IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පළාත් මන්ත්‍රීට සිංගප්පූරුවෙදි දඩ

සිංගප්පූරුවේ දී බස් ටිකට්පතක් මහපාරේ දමා සිංගප්පූරු ඩොලර් 50ක (රුපියල් 5099) දඩ කෑ බව මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ  මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා මධ්‍යම පළාත් සභා රැස්වීමේ දී කීවේය.

පරිසරය රැකීම සඳහා ශ්‍රී ලංකාවේත් මෙවැනි නීති තිබිය යුතු බව ද ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

පළාත් මන්ත්‍රීට සිංගප්පූරුවෙදි දඩ

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 08 October 2014 05:01 AM

අපරාදේ,පොලිසියේ ලොක්කෙකුට කෝල් එකක් දෙන්න අමතක වුණාද ? (අ)

:       0       0

වසන්ත Tuesday, 07 October 2014 10:46 AM

ලංකාවටත් ඔවැනි නීති ගෙනැල්ලා ලස්සන කරමු. (නි)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 10:50 AM

අනේ අපේ සල්ලි.... (නි)

:       0       0

රූපවති Tuesday, 07 October 2014 03:49 PM

අනේ අපේ අයට කොපමණ ඉගැන්වුවත් ..පුරුද්ද අත් අරින්න බැහැ. හොද වැඩේ. ඩොලර් 50 ක් නොව 5000 ක් දඩ ගහන්නයි තිබුනේ ? (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 07 October 2014 10:54 AM

පරිසරය රකින්න නීති දාන්න කලින් අපේ මන්ත්‍රීවරුන්ට විදේශීය සංචාර වලදී මහජන නියෝජිතයින් හැටියට වගකීමකින් යුතුව රටේ ගෞරවය රැකෙන පරිදි හැසිරෙන හැටි කියාදීම වැදගත් බවයි මට හිතෙන්නේ. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 11:02 AM

පරිසරය රැකීමට නම් එය ආරම්භ කළයුත්තේ ප්‍රාදේශීය සභා මට්ටමෙන්.පළමුව ප්‍රාදේශීය සභාව, පළාත් සභාව ,නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දක්වා ඉහළට යායුතුයි.වැඩිපුරම කුණු දමන්නේ, එකතු කරන්නේ,කුණු හලන්නේ ,කුණුකතා කියන්නේ වගේම කුණු වැඩ කරන්නේත් අදාළ ස්ථාන නිසා ඒ අයට දඩකොල දීලා ආදර්ශමත් වී පසුව මහජනයාට දඩගැසීම තමා වටින්නේ ! (නි)

:       0       0

නාලි Wednesday, 08 October 2014 05:50 AM

පරිසරය රැකීම අංශයෙන් හරිම මොන්ටිසෝරි මට්ටමක අපි ඉන්නේ . ඇමති තුමා දඩත් කාල ඉගෙන ගෙන තියෙන්නේ පස්වලට දිරා යන බස් ටිකට් එකක් ගැන විතරයි. පරිසරය ආරක්ෂා කරන්නට එක්සත් ජාතීන්ගේ පරිසර රැකීමේ සංවිධානය මීට වඩා දහසක් දියුණු උපදෙස් ඇතුලත් වැදගත් පර්යේෂණාත්මක ප්‍රඥප්තියක් සියලු රටවලට ලබා දී තියනවා. මේවා පිළිබඳව උනන්දුවක් අපේ රටේ දේශපාලකයන්ට වත් ඒ අංශවල නිලධාරීන්ටවත් නැහැ. උදාහරණයක් ලෙසත්, මගේ ලංකාදීප සංවාද මණ්ඩපයේ සොඳුරු මිතුරන්ට දැන ගන්නටත් මම එක කරුණක් කියන්නම්. වාහනයකින් වැටෙන එක එන්ජින් තෙල් බිඳුවකින් ඒ අවට පානයට ගත හැකි ජලය ලීටර 600 ක් විනාස වෙන බව. ජර්මනියේ රියදුරු පාසල්වල උපදේශකයන් පවා මහජනතාවට කියාදෙනවා. තෙල් මනින කූර එලියට අදින කොටත් කුඩා රෙදි කැබැල්ලක් තබා පිස යන අයුරින් ගන්න උගන්වනවා. මිතුරනේ අපේ රටේ ගරාජ් වලින් ,ඉන්දන පිරවුම් හල වලින් වාහන වලින් වැටෙන තෙල් කොපමණද ? ඕනෑම තැනකින් ළිදක් කපා වතුර බොන්න පුළුවන් වෙච්ච අපේ රටේ දැන් බොන්නේ බෝතල් වතුර. සමහර තැන්වල ඒවත් පිටරටින්. වකුගඩු ලෙඩුන් ,පිළිකා ලෙඩුන් රට පුරා. ලෝකයේ කොහේ හිටියත් ඔබලාවත් ඔය මොන්ටිසෝරි මානසිකත්වයෙන් මිදී මෙවන් උපදෙස් මත අපේ පරිසරය රැක ගන්න. (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 07 October 2014 11:10 AM

මේක අපේ රටේ නමට හොඳ මදි (නි)

:       0       0

හේමන්ත Tuesday, 07 October 2014 11:10 AM

ඒක දැන දැනත් මොකද සිංගප්පුරුවට ගිහින් නීති කැඩුවේ? (නි)

:       0       0

සමන් Tuesday, 07 October 2014 04:41 PM

අපේ රටවල ඔහොම නීති දැම්මොත් සමහර පක්ෂ කියයි ආණ්ඩුවට සල්ලි නැතුව බදු ගහනවා කියලා (නි)

:       0       0

පතිරණ Tuesday, 07 October 2014 11:15 AM

අපේ රටේ තියෙන නීති ටිකවත් රකින්න කියලා කියන්න කවුරුවත් නැති හැටි? (නි)

:       0       0

දිනෙල්ක‍ා Tuesday, 07 October 2014 11:49 AM

බලන්න ඒ රටවල් ඒ අතින් කොච්චර ඉදිරියෙන්ද කියලා ඉන්නේ (නි)

:       0       0

චානක Tuesday, 07 October 2014 10:18 PM

ලංකාවේ ඕකේ අනෙක් පැත්ත තමයි.......දඩ කොලය දුන් නිලධාරියා හිරේ. (නි)

:       0       0

යොහාන්‍ Wednesday, 08 October 2014 01:39 AM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

මාලි Wednesday, 08 October 2014 01:44 AM

චානක, ලංකාවේ ඕකේ අනෙක් පැත්ත තමයි. දඩ කොලය දුන් නිලධාරියා හිරේ. ඔබ හරියටම හරි අධිවේගෙ සිද්දිය දන්නවානේ (නදී)

:       0       0

එරංග Tuesday, 07 October 2014 02:04 PM

මෙහේ වගේ සෙල්ලම් බැහැ පිටරටවල (නි)

:       0       0

චන්ද්‍රදාස Tuesday, 07 October 2014 02:10 PM

අපේ රට ඒ අතින් කොච්චර පහළද තියෙන්නේ? (නි)

:       0       0

ජෝසප් පෙරේරා Wednesday, 08 October 2014 03:43 AM

සිංගප්පූරුවේ "ලිට්ල් ඉන්දියා" තරම් ජරා පැත්තක් මම ලංකාවේ කොතනවත් දැකලා නෑ. ලෝකය ගොනාට අන්දන්න සමහර පැති ලස්සනට තියාගෙන ඉන්නවා ඇති. (නදී)

:       0       0

සමන්ති Tuesday, 07 October 2014 02:39 PM

මේ දඩය මන්ත්‍රීකමට ගැටළුවක් නොවේද? (නි)

:       0       0

ශාන්ත Tuesday, 07 October 2014 10:30 AM

ලංකාවේ සමහර අය පිටරට ගිහිල්ලා රටේ නම කැතකරනවා (නි)

:       0       0

රෝහන Tuesday, 07 October 2014 03:21 PM

මග ඇරිලා වෙන්න ඇති! හ්ම් හ්ම් ... (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 2 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 70 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 341 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 435 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 266 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 154 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site