(අජන්ත කුමාර අගලකඩ)
සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය බව කියමින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට එකඟවිය නොහැකියැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාද ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත මේ බව නිල නොවන මට්ටමින් පවසා ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීම සඳහා ළඟදී නිල කාලය අවසන් වන උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත් සභා තුනේ මැතිවරණද කල්දැමීමේ යෝජනාවක් මීට පෙර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව තිබිණි.
එහෙත් පළාත් සභා මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද ඉකුත්දා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ කර තිබිණි.
ඒ අනුව උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ මැතිවරණ මේ වසරේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් සභා ඡන්දය කල් දානවාට කොමිසම විරුද්ධයි
sachith Wednesday, 16 August 2017 04:35 AM
විශ්වවිද්‍යාල ළමයි, වුර්තිකයෝ ඔක්කොම විරුද්ද උනත් මේ ආණ්ඩුව යසට සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නේ. එහෙවු එකේ මැතිවරණ කොමිසමේ මහින්ද මහත්තය කියන දේ කරොත් තම පුදුම.
wasantha Wednesday, 16 August 2017 05:11 AM
අනිත් පළාත් සබහ ජනාදිපති තුමාට විසුරුවා හැකයි.ඒවා විසුරුවා එකම දිනක මැතිවරණය එකම දිනක පවත්වන.
athula kWednesday, 16 August 2017 06:35 AM
මේ කරන්න හදන්නේ එක නෙමේ. අනිත් පළාත් සබා වල නිල කාලය අවසන් වන තෙක් 2019 දක්වා කල් දමන්න.
ව්‍යවස්ථා-සංසෝදන Wednesday, 16 August 2017 10:18 AM
හදිසි නිසා අදාල නොවන විෂයයන් යටතේ ලියමි. හොරුන්ට නඩු දමන්න නව අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත.
හදිසී Wednesday, 16 August 2017 10:28 AM
එජාප යේ පසුපෙළ මන්ත්‍රීවරුනි, පාරට බැස කියමු. නව අධිකරණ පිහිටුවන ලෙස සහ හොරුනට නඩු දැමීමට ව්‍යවස්ථා සංසෝදන අවශ්‍ය නොවන වග... ව්‍යවස්ථාවේ 105 . 1.a , b , c අනුව කල හැක.
susanthaWednesday, 16 August 2017 02:49 PM
රටටත්, රටේ මිනිස්සුන්ටත් අවශ්‍ය නොවුණාට ආණ්ඩුව ගෙනාපු සහ මෙහෙයවන බටහිර රටවලටත්, කොටි ඩයස්පොරවටත්, NGO අයටත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයිනේ... ඉතින් අපිට එපා වුණාට ඕක ගේනවාමයි. ගෙනත් සම්මත කර ගන්නවාමයි. 2002 කොටින්ට උතුර-නැගෙනහිර ලියලා දුන්නේ සහ ඊට පස්සේ උසාවි, බැංකු, පොලිසි ඔක්කොම හදන්න පහසුකම් සහ මුදලුත් දුන්නේ අපි හා කියලද?
Lapaya Wednesday, 16 August 2017 02:50 PM
ව්‍යවස්ථා සංශෝධන, හදිසී.... මහබැංකු හොරකම ළුෑණු බිකේ හොරකමට නඩු දාන්න කියලද?