IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පළාත් සභා ගැන සාකච්ඡාවකට ආණ්ඩුකාරවරුන් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකි ක්‍රමවෙිදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුකාරවරයා  සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වලක්වා ගැනීම සඳහා ඒවායේ  ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සකසන බවද ජනාධිපතිවරයා කීය.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් ඇතුලත  ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 



අදහස් (7)

පළාත් සභා ගැන සාකච්ඡාවකට ආණ්ඩුකාරවරුන් කැඳවයි

නියෝමාල් ගුණවර්ධන - අම්බලන්ගොඩ Friday, 18 August 2023 04:44 PM

දකුණු පළාත් ආණ්ඩුකාරතුමණි, ඔබ විසින් ඔබ ගේ උපදේශක ලෙස පත් කරගෙන සිටින සුනිල් දහනායක නැමැති අය ඔබ විසින්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙසත් පත්කර ගෙන තිබේ. මේ නිසා 2020.03.18 දින සිට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්පුර්ණයෙන්ම නීති විරෝධී කොමිසමක්. සුනිල් දහනායකට ගෙවපු මුදල් නැවත අය කර ගන්න. ඒවා මා ඇතුලු දකුණේ මහජනතාවගේ බදු මුදලින් එකතු කරගෙන ගෙවපු වැටුප් හා දීමනා. අනික හිතලා බලන්න. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්න ඕන සංඛ්‍යාව 3 යි. නමුත් 7ක් ඉන්නවා. සභාපතිගේ මාසික වැටුප් හා දීමනා ස‍ඳහා ලක්ෂ එකහ මාරකට වැඩි මුදලක් යනවා. සුනිල් දහනායකත් වැටුප් හා දීමනා 3 ක් ගන්නවා. සමස්ත ආදායාම ලක්ෂ 5 ක් විතර ඇති. ඉතිං හාල් කිලොවක් රුපියල් 1000ට ගියත් මේ අයට ගානක් නැහැ. අනික අසරණයින් ගැන තමයි හිතන්නේ නැත්තේ. ජනාධිපති මේ තනතුරු ඉක්මණින්ම වෙනස් කරන්න. දැන් කන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.

:       0       9

nimal Friday, 18 August 2023 04:47 PM

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් අත්‍යාවශ්‍ය වේ. ප්‍රාදේශීය සභාවත් පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය යටතට පත්කිරීම පිළිබඳව සොයාබැලිය යුතුවේ... හෝ එසේ නොමැතිනම් ප්‍රාදේශීය සභාවන් සඳහා පමණක් පක්ෂ විසින් යෝජනා කරන්නා වූ පුද්ගලයන් මැතිවරණයකින් තොරව ප්‍රාදේශීය දේශපාලනය කිරීමට පත්කර ගැනීමේ හැකියාව ඇත. ඔවුන් ප්‍රාදේශීය ලේකම් යටතේ සේවය කළහැකිවේ.

:       3       2

සිරිපාල - සීනිගම Friday, 18 August 2023 04:50 PM

මොනවද දකුණේ ඉතුරු වෙලා තියෙන්නේ...? ආණඩුකාරයා එක්ක හවුල් වෙලා කට්ටිය හොඳට ගසා කනවා. ලංකාවේ නම් දරාපු දූෂිත නඩය ඉන්නේ දකුණේ. මේ අය ඔක්කෝම එල්වන්න. ඇයි ඔය ඩලස්ලා, චන්දිමලා, රමේෂ්ලා මේවා නොදන්නවා නොවෙයි. දකුණට වෙනත් ආණ්ඩුකාරයෙක් පත්කරන්න. ඉන්න හොර හැතිකරය පන්නන්න අවශ්‍යයි. නැත්නම් තවත් මොවුන් දකුණ උලා කනවා. දකුණේ ඉන්න ලොකුම හොරා තමයි ආණ්ඩුකාරයා. තාපසයා වගේ තමයි ඉන්නේ. යහපාලන ආණඩුකාලේ හිරේ යන්නයි හිටියේ. උතුරු නැගෙනහිර අප සමග එකට වැඩ කළා. ඒ කාලෙත් හොරකම් තමයි. අපි එකට ඡන්දෙ කරපු මිනිස්සු.

:       0       5

විමල් වීරවංස - රදාවාන Friday, 18 August 2023 05:39 PM

කරන්න තියෙන මගඩි නතර කරන එක හොඳයි. නමුත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. දැන් හදන්නේ මන්ත්‍රී ගොල්ලන් එකතු වෙලා පළාත් සභාවත් කන්න තමයි. කොහොම නමුත් මෙතෙක් කාපුවා ගැන කොහොමද සොයන්නේ... ඉස්සෙල්ල ඒ ගැන සොයන්න ඕනෑ. කොහොමත් පළාත් සභාව සුදු අලියෙක්නේ. ඉස්සෙල්ලා කාපුවා ගැන සොයන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.

:       0       6

Surain Friday, 18 August 2023 06:03 PM

මෙයා හැමතැනම ව්‍යාකූල කරලා නැති ප්‍රශ්නත් ඇති කරලා තමයි යන්නේ...

:       0       4

sriyal Wijesinghe Saturday, 19 August 2023 02:52 PM

අධ්‍යාපනය, සෞඛ්‍ය සමහර අංශ, සමාජ සුබසාධනය කොටස් වලට කඩා පරිපාලනය කිරීමට පියවර ගැනීම යෝග්‍ය වේ...

:       0       0

ගමේ එකාලා Saturday, 19 August 2023 04:34 PM

පින් ජනපතියා කාලයක් ඉන්න වගේ හදන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන්ටත් හොඳයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක්
2024 ඔක්තෝබර් මස 14 220 0

‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.


ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 14 180 0

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.


අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ පත් කරන්න අයැදුම්පත් කැඳවයි
2024 ඔක්තෝබර් මස 14 209 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.


බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 14 1727 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක


17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 737 1

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ


පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 565 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 363 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 437 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1390 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site