(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ මහ නගරසභාව ඇතුළු ප්‍රාදේශිය සභා කිහිපයක මැතිවරණ පැවැත්වීම මැයි 16 වැනිදා තෙක් වළකාලමින් අභියහනාධිකරණය තහනම් නියෝගයක් අද (07) නිකුත් කළේය.
කොළඹ මහනගර සභාවට අමතරව කුලියාපිටිය, හාරිස්පත්තුව, උඩපළාත, පන්විල සහ පාතදුම්බර ප්‍රාදේශීය සභාවල මැතිවරණය පැවැත්වීම වළකාලමින් අභියහනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ නාම යෝජනා පත්‍ර බාර දීමේ කාලය ඉකුත්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගොනුකොට තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසුවය.
එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් එහි වගඋත්තරකරුවන්ට මැයි 16 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කළ අධිකරණය අදාල නියෝගය එදිනතෙක් බලපැවැත්වෙන බවද ප්‍රකාශ කෙරිණි.
අභියාචනාධාකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කළේය.
පෙතසම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ තේරීම් බාර නිලධාරීවරු ඇතුළු පිරිසන් නම් කර ඇත.
උප්පැන්න සහතිකය, සාමවිනිසුරුවරුන්ගේ සහතික කිරීම හේතුවෙන් ප්‍රතික්‍ෂෙප වු නාම යෝජනා පත්‍රවල වලට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සම 53 සම්බන්ධයෙන් අධිකරණය සලකා බැලීය.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බැවින් එම නියෝගය බලාත්මක බවත් ඒ අනුව මේ පෙත්සම් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බවත් පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතූවෙන් සිදුවන්නේ ජනතාවගේ බදු මුදල් නාස්ති වී තවත් රට අගාධයට පත්වීම බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තේ සමහර නිලධාරීන් බවත් ඔහුගේ ක්‍රියාකලාපය මීට බලපාන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා කියා සිටියේ නිතිපතිවරයාගේ තර්කය නිවැරදි බවත් දෙපාර්ශවයටම සාධාරණයක් කළ යුතු බවත් පැවසීය.
පෙත්සම්කාර පාර්ශ්වයේ සහ ජනතාවගේ ඇති අයිතිය සම්බන්ධයෙන්ද සලකා බලා දෙපාර්ශවයටම සාධාරණ තීන්දුවක් දිය යුතු යැයි කී වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා මැයි 16 වැනිදා පෙත්සම් සලකා බැලීමට තීරණණය කෙරිණී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චාමර කාරියවසම් මහතා සමඟ ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා, නිසාම් කාරියක්පර් යන මහත්තුරු පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය.
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියග
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දය මැය 06 නෑ
පුරවැසියන් Monday, 07 April 2025 05:29 PM
මේ තමා අපේ රටේ කරුමේ. නඩුව ගන්න පුළුවන් හෙට. ඒත් ගන්නේ මාසෙකට පස්සේ. ඒ මාසේ උසාවි කෝ? අපි මහජනයා වශයෙන් බදු ගෙවලා මේවා නඩත්තු කරන්නේ මෙහෙම ගොං වැඩ කරන්නද?
සෙනෙවිරත්න Monday, 07 April 2025 06:16 PM
චන්ද පනහක් වත් ගන්න බැරි ත්‍රීවිල් පක්ෂ මේ නඩු දාල මැතිවරණ කල් දාගන්නව, මේ අයගෙ චන්ද ගණන් කරල බලන්න මැතිවරණය තියපු දවසක. මේ නඩු වහ වහා අහල ඉක්මනින් ඡන්දය තියන්න තිබුන.