(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ආලංකුඩාව ප්‍රදේශයෙ පාළු නිවසක පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටින බවට ලැබුන තොරතුරක් මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි එහි රැදි සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු අද (23) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ගංජා ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 200ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
ආලංකුඩාව ප්‍රදේශයේ අතහැර දමා තිබු නිවසක තරුණයින් පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඇති බවට නොරෝච්චෝල පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අදාල නිවස වටලා එහි සිටි තරුණයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හත් දෙනා අතරීන් හය දෙනෙකු ආලංකුඩාව හා නොරෝච්චෝල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මොවුන් ඒ වන විටත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බව පරික්ෂණවලදි අනාවර්ණය වී තිබේ.
මෙම වැටලීමට නොරෝච්චෝල පොලිසියෙ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එල්.පුෂ්පනාදන් මහතා සමග උප පොලිස් පරික්ෂක අබේසිංහ හා පොලිස් සැරයන් 60956 බංඩාර, පොලිස් කොස්තාපල් 99765 අබේසිංහ 99747 කරුණාරත්න යන නිළධාරීන් වැටලිමට එක්වි තිබුනී.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාළු නිවසක අයිස් ගැසූ කොස්තාපල් සහ 6ක් මාට්ටු
නිහාල් Friday, 23 February 2024 07:26 PM
උපාය දූතයන් කියලා වැඩේ ෂේප් කරගන්න බැරි වෙයිද?