IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පළතුරු සුවඳින් සේරුවිල නැහැවෙයි

මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ අසිරිමත් ඵල වැලින් සේරුවිල මංගල මහ සෑරදුන් පිදීමේ පිංකම ඉරිදා සිදුකෙරිණි.

බුදු හිමියන්ගේ විශාලතම ධාතූන් වහන්සේවන ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල මංගල සෑයට ලක්ෂ ගණනක් පළතුරු පූජා කිරීම මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

සේරුවිල සෑය පහන් අසූහාරදහසකින් පිදීමේ පිංකමද එහිදී සිදුවූ අතර ඒ සඳහා මහමෙව්නා අසපුවාසී හිමිවරුන් ඇතුළු විශාල බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ.

22497_1665277367033519_3201 1454728_1133950813298053_45 10395825_814018215357558_72 10592763_814017988690914_63 10645223_814018038690909_37 10690079_1665277640366825_4 10989414_1665277737033482_1 11018316_1665277263700196_7 11072134_1133950809964720_3 11114240_1133952819964519_6 11165263_1665277403700182_4 11243644_1665277313700191_2 11246848_1665277890366800_7

ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි



අදහස් (0)

පළතුරු සුවඳින් සේරුවිල නැහැවෙයි

හේමන්ත Tuesday, 12 May 2015 04:00 AM

මගේ ජීවිතේට මෙවැනි ධාතු වන්දනාවක් දුටුවාමයි. බෞද්ධයෝ වශයෙන් අපිට විශාල කණගාටුවක් දැනෙනවා. (නි)

:       0       0

කමල් Tuesday, 12 May 2015 09:53 AM

මෙවැනි පිංකමක් මා පළමු වතාවට දුටුවේ.(හේ)

:       0       0

ගයාන් Wednesday, 13 May 2015 01:05 PM

සම්මා දිට්ඨියේ කොටසක් වන දසවස්තුක සම්මා දිට්ඨියේ පැහැදිලිව මෙසේ සඳහන් වේ. බොහෝ මල් පහන් ආහාර වස්ත්‍ර ආදිය ගෙන කරන්නා වූ දානයන් කරනකොට ගෙන ඒ දානයන් දෙන්නා වූ තැනැත්තන් හට මතු දෙව්ලොව හා මනුලොව බොහෝ සැප ලැබෙන බව පිළිගැනීම.ඇතැම්හු බොහෝ මල් පිදීම අහාර පිදීම අපරාධයක් කොට දකී. එය මිත්‍යාදෘෂ්ඨියකි (නි)

:       0       1

දීෂණ Tuesday, 12 May 2015 04:04 AM

සත්‍ය ක්‍රියා කළා නම් .(හේ)

:       0       0

විමල් Tuesday, 12 May 2015 04:07 AM

නියම බුදු දහම තියෙන්නේ ත්‍රිපිටකයේ ,අටුවා ටීකා වල. උදාන පාළි වල තිබෙන පිංකම් දැක්කහම මේක සුළු දෙයක්.මොකුත් නොදන්නා බටහිර දැනුම පමණක් තිබෙන උදවිය පවු. සේරුවිල ගැන නොදන්නා එදා සේරුවිල නොපැමිණි අයත් පවු.බුද්ධ පුජාව ගැන නොසතුටු අයත් පවු. (නි)

:       0       1

තුෂාර Tuesday, 12 May 2015 04:09 AM

පිනට කැමති සියළු දෙනා හට උතුම් පිංකමකට මඟ විවරකර දුන් සියළු සත්පුරුෂයන්ට මේ පිං අත්වේවා! සහභාගීවීමට නො‌හැකි වූ අප සැමද සිතපහදවාගෙන සතුටු සිතින් මේ පිංකමට අනුමෝදන් වෙමු! (නි)

:       0       0

සදහම් Tuesday, 12 May 2015 04:11 AM

විජේතුංග, බුදුරජාණන් වහන්සේ මේ වගේ දේවල් අහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කිසිම දෙයක් මේ උත්සවයේ තිබේද? (නි)

:       0       1

නිශේන් Tuesday, 12 May 2015 04:16 AM

පුජාවේ චේතනාව හොඳ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම සිටින රටේ පසුගිය කාලයේ ආරාම පුජාවක් කෙරුනේ වෙනත් පන්සලක් සමග ඇති වූ මත භේදයක් දුර දිග ගොස් එකට එක කිරීමක් විදියට. (කේ)

:       0       0

විරාජි Tuesday, 12 May 2015 04:17 AM

සාධු සාධු සාධු!!! මෙවැනි පිංකමක් කිරිමට ලැබීම පිළිබඳව අප බෞද්ධයන් වශයෙන් ඉතාමත් සතුටුවිය යුතු කරුණකි. බුදුන් වෙනුවෙන් පිදුව කිසිම දෙයක් ගැන කතාකිරීම අවශ්‍ය වන්නේ නැහැ. මක්නිසාද යත් එය බුදුන් පුදා අවසන්. කතා කරන්නට යමක් නැති අයට මේ පළතුරු වලට වුණේ මොනවද මොකද කරන්නේ යන්න ප්‍රශ්න නැඟීම පමණයි ඉතිරිවෙලා තියෙන්නේ (නි)

:       0       0

විශ්වී Tuesday, 12 May 2015 04:20 AM

මේ පින් බලෙන් දෙවියෝ වැඩ නැගෙනහිරම සාසනය, බෞද්ධයන් හා පුදබිම් සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරත්වා කියා ප්‍රාර්ථනා කරමු . අද තත්වය ගැන සිතා මිනිසුන්ව සීලේ පිහිටලා ප්‍රතිපත්ති පූජාවක්ද කළා නම් ..? (කේ)

:       0       0

චාමිනි Monday, 18 May 2015 03:36 AM

නමෝ බුද්ධාය! මේ මහා දානයේ අරමුණ:මේ මහා දානයෙන් රැස්කළා වූ සියලු පින් අප මාතෘ භූමිය සෞභාග්‍යයෙන් පිරී යනු පිණිසද , කෙත්වතු සරුසාරවීම පිණිසද, වගා කටයුතු සඳහා නිසි කල වැසි වසිනු පිණිසද, අප සැමට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම හේතු වාසනා වේවා! උදෑසන බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට යෙදුන මහා දානය, ඉර අවරට ගිය පසු සියලු පලවැල ඉවත් කොට එහි අග්‍රභාගය මේ මහා භද්‍රකල්පයේ පහළ වී වදාළ කකුසද, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම බුදුරජාණන් වහන්සේලා උදෙසාත්, නිකෙළෙස් මහරහතන් වහන්සේලා උදෙසාත් සවස ගිලන්පස සැකසීමට වෙනකොට, දෙවන භාගය වැඩමවා වදාළ මහා සංඝරත්නයටද, දස සිල් මෑණිවරුන් හටද ගිලන්පස පිණිස වෙන්කරනු ලැබුවා. ඉතිරි වූ සියලුම පළතුරු පින්කමට පැමිණි සියලුම පින්වතුන් හට පළතුරු දන්සැල් පැවැත්වීමට යොදවනු ලැබුවා.මේ පින සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා !!! තෙරුවන් සරණයි!!! (නි)

:       0       2

ශාමලී ද සිල්වා Tuesday, 12 May 2015 04:26 AM

අපි මේ ජීවිතයේදී පින්කර තිබුණා, මේ ලෝකයේ පරම සත්‍ය අවබෝධ කරදුන් භාග්‍යවත් සම්මා සම්බුදු‍රජාණන් වහන්සේට මේ සා උතුම් පුජාවක් කරනු දැකීමට.සාධු... සාධු... සාධු.. !!! සතුටු සිතින් අනුමෝදන් වෙමි. (නි)

:       0       1

අරුණ Tuesday, 12 May 2015 04:30 AM

මේ පින් බලෙන් ලංකාවේ සියලුම දුගී ජනතාවගේ ජීවිත සතුටින් පිරේවා! දෙවියන්ගේ ආශීර්වාදය ලබන පින් බිමක් වේවා! සාදු සාදු සාදු!!! පළතුරු ගැන දුක්වෙන අයගේ තණ්හාව දුරුවී සිත් පහන් වේවා! (නි)

:       0       0

ජීවන්ත Tuesday, 12 May 2015 04:30 AM

ඒ අසිරිමත් වූ ලලාට ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි. සාධු ! සාධු! සාධු! (නි)

:       0       0

තිළිණ Tuesday, 12 May 2015 04:31 AM

බුදු සරණ වේවා! (නි)

:       0       0

සෑම් Tuesday, 12 May 2015 04:31 AM

සාදු සාදු! හරිම කණගාටුයි කියන්න, මෙවන් පින්කමක වැරදි හොයන වඩා වැඩිය හොඳ නැද්ද සතුටු සිතින් අනුමෝදන් වෙන එක.මීට වැඩිය මොන තරම් අපරාධ කොච්චර නම් වෙනවද?මේක අපරාධයක් කියලා හිතන්න එපා. (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 May 2015 01:47 PM

බුදුරජාණන් වහන්සේට පූජාකළ දෙයක් මිනිසුන් අනුභව කිරීම පවකි. (නි)

:       0       0

ශානක Wednesday, 13 May 2015 03:37 AM

මුණි පුදට පිදූ යමක්... අපතේ නොයන්නේමය කිසිකළ... සියළු පූජාවන් ලැබිය හැකි.. කෙනෙකුන් සිටිත් නම් තිලොවේ... මර යුදය ජයගත්... ඒ මුණි රජුන්මය.. පහදවාගෙන සිත් නෙත්... වඳිත් නම් මුණි රජුන් සිත්සේ... මෙලොව බැහැර කළ පසු හේ.... දෙව් ලොව උපදිත්මය... (ම)

:       0       0

ශාමලී Tuesday, 12 May 2015 04:32 AM

අපි නිකන් ගිරවු මෙන් "බුද්ධං සරණං ගච්ඡාමි" කිව්වට, මේ යුගයේ අපි තෙරුවන් සරණ යනවා තියා, ඒ අහළකටවත් ගොස් නැහැ. භාග්‍යවතුන් වහන්සේට කරන ලද මෙවන් උතුම් පින්කම් දැක පින් සිත් ඇති කර ගැනීමට අපිට අපහසු ඒකයි. නැතුව කාගෙවත් පුද්ගලික වරදක් නොවෙයි මේ ලියා ඇති අදහස්. මේ ලෝකයේ තිබෙන යම් තරමක් සුභාෂිත දෙයක් ඇද්ද, එය බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේමයි... එවන් උත්තමයන් වහන්සේලාට පුද පුජා පැවත්වීම පින් ගඟක් රැස්කර ගැනීමට හේතු වේ. තෙරුවන් සරණයි. (නි)

:       0       0

මයුරි Tuesday, 12 May 2015 11:55 AM

සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමු.(හේ)

:       0       0

සුරාජ් Tuesday, 12 May 2015 04:41 AM

මම දන්නා පරිදි මෙම පුජාවෙන් පසු සියලුම පලතුරු පැමිණි සියලු දෙනා වෙත බෙදා දෙන ලදී. මෙවන් පුජා කෙරෙහි සිත පහදවා ගැනීමට නොහැකි පින්වතුන් සිත කිළුටු නොකර සිටීමට උත්සාහ කලොත් පවු රැස් නොකර ගත හැක. නමෝ බුද්ධාය (කේ)

:       0       1

රුවිනි නිසංසලා Wednesday, 13 May 2015 04:54 AM

ඉතාම කණගාටුවක් ඇතිවිය... මෙය බුදුන් වහන්සේ අනුමත නොකළ දෙයකි.. ජීවමාන බුදුන් වහන්සේට කරන සත්කාර වලට සමාන දේ ගැන උන් වහන්සේ දෙසන ලදී.. රෝගීන්ට උපස්ථාන කිරීම.. දිලිදුන්ට දැන් දීම වැනි දේ මිස මෙවැනි විකාර නොවේ.. (ම)

:       0       0

සුරංගි Tuesday, 12 May 2015 12:37 PM

මේ පින්කම දැක බලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි (නි)

:       0       0

කසුන් Tuesday, 12 May 2015 05:13 AM

සාමාන්‍යයෙන් පළතුරු කපලා පුජා කරන්නෙ දෙවියන්ට පූජා කරනකොටයි. එයට හේතුව දෙවියන් පළතුරු සුවඳ ආහාරයට ගන්න නිසයි. නමුත් බුදුරජාණන් වහන්සේට පළතුරු පුජා කරන්නෙ ගෙඩි වශයෙනුයි.සමහරු කියලා තියෙනවා මේ පළතුරු වෙන කාටහරි දුන්නා නම් මීට වඩා පිං රැස්වෙනවා කියලා. නමුත් මේ පළතුරු පුජා කළේ පුද්ගලික දාන වලින් අග්‍රම පිනක් රැස්වෙන බුදුරජාණන් වහන්සේ උදෙසායි. වෙන කාට දුන්නත් එතරම් පිනක් රැස්වෙන්නේ නැහැ. මේ පළතුරු වෙන කවුරුහරි කෑවත්, කුණු වුණත් ඒ මහා පින රැස්වෙලා ඉවරයි.සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සල්ලි වෙන දුප්පත් කෙනෙකුට දුන්නා නම් හොඳයි කියලා. නමුත් අපි එහෙම හිතුවට බුදුරජාණන් වහන්සේගේ ලැබීම නවත්වන්න බැහැ. උන්වහන්සේ පිරිනිවන්පාලා වසර 2500 ක් ගිහිල්ලත් තවම ලැබෙනවා. උන්වහන්සේ එතරම් පින්වන්තයි. පින කරගත් අය ඒ පින කරගත්තා. අනිත් අය පවු රැස් කරගන්න එපා. (නි)

:       0       1

තත්සර Tuesday, 12 May 2015 05:13 AM

සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි (නි)

:       0       0

පද්මිණී Tuesday, 12 May 2015 05:17 AM

මේ දුෂ්කර පළාතේ මිනිසුන්ට හෝ වන සිවුපාවුන්ට හෝ මේ පළතුරු ටික ආහාරයක් වන්නට ඇති කියා හිතලා හිත හදාගන්නවා. (නි)

:       0       0

චේතනා Tuesday, 12 May 2015 05:21 AM

හැමෝම සිත පහදවාගෙන මේ පින අනුමෝදන් කරගන්න. (නි)

:       0       0

විජේතුංග Tuesday, 12 May 2015 05:33 AM

හරිම සුන්දරයි. ඒ වගේම පින්බරයි (නි)

:       0       1

නාමල් Wednesday, 13 May 2015 07:12 AM

දවසක් කුසගින්නේ පැමිණි ගොවියෙකුට බුදුරජුන්ගේ දානෙන් කොටසක් දුන්නා. මේ පලතුරු ටිකත් පස්සේ මිනිස්සුන්ට දීපු එක හොදයි .නැත්නම් මින්ස්සු මීට වැඩ පවු කර ගනීවි.(හේ)

:       0       0

ජයනි Tuesday, 12 May 2015 05:38 AM

නිවන් මාර්ගය පෙන්වාදුන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ලාලට ධාතුන් වහන්සේට ආමිස පුජාවෙන් පුදන මේ දසුන් දකිද්දි ඇතිවන ප්‍රීතිය කියා නිමකළ නොහැක. සාදු ! සාදු ! සාදු! (නි)

:       0       0

කාන්ති Tuesday, 12 May 2015 05:44 AM

සාධු, සාධු ,සාධු!!! මෙවන් පූජාවක් දකින්න ලැබෙන එකත් ලොකු පිනක්. (නි)

:       0       0

සචිත් Tuesday, 12 May 2015 05:47 AM

අනේ මන්දා මෙහෙමත් නාස්තියක්! මේවා මිනිස්සුන්ට බෙදා දුන්නා නම් කොච්චර පිනක්ද? ඇයි මෙහෙම කරන්නේ? (නි)

:       0       0

අරලිය Tuesday, 12 May 2015 05:48 AM

මේ පළතුරු දහවල් 12.00න් පසු පැමිණි සිටි පිරිසට දන්සැලක් පවත්වා බෙදාදෙනු ලැබුවා!!! (නි)

:       0       0

අනුරාධ Tuesday, 12 May 2015 03:14 PM

කසුන්, ඔබේ ප්‍රතිචාරය බෙහෙවින් අගය කරමි. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 12 May 2015 05:50 AM

එදා දවසේ කන්න වේලක් නැති අසරණයෙකුට ආහාර වේලක් දුන්නොත් ඒක තමයි පින. (නි)

:       0       0

ජයරත්න Tuesday, 12 May 2015 06:03 AM

අද කාලේ මිනිහෙක් වෙඩින් එකට එන අයට කන්න, බොන්න (අරක්කු සිගරට් ඇතුලත්ව) ලක්ෂ 10-15 ක් වියදම් කරනකොට කවුරුත් මොකුත් කියන්නෙ නැහැ. නමුත් ඒ මුදලෙන්ම බුද්ධ පූජාවක් කලොත් තමයි හැමෝටම කෑ ගහන්නේ...(හේ)

:       0       0

චරිත් Tuesday, 12 May 2015 03:36 PM

ඒ අසිරිමත් වූ ලලාට ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි. සාධු ! සාධු! සාධු! (හේ)

:       0       0

දිමුත් Tuesday, 12 May 2015 06:12 AM

ලස්සනට කරලා තියෙනවා. සාදූ සාදූ සාදූ!(හේ)

:       0       0

සරත් Tuesday, 12 May 2015 06:12 AM

මේ වගේ දෙයක් දැක්කමයි.(හේ)

:       0       0

මුරලි Tuesday, 12 May 2015 06:22 AM

ඒ අසිරිමත් වූ ලලාට ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි. සාධු ! සාධු! සාධු!(හේ)

:       0       0

සම්පත් Tuesday, 12 May 2015 06:29 AM

සාධු සාධු අනේ මටත් දායක වෙන්න ලැබුණා නම්..(හේ)

:       0       0

චන්ද්‍රිකා Tuesday, 12 May 2015 06:29 AM

මේ පළතුරු ටිකට මොකද වෙන්නේ.(හේ)

:       0       0

අශිනි Tuesday, 12 May 2015 06:35 AM

ජයරත්න මහතාණෙනි ඔබේ අදහසට මමත් එකග වෙමි.(හේ)

:       0       0

බුද්ධි Friday, 15 May 2015 06:10 PM

මේ ක්‍රියාව හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස හේතුවේ.එසේ වුවද බුදුන් වහන්සේ වදාළ දහම සමඟ මෙය කොතරම් අදාළද?උන්වහන්සේ සියලු දේ අතහැර දුෂ්කරක්‍රියා කොට අවබෝධ කළ ධර්මය මෙයින් කෙතරම් වෙනස්ද?බෞද්ධයා අතරමං වී ඇති අතර තව තවත් අතරමං කිරීම මෙබඳු දෙයින් සිදුනොවන්නේද? (නි)

:       0       0

මොහාන් Monday, 11 May 2015 04:08 PM

සාධු..සාධු...සාධු...!!! (නි)

:       0       0

සිල්වා Monday, 11 May 2015 04:29 PM

බුදු හිමියන්ගේ සියලුම ධාතූන් වහන්සේලා තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළයි. ශ්‍රී ලාංකියන් හැටියට අපි ලැජ්ජා වෙන්න ඕනෑ නිර්මල බුදුදහම තිබෙන මේ රට ගැන අවබෝධ කර නොගැනීම ගැන. (නි)

:       0       0

ශානක Monday, 11 May 2015 04:33 PM

මුණි පුදට පැමිණ... මුනිඳු වඳිනා කළ... මුනිඳු වඳින්නට... වැසි පොද පැමිණි අයුරු... සැදැහැවතුන්ගේ ගත සිසිල් කරමින්... මුනිඳු වඳිනා වැසි පොද... දැන සිටි අයුරු මුණි පුදට දල්වනා පහන් සිල... සැදැහැතියන් සුරකින බව... එම නිසා වැසි පොද... කිසිදු බියකින් තොරව... මුණිඳු වැඳ ගත් අයුරු... සැබැවින්ම අසිරිමත්ය... (නි)

:       0       0

ඇන්ටන් Monday, 11 May 2015 04:34 PM

මේ පළතුරු ටික කාටහරි කන්න දුන්නා නම් ලොකු පිනක් (නි)

:       0       0

චතුර Tuesday, 12 May 2015 07:27 AM

බුද්ධ පූජාව පූජා කරලා ඒක පස්සේ කන්න එපා. පූජා කරන දේ අතහැරලාම දන් දෙන්න. අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2559ක් ගිහිල්ලාත් තවම ලැබෙනවා. අනුන් දෙන දනට ගැරහූ උන් දන් නොදුන් උන් තමයි සතර අපායේ දැවෙන්නේ. මිනිසුන් වෙලා ඉපදුනත් හිඟන්නෝ වෙලා ඉන්නේ. (නදී)

:       0       0

සිරි Tuesday, 12 May 2015 08:29 PM

සුරාජ්,අරලිය සහ සෙනෙවිරත්නට ස්තුතියි. මෙම පළතුරු පින්කමෙන් පසුව පැමිණ සිටි පිරිසට බෙදාදුන් බව පැහැදිලි කිරීම ගැන. එය උතුම් ක්‍රියාවක්. පළතුරු අපතේ නොගිය බව දැනගන්න ලැබීම ගැන සතුටුයි (නි)

:       0       0

නිමේෂ් Tuesday, 12 May 2015 07:31 AM

සාදු, සාදු, සාදු බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ පූජාවලින් පිදුම් ලැබීමට සුදුසු වන සේක ! අපට නම් සහභාගිවෙන්න නම් බැරි උනා, නමුත් අපිත් මේ පූජාව අනුමෝදන් වෙනවා (නදී)

:       0       0

ආනන්ද Monday, 11 May 2015 05:09 PM

සාධු! සාධු! සාධු! (නි)

:       0       0

රංජිනී Monday, 11 May 2015 05:46 PM

මේකද අපේ බුද්ධාගමේ චෛත්‍ය වන්දනා කරන පිළිවෙළ? මගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා (නි)

:       0       0

චන්න Tuesday, 12 May 2015 08:08 AM

පූජාවෙන් පසු මේ පළතුරු සුදුස්සන්ට ලබාදෙනවා. (නි)

:       0       0

පුබුදු Tuesday, 12 May 2015 08:09 AM

මට හරිම සතුටක් දැනුනා (නි)

:       0       0

පාරමී Monday, 11 May 2015 05:59 PM

මම දන්නා විදියට ඔය පළතුරු පුරවන වැඩේ කළේ ඉස්සර නම් දේවාල වල. (නි)

:       0       0

අසිත Monday, 11 May 2015 06:29 PM

ඒ අසිරිමත් වූ ලලාට ධාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි. සාධු ! සාධු! සාධු! (නි)

:       0       0

සෙනෙවිරත්න රත්නායක Tuesday, 12 May 2015 08:15 AM

මම මේ පුජාවට සහභාගි වුණා. විශාල බෞද්ධ පිරිසක් මේ සඳහා පැමිණියා. සම්මා සම්බුදු පියාණන්ට පළතුරු පූජා කර අවසානයේ දන්සලක් පවත්වා පැමිණ සිටි පිරිසට මෙන්ම අවට සිටි සියලුම දෙනාට බෙදාදුන්නා (නි)

:       0       0

අනුර Monday, 11 May 2015 06:31 PM

පින්කමෙන් පස්සේ මේ පළතුරු වලට මොකද කළේ කියලා දන්නා කෙනෙක් කිවුවොත් ලොකු පින්කමක්. නැත්නම් බොහෝ දෙනෙකු හිතන්න පුළුවන් මෙය ලොකු නාස්තියක් කියා. මම හිතන්නේ අපතේ යවන්නේ නැතුව ඇති. (නි)

:       0       0

හර්ෂණී Monday, 11 May 2015 07:01 PM

අසිරිමත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 11 May 2015 07:00 PM

කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. සාධු සාධු!! (නි)

:       0       0

යටවත්ත Tuesday, 12 May 2015 08:46 AM

සමහරුන්ගේ පවුකාර අදහස් දැක්කහම දුක හිතෙනවා (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 13 May 2015 12:09 AM

ජයරත්න සහ අෂිනි, අනුර සහ සුරාජ්, දේව පුජාවට තියන පළතුරු පුජාව අවසානයේ බැතිමතුන්ගේ කෑමට ගත්තත් බුද්ධ පූජාව කෑමට ගැනීම අපේ සම්ප්‍රදාය නෙමෙයි. එසේ කිරීම බුදුන්ට කෙරෙන නිගරුවක් ලෙස සළකන අපි බුද්ධ පූජාව ගරු සරු ඇතුව අහවර කරන්නේ කාටවත් නොපෑගෙන පරිදි උස තැනකටයි. (නි)

:       0       0

දිස්නා Monday, 11 May 2015 09:37 PM

සාදු සාදු!! නමෝ බුද්ධාය! (නි)

:       0       0

සම්පත් Sunday, 17 May 2015 10:20 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ජයන්ත Tuesday, 19 May 2015 06:55 AM

පළතුරු පුජාව ගැන සැකසු වීඩියෝව https://www.youtube.com/watch?v=cOMw8bc_sOw

:       0       0

විජිත Tuesday, 12 May 2015 03:19 AM

මෙවන් දෙයක් මා දුටුවේ මගේ ජීවිතයේ ප්‍රථම වතාවටයි (නි)

:       0       0

ශාන් Friday, 15 May 2015 08:17 AM

හැමෝම බෞද්ධ කිව්වට තෙරුවන් ගුණ දන්නේ කී දෙනාද . මීට වඩා ලොකු දානයක් දුන්නා කොසොල් රජතුමා .එදා හිටපු ඇමතියෙක් මේකට කේන්තියෙන් හිටියේ .මේ තරම් වියදම් කරන්නේ මොකටද? මේවා දුප්පත් අයට දෙන්න තිබුන නේද කියආ ඇමතිට හිතුනා .එදා බුදුන් දවස ඒ වගේ අය හිටියනම් අද දහම නොදත් අය කොඉතරම්ද ? ඉතින් මේ පුජාව ගැන දුක් වෙන අය ගැන කලබල නොවී අපි සතුටු වෙමු .(හේ)

:       0       0

කොතලාවල Tuesday, 12 May 2015 03:30 AM

ඒත් එදාවේල කන්න නැති දුප්පත් අසරණ මිනිස්සු කොයිතරම් ඉන්න රටක්ද මේක? (නි)

:       0       0

ගිහාන් Tuesday, 12 May 2015 03:31 AM

පළවන පාරට වෙහෙරකට මෙහෙම පළතුරු පුජාවක් දැක්කේ. අපි බුදුගෙයි බුද්ධ පුජාව තියන්නෙත් පළතුරු කපලා. අනේ මන්දා! වැඩිය දේවල් කියන්න හිතෙන්නේ නැහැ. නිකන් කාගේවත් හිත නරක් කරන්නේ මොනවාටද ? (නි)

:       0       0

දීෂණ Tuesday, 12 May 2015 03:32 AM

මේ පැතිවල මිනිස්සු හරි අසරණයි. අලින්ටත් එක්ක මේ පළතුරු බෙදන්න ඇති නේද? මල් විකුණන කාන්තාවක් හිටියා ගිය අවුරුද්දේ සැත්කමකට යන්න කියලා සල්ලි හොයන. සිංහල ආයුර්වේද වෛද්‍යවරු ඒ පළාතේ නැතිලු. මේ ගැනත් මොනවා හෝ කරන්න හාමුදුරුවනේ (නි)

:       0       0

විශ්ව Tuesday, 12 May 2015 03:34 AM

මේක නම් හරිම ලස්සන පින්කමක් (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 12 May 2015 03:35 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

මධුර Tuesday, 12 May 2015 03:37 AM

මේවායින් දන්සලක් දුන්නා නම්, නැතිබැරි අයට බෙදලා දුන්නා නම්! (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 12 May 2015 09:33 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

විජේතුංග Tuesday, 12 May 2015 03:37 AM

මේ පුජාකරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට.ඒක නිසා හැමෝම සිත පහදවාගෙන මේ පින අනුමෝදන් වෙන්න.පළතුරු නාස්තිවෙනවා කියලා සිත් අපිරිිසිදු කරගන්න එපා (නි)

:       0       0

කවිඳු Wednesday, 13 May 2015 02:29 AM

සාධු සාධු සාධු!!! ඇයි අපේ අය මෙවැනි උතුම් පින්කමකත් ගුණදොස් සොයන්නේ? (නි)

:       0       0

චාමර Tuesday, 12 May 2015 03:57 AM

සාදු සාධු සාධු!!! (නි)

:       0       0

තිළිණ Tuesday, 12 May 2015 03:59 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

කවිදු Tuesday, 12 May 2015 09:45 AM

පුදුම විදිහට හිත පැහැදෙන පින්කමක්. මමත් මේ පින්කමට ගියා. මේ පළතුරු ගෙනැවිත් තිබෙන්නේ මේ පින්කමටම ආපු සැදැහැවත් පිරිස. බුදුරජාණන් වහන්සේ සාගරය පරදන දන් දී ඇති නිසා උන්වහන්සේගේ ලැබීම නම් ආශ්චර්ය යි. මම අහලා තියෙන විදිහට මීට අසංඛෙයියකුත් කල්ප ලක්ෂයකට පෙර සාරද නම් සෘෂි තුමා අනෝමදස්සී බුදු රජුන්ට මෙවැනි ඵලවැල පූජාවක් කරලා තියෙනවා. උන්වහන්සේ තමයි පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත්වුණා කියලා සඳහන් වෙන්නේ. මම නම් මේ උතුම් පින්කම සතුටින් අනුමෝදන් වුණා.(හේ)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 491 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 233 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3202 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1138 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1968 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site