IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පළා බබාලා නැතත් කෝටි 14,000ක් වැඩිපුර ගිලලා

(මුදිතා දයානන්ද)

පළාත් සභාවලට නියෝජිතයන් පත්ව නැති තත්වයක් තුළ වුවද පසුගිය වසරේ පළාත් සභාවල වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136 ක මුදලක් වැඩිපුර වැය කර ඇති බව මුදල් කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි.

පළාත් සභා නියෝජිතයන් සිටි 2019 වසරේදී පළාත් සභාවල වියදම් සඳහා රුපියල් කෝටි 30,129ක මුදලක් වැය කර ඇති අතර, පළාත් සභා නියෝජිතයන් නොමැති 2022 වසරේදී රුපියල් කෝටි 44,265ක මුදලක් නඩත්තු කිරීම සඳහා වැයකර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.

මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා පවසන්නේ මහජන නියෝජිතයන් සහිතව පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නම් ඔවුන්ගේ නඩත්තුව වෙනුවෙන් වැය වන්නේ සමස්ත වියදමෙන් සියයට 0.003 ක පමණ මුදලක් බවය.

එය ඉතාමත් සුළු වියදමක් බව ද ඔහු පැවසීය.

පළාත් සභා සඳහා වෙන් කරන මුදල්වලින් වැඩිපුර මුදලක් වැය වන්නේ සේවක පඩිනඩි හා වෙනත් දීමනා ඇතුළු පුනරාවර්තන වියදම් සඳහා බවද, එය සාමාන්‍යයෙන් සෑම වසරකම කෝටි 35,000ත් 40,000ත් අතර වන බවද ඔහු පැවසීය.

එයින්ද වැඩිම මුදලක් වැය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනා සඳහා බවද ඔහු කීය.

මුදල් කොමිෂන් සභා වාර්තාවලට අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු එක් එක් ක්ෂේත්‍රවල ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු වෙනුවෙන් වන ප්‍රාග්ධන වියදම් සාමාන්‍යයෙන් කෝටි 3,000ත් 4,000 ත් අතර පවතී.

එය 2019 වසරේදී රුපියල් කෝටි 3,001 ක් වන විට 2022 වසරේදී රුපියල් කෝටි 3,934 කි.

පළාත් සභාවේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව වෙන් කිරීම සඳහා නිර්දේශ කර ඇති මුදල 2022දී රුපියල් කෝටි 22,000 ක් වුවද, අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1,144 ක් පමණක් බවද එයින් ලැබී තිබෙන්නේ රුපියල් කෝටි 580 ක් පමණක් බවද කොමිෂන් සභා වාර්තාවලින් අනාවරණය වේ.

 



අදහස් (9)

පළා බබාලා නැතත් කෝටි 14,000ක් වැඩිපුර ගිලලා

AJITH Thursday, 17 August 2023 07:59 AM

ප්‍රධාන හේතුව විනිවිද බාවයකින් යුතු නිසි කළමනාකරණයක් නොමැතිවීම, නිසිපලනයකින් තොරව මුදල් යෙදවීම, මෙම වාරතා ලබාදී ඇත්තේද පළාත් සභාව මගින් නිසා මේ පිලිබදව නැවත සොයාබැලීමක් කර මෙවැනි ආකාරයට පාලනයකින් තොරව මුදල් වියදම්වුයේ කෙසේද කියා සොයාබැලීම වැදගත්වේ.

:       12       17

SAMAN Thursday, 17 August 2023 05:38 PM

අපිට පළාත් සභා මහ ඇමැතිතුමා සහ ඇමැති මණ්ඩලය පත්කර ගත යුතුයි. පළාත් සභාවට වියදම ප්‍රශ්නයක් නොවෙයි, මහජන මුදලින් වැටුප් ගෙවනවා...

:       0       1

geeth Thursday, 17 August 2023 08:44 AM

මොනවද මේ කතා, ඇයි පළාත් සභා කියන්නෙ ඇමතිලයි මන්ත්‍රීල විතරක් නෙමෙයි. ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනව පාසැල් සහ රෝහල්ද ඇතුළුව. 2019 තිබුණට වඩා රටේ බඩු මිල මෑත කාලයේ කිහිප ගුණයකින් ඉහළ ගියා විශේෂයෙන්ම ආයතන වලට අත්‍යවශ්‍ය වෙන ඉන්ධන හා කඩදාසි වැනි ද්‍රව්‍ය වල. 2020 විතර රජ්‍ය සේවක වැටුප් වැඩිකළා. මෙතන මට පේන විදියට ‌කරන්නෙ දේශපාලඥයන්ට සුදුහුණ ගාන්න.

:       2       47

ගීතික ලියනගේ - ගාල්ලThursday, 17 August 2023 11:06 AM

ඔය ජයවීර මහත්තය ලොකු අභියෝගයක් නෙ කරල තියෙන්නෙ.දුරකථන අංක පවා දීල තියෙනව.මමත් ඒ මහත්මය ගැන අහල තියෙනව.දකුණු පළාතේ පොදුවෙ ගිණුම් කාරක සභාව හෝ වෙනත් යම් වැඩ සටහනක් තිබ්බත් ඒ මහත්තය ගැන කථා කරනව. ඉතිං ඔය ගාල්ලෙ ඉන්න වජිර,රමෙෂ් වගේ අයට පුලුවන්නෙ මේ මහත්තය මේ කියන්නෙ මොකක්ද කියල සොයල බලන්න.ඒ මහත්තය ගෙන්න ගෙන අහන්න පුලුවන්නෙ. මාද්‍ය සාකච්ඡාවක් තියල ඇත්තද නැත්තද කියල දැන ගන්න පුලුවන්නෙ.ඒ මහත්තය කෙලින්ම කියනවනේ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියන්නෙ දූෂිත හොර නඩයක්කය කියල.ඒක මහ බරපතල තත්වයක්. බොරැනම් ඔහොම කියන්නෙ නැහැනෙ.ඒ නිසා ආණඩුකාරතුමා හරි මැදිහත් වෙල මේ ගැටලුව විසදල දෙන්න ඕන.නැත්නම් කොමිෂන් සභාවේ විශ්වාසය නැතිවෙනවා. අනික ඔය කියන විදියට ආණ්ඩුකාරයාගේ උපදේශක රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙත ඉන්නවනම් ඒක හරියට සුනිල් දහනායක නැමැති පුද්ගලයා ඉහළ උසාවියෙයි,පහළ උසාවියෙහි දෙකේම නඩු අහනව වගේ වැඩක්. කොමිසමත් නීති විරෝධී වෙනවා.ඒ නිසා පත්තරෙන් හරි මැදිහත් වෙල මෛ් ගැටලුව විිසදල දෙන්න.නැත්නම් කොමිෂන් සභාවේ සියලු තීන්දු තීරණ වලට කොමිෂණ් සභාවේ අඩුපාඩු කෙලින්ම බලපානවා.

:       0       13

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Thursday, 17 August 2023 09:12 AM

අනිකුත් පළාත් සභා ගැන කථාකරන්න නම් මම දන්නෙ නැහැ.දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරයගේ උපදේශක සුනිල් දහනායක නැමැත්තා පළාත් රාජ්‍ය සේවා කොමිසමේත් ඉන්නවා.එයා වැටුප් තුනක් ගන්න කෙනෙක්. පළාත් සභාවෙන් පමණක් ලක්ෂ ගානක් නීති විරෝධීව ගන්නවා. කොමිෂමේ සභාපතිකට මාසයකට ගෙවන මුදල ලක්ෂ එකහ මාරට වැඩියි. මම ලගක තියෙනවා සහතික කල පඩි ලැයිස්තුව . එයාගෙ වයස අවුරැදු 80 යි. කොමිසමේ 7 ක් ඉන්නවා. නමුත් අවම ඉන්න ඕන 3 දෙනයි.මේක මහ අපරාධයක් .තීරැ බදු රහික වාහන බර ගානක් අරගෙන තියෙනවා.දැන් ඒ පිළිබද පරීක්ෂන කටයුතු කරගෙන යනවා. මම තමයි පැමිණිලිකරැ.මගේ තාත්තා මිය ගියේ 1994 වසරෙදී ඒ වුනත් මහ ඇමතිගෙ උපන් දින සුබ පුතුම මෑතක් වෙනකම්ම ආවා. මේව පිළිබද මම ඉතා විධිමත්ව විගණකාධිපතිට මෙන්ම අතිගරැ ජනාධිපතිතුමාටත් පැමිණිලි කරල තියෙනවා. කොමිසම තනිකරම දූෂිත හොර ගුහාවක්. මම ලැහැස්තියි ඕනම තැනකදී ඒ බව ලිඛිත සාක්ෂි මගින් ඔප්පු කරන්න.මෙන්ම මගේ දුරකථන අංක 0 71 8282669 /077 18520442 කොමිසමේ එක් අයෙක් හැර අනික් හැම සාමාජිකවෙක්ම වයස අවුරැදු 80 ට වැඩියි. නැත්නම් ඊට ආසන්නයි. දැන් ඉතිති රටේ තත්වය ගැන හිතල වත් මේ අපරාධ නවත්වන්න.

:       2       23

පැරකුම්Thursday, 17 August 2023 10:44 AM

ජයවීර මහත්තයගෙ අදහස් නම් අගෙයි ඒත් අපේ මේ අමන දූෂිත දේශපාලු හැතිකරය ඉන්නකම් වැඩක් වෙන්නෙ නෑ.

:       0       15

ගුණසේකර - විශාමික පරිපාලන නිලධාරී - 1 Thursday, 17 August 2023 12:36 PM

ජයවීර මහතාගේ චෝදනාව ඉතා බරපතලයිි. අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට උනත් පුලුවනි පියවරක් ගන්න. ජනාධිපතිට උනත් නිහඩව ඉන්න බැහැ. මොකද ආණජඩුකාරයා කියන්නෙ ජනාධිපතිගෙ නියෝජිතයා. වහාම පියවරක් ගන්න. නැත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභා කෙරෙහි තියෙන ජනතා විශ්වාසය බිද වැටෙනවා.

:       0       13

Lanka Thursday, 17 August 2023 02:17 PM

2019 හා 2022 වියදම් සැසඳීමේදී රුපියලේ අවප්‍රමාණය සැලකිල්ලට අරගෙන නැද්ද ?

:       1       4

සමන් Thursday, 17 August 2023 05:41 PM

ඉහත අදහස් සියල්ලටම එකගවන ගමන් සදහන් කළයුත්තේ මේ දේශපාලුවෝ ආවොත් උන් පෙන්වන නෛතික වියදම් ඉතා සීමිතයි. එහෙත් හොරාකන, හිතවතුන්ට සංග්‍රහ,ඇතුලු අකාර්යක්ෂමතා හා දූෂණ කොපමණ තියෙය්ද මේ නූගත් තක්කඩින්ගෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 19 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2263 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 947 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1343 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 227 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 1121 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 377 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1393 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site