IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පිළියන්දල සිංහල භාෂාව පිටවෙලා?

බස්නාහිර පළාත් දෙවැනි පාසල් වාර අවසාන විභාගය වෙනුවෙන් පිළියන්දල කලාපයේ 11 ශ්‍රේණිවල සිසුන්ට අද(14) ලබා දුන් සිංහල ප්‍රශ්න පත්‍රය ඊට පෙර උපකාරක පන්තියක ඉගැන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා කියයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව ඒ ගැන සොයා බලන ලෙස පිළියන්දල කලාපයේ නිලධාරීන්ට දැන්වූ බවත්, පිළියන්දල කලාප අධ්‍යක්ෂ ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇති බවත් ගුණරත්න මහතා පවසයි.

දේශපාලනඥයකුට සම්බන්ධ උපකාරක පන්තියක මේ ප්‍රශ්න පත්‍රය ඉගැන්වීයැයි සිසුන්ගෙන් දැන ගත් බව ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ  පිළියන්දල කළාපය මගින් දුන් ප්‍රශ්න පත්‍ර රැසක මුද්‍රණ දෝෂ රැසක් තිබීම නිසා ප්‍රශ්න පත්‍ර නැවත මුද්‍රණය කිරීමට පවා සිදු විය.



අදහස් (0)

පිළියන්දල සිංහල භාෂාව පිටවෙලා?

කාර්තිනී Monday, 14 July 2014 04:11 PM

අද සැම දෙයක්ම අන්තර්ජාලය ඔස්සේ කල හැකි නිසා පාසල් වාර විභාගත් අන්තර්ජාලය ඔස්සේ කරමු. එතකොට මෙවැනි ප්‍රශ්න පත්‍ර පිටවීම් සිදු නොවේ. (නදී)

:       0       0

රංජිත් Monday, 14 July 2014 04:25 PM

දේශපාලුවන් නැති කක්කුස්සියක්වත් හොයාගන්න බැහැ. (නදී)

:       0       0

චතුර Monday, 14 July 2014 06:17 PM

අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන දැන්නම් පුදුමාකාර බයක් තියෙන්නේ (නි)

:       0       0

නදීෂා Monday, 14 July 2014 06:16 PM

අනේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය! (නි)

:       0       0

මහීපාල Monday, 14 July 2014 06:17 PM

කවදාද මේ අධ්‍යාපන ප්‍රශ්න අවසන් වෙන්නේ? (නි)

:       0       0

සමන් Monday, 14 July 2014 06:17 PM

මේක දැන් මොනතරම් කල් ඉඳලා තිබෙන ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

දිමුතු Monday, 14 July 2014 10:41 PM

වැඩක් හරියට කරන්න පුළුවන් අයට මේ කටයුතු භාරදෙන්න ඕනෑ. (නි)

:       0       0

හසිත් Monday, 14 July 2014 10:43 PM

මේකද දන්නෙ නැහැ දැන් රටේ තිබෙනවා කියන අධ්‍යාපන වෙනස. (නි)

:       0       0

රුවන් Monday, 14 July 2014 10:47 PM

මේ ප්‍රශ්න පත්‍ර අවුල දිගු කාලයක සිට තිබෙන ප්‍රශ්නයක් නේද? (නි)

:       0       0

කාන්ති Monday, 14 July 2014 10:50 PM

පාසල් වල තාක්ෂණය ගැන සොයන්න පෙර, ප්‍රශ්න පත්‍ර කටයුත්ත හරියාකාරව කරන එක වැදගත්. මේ ප්‍රශ්නය මෑත ඉතිහාසයේ ඉඳලා පවතින දෙයක්. වැරැද්ද කොතනද කියලා අපිට නම් තේරෙනවා. . (නි)

:       0       0

චාන්දනී Monday, 14 July 2014 10:56 PM

උපකාරක පන්ති කරන කිසිම කෙනෙකුට ප්‍රශ්න පත්‍ර සම්බන්ධව කිසිම අයුරකින් සම්බන්ධ වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. මම නම් කියන්නේ පවුලේ කෙනෙකු ටියුෂන් කරනවා නම් ඒ පවුලේ කිසිම කෙනෙකුට විභාග රාජකාරි විතරක් නෙමෙයි, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය , සකස් කිරීම බෙදා හැරීම ආදී කිසිම කටයුත්තකට සම්බන්ධ රැකියාවක නිරතවීම මේ තත්ත්වය යටතේ හොඳ නැහැ (නි)

:       0       0

ලලිත් Monday, 14 July 2014 11:01 PM

තවමත් මේ ප්‍රශ්න පත්‍ර අවුල එහෙමමයි. මේකට හේතුව ඉහළ ඉඳලා පහළටම සුදුස්සාට සුදුසු තැන නැතිවීම මිසක් වෙන කිසිවක් නොවෙයි. වැඩක් භාර දුන්නාට පසු නිසි අයුරින් කාර්යක්ෂමව අදාළ නීතිරීති වලට අනුව ඒ වැඩේ කරන්නේ, සුදුසුකම් නිසා යම් තනතුරකට පත් වුණ උදවිය පමණයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 15 July 2014 12:19 AM

බොරුවට තප්පුලන අය මේවා බැලුවා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

කවිඳු Tuesday, 15 July 2014 12:51 AM

අධ්‍යාපන විෂය සම්බන්ධයෙන් කීදෙනෙක් වගකිවයුත්තන් ඉන්නවද? තවමත් බැරිවුණා හරියට ප්‍රශ්න පත්‍රයක් දීලා විභාග ටික පිළිවෙලක් කරගන්න. (නි)

:       0       0

ලාලනී Tuesday, 15 July 2014 12:54 AM

දැන් අර එකපාරක් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අවුලට සම්බන්ධ ටියුෂන් ගුරුවරයාට මොකද වුණේ? (නි)

:       0       0

දේවිකා Tuesday, 15 July 2014 01:01 AM

මම නම් මගේ දුවට කිව්වා වංචාව අපිට හරියන දෙයක් නෙමෙයි කියලා. ශිෂ්‍යත්වය අසමත් වුණත් කමක් නැහැ . මගේ දරුවාට අවංකකමේ නම්බුව හරි ඉතිරි වේවි. (නි)

:       0       0

බිමල් Tuesday, 15 July 2014 01:16 AM

ලංකාව විභාග වංචා වලට දැන් කප් ගහගෙන යනවා. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. අන්තිමට වෙන්නේ අපේ රටේ විභාග සහතික වලට ජාත්‍යන්තරයේ කිසිම තැනක් නොලැබීමයි. (නි)

:       0       0

සමන් Tuesday, 15 July 2014 01:33 AM

ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා දේශපාලන ගැත්තන් නොව සුදුස්සන් පත් කළ යුතුය. එ්ත් සමගම එහි වගකීම ඔහුන්ට දිය යුතුය. ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදු වුවිට වැරදි කරුවන්ට නිසි දඩුවම් දිය යුතුය. අනිත් කරුණ වාර විභාගයකදී යම් අතපසු වීමක් වුවහොත් එය නිවැරදි කිරීම විනා මහා ප්‍රසිද්ධියක් නොදිය යුතුය (නදී)

:       0       0

දිලිනි Tuesday, 15 July 2014 01:42 AM

සමහර අම්මලාට ඕන වංචාව මගින් හරි තමන්ගේ ළමයාව විභාග සමත් කරගන්න. මගේ අයියගේ නෝනා ගුරුවරියක්. පන්තියේ ඉන්න ළමයකුගේ අම්ම කෙනෙක් දවසක් පාක්කුඩම් උස්සගෙන නැනා ගේ ගෙදර ඇවිත් වටින් ගොඩින් ප්‍රශ්න පත්තර ගැන විමසුවාලු. වැඩේ ඉටු නොවෙන බව දැන ගත්ත ම තරහටත් එක්ක නෑනට විරුද්දව විදුහල් පතිට බොරු කියලා පෙත්සමක් ගහලා. මෙන්න දැන් රටේ වෙන වැඩ. (නදී)

:       0       0

සමන්ත Tuesday, 15 July 2014 01:59 AM

විභාග වලදී අකටයුතුකම් සැම පාර්ශවයෙන්ම සිදුවෙනවා. සාමාන්‍යයෙන් විභාග රාජකාරි කරන, ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ගුරුවරුන්ට තමන්ගේම ළමයෙක් එම විභාගයට පෙනී සිටිනවා නම් ඒ කටයුතු වලින් ඒ අවස්ථාවේ බැහැර වෙනවා. නැත්නම් තමන්ගේ ළමයා පෙනීසිටින විෂයන් සහ විභාග මධ්‍යස්ථාන විස්තර දැනුම් දීලා ඒ කටයුතු වල යෙදෙන්න ඕනෑ. මම උසස්පෙළ ලියනවිට ගුරුවරියක් වූ මගේ අම්මා වෙනත් විෂයන් ඉගැන්වුවත් ,ඒ විභාගයේ රාජකාරි වලින් ඉවත්වුණා. නමුත් අපි දන්නා ගුරුවරියක් එහෙම නොකළ අවස්ථාවක් ගැන මම දන්නවා. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 15 July 2014 03:19 AM

මේවට සම්බන්ධ නිලධාරින්ට දඩුවම් කර ඒ අය ගැන ප්‍රසිද්ධ කරන්න.එයාලා බැඳී සිටි සංගම් ගැනත් ප්‍රසිද්ධ කරන්න.මේවා සැලසුම් කර කරන කඩාකප්පල් වැඩ වෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 15 July 2014 04:23 AM

රටට ගිය කලක්. (නදී)

:       0       0

සේන Tuesday, 15 July 2014 05:25 AM

අනේ මන්ද දැන් ඉන්න කට්ටියට හරියට වාර විභාගයක් පවත්වන්න වත් බැරී හැටි. කටවල් විතරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 998 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 438 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 282 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 854 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 721 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site