ගිනි ගොඩකට වැටී මුහුණ දැඩි ලෙස පිළිස්සී ගිය රෝගීයකුට කොළඹ ජාතික රෝහලේදී නාසයක් බද්ධ කිරීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දූලීප් පෙරේරා මහතා සමත් විය.
ජීව පටක සහිත නාසයක් ද ක්‍රියාකාරී ඇස් පිහාටු බද්ධය ද සාර්ථක වු බව ඔහු කියයි.
විදුලි කාර්මිකයකු වු ගිරිවුල්ලේ අමල් ජයසේන (33) මහතාට මෙම සැත්කම සිදු කැරිණි.
කන පිටුපස හමේ කොටස් ඇහි බැමට බද්ධ කැර රුධිර නාල හා ධමනි සම්බන්ධ කළ බවත් සැත්කමට පැය අටක් පමණ ගත වු බවත් වෛද්‍යවරයා පවසයි.
‘පිළිස්සීම නිසා නාස් කුහර පමණක් තිබු රෝගියාගේ ඉල ඇටයකින් නාසයේ කාටිලේජ නිර්මාණය කළා.ඔහුගේ බාහුවෙන් නාසයට අවශ්‍ය සමේ කොටස් ලබා ගත්තා.විශේෂ අන්වීක්ෂයකින් නාසයේ සියුම් ස්නායු බද්ධ කළා.ඉන් පසු රෝගියා හොදින් සිටිනවා.‘
ශල්‍ය වෙද්‍ය ඒකකයේ උප ප්‍රධානී තුෂාන් බෙනරගම ,ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරුන් වන අරුණජිත් අමරසිංහ ,චේලියන් පල්ලවන් සහ වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩලයද මේ සදහා සහය වුහ.
(සංවේදී පින්තූර සහිතයි)
විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා
වෛද්‍ය අරුණජිත් අමරසිංහ
වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0
රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප
බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල ක
ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ.
බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා ද
ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පිළිස්සුණු මුහුණට අලුත් මුහුණක්
ට්‍රිෙයා්න් Wednesday, 08 October 2014 05:12 AM
සමහර වෛද්‍යවරු කරන අමන ක්‍රියා මෙවන් දෙවිවරුන්ට නගාවක් ඔබසියලු දෙනාට දීර්ඝායු! (අ)
ගාමිණී Wednesday, 08 October 2014 05:31 AM
අගය කියන්න වචන නෑ, (අ)
ලලන්ත Wednesday, 08 October 2014 09:08 PM
මෙන්න මිහිපිට දෙවිවරු (නි)
නිශාන්ත Wednesday, 08 October 2014 12:28 PM
මෙවැනි උතුම් සේවාවන්ට සම්බන්ධ වන සියල්ලන් හට දේශයේ උත්තමාචාරය හිමිවිය යුතුයි. (නි)
ලලීන් Wednesday, 08 October 2014 12:36 PM
වෛද්‍යවරුන්ට මගේ උත්තමාචාරය! (නි)
අසෝකා Tuesday, 07 October 2014 06:31 PM
මොන තරම් අඩුපාඩු තිබුනත් අපේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඒ අඩු පහසුකම් වලිනුත් උපරිම ප්‍රයෝජන අරගෙන ලෙඩුන් සුව කරනවා. ඔබට දීර්ඝායුෂ වේවා! (නි)
ශාන්ත මුනසිංහ Wednesday, 08 October 2014 08:07 AM
අපේ ආදරණීය වෛද්‍ය තුමන්ලා පිට රටකට නම් යන්න එපා. අපි දන්නවා අපේ රටේ ප්‍රශ්ණ තියෙනවා. ඒත් උපන් මව්බිමට සේවය කරන්න ඔබ තුමන්ලාට ගොඩාක් පිං බුදුසරනයි. (නදී)
නිමාලි දිල්රුක්ෂි Wednesday, 08 October 2014 01:54 PM
හොඳ උත්සාහයක්. දෙවියන් වැනි දොස්තරවරු! (නි)
ශාන්ති Tuesday, 07 October 2014 08:15 PM
ගොඩක් ස්තුතියි අපේ දෙවිවරු වැනි දොස්තර මහත්වරුන්ට! (නි)
ලකී Wednesday, 08 October 2014 08:32 AM
ඔබ සියලු දෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා (නදී)
ශශික Wednesday, 08 October 2014 02:45 PM
දොස්තරවරුන්ට මගේ ආචාරය! (නි)
ගාමිණී Wednesday, 08 October 2014 03:21 PM
මෙන්න මිහිපිට දෙවිවරු! (නි)
ඉදුනිල් Tuesday, 07 October 2014 11:23 PM
මෙන්න දෙවිවරු (නි)
හරිශ්චන්ද්‍ර Tuesday, 07 October 2014 11:44 PM
අගනා විශිෂ්ට සේවයක්. ඔබතුමන්ලාට විශාල පිනක්. (නි)
තමින්ද Wednesday, 08 October 2014 04:18 PM
කොළඹ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ඉන්න දොස්තරවරු , හෙදියන් ඔක්කොම නියම දෙවිවරු තමයි. එයාලා හැමදාම එයාලගේ වගකීම ඉහළින්ම කරනවා. මටත් අත්දැකීම් තිබෙන නිසයි එහෙම කිවුවේ. සියල්ලන්ටම බොහොම පින්! (නි)
නදීරා Wednesday, 08 October 2014 12:59 AM
අපේ රටේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. (නි)
තිලක් Wednesday, 08 October 2014 01:11 AM
ස්තූති කරන්න චවන නැහැ මට (නි)
තිලක් වීරසිංහ Wednesday, 08 October 2014 10:10 AM
වචන දෙකක් නැ මුළු හදවතින්ම කළ වැඩක්. අතිවිශිෂ්ට වැඩක්. ආශීර්වාද ගොඩක්. චිරාත් කලක් නුඹලාට ජීවත් වන්නට සොබා දහම පිහිට වේවා. (නදී)
කුමාර් Wednesday, 08 October 2014 10:44 AM
වැඩේ නම් හොඳයි. ඒ උනාට රෝගියාගේ පිරිසිදු කම බැලුවම කනගාටු හිතෙනවා. වෙන රටවල ශල්‍ය කර්මයකින් පසු රෝගීන් ඉතා පිරිසිදුවට තමා තබන්නේ. (නදී)
නන්දන Wednesday, 08 October 2014 04:30 AM
මිහිපිට දෙවිවරු. (අ)