IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘‘පළාත මාරු වන විට නව අංක තහඩු ගන්න අවශ්‍ය නෑ ‘‘

(නිමල කොඩිතුවක්කු)

පළාත මාරු වන විට වාහන සඳහා නව අංක තහඩුවක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

දිවයිනටම බලපාන නව අංක තහඩුවක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නා බැවින් වාහන විකුණන වාරයක් පාසා නව අංක තහඩු ලබාගැනීමට අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වාහනයේ අංක තහඩුව ස්කෑන් කිරීමකදී වාහනයේ හිමිකරු ඇතුලු සියලු තොරතුරු ලැබෙන පරිදි මෙම ක්‍රමවේදය සකස් කරන බවද  ඔහු පැවසීය.

එමෙන්ම රියදුරු බලපත්‍රය සහ අංක තහඩු ලබාගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගොස් රස්තියාදු වීමට අවශ්‍ය නොවන බවත් අධිවේගි තැපෑලයෙන් ඒවා කඩිනමින් හිමිකරුට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.

 

 



අදහස් (8)

‘‘පළාත මාරු වන විට නව අංක තහඩු ගන්න අවශ්‍ය නෑ ‘‘

Wca Sunday, 13 September 2020 01:14 PM

ඔය වාහන ට්‍රාන්සර් ෆෝම් එක කැන්සල් කරලා මාසයක් හරි, අවුරුද්දකට වතාවක් ඔය ෆෝම් එක මාරු කරානම් බලන්න තිබුණා ඕපන් පේපර්ස් සෙල්ලම කොහොමද කියලා...

:       0       0

Mahesh Sunday, 13 September 2020 04:26 PM

ඉතා හොඳ වැඩක්. මෙතුමා ඉතාම හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙන ඇමතිවරයෙක්... අනිත් අයත් මේ වගේ හිතලා වැඩ කරනවා නම් කොච්චර හොඳද..?

:       0       0

CHANDIMA Sunday, 13 September 2020 10:35 PM

ඔය විදිහටම වාහන පැදවීමේ බලපත්‍රයත්, හැඳුනුම්පතත්, ගමන් බලපත්‍රයත් එකම අංකයක් සහ සිස්ටම් එකක් යටතට ගෙනැවිත් තාවකාලිකව රටට පිවිසෙන්නටත් ගුවන් තොටුපළේදීම ආපසු යනවිට ආපසු බාරදිය යුතු තාවකාලික හැඳුනුම්පතක් දීම වැනි යමක් යටතට ගෙනෙනවා නම් හොඳයි නේද? 

:       0       0

ChampaMonday, 14 September 2020 09:37 AM

රියදුරු බලපත්‍රය, හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය කියන්නේ එකක් නෙමෙයි තුනක්. අනික හැඳුනුම්පත ඇරුණාම අනිත් දෙකටම කල් ඉකුත් වීමේ දින තියෙනවා. අලුතින් ගන්න කොට වෙනස් අංක දෙනවා. උසාවි වලින් තහනම් කරන්නත් පුළුවන්. ඒ හින්දා ඒ තුනම එකක් කරන එක ප්‍රායෝගික නැහැ.

:       0       3

Sira Monday, 14 September 2020 12:47 AM

ඊ- මේල් එකකට උත්තර දීමකවත් නොකරන 18 වැනි සියවසේ රාජ්‍ය සේවය වළලා දැමිය යුතුයි. මම කෝවිඩ් 19 කාලයේ අවශ්‍යතාවයකට මහරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඊමේල් එකක් එව්වා.. තාම ප්‍රතිචාරයක් නැහැ.

:       0       0

vikum Monday, 14 September 2020 04:16 AM

මේක නම් ඇත්තටම හොඳ වැඩක්.. එ්ත් බිස්නස් කරනවිට වාහනය පාවිච්චි කරපු පළාත අනුව සාමාන්‍යයෙන් යම් තක්සේරුවක් ඇත. නමුත් වාහනයක් ගත්විට එය වෙනත් පළාතකට ගෙනයනවිට අලුත් නම්බර් පේලෙට් යෙදීම මුදල් නාස්තියක් නිසා, මේ වැඩ පිළිවෙල වඩාත් වැදගත්..

:       0       0

rana Monday, 14 September 2020 05:22 AM

ඔය නොම්මර තහඩුව මාරු කිරීම වෙනුවට ස්ටිකරයකින් පළාත වෙනස්කර ගත හැකි නොවේද? මහත්තයෝ දැන් කරන දේ කොපමණ කිව්වාද, දැන් පටන් ගන්න... එකින් එක කරන්න. නැත්නම් කාලය අවසන් වෙනකොට කළදෙයක් නැති වෙයි.

:       6       0

ruwan Monday, 14 September 2020 07:09 AM

වෙනවා නම් හොඳයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 315 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 357 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 316 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 524 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2082 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 341 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27172 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18889 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site