IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පළාත් මන්ත‍්‍රි චණ්ඩියා වෙයි

තමා සම්බන්ධ ප‍්‍රවෘත්තියක් පුවත්පතේ පළ කළහොත් අසුවන තැනකදී පහර දී මරා දමන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි ලංකාදීප මාතර වාර්තාකරු ක‍්‍රිෂාන් ජිවක ජයරුක් මහතා මාතර පොලිසිට අද(1) පැමිණිලි කෙළේය.බ‍්‍රහස්පතින්දා සවස 1.52ට පමණ තමාට දුරකතන ඇමැතුමක් දුන් පළාත් සභා මන්ත‍්‍රී මා ගැන ප‍්‍රවෘත්තියක් ලැබුණා දැයි අසා දිගින් දිගටම කුණුහරුපෙන්  බැණ වැදුණු බවත් ජයරුක් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. ‘‘පත්තෙරේ ගියොත් බලාගන්නම් මම, තමුසේ මට කියන්න එපයැ මම ඒක ලියනව කියලා.  තමුසේ දැන ගන්න  ඕන නේ  ඕයි මේව පත්තේරේ ගියාම අපට ලැජ්ජයි කියල. බුරුවා, තමුසේ හැම එකම ලියනව...... ..පුතා තමුසේ අමාරුවේ වැටෙන්න එපා. මාත් එක්ක හැප්පිලා. අන්තිමට වෙන්නේ මොකක්ද බලමු. උඹට  ඕන නම් මම බැන්නයි කියලත් පත්තරේ දාපන්. මම ඒකත් බලා ගන්නම්. අන්තිමට.......... පුතා දැන ගන්න එපැයැ අපිට ලැජ්ජයි කියල අනෙක් කිසිම පත්තරකාරයෙක්  ඕව දාන්නේ නැහැ.  එහෙ දාන්නට නම් ඊට කලින් මගෙන් අහනවා. ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් පවා එහෙමයි. තමුසේ හිතන් ඉන්නව ද තමුසේ මාතර ලොකු පත්තරකාරයෙක් කියල මාතර අනිත් මාධ්‍යවේදිනුත් මේක දාන්නේ නැහැ. කියල මට කීවා. ආ හරි බලාගමු. තමුසේ මේකත් ලියනව. මම එකෙකුටවත් බය නැහැ.’’ තමාගේ ගෙට හොරුන් පැනීමේ පුවත තමාගෙන් නොආසා පළ නොකරන ලෙස මාතර වාර්තාකරුට පැවැසුවා මිස තර්ජනය නොකළ බව දකුණු පළාත්  සභා මන්ත‍්‍රී ගුණරත්න මහතා කීවේය. ‘‘මං මොකටද ඔහුට තර්ජනය කරන්නෙ. මාතර අනෙක් මාධ්‍යකාරයන් ඔහොම කරන්නේ නැහැ. මා ඔහුට තර්ජනය කෙළෙත් නැහැ. කරන්නෙත් නැහැ‘යි ඔහු සඳහන් කෙළේය.



අදහස් (0)

පළාත් මන්ත‍්‍රි චණ්ඩියා වෙයි

රාජිත Thursday, 01 September 2011 08:23 PM

මේත් චන්ඩියෙක්ද? ටෙලිෆෝන් එකෙන් සද්දෙදාල, දැන් කොරකොර ගානවා. ඔහොම චන්ඩි දැන් පාර්ලිමේන්තුවෙයි, පලාත්සභා, ප්‍රාදේශියසභාවලයි, පදුරු ගානෙයි ඉන්නවා.මේ අයට චන්දෙ දෙන අයටම තමා ගහන්න ඕනෙ.

:       0       0

හර්ෂ Thursday, 01 September 2011 10:37 PM

ලංකාවේ තියෙන කැතම ක්‍රමය තමයි ඕනෑම කෙනෙකුට ජ්න්දයකට ඉදිරිපත් වීමට තියෙන හැකියාව.( මේකේ ඉන්නවා එක එක තරාතිරමේ කට්ටිය කොයි පක්ෂය තුල උනත් ) රටක් පාලනය කරන්න උගත් බුද්ධිමත් පිරිසක් උවමනායි, එහෙම එකේ අඩුම ගානේ උසස් පෙළවත් සමත්ව තිබීම අනිවාර්ය කිරීමක් කිරීම ඉතාමත්ම කාලෝචිතයි,

:       0       0

චන්දන රූපසිංහ Friday, 02 September 2011 04:00 AM

ජනමාධ්‍ය හා තාක්ෂණයේ දියුණුව පිළිබදව අවබෝධයක් නොමැති තමන්ට හිමිව ඇති සමාජ තත්ත්වය හමුවේ තමන්ට රිසි සැමදෙයක්ම කල හැකි යැයි විශ්වාස කරන දකුණු ඉන්දිය චිත්‍රපටවල සිටින දේශපාලනයෙකුගේ චරිතයට සමාන අයුරින් සිතන මෙවන් අඥාණ පුද්ගලයින් පිළිබදව සියලු තොරතුරු හැකි සැම විටම ජනතාව හමුවේ ඉදිරිපත් කිරිමට නිර්භිත වීම පිළිබදව ක්‍රිෂාන් ජීවක මහතා සහ ලංකාදීප පුවත් පතට ප්‍රණාමය.

:       0       0

chathura Friday, 02 September 2011 05:15 AM

මේ වගේ හරක් ට චන්දෙ දුන්න මිනිස්සුන්ට තමා පිස්සු. තව කී දෙනෙක් ඉන්නවද? ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ?

:       0       0

ප්‍රේමලාල් Friday, 02 September 2011 10:19 AM

ජනාධිපති තුමනි මේ වගේ දේශපාලනයන් නිසා පොදුජන එක්සත් පෙරමුන නෝන්ඩි වෙනවා. ඒකනිසා මේ වගේ මිනිස්සු වැඩක් නැහැ. වාර්ථාකරුගේ රාජකාරිය එයා කලාම එයාට බැණවැඩක් නැහැ.ජනාධිපතිතුමා වාර්ථාකරුවන්ට නිවැරැදි දේ ලියන්න කියලා අවසර දීලා තියෙද්දි චන්ඩිවෙන්න බැහැ මේ වගේ මන්ත්‍රිලාට ලබන ඡන්දයේදි බලාගන්න පුලුවන් මොකද වෙන්නේ කියලා.

:       0       0

මධු Friday, 02 September 2011 03:28 PM

චන්ද දායකයා බුද්දිමත් නම් මීට වඩා හොඳ පිරිස් බලයට පත්කර ගත හැක.චන්ද දායකයින් අන්දයින් මෙන් තම චන්දය බාවිතා නොකර මෙරටට වැඩක් කළහැකි මිනිසුන් බලයට පත්කරගත යුතුය. හැම පක්ෂයකම දක්ෂ මෙන්ම දුර්වල අපේක්ෂකයින් සිටී.ඇති දක්ෂයින් තෝරා ගැනීම් ජනතාවගේ දක්ෂතාවයි. ජනතාව හොරුන්, මන්කොල්ලකරයින්,ස්ත්‍රී දුෂකයින්, මත ද්‍රව්‍ය වෙළෙඳුන් ප්‍රතික්ෂේප කරන්නේනම් සෙත සැදෙන්නේ ඔවුන්ටමය.

:       0       1

හරීන්ද Friday, 02 September 2011 05:12 PM

මේකා මොන චන්ඩියෙක්ද කාඩ් බෝඩ් චන්ඩියෙක් ඔය වගේ නුගත් අයට ජන්දය දෙන ගොන්නුන්ටයි ගහන්න ඕන

:       0       0

සරත් මධුසංක Saturday, 03 September 2011 09:18 AM

ජනාධිපතිතුමනි මේකද ප්‍රජාතන්ත්‍රවාදය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 35 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 835 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 357 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1226 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4567 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2159 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site