කොළඹ හොකී සංගමය සංවිධානය කළ කොළඹ දිස්ත‍්‍රික් ආරාධිත ක‍්‍රීඩා සමාජයීය පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. තරගාවලිය පසුගියදා කොළඹ මැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවැති අවසන් මහා තරගයේදී නාවික හමුදා පිල ගෝල 4-0 ක පහසු ජයක් ලැබීය. පළමු අර්ධයේදීම ගෝල 2-0 කින් පෙරමුණ ගත් නාවික හමුදා පිලේ බුද්ධිකා ගුණරත්න ගෝල ත‍්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වුවාය. මධුෂානී ජයනෙත්ති ගෝලයක් ලබා ගත්තාය. කොළඹ හොකී සංගමය මෙහෙයවු ලීග් තරගාවලියේ කාන්තා ශූරතාව නාවික හමුදාව දිනා ගත්තේය. එම්.ඒ.එම්. අෂ්රොෆ් මහතා නාවික හමුදා කාන්තා හොකී පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
පිළිමළුන් පිටුදැකීමේ කාන්තා හොකී ශුරතාව නාවික හමුදාව දිනාගනී