(ආරියරත්න රණබාහු)
පළාත් පාලන ඡන්ද සංශෝධන පනතට පක්ෂව ඡන්ද 120 ක් ද ලැබුණු ද විරුද්ධව ඡන්ද නොලැබිණි. ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව පළාත් පාලන ඡන්ද සංශෝධන පනත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් පාලන ඡන්ද සංශෝධන පනත සම්මතයි
Virat koli Friday, 25 August 2017 08:45 AM
මම දන්න විදිහට මේක සම්මත වෙන්න තුනෙන් දෙකක් ඕනේ...
බුද්ධික Saturday, 26 August 2017 04:49 AM
මේක සාමාන්‍ය පනතක්. තුනෙන් දෙකක් අවශ්‍ය වන්නේ නෑ. තුනෙන් දෙකක් ඕනෑ කියලා අධිකරණය කියලත් නෑ. ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයක් නම් තුනෙන් දෙකක් ඕනෑ. මේක සාමාන්‍ය පනතකට ගෙනා සංශෝධනයක්
C.K.LANKAPUTHRA Friday, 25 August 2017 08:46 AM
මහින්ද මහත්තයා කිව්ව දේ එක්කෙනෙක්වත් අහලා නැහැ.
බුද්ධික Saturday, 26 August 2017 05:09 AM
කවුද අනේ එතුමා කියන දේවල් අහන්නෙ. බලය තියෙද්දි කියපු කරපුවයි දැන් කියන දේවලදේඅහසට පොළව වගේ කියලා ඕනෑ කෙනෙකුට තේරෙනවා නේ
dingirala Friday, 25 August 2017 02:20 PM
ජවිපෙ ඡන්දය නොදී වැළකී සිටියේ මොකද දන්නේ නැහැ? එදා යුද්ධය තීරණාත්මක අවස්ථාවක තිබියදී 2008 අයවැය ඡන්ද විමසීමේදී යුද්ධය සහ රට ගැන හිතලා ඔවුන් අඩුගානේ ඡන්දය දීමෙන් වැළකී සිටීවි කියා කවුරුත් හිතුවා. නමුත් එජාපය සහ ටීඑන්ඒ එක සමග එකට එකතුව එදා ඔවුන් අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා. එපාපයේ සිටිය සල්ලි දීල මහින්දගේ පැත්තට ගත්තු මන්ත්‍රීවරු 42 නාට පින්සිද්ධ වෙන්න එදා අයවැය ඡන්දය මහින්ද දිනුවා. එහෙම නොවුනානම් මහින්ද ඡන්දය පරදිනවා. එහෙනම් එජාපය බලයට පත්වෙනවා. එහෙම වුනානම් ප්රභාකරන් තාමත් ජීවතුන් අතර. යුද්ධයත් මිනිස් ජීවිත හානියත් තවමත් තියෙන්න ඉඩ තිබුණා. ජවිපයේ එම දේශද්‍රෝහී ක්‍රියාව අද බොහෝදෙනෙකුට අමතකයි.
ranjithFriday, 25 August 2017 03:20 PM
ජවිපයේ එම ද්‍රෝහී ක්‍රියාවට ජනතාව පසුව නිසි ප්‍රතිචාර දුන්නා මතක නැද්ද? එදා මාස කිහිපයකට පසුව පැවති පළාත් සභා ඡන්දයේදී කලින් ඡන්ද දස ලක්ෂයක් පමණ ලබා තිබු ජවිපය මුළු රටෙන්ම ලැබූ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ එකහමාරකට බැස්සා. ඒ වුණාට ජවිපයේ ඉන්න අය කතා කරන්නේ නම් ඔවුන් විතර දේශප්‍රේමියෝ පිරිසක් ලෝකයේ කොහෙවත් නැති විදියටයි. දැන් ඉන්න කැම්පස් යන කොල්ලෝ ජවිපයේ මේ ඉතිහාසය ගැන දන්නේ නැහැ. දන්නවා නම් කවුරුවත් ජවිපය පසුපස යන්නේ නැහැ.
Athula kSaturday, 26 August 2017 08:20 AM
ජවිපෙ කළ මුක්කු ගැසීම් නිසා ස්වාධීනව හිතන පාට ලේබල් ගහගත්තේ නැති අයගේ ඡන්ද ඔවුන්ට අහිමි වුණා.
බුද්ධික Saturday, 26 August 2017 04:52 AM
ජවිපෙ මෙම පනතට ජන්දය දීල තියෙන්නේ. ඔබ කොහොමද කියන්නේ වැලකී හිටියා කියලා? පක්ෂව ලැබුණු 120 ට ජවිපෙ ජන්ද ඇතුළත්
Athula kSaturday, 26 August 2017 08:11 AM
මට මතක විදිහට ඔය අවස්ථාවේදී විපක්ෂය ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු බාගන්න හැදුවා. නමුත් ගියේ අනුර බණ්ඩාරනායක මහතා පමණයි. ඔහු දේශපාලනිකව අනාථ වුණා. ජවිපෙ ඡන්දය දීමෙන් වැලකී හිටියා වගෙයි මට මතක. කොහොම හරි රජයේ අයවැය දිනුවා. තව පොඩ්ඩෙන් යුද්ධය ඉවරයි. එජාපය කරන්න හදපු වැඩේ මොනම දේශප්‍රේමියෙක්වත් අනුමත කරන්නේ නෑ.