාලකන්නි රටවල්ද මේවා
Bandula Thursday, 30 November 2023 01:42 PM
, අනේ අම්මපා මෙහෙමත් රටක් රට ව්නසයි
මහජනයා Thursday, 30 November 2023 05:32 PM
හුරේ... ඖෂධ මාෆියාවේ ලොකුම හොරා අල්ලා ගත්තා. කොහොමද අපේ හොරා පොලිස් සෙල්ලම්...?