IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පළාත් සභා සංශෝධනයට එරෙහිව හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට

( රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කළේය.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් රටේ සමස්ථ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති සඳහන් කරමින් සිල්වා මහතා එම පෙත්සම ගොනු කර ඇත.

ඒ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා පැවැති මැතිවරණ පනත යටතේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියම කරන ලෙසද හිටපු අගවිනිසුරුවරයා ඉල්ලා සිටී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමිජිකයින් ද නම් කරනු ලැබ සිටිති.

මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී පළාත් සභා මැතිවරණ පවත්වා නැතැයිද මැතිවරණ කොමිසම විසින් නිසි කාලයේදී මැතිවරණ පැවැත්වීමට අපොහොසත්වීමෙන් ජනතාවගේ සර්ව ජන ඡන්ද බල අයිතිය උල්ලංඝණය වී ඇතැයිද සරත් සිල්වා මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු මේ සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් කතානායකවරයාට ඉදිරිපත් කොට ඇති අදහස් හා මතවාද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තියට පටහැනි බවත් එය නීතීපතිවරයා සිය බලඅධිකාරය ඉක්මවා කටයුතු කිරීමක් බවට ප‍්‍රකාශයට පත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

තම මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් වනතුරු අදාළ පණත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද දැනට ක‍්‍රියාත්මන වන නීතීය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලා සිටී.

 (ඡායාරූප සහ වීඩීයෝ-ශාන්ත රත්නායක)

 



අදහස් (33)

පළාත් සභා සංශෝධනයට එරෙහිව හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට

kumar (galf) Thursday, 28 September 2017 08:16 AM

මේක හරියට අයාලේ අතහැරිය බල්ලෙක් වෙන තැනක් හොයනවා වගේ.

:       794       1224

[email protected] Thursday, 28 September 2017 08:17 AM

අද රටේ සිදුවන නීතිය, අවභාවිතා කිරීම් බොහෝමයක නිර්මාතෘ මෙතුමා තමයි ....

:       992       1398

ලක්ෂි Thursday, 28 September 2017 08:42 AM

ඔබතුමා කල බොහෝදේ අනුමත නොකළත්, රටේ එ්කීය භාවය වෙනුවෙන් උතුර නැගෙනහිර වෙන් කීරීමට දුන් එෙතිහාසික තීන්දුවට නම් අපි ජාතියක් වශයෙන් හැමදාමත් ගරු කරනවා.

:       440       939

Nandalal DE SILVA - France Thursday, 28 September 2017 08:43 AM

රෙජීමය කාලේදී දීපු අද්භූත, පක්ෂග්‍රාහී අධිකරණ තීන්දු තීරණ නිසා මේ මහත්තයාගේ උගත්කම මුළු රටම දැන සිටියා. ඒ නිසා මෙයා දැන් ගහන කයිවාරු ගැන අප වැඩිය කලබල විය යුතු නැහැ.

:       598       724

dias Thursday, 28 September 2017 08:51 AM

ගරු නන්ද සිල්වා මහතාණනි, අපිට දැනගන්න හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව ගැන කියමුකෝ...

:       286       655

Sunil gamini Thursday, 28 September 2017 08:56 AM

මෙයා හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව හරියට දුන්නද?

:       373       615

බුද්ධික Thursday, 28 September 2017 08:57 AM

හොඳම දෙය පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුණාට පසුවත් යම් සාධාරණ කාලසීමාවක් තුළ එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට හැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඇතැම් පනත් වල කොටස් අධිකරණය මගින් ඉවත් කල අවස්ථා පවා තිබ්බා. නමුත් 1972 හා 1978 ව්‍යවස්ථා වල පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පෙර පමණයි අධිකරණයට යන්න පුළුවන්. ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්...

:       0       204

මහීපාල Thursday, 28 September 2017 09:11 AM

හෙල්පින් හම්බන්තොට ට ඔහු දුන් තීන්දුව වැරදි බව ප්‍රසිද්ධියේ පිළිගත් නිසා මොහුට විරුද්ධව නඩු දමන්න.

:       344       601

chamara Silva Thursday, 28 September 2017 09:24 AM

රටේ ජනතවාට ඡන්ද අයිතිය අහිමි කරලා ගිය ආණ්ඩුවට බැන බැන ඉන්නවා. රටේ ප්‍රශ්න එකතැන... ඔබතුමාට අපේ සුබ පැතුම් !!! අප වෙනුවෙන් පෙනී සිටීම ගැන...

:       947       506

athuraThursday, 28 September 2017 09:36 AM

ඔබතුමා අප කියල අදහස් කරලා තියෙන්නේ ඔබ ඇතුළු හිටපු ජනාධිපතිතුමාගේ වටේ ඉන්න කට්ටියද?

:       455       571

indikaThursday, 28 September 2017 10:40 AM

නැහැ. රටේ බහුතර ජනතාව!

:       0       54

saman Thursday, 28 September 2017 11:54 AM

එතන අදහස් කරන්නේ අතුරු ඇතුළු යහපාලන කීප දෙනා හැර ඡන්ද වරම් හිමි සියලු ජනතාවයි...

:       138       41

mahee Thursday, 28 September 2017 09:28 AM

ලංකා අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලම ගැන 'උසාවිය නිහඬයි' තුලින් සහ වික්ටර් අයිවන් මහතාගේ රාවය තුලින් අපි හොඳින් වටහා ගත්තා. මෙතුමා මේ විදිහට ඒ අධිකරණයටම එනවා දකින්නත් ආසයි.

:       275       319

ලුම්බිණි Thursday, 28 September 2017 09:31 AM

ලැජ්ජාවක් නැතිවුණාම මොනවා කරන්න බැරිද?

:       174       380

sena Thursday, 28 September 2017 09:33 AM

රටේ නීතිය පහළට දාපු හැටියට, මෙයා ලැජ්ජා වියයුතුයි.. ප්‍රසිද්ධියේ පෙනී සිටින්න.

:       149       278

පුංචිරාල Thursday, 28 September 2017 10:16 AM

රෑ දනියෙල් -දවල් මිගෙල් වගේ

:       109       274

Gune Thursday, 28 September 2017 10:20 AM

ශිරානි ඉවත්කරලා ඔබතුමාට දෙයි කියල බලා ගෙන හිටියට හරි නොගිය නිසා ලොකු හිතේ අමාරුවකින් කතා කළා ඒ දවස්වල. මොනව කරන්න ද මොහාන් පීරිස් ඊට වඩා වැදගත් වුනා නේ රජ්ජුරුවන්ට. දැන් ඉතින් පුරුදු උසාවිය පැත්තටවත් ඇවිල්ල බලන එක හොඳයි.

:       69       319

shan saudi Thursday, 28 September 2017 10:21 AM

ඉතා හොඳ ක්‍රියාවක්.. දැන් මේ නඩුව ඉවර වෙනකල් ඡන්දෙ තියන්න බැහැනේ... රනිල් ගාණක් දුන්නද දන්නෑ. මොකද ඕනේ කෙනෙකුට කඩේ යන එක මෙයාගේ සිරිතනේ.. හෙල්පින් හම්බන්තොට ට ඔහු දුන් තීන්දුව වැරදි බව ප්‍රසිද්ධියේ පිළිගත් නිසා මොහුට විරුද්ධව නඩු දමන්න.

:       135       286

Nimal Thursday, 28 September 2017 10:21 AM

ව්‍යවස්ථාදායකයට මැදිහත් වීමට අධිකරණයට බැරි බව නොදැන ද මෙතුමා අධිකරණ කටයුතු කරලා තියෙන්නේ. ලෝකේ හිනස්සන වැඩනේ...

:       149       15

randunu Thursday, 28 September 2017 10:22 AM

යකුනේ නැතිවෙන්නේ ඔබේ ඡන්දේ. මේ මනුස්සයාගේ ජාතකේ පස්සේ හොයන්න. ඔබට නැතිවෙන ඡන්ද බලේ ගන්න.

:       488       339

SamanThursday, 28 September 2017 02:12 PM

හොයන්න තරම් ජාතකයක් මෙයාට නැහැ. පාර අයිනේ කාර් ඇතුළේ හිටන් සුනාමි දක්වා ගොඩක් කතා නම් තියෙනවා.

:       0       38

wasantha Thursday, 28 September 2017 10:26 AM

ඔබතුමා හොඳ තීන්දු දීලා තිබුණා නම් අපි ඔබතුමාට හිස නමනවා. ඔබතුමා කල නොකල දෑ ඔබතුමාට දන්නවා නේ. ඔබ අකමැතිද එකම දිනක මැතිවරණය පවත්වනවට? කාන්තා නියෝජනය වැඩි කරනවට අකමැතිද? කරුණාකර රජයට බලකරන්න 2018 අවසානයට පෙර සියළුම පළාත්සභා එකම දිනක පවත්වන්න කියා. අපට නිතර මැතිවරණ එපා. හෙල්පින් හම්බන්තොට ඔබ කියන පරිදි වැරදි තීන්දුවක් වේ.

:       134       344

parakkrama Thursday, 28 September 2017 10:27 AM

ඔවා දෙනු පර හට ... තමා සම්මතයෙහි පිහිටා සිට කියලා එකකුත් අපි අහල තියෙනවා. වැද්දන් බණ කියනවා ඔබතුමා අහල තියෙනවා ද? මේ ඒක නෙවෙයි ..., මේ වැඩේ හරි ගියොත්, අරගොල්ලන් බලයට ආවොත්, ඔබතුමාට මොකක් හරි දෙනවා කිව්වා ද? හා... ඇත්ත කියන්න මහත්තයෝ.

:       75       126

purawasiya Thursday, 28 September 2017 10:29 AM

ඔව්නේ, ඔබතුමා බස්නාහිර මහඇමැතිකමත් ඉල්ලන්නකෝ. අපේ සම්පුර්ණ සහයෝගය ඔබ තුමාට.

:       134       108

suran Thursday, 28 September 2017 11:12 AM

මෙතුමාගේ ක්‍රියාව අගය කරනවා.

:       266       8

මම1 Thursday, 28 September 2017 11:38 AM

පාර්ලිමේන්තුවේ 100% ඡන්දයෙන් අනුමත කල 17 සංශෝධනය බලරහිත කර ස්වාධීන කොමිසන් සභා අහෝසිකර ධුර කාලසීමා ඉවත්කර සැකසුනු 18 සංශෝධනයට අත උස්සන්න මුදල්දී පැති මාරු ක්‍රමය ඇතිකලේ මෙතුමා. 1977 ව්‍යවස්ථාවේ පැතිමාරු තහනම් කර තිබුණු එක වෙනස් කිරීම, උසාවි පද්ධතිය කාබාසිනියා කර කාන්තා දූෂකයන්ට නඩුකාර තනතුරු දීම කලෙත් මෙතුමා. ඒ වුණාට බෞද්ධාගම ගැන මෙතුමාගේ දැනීම නම් ඉස්තරම්. මෙතුමාගෙන් රටට වූ හානිය කියා නිම කරන්න බැහැ. එකම හොඳ දේ උතුරු නැගෙනහිර ඒකාබද්ධය කැඩීමයි.

:       2       37

මහින්ද Thursday, 28 September 2017 11:42 AM

හිර ගෙදර යැවිය යුතු පුද්ගලයාව රජ ගෙදර යැව්වා.. කිව්වේ ඔබතුමාද? අර සුනාමි කේස් එකට

:       18       206

Chanak Los angelesFriday, 29 September 2017 12:18 AM

දවසේ හොඳම කමෙන්ට් එක... ඒ වගේම සුනාමි නඩුවේ චූදිතයාව මොහු මැදිහත් වී බේරගත්තා කියා ප්‍රසිද්ධියේ රටටම කිවූ දෙයම සාක්ෂිය වශයෙන් තබාගෙන හරිනම් උසාවි යා යුත්තේ මොහුට විරුද්ධවයි.. මම හිතනවා ළඟදීම එය සිදුවේවි කියා ... මන්ද මොහු අගවිනිසුරු වශයෙන් සිටිමින් නඩුවල චූදිතයන්ව අවනීතිකව බේරා ගන්න හෝ ඊට උදව් කිරීම නීතියට පටහැනි බැවින්...

:       0       0

Rohana Friday, 29 September 2017 03:23 AM

ලංකාවේ හිටපු අපකීර්තිමත් අගවිනිසුරු තුමා.. අධිකරණ පද්ධතියම දූෂණය කරපු පුද්ගලයා. ඇතෙන්ම අගවිනිසුරු තුමා සිටිය යුතුවන්නේ බන්ධනාගාරයේ...

:       0       1

Rohana Friday, 29 September 2017 03:23 AM

ලංකාවේ හිටපු අපකීර්තිමත් අගවිනිසුරු තුමා.. අධිකරණ පද්ධතියම දුෂණය කරපු පුද්ගලයා. ඇතෙන්ම අගවිනිසුරු තුමා සිටිය යුතුවන්නේ බන්ධනාගාරයේ.

:       0       0

Shanika Friday, 29 September 2017 03:26 AM

තව ටික දවසකින් කියාවි " සමාවෙන්න මට " " සමාවෙන්න මට " කියල. ඒ එයාගේ හැටි.

:       0       0

Shan Friday, 29 September 2017 06:23 AM

මෙයත් හිරේ ඉන්න ඕන මිනිහෙක්. ලංකාව නිසාම හොඳයි.

:       0       1

Rohana Friday, 29 September 2017 11:19 PM

පාලකයන්ගේ ඕනෑ එපාකම් සපුරගන්න මෙවැනි පුද්ගලයන් අගවිනුසුරු තනතුරු වලට පත්කරනවා . එම තනතුරට සුදුසු චරිත වත් බව හෝ මානසික යෝග්‍යතාවය සලකන්නේ නැත. මේ චරිතය අනුගේ බිරිද වරුන් තම අඹුවන් හැටියට යොදාගත්තා . යතුරු ලේකිකවනට ලිංගික හිංසනයන් කලා. ඒ අනුව තමන්ට ඕනෑ එපාකම්වලට නඩුතිරණ වෙනස් කලා . කියවන්න රාවයේ වික්ටර් අයිවන්ගේ මෙය සම්බන්ද ගිය ලිපිපෙළ. අදිකරණයට කරනලද හානිය ඉතා විසාලයි. මේ අදිකරණයේ විනාසයට පාලකයන්ද වගකිවයුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 147 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 179 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 342 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 797 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 924 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 41 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 429 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site