IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පළාත් සභා මන්ත්‍රීන්ට ආරක්ෂාව ඉල්ලයි

උතුරුමැද පළාත් සභාවේ සියළු මන්ත්‍රීවරුනට පොලිස් ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලන යෝජනාවක් ලබන 14 (බදාදා) න්‍යාය පත්‍රයට අතුළුකැර තිබේ. මේ යෝජනාව ගෙන එන මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා කියනුයේ සියළු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය බවයි. දැනට මහා ඇමතිට ආරක්ෂාව සැපයෙන නමුත් මන්ත්‍රීවරුනට කිසිම ආරක්ෂාවක් නැතැයි ඔහු කියයි. එක්සත් ජාතික පක්ෂයේ චන්දිම මහින්දසෝම මහතා පවසනුයේ පක්ෂ කණ්ඩායමේ සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නා බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා මෙම යෝජනාවට තරයේ විරෝධය පලකරයි. ආරක්ෂාව කුමකටද ? ආරක්ෂා විය යුත්තේ කාගෙන්ද ? මේ යෝජනාව මහජන මුදල් කා දැමීමක් බවත් යෝජනාව සම්මත වුව ද ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බව ද සමරසිංහ මහතා කියයි.



අදහස් (0)

පළාත් සභා මන්ත්‍රීන්ට ආරක්ෂාව ඉල්ලයි

අචිනි Monday, 12 November 2012 09:37 AM

අනේ තව මොකට ආරක්ෂා කරන්නද ?? (ස)

:       0       0

දර්ශන Monday, 12 November 2012 10:34 AM

මොකටද ආරක්ෂාවක් ????? (ස)

:       0       0

රමණි Monday, 12 November 2012 10:45 AM

මේ විදියට ගියොත් අපි පාරේ ගිහින් ඉවරයි.. මේ සේනාවට යන්න ඉඩ දෙන්න එපැයි (ස)

:       0       0

ස්වර්ණ Monday, 12 November 2012 10:55 AM

පළාත් සභාව අහෝසි කරන්න අවශ්‍යයයි කියන එකට තවත් උදාහරණයක් මේක .. මහජන මුදල් නාස්ති කරන්න ‍දෙන්න එපා (ස)

:       0       0

පිටිගල Monday, 12 November 2012 06:31 PM

මොනවටද දන්නෙ නැහැ ආරක්ෂාව ඉල්ලන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 12 November 2012 11:50 AM

මෙයාල ආරක්ෂාව ඉල්ලන එක සාධාරණයි. හේතුව ඉටුකරන්න බැරිතරම් බොරු පොරොන්දු දීලා.. ජන්දෙන් දිනුවාට, ඒවා ඉටුකරන්න බැහැ කියලා මෙයාල දන්නවනේ. ඉතින් ජනතාවගෙන් ගුටිකන්න වෙයි කියල බයට තමයි ඔය ආරක්ෂාව ඉල්ලන්නේ...(ස)

:       0       0

පාලිත Monday, 12 November 2012 11:36 AM

මෙයාලට හොඳටම පිස්සු (ස)

:       0       0

සනත් Monday, 12 November 2012 12:18 PM

රටේ ඉන්න හැම මන්ත්‍රී ‍කෙනෙකුටම පොලිස් නිලධාරීන් දෙන්නා ගානේ ගියොත් ලංකාවෙ පොලිසි වලින් භාගයක්ම ඒකට වෙන් කරන්න වෙනවා. එතකොට රටේ අනෙක් මිනිස්සුන්ගෙ ආරක්ෂාවට මොක ද වෙන්නෙ? ඒගොල්ලො වැදගත් නැද්ද? ලස්සනම වැඩේ පක්ෂ විපක්ෂ කියෙන් කියද මේකට කටක් ඇරලා විරුද්ධ වෙලා තියෙන්නෙ කියන එකයි. (ස)

:       0       0

ලක්ෂ්මන් Sunday, 11 November 2012 09:56 PM

ඇයි මෙයාලට මේ තර්ජන? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 11 November 2012 10:25 PM

හරි ෂෝයි. ඒ අයටත් ආරක්ෂාව දෙන්න. තව භාණ්ඩ දෙක තුනක බදු මහජනයා පිටින් පටවන්න. වැරැද්දක් නොකරන/නඩු නැති පිරිසිදු කෙනෙකුට නම් ආරක්ෂාවක් අනවශ්‍යයි. ඇයි මේ අයට විතරක් ආරක්ෂාව. අදත් කහවත්තෙ දෙන්නෙක් මරලලු නේද..කෝ අහිංසක ජනතාවට ආරක්ෂාවක්...? (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 12:18 PM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

සුමනා Monday, 12 November 2012 12:23 PM

ඔයතරමට ජීවිත තර්ජන තියේනම් ඉල්ලා අස්වුණා නම් ඉවරයිනේ. (නි)

:       0       0

දනුෂ්ක Sunday, 11 November 2012 11:44 PM

ස්ත්‍රී දූෂණ කරගෙන යන්නද ???

:       0       0

සංක Monday, 12 November 2012 12:00 AM

රටකට ගිය කලක්

:       0       0

කිර්ති Monday, 12 November 2012 12:04 AM

අයියෝ සල්ලි

:       0       0

හේරත් Monday, 12 November 2012 12:22 AM

අම්මපා හැබෑව. ආරක්ෂාවට සුරයක් හරි බදිමු. (නි)

:       0       0

දයානි Monday, 12 November 2012 12:37 AM

මොන එහෙකටද මෙයාලට සේනාව (ස)

:       0       0

නවින් Monday, 12 November 2012 01:09 AM

නියමෙට තියෙයි

:       0       0

නිරාන් Monday, 12 November 2012 01:13 PM

දැන් එච්චර තමයි අඩු. (නි)

:       0       0

මේනකා Monday, 12 November 2012 01:09 AM

අයියෝ ඒ මොකටද (දී)

:       0       0

අසෝක Monday, 12 November 2012 01:17 PM

දැන් දොස්තර මහත්වරුන්ටත් බොඩි ගාර්ඩ්ල ඉන්නවද? (ස)

:       0       0

අශෝක Monday, 12 November 2012 01:24 PM

ඇයි ඔච්චර බය? (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 12 November 2012 01:33 PM

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බයයිලුනේ. (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 02:30 AM

රටේ මැරයින්ව බෝකරන පළාත් සභා, ප්‍රාදේශීය සභා නැත්තටම නැතිකර දැමිය යුතුයි. (නි)

:       0       0

කිවී Monday, 12 November 2012 01:53 PM

මෙයාලට ස්ටයිල් එකට පාරේ යන්නයි මේ සේනාව ඉල්ලන්නේ (ස)

:       0       0

ලලිත් Monday, 12 November 2012 02:50 AM

ඇත්ත එක්කෙනෙක්වත් දෙන්න

:       0       0

සෝමවංශ Monday, 12 November 2012 03:17 AM

කවුරුත් නිහඞ මොකද? (නි)

:       0       0

කමල් Monday, 12 November 2012 03:25 AM

මට හිතෙන විදියට පොලිස් ආරක්ෂාව ඉල්ලන්නේ මොනවහරි වැඩක් කරන්න වෙන්න ඇති. (නි)

:       0       0

දයා-සවුදි Monday, 12 November 2012 02:02 PM

වැරදි වැඩ කරන අය තමයි ජීවිතය ගැන බයෙන් ඉන්නේ. (නි)

:       0       0

පිටිගල Monday, 12 November 2012 03:51 AM

අපරාධයක් නොකළ කෙනා හට කිසිවෙකුගේ ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. (නි)

:       0       0

ගිමල් Monday, 12 November 2012 04:03 AM

මහජනතාව මෙයාලගෙන් තමයි ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 05:43 AM

මහජනයා මන්ත්‍රිවරුන්ගෙන් ආරක්ෂා කිරීම පොලිසියේද යුතුකමයි. (නි)

:       0       0

රූපසිංහ Tuesday, 13 November 2012 12:04 AM

අශෝක, මෙයාල මෙච්චර බය කරන හොද වැඩ නිසා නේ, නේද? එයාලව බලයට පත් කරලා අපි එයාලට ආරක්ෂාවලුත් දෙන්නේ අපේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්, අනේ මගේ කට! (නි)

:       0       0

අමිල කටුනායක Monday, 12 November 2012 08:02 AM

බය නම් ඕවට එන්න ඕනිද ?? (ස)

:       0       0

වරුණ Monday, 12 November 2012 08:21 AM

කරන වැඩ වලට මහජනතාවගෙන් සැලකුම් ලැබෙයි කියලා බය ඇති. (නි)

:       0       0

අජිත් Monday, 12 November 2012 03:24 PM

උතුරුමැද පළාත් සභාවේ විපක්ෂයේ අයටත් ඕනෑද ආරක්ෂාව? (නි)

:       0       0

සරත් Monday, 12 November 2012 08:49 AM

මම නම් හිතන්නෑ ආරක්ෂාකල යුතු ‍දුලබ පිරිසක් කියලා (ස)

:       0       0

ලුම්බිණි Monday, 12 November 2012 08:37 AM

මේ වගේ යෝජනා ගෙනෙන එකෙන්ම පේනවා මේ අය කොයි වගේ මහජන නියෝජිතයෝද කියල. මහා ඇමතිට නොවෙයි කිසිම දේශපාලකයෙකුට ඔය කියන තරමේ ජීවිතයට තර්ජනයක් ඇත්තේ නැහැ. හමුදා රථ පොලිස් රථ පිරිවරාගෙන පාරේ යන අයට කරදර කරමින් කොහෙද මේ අය යන්නේ? බොහෝ වෙලාවට මොකක් හරි විවෘත්ත කරන්න තමයි. ඇයි මේ නාස්තිය? ලෝකේ ඉන්න ප්‍රධාන පෙලේ නායකයෝ වත් මෙහෙම ආරක්ෂාවක් ගන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1512 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 930 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 406 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1343 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site