IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පිළියන්දල ගණිතයත් ටියුෂන් පන්තියක කලින් උගන්වලා?

බස්නාහිර පළාත් දෙවැනි වාර පරීක්ෂණය වෙනුවෙන් පිළියන්දල කලාපයේ අද (15) ලබා දුන් 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය ඊට පෙර ටියුෂන් පන්තියක උගන්වා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ගණිතය කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20ක් එම උපකාරක පන්තියේ ඉගැන්වූ බව සුසුහු පවසති.

සඳුදා (14) පැවැති 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය ද උපකාරක පන්තියක උගන්වා තිබීම ගැන පරීක්ෂණයක් ඇරැඹීය.

විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීම සුළුවෙත් තැකිය නොහැකි බවත්, ඉතිරි ප්‍රශ්න පත්‍ර සියල්ල ද එලෙස පිටවී ඇත්නම් විභාගය පැවැත්වීමෙන් පළක් නොවන බවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි කිහිපයක්ම පසුගිය වකවානුවේ වාර්තා වූ බවත් ස්ටාලින් මහතා කීවේය.

මේ ගැන සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙසත්, පිළියන්දල කලාපයේ සිටින නුසුදුස්සන් ඉවත් කර සුදුස්සන් පත් කරන ලෙසත් ගුරු සංගමය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඉල්ලයි.

 බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක් විමල් ගුණරත්න මහතා පැවසුවේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවයි. ගණිතය ප්‍රශ්න පත්‍රය ද එලෙස පිටවීයැයි තමා නොදන්නා බවත්, ඒ ගැන සොයා බලන බවත් ගුණරත්න මහතා කීවේය.



අදහස් (0)

පිළියන්දල ගණිතයත් ටියුෂන් පන්තියක කලින් උගන්වලා?

නුවන් සඳරුවන් Wednesday, 16 July 2014 05:34 AM

මොනවා කියන්නද බන්දුල ඇමතිගෙන් අහන්න කියනවා මිසක් (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 16 July 2014 05:41 AM

කොච්චර ශෝක්ද අප්පා. ඔක්කොම වාර විබාග පරීක්ෂණ ටියුෂන් පන්තිවලටම කරන්න පැවරුවා නම්නේ හොඳ. (නදී)

:       0       0

කමල් Wednesday, 16 July 2014 07:03 AM

මොනවටද ගණන් ඉගෙනගන්න මහන්සි වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 871 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 401 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 264 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 801 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 702 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site