නැගෙනහිර පළාතේ පාසල් අධ්‍යාපනය නැංවීමට තමා ගෙන යන වැඩ පිළිවෙළට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ උපදේශකයන් අකුල් හෙළතියි නැගෙනහිර අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පැවසීය.
සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභාවේ මාසික රැස්වීමේදී ඔහු එම චෝදනාව කෙළේය.
පාසල් ගොඩනැගිලි ගැන ආණ්ඩුකාරවරයා විසින් නියම කැරුණු ප්‍රමිතිය අනුව බලතොත් නැගෙනහිර පළාතේ පාසල් 500ක් වසා දැමීමට සිදුවන බව පැවැසූ ඇමැති, දරුවන්ගේ අනාගතයට වග කියන්නේ ආණ්ඩුකාරවරයා ද නැතිනම් හජන නියෝජිතයන්දැයි ප්‍රශ්න කළේය.
ලාහුගල විහාර මහා දේවී ප්‍රාථමික පාසල වසා දැමීමට ආණ්ඩුකාරවරයා නියෝග දෙන්නේ ඇතැම් නිලධාරීන්ගේ උපදෙස් මත බව ද දිසානායක මහතා චෝදනා කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභාව අභිබවා කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගෙන් ඔහුට ලැබී ඇති විශේෂ වරප්‍රසාද නිසා බවයි එජාප මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේය.
අධ්‍යාපන ඇමැති දිසානායක මහතා කරන චෝදනාව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ප්‍රතික්ෂේප කරයි. තමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව සිදුකරන කටයුතු දේශපාලකයන්ට වැරදි විදියට පෙනීම පුදුම නොවිය යුත්තක් බව ද ඔහු කියයි.
නැගෙනහිර පළාතේ පාල් 500ක් වසා දැමීමේ වැඩ පිළිවෙළක් නැතැයි කියන පළාත් ආණ්ඩුකාරවරයා ලාහුගල විහාරමහාදේවි පාසල වසා දැමීමට කටයුතු කෙරෙන්නේ එම ප්‍රදේශයේම ජනතාවගේ ඉල්ලීම මත බව ද කියා සිටියේය.
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළාත් ඇමති දෙහි කැපිල්ල ආණ්ඩුකාර ඉවත දමයි
දිසානායක Tuesday, 19 February 2013 08:45 PM
මම හිතන්නේ ඇමතිතුමා කවදා හරි දිනනවා.(නදී)
ලියනාරච්චි Wednesday, 20 February 2013 12:12 PM
මේක ඇමතිගේ උවමනාවට රජයේ අනුමැතිය නැතුව මේ වසරේ විවෘත කළ පාසැලක්. එහෙමනම් සෞඛ්‍ය ඇමතිට පුළුවන්නේ රෝහලක් විවෘත කරන්න.(නදී)
තිලකගේ Tuesday, 19 February 2013 10:02 PM
දේශපාලනයේදී හැමතැනම කෙරෙන්නේ එකම දෙයයි. කෙනෙක් චෝදනා නගනවා. තව කෙනෙක් ඒවා ප්‍රතික්ෂේප කරනවා. අන්තිමේ දේශපාලකයෝ හැදෙනවා. අපි වැනසෙනවා. (නි)
සුමේධ Thursday, 21 February 2013 09:25 AM
ආණ්ඩුකාරවරයා දෙමවුපියන්ගේ ඉල්ලීම ඉටු කිරිමට උත්සාහ දැරිම ගැන ප්‍රසංශා කරනවා. (නි)
යෝව්දු Wednesday, 20 February 2013 06:22 AM
ආණ්ඩුකාරවරයා කියන්නේ දෙමවිපියන් වහන්න කියනවා කියලා. විහාර මහා දේවි පාසැලේ ළමයි 19 ඉන්නවා. ඒ දෙමවිපියන්ගේ ඉල්ලීම ආන්ඩුකාරවරයට දැනෙන්නේ නැද්ද?(නදී)